කොරෝනා ආසාදිත බව තහවුරු වූ ගාල්ල බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ විදුහල්පතිවරයා සෞඛ්‍ය අංශ මඟහැර නිවසින් පළාගොස් ඇතැයි බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
ඔහු වහාම සොයාදෙන ලෙස පොලිසියට හා හමුදාවට දැනුම් දී ඇත.
මෙම විදුහල්පතිවරයා රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් සඳුදා (15) පීසීආර් පරීක්ෂණයකට යොමුකර තිබිණි. එම පරීක්ෂණයේ වාර්තාව ලැබෙන තුරු නිවසට වී නිරෝධායනය වන ලෙස උපදෙස් දී තිබුණ ද ඊයේ (16) ඔහු ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට ද ගොස් ඇති බවට මේ වනවිට සෞඛ්‍ය අංශ වෙත තොරතුරු වාර්තා වී ඇත.
විදුහල්පතිවරයාගේ පීසීආර් පරීක්ෂණ වාර්තාව ලැබුණු පසු දුරකථනයට ඇමතුමක් ගෙන ඔහු ආසාදිත බවට දැනුම්වත් කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර ඇති අතර ඔහු සොයා ගෝනපීනුවල පිහිටි නිවසට යනවිට නිවස වසා දමා ප්‍රදේශයෙන් බැහර ගොස් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියති. මෙම විදුහල්පතිවරයා මේ වනවිට ඔහුගේ සහ බිරිඳගේ ජංගම දුරකථන ද ක්‍රියාවිරහිතකර ඇති බවත් ඔහු යා හැකියැයි සිතූ ස්ථානයන් පරීක්ෂාකළ ද එම ස්ථානයන්හි පවා නොමැති බවත් සෞඛ්‍ය අංශ පවසයි.
විදුහල්පතිවරයා කොරෝනා ආසාදිතයකු බැවින් වහාම සොයා දෙන ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විසින් මේ වනවිට පොලිසියට හා හමුදාවට දැනුම් දී තිබේ.
විදුහල්පතිවරයාගේ ආශ්‍රිතයන් වූ ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ ගුරුවරු 50කට වැඩි පිරිසක් මේ වනවිට නිරෝධායනයට යොමුකර තිබේ.
සෞඛ්‍ය අංශ පවසන්නේ පසුගිය දිනවල විද්‍යාලයේ ක්‍රීඩා පිටිය සැකසීම සඳහා හමුදා නිලධාරීන් පිරිසක් පැමිණ සිටි බවයි. ඔවුන්ගෙන් අයෙකු ආසාදිතවීම සහ විදුහලේ සිසුවකුගේ පියෙක් ආසාදිතවීම හේතුවෙන් විදුහල්පතිවරයා පීසීආර් පරීක්ෂණයකට යොමුකර තිබිණි.
මම තමයි ඔය කියන විදුහල්පති. කොහෙන්ද මහත්තයෝ මේ තරම් තොරතුරු හොයා ගත්තෙ? ගෙදර හිටපු මම අහවල් තැනක යන්නද? පිංසිද්ධවේවි දෙයක් හොයල බලල ලියන්න. මේක මාධ්‍ය කලාවේ මූලික සිද්ධාන්තවලටත් පටහැනියි. අඩුම ගානෙ මට තකා කරලවත් ලිව්ව නම් දුක නෑ. බද්දේගම ක්‍රිස්තු දේවය කියන්නෙ මහා ඉතිහාසයක් තියන ලොකු පාසලක් මේ කරන දේවල්වලින් මගේ පාසලටත් ඔබතුම අපහාස කරනව නෙව. දැන්වත් මට කතා කරන්න. මම තාම ගෙදර සන්නව. මම ආසාධිතයි තමයි. අද දවල් 12.00 ඒක මම දැනගන්නකොටත්. හැබැයි ඔයාල පුදුම වේගෙකින් ලියල තියනව මම පළා ගියා කියල. දැන්වත් කතා කරල ඇත්ත දැනගන්න. 0714428183
විදුහල්පතිතුමා ඔබතුමාම කතා කිරීම හොඳයි. අපි මාධ්‍යවේදීන් ලෙස ඉතාමත් වගකීමකින් ප්‍රවෘත්ති පළකරන්නේ. ඔබතුමාගේ දුරකථනය දහවල් සිට ක්‍රියවිරහිත කරලා ඔබතුමා ගෙදර හිටියේ නැහැ. මට ඔබතුමාට කතාකරන්න නම් අවශ්‍ය නැහැ. නිරෝධායන නීති කඩමින් නිවසින් පිටතට ගොස් සිටි බව කියන්නේ ඔබ එනතුරු නිවස අසළ සිටි PHI මහත්වරු. මාධ්‍යකලාවේ මූලික සිද්ධාන්ත අනුගමනය කරනවා ඔබ නිරෝධායන නීති කඩපු කෙනෙක් නොවේනම්. අමු අමුවේ නීති උල්ලංඝනය කරමින් දඬුවම් ලැබිය යුතු වරදක් කරපු කෙනෙකුගෙන් නිදහසට කාරණා අපි අහන්නේ නැහැ. ඔබ නිවසට පැමිණි බව කියා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට දැනුම් දී තිබෙන්නේ අද සවස 6.20ට පමණ. දවල් 12.00 සිට ඔබ ආසාදිත බව දැනගත් මොහොතේ සිට නිවසින් පිටවීම නීතිය කැඩීමක් බව ඔබ නොදැනීම ගැන කණගාටුයි.
නිව්ස් එකක් නැතුව වේලි වේලි ඉන්න මාධ්‍ය කාරයන්ට අනිත් මිනිහගෙ ඇහේ තීනෙ පොල් උලත් පේනව. අනේද කියන්නෙ ඉතින්
pakaya
ඕක කොහොමත් ටිකක් මොන්ගල් වගේ හැසිරෙන්න හදන එකෙක් තමයි, දන්න හින්ද කියන්නෙ
OMG මෙහෙමත් විදුහල්පතිවරු. මේ වගේ අය position වලින් නෙරපන්න ඕන. Principal කෙනෙක් දෙන ආදර්ශයක්ද මේ. අපිත් teachersla හැටියට මේ වගේ විදුහල්පතිවරුන්ට එරෙහිව වැඩ කරන්න ඕන. අපි වගේ චූටි ටීචර්ස්ලා කැමති නෑ මේ වගේ ප්‍රින්සිපල්ස්ලට. මේ වගේ අය police stations වල රස්තියාදු කරවන්න ඕන පැය ගනන්. මේ වගේ අය මේ වගේ හොද schools වල තියන්නෙ නැතුව මහ උල්පතගම වගේ පැත්‍තකට transfer දෙන්න ඕන. මේ කරපු වැඩේට උස්සලා ගහන්න ඕන spinal cord එකේ කොරෝනා හිර වෙන්න 😡😡
😂😂😂😂
Andaulpatha wageda Welioya Janakapura in Vvuniya
If u don’t know then please quite silence
Dammika Gamage was the principal of Padaviya maha vidyalaya when the LTTE was in active
cheep and KUNU RASATA LOL BANDI PANUWAN
වදුරන්ට දැලිපිහිය අහුවුනා වගේ හැසිරෙන අවස්ථා වාදී මාධ්‍ය වාර්තා හෙලා දකිමු .
පිස්සු බඩුවක් නෙ, *පාකය*
This is fake news. I called him and also his wife was at her communication center. no hesitate.
Further he didn’t come to the school after PCR test.
Whatever the media is done. He is the strength of Christ Church Boys’ College. Staff , OBA and SDS all are with principal
Media must be more responsible with this kind of incidents.
cheep and kindergarten media usage
Athula Korala,
Secretary, Executive committee of SDS
Christ church Boys’ College
Baddegama