කොරෝනා ආසාදනය වී ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකරන පුද්ගලයන් දින 10කට පසු නිවෙස්වෙත යැවීමට සෞඛ්‍ය අංශ තීරණය කර ඇත. මෙතෙක් සිදුවූයේ ඔවුන් දින 14ක් අනිවාර්යයෙන් ම ප්‍රතිකාර මධ්‍යස්ථානවල රඳවා තබා ගැනීමයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ කොරෝනා ආසාදනය වීමෙන් පසු සිරුරුවල ප්‍රතිදේහ මට්ටම ඉහළ යාම සළකා බලා මෙම තීරණය ගත් බවයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය 25 වැනිදා නිකුත් කරන ලද නවතම මාර්ගෝපදේශවලට අනුව, ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටින ආසාදිතයින්ට පී.සී.ආර්. පරීක්ෂණ කර දින 10කට පසු ඔවුන්ගේ ප්‍රතිදේහ මට්ටම ඉහළ ගොස් ඇත්නම් මෙසේ දින 10න් මුදා හැරීමට පියවර ගැනේ.
බන්ධනාගාර රැඳවූවන්, වැඩිහිටි නිවාසවල සිටින පිරිස් සහ හෝටල් සේවක සේවිකාවන් සඳහා මෙම දින 10ක දී මුදාහැරීම සිදුනොකරන අතර නිවෙස්වල සිටින පුද්ගලයන් පමණක් එලෙස මුදාහරින බවත් ඉතිරි දින 04 අනිවාර්යයෙන් ම නිවසේ ස්වයං නිරෝධායනයේ සිටිය යුතු බවත් සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
මේ අනුව පසුගිය දින දෙකේ දී කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටි 3,389 දෙනකු නිවෙස් වෙත යවා ඇති අතර ඊයේ (28) නිවෙස්වලට යැවූ සංඛ්‍යාව 1,869 දෙනෙකි. මේ වනවිට මෙරට වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් අතරින් 50,969 දෙනකු සුවය ලබා ඇත.