spot_img
spot_imgspot_img

ජනපති කොමිසමේ අයෙක් ඉල්ලා අස්වෙයි

පුවත්

විදෙස්

දේශපාලන පළිගැනීම් සම්බ්නධයෙන් විමර්ශනය කිරීමට පත්කළ කොමිෂන් සභාව විසින් පසුගිය දා භාරදුන් වාර්තාව සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට සහ ඊට අදාල උපදෙස් ලබාදීම සම්බන්ධයෙන් පත්කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාමාජිකයකු ඉල්ලා අස්වී තිබේ.

අභියාචනාධිකරණ විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහ මෙලෙස ඉල්ලා අස්වී ඇත. ඔහු ඉල්ලා අස්වීම හේතුවෙන් හිස්වන කොමිෂන් සභාවේ සාමාජික ධුරය සඳහා අභියාචනාධිකරණ විනිසුරු ආර්.එම්. සෝභිත රාජකරුණා පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සභාපති ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයාකාර ධම්මික ප්‍රියන්ත සමරකෝන් ජයවර්ධන කටයුතු කරන අතර එහි අනෙක් සාමාජිකයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඛේමා කුමුදුනී වික්‍රමසිංහ කටයුතු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!