0.8 C
New York
Home Blog Page 42

අධිවේගයේ දී, වාහන හතරක් ගැටේ

0

මාතර දෙස සිට කොළඹ දෙසට අධිවේගී මාර්ගය ඔස්සේ ධාවනය වෙමින් තිබූ ලොරි රථ දෙකක්, වෑන් රථයක් සහ කාරයක් අද (01) අලුයම එකිනෙක ගැටීමෙන් විදේශිකයන් දෙදෙනකු ඇතුළු සිව් දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

මෙම අනතුර සිදුව ඇත්තේ දොඩංගොඩ සහ ගැලනිගම අතර කිලෝ මීටර 26.5 ආසන්නයේ දී ය.

අනතුර හේතුවෙන් අද උදෑසන කොළඹ දෙසට ධාවනය වන වාහන තදබදයක් ද පැවැතිණි.

ඡායාරූප – Accident1st

-Advertisement-

දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්

0

රඹුක්කන සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක් වල්පොළ ප්‍රදේශයේ දී අද (01) උදෑසන කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

කාර්මික දෝෂයට ලක් වූ දුම්රිය මේ වනවිට රාගම දුම්රිය ස්ථානය වෙත රැගෙනවිත් තිබේ.

-Advertisement-

ඉන්දියාවේ සංවර්ධනය හමුවේ අපි

0

ශ්‍රී ලංකාවේ ඉන්දියා මහකොමසාරිස් කාර්යාලයේ සහ හේලීස් ඇඩ්වැන්ටිස් ආයතනයේ සහය ඇතිව වෙරිටේ රිසර්ච් සංවිධානය කරන ලද කලාපීය සම්මන්ත්‍රණයක් කොළඹ දී, පැවැත්විණ.

‘Riding the Indian Wave: World’s 5th Largest Economy on Sri Lanka’s Shores’ මැයෙන් නම් කර තිබූ මෙම සම්මන්ත්‍රණයේ දී, ලෝකයේ පස්වන විශාලතම සහ වේගයෙන්ම සංවර්ධනය වන ආර්ථිකය වන ඉන්දියාවට සමීපව පිහිටා තිබීම ශ්‍රී ලංකාවට උපායමාර්ගිකව වැදගත් වන අකාරයත් ඉන් ප්‍රතිලාභ ලබාගත හැකි ආකාරයත් විමසා බැලිණ.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ගැඹුරු ආර්ථික සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ප්‍රතිපත්ති සම්පාදකයින්, ක්‍ෂෙත්‍රයේ  ප්‍රවීණයන් සහ ආර්ථික විද්‍යාඥයින් රැසකගෙන් සමන්විත කීර්තිමත් කණ්ඩායමක් මෙම සම්මන්ත්‍රණයට සහභාගී විය.

අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර යන මහත්වරු වෙළඳාම, නිෂ්පාදන, සංචාරක සහ බලශක්ති සම්බන්ධතා වැනි ක්‍ෂෙත්‍රයන්හි  ද්විපාර්ශ්වික සහයෝගීතාව සඳහා පවතින අති මහත් අවස්ථාවන් පෙන්වා දුන්හ.

ඉදිරියේ සිදුවීමට නියමිත ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව මෙම සම්මන්ත්‍රණය පැවැත්වීම දෙරට අතර සංවාදය වඩාත් ශක්තිමත් කරන කාලෝචිත වේදිකාවක් නිර්මාණය කළේ ය.

ඉන්දියාවේ වර්ධනය වන ගෝලීය සහ ආර්ථික බලපෑම ශ්‍රී ලංකාවේ අභිවෘද්ධියට උපයෝගී කරගත හැකි ආකාරය මෙම සම්මන්ත්‍රණයේ දී, වැඩිදුරටත් විමසා බැලිණ.

-Advertisement-

ලාෆ් ගෑස් මිල ඉහළ දමයි

0

ලාෆ් සමාගම ගෘහස්ථ ගෑස් කිලෝ ග්‍රෑම් 12.5 සිලින්ඩරයක් රුපියල් 420.00 කින් වැඩි කිරීමට කටයුතු කර ඇත.

ඒ අනුව අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ් සමාගම විසින් අළෙවි කරනු ලබන ගෘහස්ථ ගෑස් කිලෝ 12.5ක සිලින්ඩරයක් රුපියල් 4,100.00ක් වන අතර කිලෝ ග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක් රුපියල් 168.00කින් වැඩි කර ඇති බැවින් එහ නව මිල රුපියල් 1,645.00ක් වෙයි.

-Advertisement-

පෙට්‍රල් මිල අඩු කරයි

0

ඔක්ටේන් 92 සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මිල ලීටරයක් රුපියල් 10.00 බැගින් අඩු කිරීමට කටයුතු කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ඒ අනුව අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 වර්ග්‍රයේ පෙට්‍රලයක මිල රුපියල් 299.00ක් වන අතර ඔක්ටේන් 95 ‍වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 361.00ක් වනු ඇත.

අනිකුත් ඉන්ධනවර්ගවල මිල සංශෝධනය කර නැත. එබැවින් ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 286.00ක් වන අතර ලංකා සුපිරි ඩීසල් ලිටරයක මිල රුපියල් 331.00ක් ලෙස පවතී. භූමිතෙල් ලීටරයක මිල පවතින්නේ රුපියල් 183.00ක් ලෙසිනි.

-Advertisement-

දුම්රියෙන් ආණ්ඩුවට, අනතුරු ඇඟවීමක්

0

කොළඹ කොට්ඨාසයේ උප දුම්රිය ස්ථානයන්හි සහන සේවයේ නිරත වී සිටින සියලු ම දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට එම සේවයෙන් ඉවත්ව බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය තීරණය කර තිබේ.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ගැටලු කඩිනමින් විසඳීමට රජය පියවර නොගැනීම සහ පුරප්පාඩු පිරවීම සඳහා නවකයන් බඳවා නොගැනීම යන කරුණුවලට විරෝධය දක්වමින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව එම සංගමය පවසයි.

-Advertisement-

ක්‍රිකට් සභාපති ධූරය යළි ෂම්මිට

0

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස නැවත වතාවක් ෂම්මි සිල්වා අද (31) පැවැති නිලවරණයෙන් තේරීපත්විය.

ඔහු එම ධූරයට මේ වනවිට අඛණ්ඩව සිව් වතාවක් පත්ව සිටියි. එම නිලකාලය 2025-2027 දක්වා බල පැවැත්වෙයි.

-Advertisement-

බ්‍රිතාන්‍යය මෙරටට සම්බාධඛ දැමීම සාධාරණ නෑ

0

මෙරට පුද්ගලය් මානව හිමිකම් උල්ළංඝනය කර ඇතැයි ඇතැම් රටවල් විසින් විටින් විට ඒකපාර්ශවිකව සම්බාධක පියවර ගැනීමෙන් එය ශ්‍රී ලංකාවේ ඒක පාර්ශ්වික දේශීය සංහිඳියා ක්‍රියාදාමයට කිසිදු සහනයක් නොදක්වන අතර තත්වය තවදුරටත් ව්‍යාකූළ කිරීමටඉවහල්වන බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංංශය අවධාරණය කරයි.

වගවීම සහ සංහිඳියාව පිළිබඳ දේශීය යාන්ත්‍රණ ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියේ රජය නිරතවී සිටින අතර අතීතයේදී සිදුවූ යම් මානව හිමිකම් උල්ලංඝණය කිරීම් ඇතහොත් ඒවා පිළිබඳ දේශීය වගවීම් යාන්ත්‍රණය හරහා කටයුතු කරන බව විදේශ අමාත්‍ය විජිත හේරත් පවසයි.

එක්සත් රාජධානිය විසින් මෙරට හිටපු හමුදා ප්‍රධානීන් තිදෙනෙකු ඇතුළු සිව්දෙනෙකුට සම්බාධක පැනවීම සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් ඇන්ඩෘෘ පැට්‍රික් වෙත අද (26) දිනයේදී දැනුම්දෙමින් විදේශ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ මේ ආකාරයෙනි.

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා අපයෝජන සම්බන්ධ එක්සත් රාජධානි සම්බාධක” යනුවෙන්, 2025 මාර්තු 24 වැනි දින එක්සත් රාජධානියේ විදේශ, පොදුරාජ්‍ය මණ්ඩල හා සංවර්ධන කාර්යාලය විසින් නිකුත් කරන ලද පුවත්පත් නිවේදනය කෙරෙහි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ. එම පුවත්පත් නිවේදනයේ සඳහන් වී ඇති ආකාරයට, එක්සත් රාජධානියේ රජය පුද්ගලයන් සිවු දෙනකුට සම්බාධක පනවා ඇති අතර ඉන් තිදෙනෙක් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවල හිටපු ප්‍රධානීහූ වෙති.”

“‘වගකිවයුත්තන් දඬුවම් නොලබා සිටීමෙන් වැළැක්වීම සහතික කරන්නේ යැයි මැතිවරණ ව්‍යාපාරය අතරතුර දෙනු ලැබූ පොරොන්දුවක්සම්බන්ධයෙන්ද එම පුවත්පත් නිවේදනයේ සඳහනක් වෙයි.”

අදාළ පුද්ගලයන් සතුව එරට ඇති වත්කම් අත්හිටුවීම සහ ඔවුන්ට එරටට ඇතුළුවීම තහනම් කිරීම ඇතුළත් මෙම සම්බාධක එක්සත් රාජධානියේ රජය විසින් ගන්නා ලද ඒකපාර්ශ්වික පියවරක් බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය අවධාරණය කරයි.

-Advertisement-

නාම යෝජනා 400කට වඩා ප්‍රතික්ෂේපයි

0

පළාත් පාලන මැතිවරණය සඳහා භාරදුන් නාම යෝජනා 400කට වැඩි ප්‍රමාණයක් ප්‍රතික්ෂේප වී ඇතැයි ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

2025 පළාත් පාලන මැතිවරණය සඳහා දිස්ත්‍රික්ක 25 පළාත් පාලන ආයතන 336ක් සඳහා නාම යෝජනා කැඳවූ අතර  කණ්ඩායම් 2,900ක් පඹණ තරඟ වැදීමට නාම යෝජනා භාර දී තිබිණි. ඉන් ආසන්න වශයෙන් දේශපාලන පක්ෂ නියේජනය කරන කණ්ඩායම් 2,260ක් සිටින බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.

කෙසේ වෙතත් අවශ්‍ය නිර්ණායක සම්පූරණ කිරීමට අපොහොසත් වීම හේතුවෙන් නාම යෝජනා 425කට ආසන්න ප්‍රමාණයක් ප්‍රතික්ෂේප වී ඇත.

-Advertisement-

අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි

0

2025  වර්ෂය සඳහා වූ අයවැය සංශෝධන සහිතව වැඩි ඡන්ද 114කින් අද (21) පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

අයවැයටට පක්ෂව ඡන්ද 159ක් හිමි වූ අතර විරුද්ධව ඡන්ද 45ක් ලැබිණි.

අද දිනයේ මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යශයේ වැය ශීර්ෂ විවාදයට ගනු ලැබීය.

එහිදී උදෑසන 10.00ට මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට ගත් අතර එම විවාදයට සවස 6.00ට අවසන් වීමෙන් පසු අයවැය තුන්වැනිවර කියවීමෙන් පසු ඡන්ද විමසීම ආරම්භ කෙරිණි.

අයවැය දෙවැනි වර කියවීම ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පෙබරවාරි 17 වැනි දින සිදුකළ අතර ඉන් පසු පෙබරවාරි 25 වැනි දින දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්විණි.

එහිදි අය වැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 109කින් සම්මත වූ අතර අයවැයට පක්ෂව ඡන්ද 155ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 46 පමණි.

-Advertisement-