spot_img
spot_imgspot_img

සතුන් දඩයමට විදුලිය අදිද්දී දෙදෙනෙක් මරුට

පුවත්

විදෙස්

මන්නාරම කලපුවේ තිරුකේදීශ්වරන් මාලිගේතිඩල් ආසන්නයේ මියගොස් සිටි පුද්ගලයන් දෙදෙනකුගේ මළ සිරුරු හමුවී ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 37 හා 45 වයස්වල පසුවන දෙදෙනෙනකි.

ඔවුන් සතුන් දඩයම් කිරීම සඳහා මාර්ගයේ ඇති විදුලි රැහැන්වලින් අනවසරයෙන් විදුලිය ලබාගැනීමට කරන ලද උත්සාහයක දී විදුලි සැර වැදී මියයන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

මෙම සිරුරු දෙක පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මන්නාරම රෝහල වෙත යවා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මන්නාරම පොලිසිය විසින් පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!