-5.9 C
New York
Home Blog Page 6

ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන වෙළෙඳ පොළ අවුල් ජාලයක් ?

0

කාබන් විමෝචනය අවම කිරීමේ ගෝලීය ඉලක්කය වෙත සියලු රටවල් පරිවර්තනය වන මොහොතක විද්‍යුත් වාහන වෙත වැඩි අවධානයක් යොමුව පවතී. එවන් තීරණාත්මක අවස්ථාවක ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන වෙළඳපොළ අර්බුදයකට මුහුණ පා ඇත. මෙයින් ගම්‍ය වන්නේ තිරසාර ප්‍රවාහන මාදිලි ලංකාවෙන් ගිලිහි යන බවද ? ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කෙරුණු නව වාහන අතර විද්‍යුත් වාහන 15% ප්‍රතිශතයක් වූ බව ප්‍රමුඛ වෙළඳපල විමර් ශනයක් වාර්තා කර තිබුණි.

Capital Alliance PLC  දත්ත ඇසුරින්

පසුගිය වසරේ මුල් භාගයේ ගෝලීය වෙළඳපල තුල විද්‍යුත් වාහන මිලියන 7කට වඩා විකිණී ඇති බව අන්තර්ජාතික වෙළඳපල සමීක්ෂණ පෙන්වාදෙයි. එය ගෝලීය සැහැල්ලු වාහන වෙළඳපලෙන් 17% ප්‍රතිශතයක් බව මෙම සමීක්ෂණ අනාවරණය කරයි.

ඇමරිකාවේ වොෂින්ටන් නගරය මූලස්ථානය කරගත් පිරිසිදු ප්‍රවාහනය සම්බන්ධ අන්තර්ජාතික කවුන්සිලය (International Council on Clean Transportation – ICCT) මෑතකදී ප්‍රකාශයට පත්කළ වෙළඳපල විමර් ශනයක සඳහන් කර තිබුනේ චීනය, යුරෝපය, ඇමරිකාව හා ඉන්දියාව 2024 මුල් භාගයේ ගෝලීය විද්‍යුත් වාහන වෙළඳපලෙන් 86%ක් නියෝජනය කල බවයි. එහීදී, ආසන්න වශයෙන් විද්‍යුත් වාහන 58,000ක අලෙවියක් තුලින් ගෝලීය සැහැල්ලු වාහන වෙලදපලෙන් 2%ක් අත්පත් කරගන්න ඉන්දියාව සමත් වී ඇත.

2035 වනවිට ගෝලීය විද්‍යුත් වාහන විකිණුම් විශාල ලෙස ඉහල යා හැකිබව පර්යේෂකයින් අනුමාන කරන අතර එය අන්තර් ජාතික වෙළඳපලේ 42.5% ක ප්‍රතිශතයකට ලඟාවිය හැකි බව පෙන්නුම් කරයි (‘Forecasting the trajectory of electric vehicle sales and the consequences for worldwide CO2 emissions’ by N. Rietmann, B. Hügler, T. Lieven, 2020). වෙනත් පර් යේෂණ දත්ත අනුව 2029 වනවිට විද්‍යුත් වාහනවල ඒකක විකිණුම් මිලියන 18.84ක් දක්වා ඉහල යා හැකි බව අනුමාන කෙරේ.

ICCT ආයතනයේ විශ්ලේෂණයක සඳහන් ව තිබූ අයුරින්: “වියට්නාමයේ VinFast සහ තුර්කියේ Togg වැනි දේශීය වාහන නිෂ්පාදකයින් EV අලෙවියේ ආධිපත්‍යය දැරූ අතර, පරිනත මෝටර් රථ නිෂ්පාදකයින් සහ BYD වැනි නවකයින්ගේ මිශ්‍රණයක් අනෙකුත් වෙළඳපලවල විකුණුම්වල ආධිපත්‍යය දැරීය. 2024 පළමු භාගයේදී EV අලෙවියෙන් 83% ක් ඇතුළත් මෙම වෙළඳපලවල විකුණුම්වල BEVs ද ආධිපත්‍යය දැරීය.”

ශ්‍රී ලංකාව හා ගෝලීය ප්‍රවණතා

ගෝලීය ප්‍රවණතාවය හමුවේ විද්‍යුත් වාහන කෙරේ ශ්‍රී ලංකාවේ පිළිගැනීම දුර්වල මට්ටමක පවතී. ඉහල ආනයනික බදු නිසා ඇතිවී තිබෙන සීමා කිරීම ශ්‍රී ලංකාවේ හයිබ්‍රිඩ් හා විද්‍යුත් වාහන වෙළෙඳ පොළේ වර්ධනය අඩාල වෙන ලක්ෂණ පෙන්නුම් කරයි. එයින් සිමා වනුයේ ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන තිරසාර සංවර්ධන තලයන්ට ලඟා වීමේ අවකාශයයි.

විද්‍යුත් වාහන ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන්නේ 2013 වසරේදී පමණය. මෙම වාහන ආනයනයට බලපැවැත්වෙන බදු ගණනය කිරීමේ ක්‍රමවේදයට එතෙක් පැවති ක්‍රමවේදයම යොදාගත් අතර එය විද්‍යුත් වාහන හා දහන එන්ජින් වාහන අතර පවතින තාක්ෂණික වෙනස සලකා බැලු ආකාරයක් දක්නට නොමැත. ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පනවා ඇති රෙගුලාසි අනුව අදටත් විද්‍යුත් වාහන ආනයනයේදී භාවිතා කරනුයේ වාහනයේ මෝටර් ධාරිතාවයි.

2025 පෙබරවාරි වනවිට ඉවත් කලද 2020 දී පනවන ලද වාහන ආනයන තහනමෙන් විද්‍යුත් හා හයිබ්‍රිඩ් වාහන වෙළදපලට ඍනාත්මක බලපෑමක් එල්ල විය.

විද්‍යුත් වාහන හා හයිබ්‍රිඩ් වාහන ආනයන සඳහා ඉහළ බදු පැනවීම විවේචනයට ලක් වුවද, ආනයන නිෂ්කාශන ක්‍රමවේදයේ ප්‍රශ්නකාරී තත්වයක් හේතුවෙන් BYD වාහන විශාල ප්‍රමාණයක් රේගුව තුළ සිරවීමට මුහුණ දෙන තෙක්, අනුගමනය කරන ලද බදු ක්‍රමය විශේෂඥයින් හෝ ප්‍රතිපත්ති තීරණ ගන්නන් විසින් පුළුල් සාකච්ඡාවකට ප්‍රමුඛව ගනු ලැබුවේ නැති බවයි වෙළදපල මතය.

Capital Alliance PLC  දත්ත ඇසුරින්

බලධාරීන් යම් යම් කොන්දේසි වලට එකඟ වී මාසයකට පමණ පෙර BYD වාහන තොගයේ කොටසක් නිදහස් කළද, මූලික  ගැටළුව තවමත් පවතින අතර, පද්ධතියට ගැඹුරු සමාලෝචනයක් අවශ්‍ය බව පෙනේ. ආනයනය කරනු ලබන වාහනවලට ගැලපෙන පරිදි සමස්ත වාහන ආනයන නියාමන පද්ධතිය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා මෙම කාරණය බලපානු ඇතැයි ව්‍යාපාර ප්‍රජාව බලාපොරොත්තු වේ.

තිරසාර ප්‍රවාහන ක්‍රමවේදයක්

ශ්‍රී ලංකාවේ සමස්ත වායු දුෂණයෙන් 70% කට වගකිවයුත්තේ කල් ඉකුත්වූ වාහනවලින් යුක්ත රටේ ප්‍රවාහන පද්ධතිය බව විද්වතුන් පෙන්වා දෙයි. 2024 දී Daily FT පුවත්පතට ලියු ලිපියක මොරටුව විශ්ව විද්‍යාලයේ ඉලෙක්ට්‍රික් ඉංජිනේරු විද්‍යාව සම්බන්ධ මහචාර්ය අනුර විජයපාල මේ පිළිබඳව කරුණු දක්වා ඇත. කෙසේවුවද ගෝලීය වායු දුෂණය, ෆොසිල ඉන්ධන හිඟය වැනි කරුණු හමුවේ ශ්‍රී ලංකාවද අන් රටවල් හා සමාන ප්‍රශ්නවලට මුහුණ දේ.

තිරසාර ප්‍රවාහනය යනු හරිතාගාර වායු විමෝචනය අවම ව පවතින මහජනතාවට කාර්යක්ෂම හා දැරිය හැකි සැපයීමක් දිරිමත් කරන ප්‍රවාහන පද්ධතියක් වේ. ජනතාවට, පුද්ගලික හා පොදු ප්‍රවාහන අවශ්‍යතා සඳහා දැනට පවතින ප්‍රධානම තිරසාර ප්‍රවාහන ක්‍රමවේදයකි විද්‍යුත් වාහන. තිරසාර සංවර් ධනය සාක්ෂාත් කරගැනීමට 2030 වනවිට 14.5%කින් හරිතාගාර වායු විමෝචනය අවම කිරීමටද 2050 වනවිට කාබන් මධ්‍යස්ථභාවය ද සාක්ෂාත් කරගැනීමට ද ශ්‍රී ලංකාව දැනටමත් කැපවී ඇත.

EV සහ එහි ක්‍රියාකාරිත්වය සලකා බලන විට, මෝටරය, මෝටර් පාලකය ප්‍රතිදානය (output) සඳහා එකට ක්‍රියා කරන අතර එම නිසා පවතින නියාමන නිර් නායක අදාළ කිරීමට අපහසුවේ. ශ්‍රී ලංකාවේ වාහන ආනයනය සඳහා රේගු නිෂ්කාශනවල සම්මත පිළිවෙත වන්නේ නිෂ්පාදකයාගේ සහතිකය භාවිතා කිරීමයි.  නමුත් මෙය අදාළ BYD වාහන තොගය සම්බන්ධයෙන් අනුගමනය කර නොමැති බවයි පෙනී යන්නේ.

සිංගප්පූරුව සහ වියට්නාමය වැනි රටවල, ආනයනික වාහන නිෂ්කාශනය කිරීමේදී නිෂ්පාදන සම්භවය (origin) තහවුරු කරන ලිපියක් හෝ නිෂ්පාදකයාගෙන් ලිපියක් සාමාන්‍ය කොන්දේසියක් ලෙස භාවිතා වේ. වාහන ආනයනය කිරීමේදී පවතින නිර් ණායක වලින් ඔබ්බට ගොස් වඩාත් ගැලපෙන තාක්ෂණිකව වඩාත් නිවැරදි ක්‍රමවේදයක් තීරණය කිරීමට ශ්‍රී ලංකා රේගු දෙපාර් තමේන්තුව පත්කළ තාක්ෂණික කමිටුවට (BYD වාහන තොගය නිෂ්කාශනය කිරීමේදී මෝටර් ධාරිතාව භාවිතා කිරීම නිර්ණය කිරීම වෙනුවෙන් පත්කළ) හැකිවේවිද යන්න අවංකව ප්‍රශ්න කිරීමට සිදුව ඇත. 

ශ්‍රී ලංකාවේ වාහන ආනයනය කිරීමේ ක්‍රමවේදය, තාක්ෂණික ව වඩාත් සුදුසු වෙළදපලට වඩාත් ගැලපෙන අයුරින් අනාගත ගෝලීය වෙළදපලට උචිතව  සංශෝධනයට ලක් වුනි නම් එය රජයටත්, වෙළඳ ප්‍රජාවටත්, පාරිභෝගික ජනතාවටත් එකසේ වාසි සහගත වේ.

විවිධ ක්ෂේත්‍රවල අර් බුදකාරී තත්ත්වයන් හමුවේ ප්‍රතිපත්ති සකස් කිරීමේදී අයහපත් අත්දැකීම්වලට මුහුණදීමට සිදූවූ අවස්ථා ශ්‍රී ලාංකීය ඉතිහාසය තුළ වාර් තාවී ඇත. මෙයද එවන් අවස්ථාවක් නොවිය යුතුය. සියලුම වාහන ආනයන කාණ්ඩ සඳහා සාධාරණ ලෙස අදාළ වන ක්‍රමයක් තිබිය යුතුයි. වංචාවක් සිදුවුවහොත්, එම අංශයේ සියලු දෙනාගෙන්ම සමාන කොන්දේසි මත විමසීමට, ප්‍රශ්න කිරීමට, පැහැදිලි කිරීම් ලබා ගැනීමට නිර්ණායක තිබිය යුතුයි.

තිරසාර, දැරිය හැකි ප්‍රවාහන ක්‍රමවේදයක් ශ්‍රී ලංකාව සමෘද්ධිමත් අනාගතය කරා ගෙන යන ප්‍රධාන සාධකයක් බව අපි මතක තබා ගනිමු.

-Advertisement-

“ඇමති වසන්ත ඇතුළු තිදෙනා අත්අඩංගුවට ගන්න බෑ” – අලුත් මහේස්ත්‍රාත් කියයි. හිිටපු මහේස්ත්‍රාත්ගේ නියෝග පොලිසිය කඩ කරලා

0

දෙහිවල පිහිටි දෙමහල් ගොඩනැගිල්ලක් සහිත ඉඩමකට ව්‍යාජ ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ 36ක මුදලකට බදු දී වංචා කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයේන අපරාධ වරදක් සිදුව ඇති බවට තීරණය කර මුල් පැමිණිලිකරු විසින් නම්කර ඇති පුද්ගලයන් සැකකරුවන් ලෙස නම්කර ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස කරන ලද ඉල්ලීමක් ගල්කිස්ස මහේස්ත්‍රාත් පසාන් අමරසේන අද (25) ප්‍රතික්ෂේප කළේය.

මෙම ඉඩම නැෂනල් වර්කස් ඉන්ස්ටිටියුට් ආයතනය සතු වූවක් බව ද පැමිණිල්ලේ සඳහන් වේ.

මෙම ඉල්ලීම කරන ලද්දේ පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න විසිනිි. එම සිද්ධිය සම්බන්ධයෙන් 2025 පෙබරවාරි 19 වැනි දින නඩුවේ විමර්ශන ගොනුව නීතිපති උපදෙස් සඳහා යොමුකර ඇති බවත්, කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් දැනට සිදුකර ඇති විමර්ශනයන්ට අනුව අපරාධ වරදක් සිදුව ඇති බවට කරුණු අනාවරණය නොවීම හේතුවෙන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව මහේස්ත්‍රාත්වරයා කීවේය.

ගල්කිස්ස හිටපු මහේස්ත්‍රාත්වරිය විසින් කරන ලද නියෝගයකට අනුව මීට පෙර අවස්ථාවක දී එනම් අගෝස්තු 14 වැනි දින නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, කඩුවෙළ නගරාධිපති රන්ජන් ජයලාල් දෙදෙනා ද අගෝස්තු මස 21 වැනි දින ආමත්‍ය වසන්ත සමරසිංහ ද කොළඹ වංචා වාමර්ශන කාර්යාංශයට ගොස් ප්‍රකාශ ලබා දී තිබිණි.

කෙසේ වෙතත් එම ප්‍රකාශ සටහන් කර විමර්ශන අවසන් කිරීමට පෙර පෙබරවාරි මාසයේ දී ම කොළඹ වංචා විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මෙම නඩුව සම්බන්ධ විමර්ශන ගොනුව නීතිපතිවරයාගේ උපදෙස් සඳහා යොමුකර තිබීම ද විශේෂත්වයකි.

විමර්ශනයට අදාළව සියලුම ප්‍රකාශ සටහන් කර අවසන් බවත්, 2020 වර්ෂයේ නැෂනල් වර්කස් කොංග්‍රස් වෘත්තීය සමිතියේ පැවති මහ සභාවේ දී එහි විධායක කමිටු නිලධාරීන්ගේ තීරණය මත බදු දීමනාකරු වශයෙන් තමන් පෙනී සිටි බවට වසන්ත සමරසිංහගේ ප්‍රකාශයේ සඳහන් කර ඇති බවත් වංචා විමර්ශන කාර්යංශයේ නිලධාරීන් පසුගිය අගෝස්තු 22 වන දින පැවති නඩු වාරයේදී අධිකරණය හමුවේ පැවසීය.

අදාළ නඩුව ගොනු කිරීමෙන් අනතුරුව අවස්ථා දෙකකදී අධිකරණය මෙම නඩුවට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට දෙවරක් පැහැදිලිව නියෝග කර තිබිණි. එසේ වුව ද පොලිසිය එම නියෝග අනුව කටයුතු කර තිබුණේ නැත. එසේ අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකර නීතිපති උපදෙස් අවශ්‍ය බව පොලිසිය පවසන බවත් නැෂනල් වර්කස් ඉන්ස්ටිටියුට් ආයතනයේ නීත්‍යානුකූළ නිලධාරීන් සිටිය දී මෙම මෙම දෙමහල් ගොඩනැගිල්ල සහිත ඉඩම බදු දීමේ හැකියාවක් වසන්ත සමරසිංහ යන අයට නොමැති බවත් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න පසුගිය අගෝස්තු 22 පැවති නඩු වාරයේදී අධිකරණය හමුවේ පවසා සිටියේ ය.

නැවත මෙම නඩුව ලබන 2026 වර්ෂයේ පෙබරවාරි මස 27 වන දින කැඳවීමට නියමිතය.

-Advertisement-

කොටස් වෙළෙඳ පොළ අඛණ්ඩව ඉහළට

0

කොටස් වෙළෙඳ පොළ අද (25) දිනයේ ගනුදෙනු 38,928ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 6,024ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 76කින් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,598ක්  ලෙසිනි. ඒ අනුව කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ වැඩිම සමස්ත කොටස් මිල දර්ශකය අද දිනයේ වාර්තා විය.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

•          හෙමාස් හෝල්ඩින්ස් සමාගම  රුපියල් මිලියන 502

  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 394

•          මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 371

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

•          හේමාස් හෝල්ඩින්ස් සමාගම කොටස් මිලියන 15

•          ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම කොටස් මිලියන 12

•          එල්සීබී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 09

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

•          එච්එන්බී ලීසිං සමාගම (X) 33 %

•          මර්චන්ට් ෂිපිං සමාගම 24%

•          එස්එන්බී ලීසිං සමාගම (N) 14%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

•          ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 390

•          කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 313

•          සිලෝන් ටුබැකෝ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 308

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 60ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 215කකොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 155ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත් කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

•          බයිරහා ෆාර්ම්ස් සමාගම රුපියල් මිලියන 31

•          ඒසීඑල් කේබල් සමාගම රුපියල් මිලියන 05

•          ටෙක්ස්චර්ස් ජර්සි සමාගම රුපියල් මිලියන 04

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

•          ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 144

•          මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 16

•          සම්පත් බැංකුව රුපියල් මිලියන 09

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

-Advertisement-

සීනිමෝදර සිද්ධියට, බාල වයස්කාරයකුත් රඳවාගෙන ප්‍රශ්න කරයි

0

තංගල්ල, සීනිමෝදර දී ම්ළ සිරුරු, මත්ද්‍රව්‍ය සහ ගිනි අවි සොයාගත් නිවසේ සිටිය දී රෝහල්ගත කිරීමෙන් පසු මියගිය පුද්ගලයාගේ පුතකු රඳවාගෙන ප්‍රශ්න කිරීමට තංගල්ල මහේස්ත්‍රාත් විසින් අද (26) පොලිසියට අවසර ලබා දී ඇත.

වයස අවුරුදු 16ක් වන මෙම පුත්‍රයා ලබන මස 01 වැනි දා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී ඇත.

මෙම සිද්ධියට අදාළව, මිය ගිය පුද්ගලයාගේ පුතුන් දෙදෙනා, එම නිවසේ තිබී සොයාගත් මත්ද්‍රව්‍ය සහිත ලොරිවල හිමිකරුවන් ඇතුළු සැකකරුන් 06 දෙනෙකු මීට පෙර පොලීසිය විසින් අත්අඩංගුවයට ගනු ලැබීය. ඒ අනුව ඉන් එක් පුත්‍රයෙකු සහ ලොරි රථවල හිමිකරුවන් පසුගිය 24 වැනිදා අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. එම අවස්ථාවේ දී ඔවුන් ලබන 29 වැනි දා දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය විසින් පොලිසියට අවසර ලබා දී ඇත.

-Advertisement-

අම්බලන්තොට ජනතාවට, වතුර නෑ

0

වළවේ ගඟේ මසුන් මියයාමේ සිද්ධියක් වාර්තා වීම හේතුවෙන් අම්බලන්තොට ජල පිරිපහදු මධයස්ථානයේ කටයුුත මේ වනවිට තාවකාලිකව නවතා දමා ඇත.

සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ ස්ප්‍රීතු නිෂ්පාදන සඳහා යොදා ගන්නා වළවේ ගඟේ ජලයට එකතුවීම හේතුවෙන් මෙලෙස මසුන් මියයන්නට ඇතැයි සැකයක් පවතී.

ඒ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදුකරන තුරු අම්බලන්තොට ජල පිරිපහදුවේ කටයුතු තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය පවසයි. දැනට පිරිපහදු කර ඇති ජලය ප්‍රමාණවත් වන්නේ අද (26) සවස 5.00 පමණ දක්වා බව ද ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලයේ ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලය පවසයි.

පවතින තත්ත්වය තුළ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ද තත්ත්වය යථා තත්ත්වයට පත්කර ගැනීමට හැකි වුවහොත් නැවතත් ජල පිරිපහදු කටයුතු සිදුකිරීමටත් හැකි වනු ඇතැයි ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලය දැනුම් දෙයි.

-Advertisement-

ඩක්කුවක් කඩා වැටී භික්ෂූන් 07 දෙනකු මරුට

1

මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ කේබල් මතින් ගමන්ගන්නා ඩක්කුවක් ඊයේ (24) රාත්‍රියේ කඩා වැටීමෙන් භික්ෂූන් වහන්සේලා 07 දෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මියගිය භික්ෂූන් තිදෙනකු විදේශිකයන් වන අතර ඔවුන් ඉන්දියාව, රුමේනියාව සහ රුසියාවේ අය බවත් සඳහන් වේ. මියගිය විදේශීය භික්ෂූන් දෙදෙනකුගේ සිරුරු ගොකරැල්ල රෝහලේත් මියගිය අනෙක් භික්ෂූන් 05 දෙනාගේ සිරුරු කුරුණෑගල රෝහලේත් තැන්පත් කර ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ දී එම ඩක්කුවේ 13 දෙනකු ගමන් කරමින් සිට ඇතැයි ද වාර්තා වේ. පොලිසිය සඳහන් කරන්නේ ධාරිතාව ඉක්මවා ගමන් කිරීම හේතුවෙන් මෙලෙස ඩක්කුව කඩා වැටෙන්නට ඇති බවයි.

-Advertisement-

කොටස් වෙළෙඳ පොළ වාර්තා පිහිටුවයි

0

කොටස් වෙළෙඳ පොළ අද (24) දිනයේ ගනුදෙනු 31,778ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 5568ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 55ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,338ක්  ලෙසිනි. ඒ අනුව කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ වැඩිම සමස්ත කොටස් මිල දර්ශකය අද දිනයේ වාර්තා විය.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

•  වැලිබල් වන් සමාගම  රුපියල් මිලියන 558

  • ජෙට්වින් සිම්පනි සමාගම රුපියල් මිලියන 308

•  බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 306

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

•          බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම මිලියන 37

•          ජෙට්වින් සිම්පනි සමාගම කොටස් මිලියන 17

•          යූ.බී. ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 14

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

•          මර්චන්ට් ෂිපිං සමාගම 25 %

•          යූ.බී.ෆිනෑන්ස් සමාගම 17%

•          යෝර්ක් ආකේර්ඩ් සමාගම 11%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

•          ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 395

•          කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 314

•          සිලෝන් ටුබැකෝ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 299

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 152ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 270ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 118ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත් කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

•          ඩයලොග් ආසියාටා රුපියල් මිලියන 39

•          පීපල්ස් ලීසිං සමාගම රුපියල් මිලියන 24

•          ෆස්ට් කැපිටල් සමාගම රුපියල් මිලියන 15

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

•          සෙලින්කෝ ඉන්ෂුවරන්ස් සමාගම රුපියල් මිලියන 158

•          ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 78

•          සම්පත් බැංකුව රුපියල් මිලියන 06

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

-Advertisement-

ජනාධිපති අනුරගේ, ඇමෙරිකන් විරෝධය අවසන්

0

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත, එක්සත් ජනපදය විසින් ඉන්දියාවට නම් කරන ලද තානාපති සහ ධවල මන්දිර ජනාධිපති කාර්ය මණ්ඩල අධ්‍යක්ෂ සර්ජියෝ ගෝර් (Sergio Gor) අතර ඊයේ (23) හමුවක් සිදුව ඇත.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා ජනාධිපතිවරයා අමෙරිකා එක්සත් ජනපදයට ගොස් සිටින අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත කාර්යාලයේදී මෙම හමුව පැවැත්විණි. 

මෙම හමුවේදී වෙළෙඳ, වාණිජ, සංචාරක සහ ආයෝජන ඇතුළු දෙරටට වැදගත් ක්ෂේත්‍ර පිළිබඳ අවධානය යොමු වූ අතර එම ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

පෙර නොවූ විරු ආර්ථික අර්බුදයකින් පසු, ශක්තිමත් ජනවරමක් සහිත නව රජයක් ලෙස, ආර්ථික වර්ධනය ඉලක්ක කරගත් සමෘද්ධිමත් ආර්ථිකයක් සඳහා වන ප්‍රමුඛතාවය මත අමෙරිකා එක්සත් ජනපදය සමඟ ක්‍රියාකාරී මෙන්ම වඩා සමීප සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට බලාපොරාත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී සඳහන් කර ඇත.

විනිවිදභාවය සුරක්ෂිත කිරීම ඇතුළු ජනතාවගේ අනාගතය වෙනුවෙන් ආර්ථිකයේ දිගුකාලීන ස්ථාවරත්වය සහතික කිරීමට අවශ්‍ය ප්‍රතිව්‍යුහගත කිරීම් ඇතුළුව රජය විසින් ගනු ලැබූ පියවර  පිළිබඳවද ජනාධිපතිවරයා විසින් මෙහිදී පෙන්වා දෙන ලදී.

දෙරට අතර වෙළෙඳ අසමතුලිතතාවය විසඳීම සඳහා ඵලදායී සහ සාධාරණ විසඳුම් සොයා බැලීම, ද්විපාර්ශ්වික වෙළඳාමට බලපාන බාධක අවම කිරීම සහ සාධාරණ සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වෙළෙඳ සබඳතා සහතික කිරීම වෙනුවෙන් ගිවිසුමකට එළඹීම සඳහා ශ්‍රී ලංකා නියෝජිතයින් එක්සත් ජනපද බලධාරීන් සමඟ පවත්වන සාකච්ඡාවන්හි ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී දෙපාර්ශ්වය විසින් සමාලෝචනය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත, හිටපු අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටි තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක විපක්ෂයේ සිටිය දී දැඩිලෙස ඇමරිකා සහ ඉන්දියා විරෝධී මතයක එල්බගෙන සිටි අතර පැවති රජයයන් ඇමෙරිකාව සමඟ සහ ඉන්දියාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම ඔහු නිරන්තර විවේචනය කළේය.

-Advertisement-

කොටස් වෙළෙඳ පොළ තවදුරටත් ඉහළට

0
1133400370

කොටස් වෙළෙඳ පොළ අද (23) දිනයේ ගනුදෙනු 38,759ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 6563ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 55ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,282ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

•          බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 696

•          එල්ඕඑල්සී සමාගම රුපියල් මිලියන 470

•          වැලිබල් වන් සමාගම  රුපියල් මිලියන 426

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

•          බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම මිලියන 62

•          කැල් හේල්ටින් සමාගම කොටස් මිලියන 21

•          යූ.බී. ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 11

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

•          එස්එන්බී ලීසිං සමාගම (X) 33 %

•          ඩිමෝ සමාගම 11%

•          ඇග්ස්ටාර් පොහොර සමාගම (X) 09%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

•          ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 406

•          කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 312

•          සිලෝන් ටුබැකෝ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 299

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 339ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 277ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 71ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙත ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

•          ඩීඑෆ්සීසී බැංකුව රුපියල් මිලියන 158

•          කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 76

•          ඒසීඑල් කේබල් සමාගම රුපියල් මිලියන 16

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

•          සෙලින්කෝ ඉන්ෂුවරන්ස් සමාගම රුපියල් මිලියන 63

•          ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 57

•          කැල් හෝල්ඩින් සමාගම රුපියල් මිලියන 46

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

-Advertisement-

ආගමන විගමන පාලක ඉලුක්පිටියට සිර දඬුවම්

0

ආගමන විගමන පාලක ලෙස කටයුතු කළ හර්ෂ ඉලුක්පිටිිය අධිකරණයට අපහාස කළේ යැයි චෝදනාවට වරදකරු කරමින් ඔහුට වසර 02ක සිර දඬුවමක් නියම කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.

ජනක් ද සිල්වා, අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ විසින් මෙම තීන්දුව ලබා දී ඇත. 

වග උත්තරකාර හර්ෂ ඉලුක්පිටිය අධිකරණයට බරපතළ අපහාසයක් සිදුකර තිබෙන බවත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේය.

පසුගිය රජය කාලයේ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් අනතුරුව වීසා නිකුත් කිරීමේ පැරණි ක්‍රමවේදය යළි ක්‍රියාවට නංවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආගමන හා විගමන පාලකවරයාට අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණි.

එම අතුරු තහනම් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටියට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

-Advertisement-