කොරෝනා ආසාදිතයන් පිළිබඳ දත්තවල බරපතල ගැටලුවක් ඇතැයි රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ සංගමයේ රවී කුමදේශ් පවසයි.
ඔහු පවසන්නේ ඊයේ (11) වනවිට රසායනාගාරවල වාර්තා අනුව පළමු වරට කොරෝනා ආසාදිත බව තහවුරු කරගත් පුද්ගලයන් 77,775ක් ශ්‍රී ලංකාව තුළ සිටිය යුතු වුව ද වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ එම සංඛ්‍යාව 73,116ක් බවයි. මේ අනුව රෝගීන් 4,659ක් අඩු වී ඇතැයි ද ඔහු පෙන්වාදෙයි.
මෙහි බරපතලම ගැටලුව ඇත්තේ රසායනාගාරවලින් සාම්පල පරීක්ෂාකිරීමෙන් ආසාදිතයන් බව හඳුනාගත් 4,659ක පිරිසක් වසංගත රෝග විදයා ඒකකය විසින් නිසි පරිදි හඳුනාගෙන ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත සහ නිරෝධායන කටයුතු සඳහා යොමුකර නොමැතිනම් ඔවුන් සමාජය තුළ කොරෝනා වසංගතය පතුරුවන්නන් බවට පත්ව තිබීමයි.
එමෙන් ම ඊයේ (11) දිනය වනවිට කොරෝනා සඳහා සාම්පල පරීක්ෂා කිරීම් 1,912,000ක් සිදුකර ඇති අතර ඉන් රෝගීන් අතට වාර්තා ලැබී ඇත්තේ 1,896,000ක් පමණි. වාර්තා 24,000 ක් පුද්ලයන් අතට ලැබී නැත.
කෙසේ වෙතත් රවී කුමදේශ් පවසන්නේ දැනට වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලැබෙන සාම්පල හැර අනෙක් සියලු සාම්පල පැය 24කට වඩා ප්‍රමාද වී නොමැති බවයි.