ශ්‍රී ලංකාව අවට සාගර පරිසරයට දැඩි හානියක් සිදුකරමින් විනාශ වී ගිය එක්ප්‍රස් පර්ල් නෞකාව මගින් සිදු වූ හානියට වන්දි වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 01ක් ගෙවීම එම නෞඛාව අයත් X-Press Feeders සමාගම විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින්, පසුගිය ජූලි මස 24 වන දින තීන්දුවක් ලබාදෙමින් නියෝගකළේ එම නෞකා සමාගම විසින් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියනයක් මෙරට භාණ්ඩාගාර ලේකම්වරයාට ගෙවිය යුතු බවයි.
නෞකාව විනාශවීම වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් එවකට විෂයභාර අමාත්‍ය නාලක ගොඩහේවා, සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබිණි.
මෙම අනතුර හේතුවෙන් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව ලබාදෙමින් අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබාදෙන ලදී.










