-5.2 C
New York
Home Blog Page 5

මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට ගෙන මුදාහරියි

0

මෑතකදී කොළඹ පැවති සත්‍යග්‍රහයකට සහභාගී වීමෙන් පසු පොලිස් නිලධාරියෙකුට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා අද (29) උදෑසන කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

පොලිස් රාජකාරිවලට බාධා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයක කොටසක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පොලිසිය තහවුරු කළේය.

අත්අඩංගුවට ගැනීමෙන් පසු, අර්චුනා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර, ඇපකරුවන් දෙදෙනෙකුගේ ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේය.

-Advertisement-

ඉන්දියාව ආසියානු කුසලානය එපා කියයි

0

ආසියානු කුසලාන තරඟාවලියේ ශූරතාවය ඉන්දීය කණ්ඩායම විසින් ජයග්‍රහණය කළ ද එහි කුසලානය ප්‍රතික්ෂේප කළ ඔවුන් කුසලානය නොමැතිව ජයග්‍රහණය සමරනු දක්නට ලැබිණි.

පකිස්තාන ස්වදේශ කටයුතු අමාත්‍ය සහ ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති මොහ්සින් නක්වි විසින් කුසලානය ප්‍රදානය කිරීමට සැළසුම් කර තිබූ අතර ඉන්දීය කණ්ඩායම ඔහුගේ අතින් කුසලානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කළේය.

ඉන්දියාවේ ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා සිටියේ “පකිස්තානයේ අමාත්‍යවරයකු වූ ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයාගේ අතින් කුසලානය ලබා නොගැනීමට අප තීරණය කර තිබෙනවා” යනුවෙනි.

ඒ අනුව, “අද රාත්‍රියේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ඔවුන්ගේ කුසලානය ලබා නොගන්නා බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය මට දැනුම් දී තිබෙනවා” යැයි නිවේදකයා ද කියා සිටියේය.

උත්සවයෙන් පසු පැවැති මාධ්‍ය හමුවේදී ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් පැවසුවේ තමන් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට පටන් ගත් දා සිට ශූර කණ්ඩායමකට කුසලානයක් අහිමි වීම තමන් දැක නොමැති බවයි.

කෙසේ වෙතත් ආසියානු කුසලානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ ඉන්දීය කණ්ඩායම කුසලානය නොමැතිව සිය ජයග්‍රහණය සමරනු ලැබීය.

ඊයේ පැවැති අවසන් තරගයේදී පාකිස්තාන කණ්ඩායමෙන් හිමිවූ ලකුණු 147 ඉලක්කයට පිළිතරු ලෙස ඉන්දීය කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 150ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය ලබා ගැනීමට සමත්විය.

-Advertisement-

පොදු සතුරකු හමු වූ විට

0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (28) තංගල්ල කාල්ටන් නිවසේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවූයේ ය.

එහි ගිය රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ තමන් කතරගම ගොස් ආපසු කොළඹ යන අතරතුර කාල්ටන් නිවසට පැමිණි බවයි. පසුගිය දා තමන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කළ අවස්ථාවේ දී මහින්ද රාජපක්ෂ දැක් වූ සහයෝගයට ද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඔහුට ස්තූති කළේය.

-Advertisement-

ආණ්ඩුව LGBTIQ සංචාරක කර්මාන්තය, ප්‍රවර්ධනය කරනවාට විපක්ෂයෙන් විරෝධයක්

0

LGBTIQ කේන්ද්‍ර කරගත් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට රජය ගෙන ඇති තීරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ දැඩි විරෝධය පළ කර ඇති අතර, රටේ ස්වාභාවික සුන්දරත්වය සහ සංස්කෘතික උරුමයන් ස්ත්‍රී පුරුෂ භාවය හෝ ලිංගික දිශානතිය පිළිබඳ ගැටලු ඉස්මතු නොකර අමුත්තන් ආකර්ෂණය කර ගැනීමට ප්‍රමාණවත් බව පවසයි.

මේ අතර හිිටපු සෞඛ්‍ය අමාත්‍යවරයකු මෙන් ම වෛද්‍ය වෘත්තිකයකු ද වන චන්න ජයසුමන ද, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා ද ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපි යොමුකරමින් LGBTIQ කේන්ද්‍ර කරගත් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් සිය විරෝධය දක්වා ඇත. ඔහු ද නාමල් රාජපක්ෂ නියේජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙකි.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙසේ පවසා ඇත.

“අපගේ සංචාරක ප්‍රවර්ධනය ස්ත්‍රී පුරුෂ අනන්‍යතාවය හෝ ලිංගික දිශානතිය පිළිබඳ ගැටලු මත පදනම් නොකළ යුතුයි. අපගේ පොහොසත් හා අව්‍යාජ උරුමය, ස්ත්‍රී පුරුෂ භාවය නොසලකා ලොව පුරා සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට ප්‍රමාණවත් වනවා. ශ්‍රී ලංකාව එහි දර්ශන, සංස්කෘතිය සහ සම්ප්‍රදායන් නිසා දිගු කලක් ජනප්‍රිය ගමනාන්තයක් වී ඇති බව අවධාරණය කරමින්, මුලපිරීම නැවත සලකා බලන ලෙසත් මෙවැනි සංවේදී කාරණාවලට වැඩි වගකීමකින් ප්‍රවේශ වන අපි රජයෙන් ඉල්ලා සිටිනවා. අමුත්තන් ආකර්ෂණය කර ගැනීම සඳහා අපට ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ අනන්‍යතාවය කෙරෙහි අවධානය යොමු කිරීමට අවශ්‍ය නැහැ.”

ඊක්වල් ග්‍රවුන්ඩ් නම් අයිතිවාසිකම් සංවිධානය සමඟ හවුල්කාරිත්වයෙන් LGBTIQ සංචාර ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම මස මුලදී අනුමත කරන ලද ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපෘතියක් පිළිබඳ වැඩෙන දේශපාලන විවාදය මධ්‍යයේ නාමල් රාජපක්ෂගේ ප්‍රකාශය ඉදිරිපත් විය.

සංස්කෘතික හා මහජන සෞඛ්‍ය ගැටලු මතු කරමින් ව්‍යාපෘතිය අත්හිටුවන ලෙස හිටපු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය චන්න ජයසුමන සහ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා ද ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලා තිබේ.

සැප්තැම්බර් 27 දිනැති තම ලිපියෙන් වෛද්‍ය ජයසුමන දැනුම් දී ඇත්තේ, සියලු පුද්ගලයන්ගේ ගෞරවය සහ දිශානතියට ගරු කරන අතර ම, මෙම ව්‍යාපෘතිය නිසි ලෙස සළකා බලා නොමැති බරපතල සංස්කෘතික, සමාජීය සහ මහජන සෞඛ්‍ය අවදානම් මතු කරන බවයි.

බෞද්ධ මූලධර්ම වන විනය, කරුණාව සහ සදාචාරාත්මක සංයමය තුළ මුල් බැසගත් සහ හින්දු, ක්‍රිස්තියානි සහ ඉස්ලාමීය සම්ප්‍රදායන්ගෙන් පොහොසත් වූ ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය කෙටි කාලීන ආර්ථික ප්‍රතිලාභ සඳහා අවදානමට ලක් නොකළ යුතු බව ඔහු අවධාරණය කරයි. සංචාරක ප්‍රතිපත්තිය ජාතියේ සංස්කෘතික වටිනාකම් පිළිබිඹු කළ යුතු අතර සමාජය තුළ බෙදීම් ඇති කිරීමෙන් වැළකී සිටිය යුතු බව ඔහු පෙන්වා දෙයි.

මහජන සෞඛ්‍ය ගැටලු ඉස්මතු කරමින්, තරුණයින් අතර HIV රෝගීන්ගේ තියුණු වැඩිවීමක් පෙන්වා දී ඇති වෛද්‍ය ජයසුමන, මෑත වසරවල දී වයස අවුරුදු 15-24 අතර ආසාදන සැළකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව සඳහන් කළේය. සංචාරක ව්‍යාපාරය ලිංගිකත්වය සමඟ සම්බන්ධ කිරීමෙන් HIV සම්ප්‍රේෂණය වේගවත් කළ හැකි බවත්, බෝ නොවන රෝග සහ සීමිත මානසික සෞඛ්‍ය සේවාවන් ඉහළ මට්ටමක පවතින ශ්‍රී ලංකාවේ දැනටමත් අධික ලෙස ප්‍රසාරණය වී ඇති සෞඛ්‍ය සේවා පද්ධතියට තිරසාර නොවන පීඩනයක් එල්ල කළ හැකි බවත් ඔහු අනතුරු අඟවා තිබේ.

මවගෙන් දරුවාට HIV සහ සිෆිලිස් සම්ප්‍රේෂණය තුරන් කිරීම වැනි සාර්ථකත්වයන් මගින් ශක්තිමත් වූ රටේ ජාත්‍යන්තර කීර්තිය – දුර්වල ලෙස නියාමනය කරන ලද සංචාරක සන්නාමකරණය නව පැතිරීම් ඇති කළහොත් අනතුරේ වැටිය හැකි බවට ඔහු තවදුරටත් අනතුරු ඇඟවීය.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය චන්න ජයසුමන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ, එම මුලපිරීම ආපසු හරවා, ඒ වෙනුවට සුවතා සංචාරක ව්‍යාපාරය, සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව, පරිසර සංචාරක ව්‍යාපාරය, උරුමය සහ අධ්‍යාත්මිකත්වය වැනි අංශ ප්‍රවර්ධනය කරන ලෙසයි. මෙම අංශ ගෝලීය ප්‍රවණතා සහ ශ්‍රී ලංකාවේ සංස්කෘතික වටිනාකම් සමඟ වඩා හොඳින් ගැලපෙන බව ඔහු පෙන්වා දෙයි.

-Advertisement-

නිකරුණේ මියයන හෘද රෝගීන්

0
3D Illustration Concept of Human Circulatory System Heart Anatomy

හෘද රෝග හේතුවෙන් සිදුවන මරණවලින් 80%ක් ම වළක්වාගත හැකි ඒවා බව හෘද රෝග විශේෂඥ වෛධ්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය සම්පත් විතානවසම් පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ලෝක හෘද දිනය වෙනුවෙන් කළෙඹ විහාරමහා දේවී උද්‍යානයේ පැවැති වැඩසටහනකට එක්වෙමිනි.

ලෝක හදවත් දිනයේ ප්‍රධාන අරමුණක් වන්නේ වළක්වාගත හැකි හදවත් මරණ වළක්වා ගැනීමට එක්ව කටයුතු කිරීමයි. එමෙන් ම සරල හා නිරෝගී දිවි පෙවතක් ගත කිරීම සඳහා හෘද රෝග අවම කර ගැනීමට කටයුතු කිරීමයි.

හෘද රෝග වළක්වා ගැනීමේ දී ව්‍යායාම, යහපත් ආහාර රටාව, දුම්පානයෙන් වැළකී සිටීම සහ ආතතිය ඇතිවන ක්‍රියාවන්ගෙන් වැළකීම මෙන්ම නිතිපතා කරන සෞඛ්‍ය පරීක්ෂාවන් ද වැදගත් වන බව වෛද්‍යවරයා වැඩිදුරටත් කීවේ ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය සම්පත් විතානවසම් මෙසේ ද කීවේය.

හෘදයාබාධයක් හඳුනා ගන්නේ කෙසේ ද හෘදයාබාධයක ලක්ෂණ මොනවාද හෘදයාබාධයක් ඇති වූ විට අපි ක්‍රියාකළ යුත්තේ කෙසේ ද යන්න දැන ගැනීම සෞඛ්‍ය වෘත්තිකයින්ගේ පමණක් වගකීම නෙමේ. එය සියලු මහජනතාව දැනුවත් විය යුතු කරුණක්. ඔබ ඒ ගැන දැනුවත් වුවහොත් ඔබ ඉක්මනින් ප්‍රතිචාර දැක්වුවහොත් වෛද්‍යවරුන්ටත්, හෙද කාර්ය මණ්ඩලයටත් ඔබ වෙනුවෙන් කළ හැකි දේ බොහෝමයි. අපි අපේ හදවතට කළ යුතු යුතුකමක් තියෙනවා. එය ඉටු කිරීම ඔබේ වගකීමක්. ලෝක හදවත් දිනය යෙදී තියෙන්නේ සැප්තැම්බර් 29 වැනිදාට. ඊට සමගාමීව ශ්‍රී ලංකා හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාතනය සංවිධානය කළා පා ගමනක් හා මිනිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක්. මේ අවුරුද්දේ තේමාව වෙලා තියෙන්නේ සෑම හෘද ස්ඵන්දනයක් ම වැදගත්. කිසිම හෘද ස්ඵන්දනයකට අකාලේ මිය යන්න දෙන්න එපා කියන පණිවිඩය. මම හිතනවා මෙය හොඳ පූර්වාදර්ශයක් වේවී ශ්‍රී ලාංකිකයින් හැමදෙනාටම නිවැරදි හදවතක් සහිතව ඉතිරි ජීවිත කාලේ ජීවත් වෙන්නේ”

-Advertisement-

පොළොන්නරුවේ වඳුරන්ගෙන්, රිලවුන්ගෙන්, මිනිසුන්ට සමාජ රෝග

0

පොළොන්නරුව, ගිරිතලේ සහ මැදිරිගිරිය ප්‍රදේශවල සිටින වඳුරන් සහ රිලවුන්ගෙන් සාමාන්‍ය ජනතාවට සමාජ රෝග බෝ වීමේ අවදානමක් හටගෙන ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

මෙම ප්‍රදේශවල සිටින රිලවුන්ගේ සහ වඳුරන්ගේ සිරුරුවල සිපිලිස් නමැති සමාජ රෝග වැළඳුණු සතුන්ගේ මෙන් තුවාල දක්නට ඇති බැවින් එවැනි සතුන් අල්ලා ඒ පිළිබඳ කරන ලද ක්ෂේත්‍ර පරීක්ෂණයකින් තහවරු කරගෙන ඇත්තේ ඔවුන්ට එම රෝගය වැළඳී ඇති බව තහවරු කරගෙන ඇත.

වනජීවී නිලධාරීන් පවසන්නේ පොළොන්නරුව පූජා නගරය, ගිරිතලේ සහ මැදිරිගිරිය ප්‍රදේශවල සිටින මෙම වඳුරන් සහ රිලවුන් අතර සමාජ රෝග නිසා හටගත් තුවාල දක්නට ලැබෙන බවයි. එම වඳුරන් එම ප්‍රදේශවල ඇති බංකු, වෙනත් ආසන, ගස් කඳන් සහ නටඹුන් අතර සැරි සැරීමේ දී ඔවුන්ගේ තුවාල සහ ලිංගික ශ්‍රාවයන් එම ස්ථානවල පතිතවන බවත් එම ශ්‍රාවයන් මිනිස් සිරුරට ඇතුළුවීමෙන් සාමාන්‍ය ජනතාවට ද රෝගය ඇතුළුවීමට හැකියාව ඇති බවත් සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. මේ නිසා වඳුරන් සහ රිලවුන් අතර පැතිරයන සමාජ රෝග සාමාන්‍ය ජනතාව අතර ද ව්‍යාපත්වීමේ අවදානමක් පතිවන බැවින් අවධානයෙන් පසුවන ලෙස වනජීවී නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

-Advertisement-

මන්නාරමේ සැබෑ තත්වය කුමක් ද ?

0

වත්මන් රජය බලයට පත්වීමේ දී ලබාදුන් පොරොන්දු අමතක කරමින් මන්නාරම නගරයේ සුළං විදුලි බලාගාර ඉදිකිරීමට එරෙහිව ජනතාව ඊයේ (26) රාත්‍රී දැඩි විරෝධයක් පළකිරීමත් සමඟ උණුසුම්කාරී තත්වයක් පැණ නැගී තිබිණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක පුද්ගලිකව මැදිහත් වී මෙම බලාගාර ඉදිකිරීමට ඉඩ නොදෙන බවට ජනතාවට පොරොන්දු වී තිබුණ ද ඊයේ (26) රාත්‍රියේ එම බලාගාර සඳහා අවශ්‍ය උපකරණ පොලිස් ආරක්ෂාව යටතේ ගෙන ඒමත් සමඟ ජනතාව ඊට එරෙහි වූහ.

අවසානයේ පොලිස් කැරැළි මර්ධන කණ්ඩායම් උපයෝගී කරගනිමින් මන්නාරම නගරය වෙත සුළං විදුලි බලාගාරරයයට අවශ්‍ය ටර්බයින් සහ අනෙකුත් උපකරණ රැගෙනත් වාහන රැගෙන විත් තිබිණි. එම අවස්ථාවේ දී සිදු වූ ගැටුම්වලින් තිදෙනකු තුවාල ලබා තිබූ බව ද අප වාර්තා කරුවෝ කියති. ජනතාව චෝදනා කරන්නේ ඔවුන් තුවාල ලැබුවේ පොලිසිය කරන ලද පහරදීම්වලින් බවයි.

පොලිසිය පවසන්නේ ටර්බයින් ඇතුළු උපකරණ රැගෙන ඒමේ දී ජනතාව විරෝධය පළකළ බැවින් තත්වය පාලනය කිරීමට පොලිසිය මැදිහත් වූ බවයි. නමුත් කිසිම අවස්ථාවක සිවිල් වැසියන්ට පහර නොදුන් බව ද මන්නාරම පොලිසිය පවසයි.

කෙසේ වෙතත් මන්නාරම දූපත සීමාවේ සුළං විදුලි බලාගාර ඉදිකිරීම නතර කරන ලෙසටත් දූපත අවට සීමාවේ ඛනිජ වැලි කණීම් නවත්වන ලෙසටත් ඉල්ලමින් මන්නාරමේ ජනතාව අඛණ්ඩව 55 වන දිනටත් ඊයේ (26) මන්නාරම නගර මධ්‍යයේ විරෝතාවල නිරතව සිටියහ.

මන්නාරම දූපතේ සුළං විදුලි බලාගාර සෑදීම ආරම්භ කර ඇත්තේ 2020-2015 අතර කාලයේ දී ය. මේ වනවිට එහි සුළං විදුලි බලාගාර 30ක් ඉදිකර ඇති අතර එවකට ඒ සම්බන්ධයෙන් ජනතා විරෝධයක් මතුවූයේ ද නැත. සුළං විදුලි බලාගාරවලින් පරිසරයට හානියක් සිදුවන බවට ජනතාවගේ පාර්ශවයෙන් චෝදනා එල්ල වූයේ නැත.

නමුත් මේ වනවිට එම බලාගාරවලින්  මන්නාරමේ ජන ජීවිතයට දැඩි බලපෑම් ඇතිවෙමින් පවතින බව එහි පදිංචිකරුවෝ චෝදනා කරති. එහි ඉදිකරරන ලද ටර්බයින් සහ අනෙකුත් සම්බන්ධිත ඉදිකිරීම් හේතුවෙන් මන්නාරම දූපතේ එකතුවන ජලය මුහුදට ගලා යාම සීමා වී ඇති අතර වර්ෂා කාලයේ දී ඇතැම් ප්‍රදේශවල ජලය රැඳී මාස ගණනක් පැවතීම සාමාන්‍ය ජන ජීවිතයට බරපතල තර්ජනයක් වී ඇත. මේ සඳහා විදුලි බලාගාර පවත්වාගෙන යන සමාගම් හෝ රජය හෝ විසඳුම් ලබා දී නැත. එමෙන් ම පානීය ජල මූලාශ්‍ර බොහොමයක් මේ හේතුවෙන් දූෂිත තත්වයට පත්ව ඇති නිසා මන්නාරම දූපතේ අති විශාල පිරිසකට පිරිසිදු පානීය ජලය ලබාගැනීම දුෂ්කර වී තිබේ. මුහුදු මට්ටමට වඩා පහතින් පිහිටි ප්‍රදේශවල ජලය නිසි පරිදි බැස යාමට ටර්බයින් ආශ්‍රිත ඉදිකිරීම් බාධාවක් වන බැවින් ජලය එක්වීම ලෙඩරෝග බොහොමයකට හේතු වී ඇති බව ද ජනතාව පෙන්වා දෙයි.

එමෙන් ම මෙම ටර්බයින්වලින් උත්පාදනය කරන අධික ශබ්දය ඒ අවට පදිංචිකරුවන්ට දැඩි පීඩාකාරී වන අතර ඔවුන්ගේ තවත් චෝදනාවක් වන්නේ මේ ශබ්දය නිසාම මසුන්ගේ පැමිණීම ද අඩු වී ඇති බවයි. මේ නිසා ධීවර කර්මාන්තය බිඳ වැටී ඇති අතර ජලය නිසි පරිදි බැස නොයාම හේතුවෙන් කෘෂිකර්මාන්තයට ද විශාල හානියක් සිදුව ඇත.

මන්නාරම දූපත යනු ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරක පක්ෂීන්ගේ ප්‍රථම සහ වැදගත් ම නවාතැන් ස්ථානයකි. නමුත් විශාල සුළං විදුලි බලාගාර ඉදිකිරීම හේතුවෙන් ඔවුන්ගේ පර්යටනයට දැඩි බාධා එල්ල වී ඇති බැවින් එවැනි සංචාරක පක්ෂීන්ගේ පැමිණීමේ අඩුවක් ඇති බවත් මේ නිසා සංචාරක කර්මාන්තයට බාධාවක් එල්ල වී ඇති බවත් පරිසර වේදීහු චෝදනා කරති.

ශ්‍රී ලංකාවේ බල ශක්ති අර්බුදයෙන් මිදීමේ තවත් එක් පියවරක් ලෙස පසුගිය රජය අදානිගේ සමාගම සමඟ ගිවිසුමකට එළැඹ තිබිණි. ඒ අනුව අදානිගේ සමාගම විසින් මන්නාරම දූපතේ සුළං විදුලි බලාගාර ටර්බයින් 200ක් අදානිගේ සමාගම විසින් ඉදිකිරීමට යෝජිත විය.

මේ වනවිට සුළං විදුලි බලාගාරවලින් සිදුව ඇති හානියේ තරම හොඳින්ම දැන සිටි මන්නාරමේ සිවිල් සංවිධාන සහ පොදු මහජනතාව ඊට එරෙහිව දැඩිි හඬක් නගන්නට වූ අතර එවකට විපක්ෂයේ සිටි වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය පොරොන්දු වූයේ තමන් බලයට පත්වූ පසු මන්නාරමේ ජනතාවට හානිවන ආකාරයේ කිසිම සුළං විදුලි බලාගාරයක් ඉදිනොකරන බවයි. එබැවින් පරිසරයට හානිකරන එම සුළං විදුලි බලාගාර ව්‍යාපෘති නවතා දමන බව ද ඔවුන් පොරොන්දු වූ බව ජනතාව සිහිපත් කරයි.

මේ අතර මන්නාරම් වෙරළ තීරයේ ඛණිජ වැලි කැණීම සදහා ඔස්ට්‍රේලියන් සහ ඉන්දියානු සමාගම්වලට අවසර ලබා දීමේ උත්සාහයනුත් ආරම්භ වී තිබිණි.

ජාතික ජන බලවේගය බලයට පත්වීමත් සමඟ අදානි සමාගම සමඟ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ව්‍යාපෘති අවලංගු කෙරිණි. නමුත් හේලීස් සමාගම සහ තවත් දේශීය සමාගමක් සමඟ සුළං විදුලි බලාගාර 14ක් සවිකිරීමේ කටයුතු දිගටම සිදුවෙමින් පවතින බව වාර්තා වේ.

මන්නාරම සුළං බලාගාර ඉදිකිරීම සම්බන්ධයෙන් වන ගැටලුව වෙනුවෙන් මන්නාරම ආගමික නායකයින් හා සිවිල් සංවිධාන නියෝජිතයින් ජනාධිපති අනුර කුමාර දිසානායක සමග පසුගිය අගෝස්තු 13 වැනිදා සාකච්ජාවක් ද පවත්වා තිබිණි.

එහිදී මන්නාරම සුළං බලාගාර ඉදිකිරීම සම්බන්ධයෙන් නැවත සළකාබලන බවට ජනාධිපතිවරයා පොරොන්දු වුවත්, එම පොරොන්දු ඉටු වී තිබුණේ නැත.

දැනට ක්‍රියාත්මක සැලසුම් මාසයක කාලයකට නවතා ඉදිරියට කුමක් කළ යුතු ද යන්න තීරණය කිරීමට ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත්කර තිබිණි. නමුත් මීට සති දෙකකට පෙර එම කමිටුවේ කාලය ද අවසන් විය. ඒ කාලය අවසන් වූ පසු නැවත ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට ගිය මන්නාරම වැසියන්ට ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරියකු දැනුම් දී ඇත්තේ කමිටුවේ වාර්තාව තවමත් ලැබී නොමැති බවයි. එම වාර්තාව ලැබුණු පසු එම කමිටුවේ නිර්දේශ මත සාකච්ඡා කර තීරණ දැනුම් දෙන බව ද අදාළ නිලධාරියා මන්නාරම ජනතාවට දැනුම් දී තිබිණි.

නමුත් එම වාර්තාවේ සඳහන් වන්නේ කවර නිර්දේශ ද යන්න හෝ සඳහන් නොකර ජනතාව සමඟ ඒ පිළිබඳ කිසිදු සාකච්ඡාවක් නොකර සුළං විදුලි බලාගාර පෙර සැළසුම පරිදිම ඉදිකරන්නට රජය තීරණය කර අදාළ කොටස් මන්නාරමට ගෙන ඒම ආරම්භ කර තිබිණි. ජනතාව ඊයේ (26) සිය විරෝධතාව දැක්වූයේ රජයේ එම ක්‍රියාකලාපයට එරෙහිවය.

ඊයේ වනවිට මන්නාරම ජනතාව විසින් සුළං විදුලි බලාගාරවලට එරෙහිව පවත්වන අඛණ්ඩ උද්ඝෝෂණ 55 වැනි දිනය දක්වාම දික්ගැස්සී තිබිණි.

ත්‍රිකුණාමලය වරායේ සිට මන්නාරම දූපත දක්වා ටර්බයින් කොටස් රැගෙන ආ වාහනවලට ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ලවීම හේතුවෙන් එම වාහන මන්නාරම ප්‍රධාන පාලම අසළ නවතා දැමීමට රියදුරන්ට සිදුව තිබිණි. අදාළ භාණ්ඩ ආරක්ෂා කිරීමට පොලිසිය යොදවා ඇත.

මන්නාරම සිවිල් සංවිධාන එකමුතුවේ සභාපති අරුතන්දෙයි මාර්කස් මෙසේ කීවේය.

“මන්නාරමේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘති ආරම්භ කිරීමෙන් වගේම ඉල්මනයිට් කැණීමට අවසර ලබාදීම තුළින් මෙහි ස්වභාවික පරිසරය සම්පූර්ණයෙන් ම විනාශ වෙනවා. ධීවර කර්මාන්තයටත්, කෘෂි කර්මාන්තයටත් හානි සිදුවනවා. ජල වහන රටාවන් සම්පූර්ණයෙන් ම විනාශ වෙලා ජලය පිරුණු පල් ජලය සහිත විනාශ වෙච්ච දූපතක් බවට මන්නාරම දූපත පත්වෙනවා. මෙය මන්නාරම දිස්ත්‍රික්කයේ ම ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කරන දෙයක්. අපි රජයෙන් ඉල්ලා සිටිනවා මේ ව්‍යාපෘති වහාම නතර කර දමන්න කියලා. දැන් කරන්න යන්නේ දෙවැනි සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය. පළමු ව්‍යාපෘතිය නිසා මන්නාරම ජනතාව දැඩි දුෂ්කරතාවකට පත්වෙලා ඉන්නේ. මේ ආණ්ඩුව බලයට එන්න කලින් කිව්වේ මන්නාරමේ තවදුරටත් සුළං විදුලි බලාගාර ආරම්භ කරන්නේ නෑ කියලා. නමුත් දැන් එයාලා කරන්නේ නෑ කියපු දේ කරනවා. ඒ ගැන අපිට හරිම කළකිරීමක් තියෙනවා.”

මන්නාරම සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු වන ඒ.පී.එෆ්. රෝජන් පවසන්නේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘති කිහිපයක් ම මන්නාරමේ ආරම්භ කිරීමට රජය සැළසුම් කර ඇති බවයි. දැනට ටර්බයින් කොටස් රැගෙනවිත් ඇත්තේ මන්නාරම තාරාපුරම් සිට තාල්පාඩු ද්කවා වරෙළ සීමාවේ බලාගාර හතරක් සෑදීමට බවත් කොන්තෙයිකුඩිඉරිප්පු සහ පේසාලෙයි ප්‍රදේශයේත් තවත් බලාගාර ව්‍යාපෘති සැළසුම් කර ඇති බවත් හෙතෙම පවසයි.

“ශ්‍රී ලංකාවට එන සංචාරක පක්ෂීන්ට මේ සුළං විදුලි බලාගාර නිසා බාධා වෙනවා. දැන් එම පක්ෂීන් මන්නාරමට පැමිණීම අඩු වෙලා. වෙනදා සංචාරක පක්ෂීන් එන කාලේ දී මන්නාරම දූපත විදේශීය සංචාරකයන්ගෙන් පිරෙනවා අද සංචාරක කර්මාන්තයත් බිඳ වැටෙමින් තිබෙන්නේ. මේ විනාශයන් ගැන රජය අවධානය යොමු කරන්නේ නෑ. අපි ඉල්ලා සිටිනවා මන්නාරම දූපතත්, නගරයත් ආරක්ෂා කර දෙන්න කියලා.” හෙතෙම වැඩිදුරටත් කීවේය.

පරිසරවේදීන් පවසන්නේ බහු ජාතික සමාගම් කිහිපයක් මන්නාරම දූපත තුළ ඉල්මනයිට් ඇතුළු ඛනජ සම්පත් කැණීමේ ජාවාරමක් ක්‍රියාත්මක කරන බවයි. මේ නිසා මන්නාරමේ ජනතාවගේ පාරම්පරික ඉඩම් අහිමිවෙමින් පවතින බව ද ඔවුහු පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් ද මන්නාරම තරුණ සංවිධාන සහ සිවිල් සංවිධාන එකමුතුව විරෝධතා පැවැත්වූහ ඔවුන් චෝදනා කරන්නේ මන්නාරම දිස්ත්‍රික්කයේ ඉතාමත් ඉහළ වටිනාකමක් ඇති ඉල්මනයිට් කැණීමට ඕස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක බහුජාතික සමාගමක් පිඹුරුපත් සකස් කරමින් සිටින බවයි. ඒ සඳහා බලපත්‍ර ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බව ද පවසමින් එම සංවිධාන විරෝධතාවක් ද පැවැත්වී ය.

ඛනිජ වැලි කැණීම ආරම්භ කළහොත් ධීවර කර්මාන්තයෙන් ජීවත් වන දිස්ත්‍රික්කයේ ජනතාවට සිය ධීවර කර්මාන්තය කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවන බව ද ඔවුහු පෙන්වා දෙති.

කෙසේ වෙතත් මේ ගැටලුකාරී තත්වය හමුවේ දැන් මන්නාරම උණුසුම් වී තිබේ. මන්නාරම දූපතේ තවදුරටත් සුළං විදුලි බලාගාර ඉදිකිරීමට අවසර නොදෙන බවත්, ඛනිජ වැලි කැණීමට ඉඩ නොදෙන බවත් පවසමින් රාජ්‍ය බලය ලබාගත් ජාතික ජන බලවේග රජය දැන් එදා කළ දේම ඉදිරියටත් කරගෙන යමින් සිටියි. රජය තවමත් මේ ගැන පැහැදිළි කිරීමක් කරන්නේ නැත.

ඡායාරූප – Gnanapragasam Mariyaseelan Seelan

-Advertisement-

අලි අනතුරකින්, කුකුළන් සිය ගණනක් මරුට

0

දඹුල්ල, බකමූණ මාර්ගයේ රිදීඇල්ල වන රක්ෂිතය ආසන්නයේ දී කුකුළන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් වන අලියකුගේ ගැටීම හේතුවෙන් ලොරිය පෙරැළී රියදුරා තුවාල ලබා කකුළන් සිය ගණනක් වැඩි ප්‍රමාණයක් මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

අනතුරට පත් වූ ලොරියේ සහායකයා පොලිසියට පවසා ඇත්තේ එකවරම වනයෙන් එළියට පැමිණි අලියකු මාර්ගය හරහා දිව යාමේ දී රියදුරාට රථය පාලනය කරගත නොහැකිව පෙරැළී ගිය බවයි.

ලොරිය අලියාගේ ගැටී මාර්ගයෙන් ඉවතට පැන ඇත්ද, නැතහොත් අලියා දැක බියට පත් වූ විට රියදුරුට රථය පාලනය කරගත නොහැකි වූවා ද යන්න තවමත් තහවරු වී නැත. තුවාල ලැබූ රියයදුරා දඹුල්ල රෝහලට ඇතුළත් කර සිටියි.

මෙම ලොරියේ ප්‍රවාහනය කරමින් සිට ඇත්තේ මස් සඳහා ඝාතනය කිරීමට නියමිත කුකුළන් තොගයකි. ලොරිය පෙරැළී යාමෙන් ඒ කුකුළන් සිය ගණනක් මියගොස් ඇත.

එම ස්ථානයට පැමිණි වනජීවී නිලධාරීන් කියා සිටියේ අලියාට තුවාල සිදුව ඇත්නම්, ඒ පිළිබඳ සොයා බලා ප්‍රතිකාර ලබා දීමට කටයුතු කරන බවයි.

-Advertisement-

ලොව වේගවත් ම මෝටර් රථයේ වාර්තාව BYD රථයකට

0

ලෝකයේ වේගවත්ම මෝටර් රථය නිපදවීමට ලොව ප්‍රධානත ම විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන BYD සමාගම සමත්ව ඇත. “යැන්ග්වැන් යූ9 එක්ස්ට්‍රීම” ලෙස නම්කර ඇති මෙම මෝටර් රථය පැයට කිලෝ මීටර 496.22ක උපරිම වේගයක් වාර්තා කර ඇත.

චීනයේ BYD සමාගම මෙලෙස බිඳ දමා ඇත්තේ බුගාට් චිරෝන් සුපර් ස්පෝර්ට්ස් 2019 හිමිකරගෙන තිබූ වාර්තාවයි. බුගාට් චිරෝන් මෝටර් රථයට පැයට කිලො ්මීටර 490.5ක උපරිම වේගයකින් ධාවනය වීමේ හැකියාව හැකියාව ඇත. විද්‍යුත් මෝටර් රතයක් මෙම වාර්තාව හිමිකරගත් පළමු අවස්ථාව මෙයයි. මෙවැනි මෝටර් රථයක් චීනයේ දී ඇමෙරිකානු ඩොලර් 233,000ක් හෙවත් රුපියල් කෝටි 07ක පමණ මුදලකට අළෙවි වෙයි.

ලෝකයේ අලුත් වාහන අළෙවියෙන් 50%ක් හිමිකර රගැනීමට විද්‍යුත් මෝටර් රථවලට මේ වනවිට හැකියාව ලැබී ඇති අතර “යැන්ග්වැන් යූ9 එක්ස්ට්‍රීම්” මෝටර් රථය හේතුවෙන් ලොව වේගවත් ම මෝටර් රථයට හිමි වාර්තාව ද මෛ් වනවිට විද්‍යුත් මෝටර් රථවලට හිමිව ඇත.  

-Advertisement-

එකම ආයතනයේ දෙදෙනකු අතර ගැටුමකින් අයෙක් මරුට

0

පහරදීමකිත් තුවාල ලැබූ 65 හැවිරිදි කාන්තාවක් මුල්ලේරියාව රෝහලට ඇතුළත් කළ පසු මියගොස් ඇතැයි වැලිකඩ පොලිසිය පවසයි.

මෙලෙස මියගිය කාන්තාව ආයතනයක පිරිසිදු කරන්නියක ලෙස සේවය කළ තැනැත්තියකි.

එම කාන්තාව පදිංචි අංගොඩ නිවසේ දී ඊයේ (26) සවස ඇය ආයුධයකින් පහරකෑමට ලක්ව ඇති අතර බරපතල තුවාල සහිතව රෝහලගත කර තිබිණි. පොලිසිය සඳහන් කරන්නේ ඇයට පහරදුන් බවට සැකකරන පුද්ගලයා ද ඇය සමඟම එකම ආයතනයේ සේවය කරන අයකු බවයි. මේ වනවිට සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

-Advertisement-