0.5 C
New York
Home Blog Page 43

රිච්මන්ඩ් විවාද කණ්ඩායමට, අධිකරණයෙන් වාරණයක්

0

රිච්මන්ඩ් විද්‍යාලයේ ඉංග්‍රීසි විවාද කණ්ඩායමට ගාල්ලේ පිහිටි දකුණු පළාත් බද මහාධිකරණයෙන් වාරණ නියෝගයක් ඉදිරිපත් පනවා තිබේ.

මෙම නියෝගය පනවා ඇත්තේ, 2007 සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ පනතේ ජාත්‍ය්තර සම්මුති පනතේ (ICCPR) 5(1) ඇ වගන්තිය යටතේ ඉදිරිපත් කරන ලද පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුව ය.

රිච්මන්ඩ් විද්‍යා‍ලයේ ඉංග්‍රීසි විවාද කණ්ඩායම තෝරාගැනීමේ දී මිහින් මන්රුස ඈපා නම් තම පුත්‍රයාට අසාධාරණයක් සිදු වූ බවට ඔහුගේ භාරකරු ලෙස ඈපා අරුණ ශාන්ත විසින් පෙත්සම ඉදිරිපත් කර තිබූ අතර එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, රිච්මන්ඩ් විද්‍යාලයේ වැඩබලන විදුහල්පතිවරයා සහ සහකාර විදුහල්පතිනිය ද නම්කර තිබිණි.

පෙත්සම සළකා බැලූ දකුණු පළාත්බද මහාධිකරණ විනිසුරු, පූර්ණිමා පරණගමගේ විසින් රිච්මන්ඩ් විද්‍යාලයයීය ඉංග්‍රීසි විවාද කණ්ඩායම තෝරාගැනීමේ ක්‍රියාවලිය වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කළාය. රිච්මන්ඩ් විද්‍යාලය මෙම විවාද කණ්ඩායම තෝරාගෙන ඇත්තේ 2025 මාර්තු මස 10 වැනි දා බවත් එමගින් තම දරුවා දැඩි ලෙස මානසික බිඳවැටීමකට ලක්ව ඇති බව පෙත්සම්කාර පාර්ශවය අධිකරණයට දක්වා ඇත.

මෙම කරුණු සළකා බැලූ අධිකරණය එම තෝරාගැනිමේ ප්‍රතිඵල අත්හි‍ටටුවීමට 2025-03-25 දක්වා බලාත්මක වන පරිදි වාරණ නියෝගයක් නිකුත්කර ඇත. එමෙන් ම එම නියෝගය නොතකා හැර හෝ පැහැර හැර හෝ අධිකරණයට අපාහාස කිරීමක් සේ සළකන බව ද  දකුණු පළාත් බද මහධිකරණය ඊයේ (20) නිකුත් කළ සිය නියෝගයේ පැහැදිළිව සඳහන් කර ඇත.  

-Advertisement-

නෙළුව පාරේ අනතුරකින්, කතුන් දෙදෙනකුට දිවි අහිමි වෙයි

0

නෙළුව පැලවත්ත මාර්ගයේ දී ත්‍රී රෝද රථයක් සහ දළු එකතු කිරීමට යමින් සිටි ලොරියක් එකිනෙක ගැටී කාන්තාවන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ත්‍රී රෝද රථයේ ගමන් කරමින් සිටි 55 හැවිරිදි කාන්තාවක් සහ 27 හැවිරිදි කාන්තාවකි. ලොරි රථ්‍ය නෙළුව දෙස සිට පැලවත්ත දෙසට ගමන්කර ඇත. පැලවත්ත දෙස සිට නෙළුව දෙසට ගමන්ගත් ත්‍රිරෝද රථය හතේ කණුව ප්‍රදේශයේදී ලොරි රථයේ මුහුණට මුහුණ ගැටී ඇති බව පොලීසිය කියයි. තුවාල කරුවන් මීගහතැන්න රෝහලට රැගෙන ගොස් ඇති අතර එහි දී ඔවුන් දෙදෙනා මි‍යගොස් ඇතැයි පොලිසිය පවසයි.

තිනියාවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

-Advertisement-

මැතිවරණය මැයි 06 වැනි දා

0

2025 වර්ෂයේ පළාත් පාලන ආයත ඡන්ද විමසීම ලබන මැයි මස 06 වැනි දා පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේය.

අද (20) දහවල් 12.00ට පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා භාර ගැනීමේ කටයුතු අවසන්වීමෙන් පසු මැතිවරණ කොමිෂන් සභාව මෙම නිවේදනය ප්‍රකාශයට පත්කරන ලදී.

-Advertisement-

ලොව කැත ම මාළුවා, වසරේ මාළුවා කළ නවසීලන්තය

0

ලෝකයේ කැතම සත්වය ලෙස හැඳින්වෙන “Blobfish” නමැති මාළු විශේෂය වසරේ මාළුවා ලෙස නම් කිරිමට නවසීලන්තයේ පරිසරවේදීන් කණ්ඩායමක් කටයුතු කර තිබේ.

ඔවුන් මෙය සිදුකර ඇත්තේ නවසීලන්ත ජනතාවගේ මිරිදිය සහ සාගර ජීවීන් පිළිබඳ දැනුම්වත්භාවය වැඩි දියුණු කිරීමේ අරමුණු කරගනිමින් කරනු ලබන වාර්ෂික වැඩසටහක් වෙනුවෙනි.

බ්ලොබ්ෆිෂ් ගැඹුරු සාගර පතුලේ ජීවත් වන අතර ඇටසැකිල්ලක් සහ කොරපොතු වෙනුවට, මෘදු ශරීරයක් සහ දුර්වල සමක් සහිත සත්ත්වයෙකු බව සඳහන් වේ.

ඔවුන්ගේ සිරුරු සෑදී ඇත්තේ ජලයට වඩා අඩු ඝනත්වයක් සහිත පටක වලින් වන අතර එමඟින් මුහුදු පත්ලට ඉහළින් පාවීමට පහසුකරයි.

මුහුදු පතුලේ දී ඔවුන්ගේ ශරීරයේ හැඩය බල්බයක් වැනි මාළුවෙකුගේ හැඩයක් ගත්ත ද ජලයෙන් ඉවතට ගත් විට සම්පූර්ණයෙන්ම වෙනස් වූත් විකෘති පෙනුමක් ගෙන දෙන බව සඳහන් වේ.

අඩියක් හෙවත් අඟල් 12 (සෙ.මී. 30) ක් පමණ විශාලත්වයෙකින් වර්ධනය වන මත්ස්‍යයෙකි. ඔවුන් ප්‍රධාන වශයෙන් ඕස්ට්‍රේලියාවේ වෙරළට ඔබ්බෙන් දක්නට ලැබෙන අතර, අඩි 2,000-4,000 (මීටර් 600-1,200) ගැඹුරක ජීවත් වේ.

බ්ලොබ්ෆිෂ් මොලුස්කාවන්ට අමතරව, කකුළුවන් සහ පොකිරිස්සන් වැනි කස්ටේෂියන් මෙන්ම මුහුදු ඉකිරියන් ද ආහාරයට ගන්නා බව පර්යේෂකයෝ කියති.

“Blobfish” මත්ස්‍යයා සිය ගොඳුර එන තුරු ඉතාව ඉවසිලිවන්තව මුඛය විවෘත්ත කරගෙන නිසොල්මන්ව බලා සිටියි.

මෙම විශේෂයට අවුරුදු 130ක් දක්වා ජීවත් විය හැකි බව විශ්වාස කරන අතර සෙමින් වර්ධනය වන බවත් සෙමින් චලනය වන බවත් පර්යේක්ෂකයින්ගේ මතයයි. ගැහැණු සතුන් තනි කූඩුවක බිත්තර 100,000ක් දක්වා දමන අතර, ඔවුන් පැටවුන් බිහි වන තෙක් ඒවා ආරක්ෂා කරයි.

දශකයකට පෙර නවසීලන්ත පර්යේෂණ නෞකාවක කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මෙම වර්ගයේ මත්ස්‍යයකු මුල් වරට ඡායාරූපයට නැගීමෙන් “Blobfish”  වර්ගයේ මසුන් පිළිබඳ මුල්වරට ලෝකයට අනාවරණ්‍ය කර ඇත. එතැන් පටන් ලෝකයේ අවසලස්සන ම මාළුවා යනුවෙන් අන්වර්ථ නාමය ලැබූ “Blobfish” දැන් ලොව මසුන් ගැන අවබෝධය ලබා දීමේ සටනට පිවිස තිබේ.

-Advertisement-

දේශබන්දු අප්‍රේල් 03 දක්වා රිමාන්ඩ්

0

අනිවාර්ය නිවාඩු ලබා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් අද (20) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන අප්‍රේල් 03 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන්න යැයි නියෝග කර තිබේ.

2023 වර්ෂයේ දී මාතර දිස්ත්‍රික්කයේ වැලිගම පැලෑනේ දී ඩබ්ලිව් 15 හෝටලයේ ඇති වූ වෙඩි තැබීමේ සිද්ධියකට අදාළ අත්අඩංගුවට ගැනීමේ සිද්ධියකට අදාළව වරෙන්තු ලබා සිටිය දී දින 20ක කාලයක් අධිකරණය මඟහරිමින් සිට ඊයේ (19) අධිකරණයට පැමිණ මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයට භාර වූ දේශබන්දු තෙන්නකෝන් අද දක්වා රිමාන්ඩ් කෙරිණි.

-Advertisement-

සිගරට් බද්ධ ගන්න විදියට වැරදියි – ආචාර්ය හර්ෂ කියයි

0

අපේ රටේ සිගරට් අළෙවි කිරීමේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුගමනය නොකර අඩු බද්ධක් අදය කරනවා යැයි ආචාර්ය හර්ෂ ද සිල්වා අද (20) පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය වන්නේ එක් සිගරැට්ටුවක් සඳහා අයවිය යුතු බද්ධ 75%ක් වුවත් ශ්‍රී ලංකාවේ දී ඊට වඩා අඩු මුදලක් අය කරන බව ඔහුගේ තර්කය වී තිබේ. මේ හේතුවෙන් දුම්කොළ සහ සිගරැට් නිෂ්පාදන සමාගම් අධික ලාභයක් ලබන බව ඔහුගේ අදහස වී තිබේ.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් ආචාර්ය හර්ෂ ද සිල්වා පවසා සිටියේ ඉතා කඩිනමින් සිගරට් බද්ද සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී තීරණයක් ගත යුතු බවයි.

ඔහු මෙසේ ද කීවේය.

මෙම බද්ද වසර කිහිපයක් තිස්සේ පහළට වැටෙමින් තියෙනවා. ආණ්ඩුවට ලැබෙන ආදායමට වඩා එන්න එන්න ආදායම අඩු වෙමින් තිබෙන්නේ. මේක හරියට විශ්ලේෂණය නොකර ගත් තීරණ නිසා ආයතනයට ලැබෙන ලාභය අති විශාලයි ආණ්ඩුවට ලැබෙන ලාභයට වඩා. ඉතින් ඒ නිසා මම යෝජනා කරනවා සම්පූර්ණයෙන්ම අලුතින් හිතන්න සිගරට්වලට ගහන බද්ද සම්බන්ධයෙන්. ඒකට අපි මෙතෙන සාකච්ඡා කළා. ආණ්ඩුව පෙන්වා දුන්නා උද්ධමනයට තවත් 4%ක් එකතු කරලා තමයි කියලා මේ බද්ද ගහන්නේ. හැබැයි ඒ පැත්තෙන් බැලුවහම අපි පෙන්වා දුන්නා ගිය වසරේ බැලුවහම උද්ධමනය 1.9 නෙමෙයි 1.2යි. එහෙම නම් ඔය බද්ද වැදෙන්න ඕනේ 5.2කට. නමුත් ඔක්කෝටම එක බද්ද ගහනකොට නිරායාසයෙන්ම මෙතෙන විෂමතාවයක් නිර්මාණය වෙනවා. මේ තුළ අලුත් සිගරට් ඉදිරිපත් කරලා ඒවට කට්ටිය අල්ල ගන්නවා. තර්කය තමා එහෙම නැති වුණොත් බීඩි බොන්න ඒ අය උනන්දු වෙනවා කියලා. ඒ නිසා මම යෝජනා කරනවා මුදල් කමිටුව විදියට මම මේක සම්මත කළේ, අයවැය පාස් කරගන්න තියෙන අවශ්‍යතාවය නිසා. නැතුව වෙන දෙයක් නිසා නෙමෙයි. ඒ නිසා අපිත් සහභාගි වෙන්නම් අලුතින්ම සිගරට් බද්ද පැනවීම ගැන අපි තීරණයක් ගත යුතුයි.”

-Advertisement-

වාහන ගෙන්වන්න අලුත් ගැසට්ටුවක් එයි

0

මෙරටට ආනයනය කරනු ලබන සියලු වාහන සඳහා බියු‍රෝ වෙරටාස් පරීක්ෂණ සහිතකවලට අවසර දීම ඇතුළුව බහුවිධ ආනයන හා අපනයන රෙගුලාසි සංශෝධන සහිත අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇතැයි වාර්තා වේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ ඊයේ (19) දිනයේ දී ය.

-Advertisement-

බියර් කන්ටේනරයක් පෙරැළී, රත්නපුර කොළඹ පාර අවහිර වෙයි

0

බිියර් තොගයක් රැගෙන ධාවනය වෙමින් තිබූ කන්ටෙනර් රථයක් ඇහැළියගොඩ මින්නානන ප්‍රදේශයේ දී පෙරැළීයාමෙන් කොළඹ රත්නපුර ප්‍රධන මාර්ගය සම්පූර්ණයෙන් ම අවහිර වී ඇතැයි පොලිසිය පවසයි.

මේ වනවිට එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් හටකෙන ඇත.

-Advertisement-

පොලිස්පති දේශබන්දු රිමාන්ඩ්

0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (20) දක්වා රිමාන්ඩ් කරන්න යැයි මාතර මහේස්ත්‍රාත් අද (19) නියෝග කළේය.

2023 වසරේ දී මාතර දිස්ත්‍රික්කයේ වැලිගම පොලිස් බල ප්‍රදේශ‍යේ ඩබ්ලිව් 15 නමැති හෝටල් පරිශ්‍රයක සිදු වූ වෙඩි තැබීමකට අදාළ සිද්ධියකට වරෙන්තු ලබා සිටි පොලිස්පතිවරයා ඒ වනවිටත් අනිවාර්ය නිවාඩු ලබා සිටියේ ය.ඔහු අද (19) උදෑසන සිය නීතිඥවරු සමඟ පැමිණ අධිකරණයට භාර වූයේ ය.

-Advertisement-

වසර 104කට පසු, ගාල්ලෙන් මතු වූ අමුතු හත්ත, “ජාත්‍යන්තරයට” යයි

0

“සජීව අමුතු හත්තක් හැදිලා, පොඩ්ඩක් ඇවිත් බලන්නකෝ.” මිදුල අතුගාමින් සිිිටි සිරංගිකාගෙන් ලැබුණු ඇමතුම ගැන ම‍ගේ වැඩි උනන්දුවක් නැත. තුරු වදුලකින් වට වී දිය සීරාවෙන් සහ තෙතමනයෙන් යුතු අපේ නිවස වටා ඇති ගස් වැල් සහ වරින් වර හටගන්නා හතු වර්ග අරුමයක් නොවේ.

නමුත් ඇය නැවත නැවතතත් එක ම දේ කියා හඬ ගසන්නේ එය සැබැවින් ම ඇය කිසිදා දැක නැති පුදුමය දනවන දෙයක් නිසා විය යුතු බැවින් කරමින් සිටි වැඩය අවසන් කළ මම එදෙසට පිය මැන්නේ නොරුස්නා ස්වරූපයෙනි. එහෙත් ඒ ගමන ජාත්‍යන්තර වශයෙන් පිළිගත් පර්යේෂණයකට හේතුවේ යැයි මා කිසිදා සිතුවේ නැත. .

පුදුමයකි. ගෙවත්තේ පාර පාර පැත්තට වෙන්නට ඇති ගලක් පලාගෙන එලියට ඇදී ඇති පුරුෂ ලිංගයක් වැනි රතු පැහැති හත්තකි. වෘෂණ කේෂ දෙකක් වැනි කොටසක්, සහිතව එය අපූරු ආක‍ර්ශණීය පෙනුමක් සහිතව දක්නට ලබෙයි. ඒ මෙ‍ාහොතේ ම ඡායාරූප රැසක් ලබාගත් මම ලෝකයේ දිලීර වර්ග පිළිබද සූඡිකරණ දැක්වෙන Online site කිහිපයකට ඒ රූප උඩුගත කළ සමාන ඡායාරූප සොයා බැලුවෙමි. එකම වෙබ් අඩවියකින් හෝ ඊට සමාන ඡායාරූප ලබුණේ නැත. පේරාදෙණිය උද්භිද උද්‍යානයේ හිටපු අධ්‍යක්ෂ මහාචාර්ය සිරිිල් විජේසුන්දරට කතා කර ඡායාරූප යැව්වෙමි.

“සජීව මේ වගේ එකක් නම් දැකලා නෑ. දීප්ති යකන්දාවල මහත්මියට යවන්න. ඔහුගේ උපදෙස විය.”

“භාතිය මල්ලිට යවන්න සජීව” බිරිඳගේ උපදෙස අනුව භාතිය ගොපල්ලවට යැව්වෙමි.

“අයියේ නිව් ස්පීසීස් වගේ” භාතිය ටික වේලාවකින් කීවේය.

මෙහෙයුම දියත් විය. භාතිය ගොපල්ලව පේරොදෙණියේ සිට මේ හත්තේ ඡායාරූ හතර වටේ සොයද්දී මම ගාල්ලේ හපුගල මගේ නිවසේ සිට ලෝක‍ය පුරා මට හැකි පමණින් සොයා බලන්නට විය. බිරිඳ සිරංගිකාගෙන් ද අපූරු සහයෝගයකි. උපන්තේකට නොදුටු හත්තක්. මිදුලේ ගලක් පල්ලෙන් හදිසියේ ම මතු වී කරපු හදියක් අපේ සියලු වැඩ පාඩුකර තිබුණේ ඒ ආකාරයෙනි. නමුත් සොබා දහමේ අපූරු අමුතු දෑ සොයා යන්නට අප සියලු දෙනා ප්‍රගුණ කර තිබූ බැවින් මෙවැනි දෑ අපට අරුමයක් වූයේ නැත.

පැය ගණනක වෙහෙසකින් පසු අප සොයන හත්ත හා සමාන පෙනුමකින් යුතු හත්තක චිත්‍ර සටහනක් සොයාගත හැකිවිය. ඒ මැලේසියාවෙනි.

1854 වර්ෂයේ එක දිගට මහා වැසි පතිත වන අවස්ථාවක මැලේෂියාවේ උණබට වැවෙන ස්ථානයක් ආශ්‍රිතව මෙවැනි හතු රැසක් දක්නට ලැබුණු බවත් දින ගණනක් පැවැත් වැස්ස කාලයේ දී අධික දුර්ඝන්ධයක් හමන පුරුෂ ලිංගයක් වැනි හත්තක් පිපුණු බවත් එම වාර්තාවේ කියා තිබිණි. නමුත් එම හතු පිළිබඳ උද්භිද විද්‍යාත්මක වාර්තාකරණයක් සිදු කර නොති බූ බවත් දක්වා ඇත. ඉන් පසු නැවත 1892 දී එම ස්ථානයේ ම මහ වැසි පතිත වූ කාලයක දී එම හතු විශේෂය දක්නට ලැබුණු බවත් එවර ඒ පිළිබඳ පර්යේෂණ කළ උද්භිද විද්‍යාඥයෝ එම හත්ත මුටිනාස් බුම්බුසිමාස් ලෙස නම්කර ඇති බවත් එහි පසුව සටහ් කර ඇත. එහි ඇත්තේ ද චිත්‍රයකි. ඡායාරූප කිසිවක් නැ. පසුව මෙම හතු වශේෂය මැඩගස්කර දූපත්වලින් වාර්තා වී ඇති බව ද එම වාර්තාවේ ම සටහන් කර තිබිණි. නමුත් ලංකාවෙන් වාර්තා වී තිබූ බවක් සොයාගත නොහැකි විය. දැන් හත්තට විද්‍යාත්මක නමක් සොයාගත හැකිවිය.

මා මිදුලට ගොස් හත්තේ ගඳ  සුවඳ සොයන්නට උත්සාහ ගන්නා විට ම දුටුවේ නිල මැස්සෙකු එහි ශිෂ්ණ මුණ්ඩය මෙන් පෙනෙන කොටසේ වසා සිට ඉගිල ගිය බවයි. සැබෑවකි දැඩි දුර්ගන්ධයක් ඉන් වහනය වෙයි. ගඳ ගහන හත්තකි.

“භාතිය, හත්ත ගැන  තොරතුරු ටිකක් හොයාගත්තා. මැලේසියාවෙන් සහ මැඩගස්කර් වලින් හමුවෙලා තියෙනවා. ලංකාවේ රෙකෝඩ් එකක් නෑ. ගඳයි. නිල මැස්සෝ එනවා. දැන් බලනකොට එතන තියෙන ගස් යට පිපෙන්න තියෙ හතු ගොඩක් හැදීගෙන එනවා. මේ දවස්වල අපේ ගෙවල් පැත්තට දිගටම වහිනවා. මතක ඇති කාලෙක මේ වගේ වැස්සේ නෑ, හත්තේ හිස්ට්‍රි එක අනුව නම් දිගට වහින කොට තමයි පිපෙනවා කියන්නේ.” මම කීවෙමි.

“හරි, මම යකන්දාවල මැඩම්ට කතා කරලා මොනවද කරන්නේ කියලා කියන්නම් අයියේ”

මෙම හත්ත මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා නොවූ හතු විශේෂයක් යැයි සිතා අපි පර්යේෂණ කටයුතු ආරම්භ කළ ද මූලික සොයා බැලීම්වල දී අනාවරණය වූයේ 1919 වර්ෂයේ දී පේරාදෙණිය උද්භිද උද්‍යානයේ උණ ගස් වැවී තිබූ ස්ථානයක මෙම හතු විශේෂය දක්නට ලැබී ඇති බවයි. එ් අනුව මෙය මීට පෙර ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇත. එසේ නමුත් ශ්‍රී ලංකාවේ පේරාදෙණිය උද්භිද උද්‍යානයෙන් හැර වෙනත් ස්ථානයකින් විද්‍යාත්මක ලෙස වාර්තා කරන ද පළමු අවස්ථාව වන්නේ ගාල්ලේ හපුගල මාධ්‍යවේදීන් ජීවත්වන නිවසකින් මෙම හතු විශේෂය වාර්තා වීමයි.

මේ සම්බන්ධ පර්යේෂණ පත්‍රිකාව ජාත්‍යන්තර Ceylon Journal of science සඟරාවේ මාර්තු කලාපයේ ප්‍රකාශයට පත්කර ඇත. භාතිය ‍ගොපල්ලව, දීප්ති යකන්දාවල, සජීව විජේවීර,  ජී.කේ.අයි.එස්.මාදොළ, එන්.කේ.බී.අධිකාරම් යන පිරිස  මෙම පර්යේෂණය සිදුකර ඇත.

මුටිනාස් බුම්බුසිමාස් නමැති හතු විශේෂය උණ ගස් සහිත පරිසරයේ හමුවන බව පැවසුව ද ගාල්ලේ හපුගල හතු වාර්තා වී ඇති ස්ථානයේ දශක 05ක මෑත ඉතිහාසයේ කිසිම දිනයක උණගස් තිබී නැත. එම ස්ථානයේ කොස් ගස් ඇති අතර, ලේන තැරි වර්ගයේ දේශීය පුවක් ගස් කිහිපයක්, සාදික්කා ගසක්, ස්වභාවිකව නොවන ගෙනවිත් දැමූ ගල් කැබලි කිහිපයක්, දිරා යන දර කොටන් කිහිපයක්, විසිතුරු මල් බදුන් කිහිපයක් දක්නට ලැබෙයි. එමෙන් ම එහි ඇත්තේ වර්ග අඩි 10කටත් අඩු කුඩා තුරු වදුලක් පමණි. නමුත් ඉතා තද සෙවණක් සහිතය. එක දිගට දින කිහිපයක් වැස්ස පවතින විට කුඩා බෝල මෙන් හතු මතු වී එය පැලී හත්ත දිග හැරී දැඩි දුර්ගන්ධයක් නිකුත් කර පර වී යයි හතතේ දුර්න්ධයට පැමිණෙන නිල මැස්සන් එම හත්ත ප්‍රචාරණය කරන බව විද්‍යාඥයෝ කියති.

පර්යේෂකයන් පවසන්නේ ශ්‍රී ලංකාවේ දිලීර වර්ග 25,000ක් පමණ පවතින බවයි. නමුත් ඉන් 2,500්ක් වත් මෙතෙක් හඳුනාගෙන නැත. ඒ සම්බන්ධයෙන් විධිමත් පර්යේෂණ සිදුකර නැත. මේ නිසා මෙරට හඳුනානොගත් දිලීර වර්ගවලට වඩා හ‍ඳුනා නොගත් දිලීර වර්ග  10 ගුණයක් පමණත තිබේ. මේ හතු වර්ගය ද සොයාගෙන ඇත්තේ ඒ පිළිබඳ හදිසියේ ම ඇති වූ උනන්දුව හේතුවෙනි.

-Advertisement-