0.8 C
New York
Home Blog Page 41

මර්වින් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

0

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අප්‍රේල් 09 දක්වා යළි රිමාන්ඩ් කරන්න යැයි මහර මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.

ව්‍යාජ ඔස්පු සකස් කර රජයේ ඉඩමක් විකිණීමේ සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගියදා මර්වින් සිල්වා සහ තවත් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි.

මේ වනවිට සැඟවී සිටින ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනෙකුගේ දේපොළ රාජසන්තක කරන ලෙසට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇති අතර, එය සලකා බැලීම අප්‍රේල් මස 9 වනදා සිදුකිරීමට නියමිතය.

-Advertisement-

ආදරවන්තයෝ ගාල්ලේ දී මහ සටනේ

0

“ආදරවනත්යන්ගේ සටන” ලෙස විරුදාවලිය ලැබූ මහින්ද රිච්මන්ඩ් වාර්ෂික මහා ක්‍රිකට් තරඟය අද (03) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වෙයි.

120 වැනි වතාවට පැවැත්වෙන මෙම තරඟය මෙවර පළමු වතාවට දින තුනක තරඟයක් ලෙස අද සිට 05 වැනි දා දක්වා පැවැත්වීම විශේෂත්වයකි.  මෙම තරඟයට සමගාමීව විද්‍යාල දෙක අතර සීමිත පන්දුවාර ක්‍රිකට් තරඟයක් ද ආදි සිසුන් අතර ක්‍රිකට් තරඟයක්, රථ පෙළපාලි, සුහඳ විවාද තරඟ ආදී පැවැත්වීම ද සිදුවන බැවින් “ආදරවන්තයන්ගේ සටන” පැවැත්වෙන දින කිහිපය ම ගාල්ල සැණකෙළි ස්වරූපයක් උසුළයි.

මෙම මහා ක්‍රිකට් තරඟයා 1905 වර්ෂයේ දී ආරම්භ වී ඇති අතර පළමුව එක් දිනක් තුළ ක්‍රීඩා කර ඇතත් පසුව එය දෙදින තරඟයක් ලෙස වෙනස් වී මෙම වර්ෂයේ සිට තුන්දින තරඟයක් ලෙස පැවැත්වීමට පාසල් දෙකම එකඟවී තිබේ. ලෝක යුද්ධය පැවැති කාලයේ දී සහ කොරෝනා වසංගතය හේතුවෙන් අවස්ථා කිහිපයක් මෙම වාර්ෂිකම හා ක්‍රිකට් තරඟය පවත්වා නැත. එම තරඟ අතරින් තරඟ 23ක් මහින්ද විද්‍යාලයීය කණ්ඩායම විසින් ජයග්‍රහණය කර ඇති අතර රිච්මන්ඩ් විද්‍යාලය ජයග්‍රහණය කර ඇති තරඟ සංඛ්‍යාව 24කි.

මහින්ද කණ්ඩායමක් අවසන් වරට මෙම තරඟය ජයග්‍රහණය කර ඇත්තේ 2008 වර්ෂයේ දී වන අතර රිච්මන්ඩ් කණ්ඩායමක් අවසන් වරට ජයග්‍රහණය කර ඇත්තේ 2019 වර්ෂයේ දී ය.

මෙම මහා තරඟ ඉතිහාසයේ කණ්ඩායමක් වාර්තා කළ වැඩිම ලකුණු වාර්තාවට හිමිකම් කියන්නේ 1972 දී මහින්ද විද්‍යාලයීය කණ්ඩායමයි. ඔවුන් එදා කඩුලු 09ක් දැවී ලකුණු 379ක් රැස්කරගෙන තිබිණි. 1939 දී මහින්ද විද්‍යාලයේ සිරිසේන හෙට්ටිගේ ලකුණු 155ක් ලබා පිහිට වූ තනි ක්‍රීඩකයකුගේ වැඩිම ලකුණු වාර්තාව 1972 දී රිච්මන්ඩ් විද්‍යාලයේ ප්‍රසාද් කාරියවසම් ලකුණු 156ක් ලබා බිඳ හෙළුව ද එම තරඟයේ දී ම මහින්දයේ පී.එච්.කේ.එච්.රණසිංහ ලකුණු 162ක් ලබා වැඩිම ලකුණු වාර්තාව යළි මහින්දය සතුකර ගත්තේය. අදටත් එම වාර්තාව නොබිඳී පවතී.

1953 තරඟයේ දී මහින්ද විද්‍යාලයේ එස්.අඹවත්ත ලකුණු 44කට කඩුළු 10ක් ලබා පිහිටුවා ඇති වාර්තාව ‍ආදරවන්තයන්ගේ සටනේ තවමත් හොඳම පන්දු යැවීමේ වාර්තාවයි.

මෙවර පාසල් ක්‍රිකට් තරඟාවලියේ දී තරඟ 13 කට සහභාගී වු රිච්මන්ඩ් විද්‍යාලයීය කණ්ඩායම එහි දී  පුර්ණ තරඟ ජයග්‍රහණ දෙකක් ලබා ගෙන ඇත. ඔවුන් හමුවේ මාතර ශාන්ත තෝමස් විද්‍යාලයට හා  කුරූණෑගල මලියදේව විද්‍යාල පරාජයට පත්ව ඇත.

අන්තර් පාසල් තරඟාවලියේ තරඟ 13කට සහභාගී වී ඇති මහින්ද විද්‍යාලයීය කණ්ඩායම පුර්ණ තරඟ 04 ක් ජයගෙන ඇත. මහින්දය හමුවේ ගල්කිස්ස ශාන්ත තෝමස්, මොරටු විද්‍යාලය, මාතර ශාන්ත තෝමස් හා ශාන්ත සෙබස්තියන් යන කණ්ඩායම් පරාජයට පත්ව ඇත. මහින්ද විද්‍යාලය මෙවර තරඟාවලියේ දී පළමු ඉනිම තරඟ 03 ක් ජයගෙන ඇති අතර තරඟ 03ක දී පළමු ඉනිම පරාජයට පත්ව ඇත.

එසේම මෙවර අන්තර් පාසල් ක්‍රිකට් තරඟාවයේ පළමු කාණ්ඩයේ ටියර් බී කොටසේ අවසන් මහා තරඟයේ දී කොළඹ තර්ස්ටන් විද්‍යාලය සමඟින් සම ශූරයන් වන්නට ද ගාල්ල මහින්ද විද්‍යාලයීය සමත් වී සිටියි.

මෙවර ආදරවන්තයින්ගේ සටනේ මහින්දීය නායකයා ලෙස කවීන් රුක්ෂාන් කටයුතු කරන අතර ඔහුගේ උප නායකයා ලෙස අරෝෂ උදයංග කටයුතු කරයි. රිච්මන්ඩ් නායකයා ලෙස තමිදු ප්‍රදීප්ත කටයුතු කරන අතර ඔහුගේ උප නායකයා ලෙස යුරි කොත්තුගොඩ කටයුතු කරයි.

මෙවර තරඟාවලියේ දී රිච්මන්ඩ් විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගෙන ඇත්තේ රිච්මන්ඩ් විද්‍යාලයේ ආරම්භක පිතිකරු නිකිල් ජයවීර යි. ඔහු ශතක තුනක් සමඟින් ලකුණු 750 ක් ලබා ගෙන ඇති අතර රිච්මන්ඩ් නායක තමිදු ප්‍රදීප්ත ශතක දෙකක් සමඟින් ලකුණු 550 ක් ද , හේලිත් එදිරිසිංහ සහ ෂෙහාන් ද සොයිසා ලකුණු 400 බැගින් ලබා ගෙන ඇත. රිච්මන්ඩ් විද්‍යාලය වෙනුවෙන් පන්දු යැවීමේ දී මෙවර තරඟාවලියේ දී පුබුදු මහිරංග කඩුලු 40 ද,  නෙතුජ භාෂිත කඩුලු 34 සහ මලිත් ද සිල්වා කඩුලු 30ක්  බැගින් ලබා ගනිමින් දක්ෂතා දක්වා ඇත.

මෙවර මහින්දය වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගෙන ඇත්තේ මහින්ද විද්‍යාලයේ ආරම්භක පිතිකරු මෙන්ම ශ්‍රී ලංකා 17 පහළ කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස ද කටයුතු කරන දුල්සිත් දර්ශනයි. ඔහු ශතක දෙකක් හා අර්ධ ශතක තුනක් සමඟින් ලකුණු 650 ක් ලබා ගෙන ඇත. මෙම කණ්ඩායම් දෙකේම එකම ද්විත්ව ශතක ලාභියා වන මහින්ද විද්‍යාලයේ සෙනුක දංගමුව ලකුණු 500 ක් ලබා ගෙන ඇත්තේ ද්විත්ව ශතකයක් හා අර්ධ ශතක දෙකක් සමඟිනි. ඔහු මාතර ශාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව තරඟාවලියේ අවසන් පුර්ව තරඟයේ දී ලකුණු 200 ක් ලබා ගෙන ඇත.

මීට අමතරව මහින්ද විද්‍යාලය වෙනුවෙන් රන්දුල මාඹරණ හා තෙවිදු රශ්මිත ලකුණු 300 බැගින් ලබා ගෙන දක්ෂතා දක්වා ඇත. පන්දු යැවීමේ දී සෙනුක දංගමුව කඩුළු 45 ලබා ගනිමින් මහින්දයේ වැඩිම කඩුළු ලාභියා වෙද්දී අරෝෂ උදයංග සහ සදෙව් නෙත්මිණ කඩුළු 40 බැගින් ලබා ගනිමින් දක්ෂතා දක්වා ඇත.  

පළමු වරට දින තුනක් පැවැත්වෙන ආදරවන්තයන්ගේ සටන මෙවර වඩාත් තියුණු මුහුණුවරක් ගනු ඇතැයි අපේක්ෂිතය. 2019 වර්ෂයේ සිට තම විද්‍යාලයට අහිමි වී ඇති ශූරතා පළිහ යළි දිනාගැනීමේ අභියෝගය ජයගැනීම මහින්ද විද්‍යාලයීය කණ්ඩායමේ අපේක්ෂාවයි. රිච්මන්ඩ් විද්‍යාලයීය කණ්ඩායම ද තම අභිමානය වෙනුවෙන් ඔවුන් හා කරට කර තරඟ වදිනු ඇත.

රිච්මන්ඩ් විද්‍යාලයීය කණ්ඩායම,

ෂෙහාන් ද සොයිසා, සිදත් ප්‍රියංකර( සහය පුහුණුකරු) නුවන් ජයසිංහ (භාර ආචාර්ය), තමිදු ප්‍රදීප්ත (නායක), රුසිරු මද්දුමහේවා මහතා (විදුහල්පති), යුරි කොත්තුගොඩ( උප නායක), පී.ඒ.ධර්මරත්න මහතා( සහකාර විදුහල්පති- ක්‍රීඩා), ඉන්දික චන්දන (පුධාන පුහුණුකරු), නිකිල් ජයවීර

රවිනු රන්දුණු, මිනඟ ආරියදාස, බෙවින් ජයවර්ධන, නෙත්සර ආකාශ්, පුනාල් හන්සජිත්, තෙනුර ඩයස්, පුබුදු මිහිරංග, මලිත් ද සිල්වා, ටෙනුෂ නිම්සර, හේලිත් එදිරිසිංහ, චමෝද් පුන්සර, නෙතුජ භාෂිත, රිසිනු රූපසිංහ.

මහින්ද විද්‍යාලයීය කණ්ඩායම,

ටී.ඩී. අජන්ත කුමාර (ප්‍රධාන පුහුණුකරු), වයි. නිශාන්ත කුමාර  (භාර ආචාර්ය) එල්.පී.වීරමන් මහතා  (නියෝජ්‍ය විදුහල්පති ක්‍රීඩා) කවීන් රුක්ෂාන් (නායක)  ජනක පේදුරුහේවා මහතා (විදුහල්පති) අරෝෂ උදයංග (උප නායක) එම්.ඩබ් අජිත් (ක්‍රීඩා භාර ආචාර්ය) ජගත් පී. සමරකෝන්  (භාර ආචාර්ය -කනිෂ්ඨ) සචිත් ලක්මාල් (සහය පුහුණුකරු),

දිනෙත් පැහැසර, ටියෝන් හේලික, විනුප නෙත්මිණ, සහන්ජිත් ඉරුගල්බණ්ඩාර,දුල්සිත් දර්ශණ, සෙනුක දංගමුව, සදෙව් නෙත්මිණ, මානිත රාජපක්ෂ, විශ්මිත සත්සර, චාර්ය පරණවිතාන, රන්දුල මාඹරණ, සදෙව් පුන්සර, සෙහස් ආශිංසන, කවීෂ ගිත්මල්,තෙවිදු රශ්මික

-Advertisement-

කාන්තාවන් නිරුවත් කළ, තරුණයකු රිමාන්ඩ්

0

කාන්තාවන් දෙදෙනකුගේ සාමාන්‍ය ඡායාරූප නිරුවත් ඡායාරූප බවට පත්කර ප්‍රචාරය කළා යැයි සැකපිට අත්අඩංගුවට ගත් තරුණයකු ලබන 10 වැනි දා දක්වා රිමාන්ඩ් කරන්න යැයි අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර, සාලියපුර පදිංචි 20 හැවිරිදි තරුණයෙකි. ඔහු කාන්තාවන් දෙදෙනකුගේ ඡායාරූප AI තාක්ෂණයෙන් නිරුවත් ඡායාරූප බවට පත්කිරීමේ සිද්ධීන් දෙකක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දී තිබේ.

-Advertisement-

සද්ධාරතන භික්ෂූත්වයෙන් නෙරපයි

0

භික්ෂුවක ලෙස කටයුතු කළ රාජාංගනයේ සද්ධාරතන ඔහුගේ සංඝභාවයෙන් නෙරපා හැරීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මාහ නිකායේ කාරක සභාව තීරණය කර ඇත.

සමාජ මාධ්‍ය ඔස්සේ ආන්දෝලනාත්මක ප්‍රකාශ කරනු ලැබූ සද්ධාරතන සම්බන්ධයෙන් රාමඤ්ඤ මහා නිකායේ කාරක සභාව සොයා බැලීමක් සිදුකළ බවත් ඒ අනුව මෙම තීරණය ගෙන ඇති බවත් වාර්තා වේ.

-Advertisement-

රිච්මන්ඩ් විදුහල්පතිට එරෙහව, මානව හිමිකම් පැමිණිල්ලක්

6

රිච්මන්ඩ් විදුහල්පති රුසිර මද්දුමහේවාට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ලැබී ඇතැයි එම කොමිෂන් සභාවේ ලේකම් සඳහන් කරයි.

මෙම පැමිණිල්ල සිදුකර ඇත්තේ ගාල්ල මහින්ද විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයකු විසිනි. මානව හිමිකම් කොමිසම සඳහන් කළේ HRC-HO-1049-25 අංකය යටතේ එම පැමිණිල්ල මේ වනවිට භාරගෙන අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග සඳහා යොමුකර ඇති බවයි.

ගාල්ල ශාන්ත ඇලුවීෂියස් විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයකු එම පාසලෙන් ඉවත්ව නීත්‍යානුකූලව අස්වීම් සහතිකය ලබාගෙන මහින්ද විද්‍යාලයට ඇතුළුත් වී ඇති අතර ඔහු මෙවර මහින්ද විද්‍යාලය වෙනුවෙන් “ආදරවන්තයන්ගේ සටන” නමැති මහින්ද රිච්මන්ඩ් ආදරවන්තයනගේ සටනට මහින්ද විද්‍යාලය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සූදානම්ව සිටියි.

මෙම ක්‍රීඩකයා මහින්ද විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමේ සංචිතයට ඇතුළත් වූ බව දැනගත් අවස්ථාවේ පටන් රිච්මන්ඩ් විද්‍යාලයීය පාර්ශවයෙන් ඔහු තරඟ කිරීම සම්බන්ධයෙන් විරෝධය දක්වා ඇත. එහි දී රිච්මන්ඩ් විදුහල්පතිවරයා පවසා ඇත්තේ පසුගිය ක්‍රිකට් තරඟ වාරයේ දී ඇලුවීෂියස් විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් පාසල් ක්‍රිකට් සංගමයේ ලියාපදිංචි වූ ක්‍රීඩකයකුට මෙවර මහා තරඟයට මහින්දය නියෝජනය කළ නොහැකි බවයි.

කෙසේ වෙතත් පාසල් ක්‍රිකට් සංගමයේ ලේකම් කමලශාන්ත ඉන්ද්‍රජිත්ගෙන් විමසූ විට ඔහු කියා සිටියේ ඇලුවීෂියස් විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස පසුගිය පාසල් ක්‍රිකට් තරඟාවලියට ක්‍රීඩාකළ ක්‍රීඩකයා මේ වනවිට ඇලුවීෂියස් විද්‍යාලයෙන් ඉවත්ව මහින්ද විද්‍යාලයේ සිසුවකු බවට පත්ව සිටීනම් ඔහු මහා තරඟයට ක්‍රීඩා කිරීම ගැටලුවක් නොවන බවයි.

පාසල් අතර පැවැත්වෙන මහා ක්‍රිකට් තරඟ සුහඳ තරඟ බැවින් ඒවාට පාසල් ක්‍රිකට් නීති රීති අදාළ නොවන බවත් මෙවර තරඟය දින තුනක් පැවැත්වෙන බැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මුදලක් ලබා දෙන බවත් හෙතෙම කීවේය. මෙම තරඟයට ක්‍රීඩා කරන්නේ කවර ක්‍රීඩකයකු ද එම ක්‍රීඩකයා පාසල් ක්‍රිකට් සංගමයේ ලියාපදිංචිද නැද්ද යන්න හෝ අදාළ නොවන බවත් පාසලේ ඕනෑම සිසුවකුට පාසලට ඇතුළුත් වී සිටීනම් ඒ බව විදුහල්පති පිළිගන්නේ නම් තරඟ කළ හැකියැයි ද ලේකම්වරයා පැවසීය.

රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පති රුසිර මද්දුමහේවා පසුගිය මාර්තු 30 වැනි දා මහින්ද විද්‍යාලයේ විදුහල්පතිවරයා වෙත ලිඛිත දැනුම් දීමක් කරමින් පවසා ඇත්තේ ඇලුවීෂියස් විද්‍යාලයෙන් පැමිණි සිසුවා මහින්ද විද්‍යාලයීය කණ්ඩායම නියෝජනය කරමින් මෙවර 120 වැනි ආදරවන්තයන්ගේ සටනට තරඟ කරන්නේ නම් තර විද්‍යාලයීය කණ්ඩායම තරඟයට නොපැමිණෙන බවයි.

අප මේ පිළිබඳ ශාන්ත ඇලුවීෂියස් විද්‍යාලයෙන් කරන ලද සොයා බැලීමේ දී අනාවරණය වූයේ ශාන්ත ඇලුවීෂියස් විද්‍යාලයේ පිළිගත් මහා ක්‍රිකට් තරඟයක් නොමැති බැවින් එම සිසුවා මහින්ද විද්‍යාලය නියෝජනය කරමින් මහා තරඟයට සහභාගීවීම ඔහු‍ගේ අනාගත ක්‍රිකට් ජීවිතයට වැදගත් විය හැකි බැවින් එම සිසුවාට මහින්ද විද්‍යාලයට ඇතුළත්වීම සඳහා සියලු නීත්‍යානුකූල ලියවිලි ලබාදුන් බවයි. ඔහුට මහින්දයේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ අවසරය සහ පාසලෙන් අස්වීමේ සහතිකය ද ලබා දී ඇත.

මානව හිමිකම් කොමිසමෙන් මෙම පැමිණිල්ල පිළිබඳ විමසූ විට දැනගන්නට ලැබුණේ, තමන් නියෝජනය කරනර මහින්ද විද්‍යාලය හෝ තමන් කලින් ඉගෙනුම ලැබූ ශාන්ත ඇලුවීෂියස් විද්‍යාලය හෝ තමන් ක්‍රීඩා කිරීමට කිසිම විරෝධයක් දක්වා නොතිබිය දී තුන්වන පාර්ශවයක් වන ප්‍රතිවාදී රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පති රුසිරු මද්දුමහේවා තමන් ක්‍රීඩා කරන්නේ නම් රුපියල් මිලියන ගණනක් වැය කර සංවිධානය කර ඇති තරඟය අත්හිටුවන බවට බලපෑම් කිරීමෙන් තමන්ට වෙනස් කොට සළකමින් තම මානව අයිතිවාසිකම් හෝ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට එම පැමිණිල්ලේ සඳහන් වන බවයි.

මෙම ක්‍රීඩකයා සහභාගී වුවහොත් තරඟය නොපැවැත්වීමටට පවා ඉඩ ඇතැයි රිච්මන්ඩ් විදුහලේ විදුහල්පතිවරයා ලිඛිතව දැනුම් දීමෙන් එම ක්‍රීඩකයාගේ පමණක් නොව මහින්ද විද්‍යාලයේ සියලු ක්‍රීඩකයන්ගේත් විද්‍යාලයී සමස්ත ප්‍රජාවගේත් අයිතිවාසිකම් කඩ කිරීමකට රිච්මන්ඩ් විදුහල්පතිවරයා පිළිතුරු දීමට සිදුවනු ඇතැයි මහින්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය පවසයි.

-Advertisement-

පොලිසියට බාධා කළැයි, පිරිසක් අත්අඩංගුවට

0

නිලාවේලි පොලිසියේ නිලධාාරීන්ගේ රාජකාරියට බාධා කරයි සැකපිට පුද්ගලයන් 06 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

පසුගිය මාර්තු මස 31 වනදා නිල ඇඳුමින් සැරසී සිටි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට යම් පිරිසක් බාධා කරමින් සාපරාධී බලහත්කාරය පෑම සිදුකරන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.

එම සිදුවීමට අදාළ එක් සැකකරුවකු නිලාවේලී පොලිසිය වසින් එදිනම අත්අඩංගුවට ගෙන අද (02) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.

 අනෙක් සැකරුවන් සහ සැකකාරිය ප්‍රදේශයේන පළාගොස් සිටිය දී අනෙක් පස් දෙනා ඊයේ (01) අත්අඩංගුවට ගැණිනි.

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 35ක් වන හා සැකකරුවන් අවුරුදු 20, 21, 22, 28 හා 45 යන වයස්වල පසුවන නිලාවේලි ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.

සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු හඳුනාගෙන ඇති අතර අත්අඩංගුවට ගැනීම සඳහා නිලාවෙලි පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

-Advertisement-

ප්‍රතික්ෂේප කළ නාමයෝජනා කිහිපයක්, යළි භාරගන්න යැයි නියෝග

0

පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් 30 ක් පමණ අද (02) යළි සලකා බැලූ අවස්ථාවේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ.පී. ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර ඇත්තේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත් සහිත ප්‍රතික්ෂේප කළ නාම යෝජනා යළි භාරගන්නා ලෙසයි.

ඊට අමතරව මෙසේ භාර ගැනීමට නියෝග කෙරුණු නාම යෝජනා පත්‍ර හැර සෙසු නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීම්වලට අදාළ නඩුවලට පාදක වන පළාත් පාලන ආයතන සඳහා ඡන්ද විමසීම පත්වීමේ කටයුතු හෙට (03) දින තෙක් අත්හිටුවන ලෙසත් අධිකරණය විසින් නියෝග කරනු ලැබීය.

සෙසු කාරණා මත  ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා යළි භාරගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්ගෙන් උපදෙස් ලබාගෙන හෙට දින අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙසත් විනිසුරු මඩුල්ල විසින් නීතිපතිවරයාට නියම කළේය.

මෙම පෙත්සම් වෙනුවෙන් පෙනී සිටිි නීතිඥයන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පොදුවේ කියා සිටියේ, තම නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට තේරීම් බාර නිලධාරීන් ගැන ලැබූ තීරණය නීතිවිරෝධි බවය. 

-Advertisement-

කච්චතිව් ඉල්ලා, තමිල්නාඩුවෙන් යෝජනාවක්

0

ශ්‍රී ලංකාවට අයත් දූපතක් ලෙස සැළකෙන කච්චතිව් දූපත නැවත ඉන්දියාවට ලබාගත යුතුයැයි තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ.ස්ටාර්ලින් රාජ්‍ය සභාව වෙත යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

තමිල්නාඩු ධීවරයන්ගේ සම්ප්‍රදායික ධීවර අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත් ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් එල්ලවන අභියෝග සමනය කිරීමටත් විසඳුමක් ලෙස මෙම යෝජනාව ඉදිරිපත් කරන බව ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කර ඇත.

ඉන්දු – ශ්‍රී ලංකා ගිවිසුම වහා සමාලෝචනය කර කච්චතිව් නැවත ලබාගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා අදාළ යෝජනාව මගින් ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලීමක් කර ඇත. මීට අමතරව ශ්‍රී ලංකා රජය රඳවාගෙන සිටින ඉන්දීය ධීවරයින් සහ ඔවුන්ගේ බෝට්ටු නිදහස්කර ගැනීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේදී සාකච්ඡා කළ යුතු බවද ඔහු යෝජනා කරයි.

-Advertisement-

සහල් ආනයනය දිගටම

0

සහල් ආනයනය කිරීම දිගටම සිදුකිරීමට අවශ්‍ය බවට ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුව නිර්දේශ කර තිබේ. ඔවුන් පවසන්‍නේ පාරිභෝගික ජනතාවට හිඟයකින් තොරව සහල් ලබාදීම අරමුණු කරගෙන මෙම නිර්දේශය ලබාදුන් බවයි.

මේ දිනවල අස්වැන්න නෙළන තත්වයක් තුළ වුව ද සහල් මිල ඉහළ යාමක් නිරීක්ෂණය වන බවත් ඇතැම් සහල් වර්ග හිඟයක් පවතින බවත් එම කමිටුව පෙන්වා දී ඇත.

අවශ්‍ය තරම් සහල් තොග පවත්වාගෙන යාම සඳහා තවදුරටත් සහල් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ යන අයගේ ප්‍රධානත්වයෙන් ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව 05 වන වරටත් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (01) රැස් වූ අවස්ථාවේ දී මෙම තීරණ ගෙන තිබේ.

-Advertisement-

“ආදරවන්තයෙන්ගේ සටන” ඇත්ත නැත්ත, මෙන්න

1

සජීව විජේවීර විසිනි

“ආදරවන්තයන්ගේ සටන” යන විරුදාවලිය ලැබූ රිච්මන්ඩ් මහින්ද වාර්ෂික මහා ක්‍රිකට් තරඟයට මහින්ද විද්‍යාලයීය කණ්ඩායමේ ක්‍රීඩකයන් සම්බන්ධයෙන් ගැටලුව්ක ඇති බැවින් තම කණ්ඩායම මෙම තරඟයට සහභාගී වන්නේ ද නැද්ද යන්න පිළිබඳ අවිනිශ්චිත බව රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පති රුසිර මද්දුමහේවා සඳහන් කර ඇත.

ඔහු මේ බව සඳහන් කරන්නේ මාර්තු මස 30 වැනි දින මහින්ද විද්‍යාලයේ විදුහල්පතිවරයා වෙත ලිපියක් යවමිනි.

වසර 119 ක් පුරා පවත්වා ඇති මෙම තරඟය මෙවර පැවැත්වීමට සංවිධානය කර ඇත්තේ 120 වැනි වතාවනට වන අතර එය දින තුනක තරඟයක් ලෙස ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අප්‍රේල් 03, 04 සහ 05 දිනවල පැවැත්වීමට නියමිතය.

මහින්ද විද්‍යාලයීය කණ්ඩායමට අවසන් මොහොතේ වෙනත් පාසලක ක්‍රීඩකයකුගේ නම ඇතුළත් කර ඇතැයි පවසමින් රිච්මන්ඩ් විද්‍යාලය එම සිසුවා කණ්ඩායමෙන් ඉවත් කරන ලෙස දිගින් දගිිටම ඉල්ලීම් ඉදිරිපපත් කර ඇත. නමුත්, මහින්ද විද්‍යාලය පවසන්නේ එම සිසුවා මහින්ද විද්‍යාලයීය කණ්ඩායමට ක්‍රීඩා කරන්නේ සියලු තරඟ නීති රීති අනුව බවයි.

මහින්ද විද්‍යාලයීය කණ්ඩායමට අවසන් මොහොතේ නම ඇතුළත් කර ඇති බව පවසන්නේ ගාල්ල ශාන්ත ඇලුවීෂියස් විද්‍යාලයීය ක්‍රීඩකයකුගේ වන අතර රිච්මන්ඩ් විද්‍යාලයීය කණ්ඩයාමේ ද වෙනත් පාසල්වලින් එම පාසලට ගෙන්වාගත් ක්‍රීඩකයන් 06 දෙනකු සිටින බව මහින්ද විද්‍යාලයීය පාර්ශ‍වයෙන් පෙන්වා දී ඇත.

රිච්මන්ඩ් විද්‍යාලයීය කණ්ඩායමේ මෙවර පාසල් ක්‍රිකට් තරඟාවලියේ වැඩිම ලකුණු ලාභී පිතිකරුවා ද මහින්ද විද්‍යාලයේ සිට රිච්මන්ඩ් විද්‍යාලයට ගත් ක්‍රීඩකයෙකි. ඔහු පසුගිය වසරේ ද මහා ක්‍රිකට් තරඟයට රිච්මන්ඩ් විද්‍යාලය වෙනුවෙන් ක්‍රීඩා කළ අතර මෙවර ද ක්‍රීඩා කිරීමට නියමිතය.

කෙසේ වෙතත් රිච්මන්ඩ් විද්‍යාලයේ ප්‍රකාශකයකු අපට මෙසේ කීවේය.

“අපේ කණ්ඩායමේ ක්‍රීඩකයන් අතර වෙනත් පාසල්වල ක්‍රිකට් දක්ෂතා දක්වා අප පාසලට පැමිණි ක්‍රීඩකයන් 06 දෙනෙක් ඉන්නවා. ඒක ඇත්ත. අපි ඒ අය පසුගිය පාසල් ක්‍රිකට් තරඟවාලියට රිච්ම්න්ඩ් නාමය යටතේ ලියාපදිංචි කරලා සෙල්ලම් කෙරෙව්වා. නමුත් මේ ප්‍රශ්නගත ක්‍රීඩකයා මහින්දය වෙනුවෙන් කිසිම තරඟයකට මෙතෙක් සෙල්ලම් කරලා නෑ. මේ මහා ක්‍රිකට් තරඟය 2025 වර්ෂයේ දී දින 03ක් දක්වා දීර්ඝ කරන නිසා අපි එකඟතාවකට ආවා දෙසැම්බර් 31 දක්වා මොන දවසක තරඟය පැවැත්වුණත් මේ කණ්ඩායේ ඇතැම් ක්‍රීඩකයන් නිසි වයස ඉක්මවා ගියත් සෙල්ලම් කරන්න අවස්ථාව දෙනවා කියා. එතෙන්ට අලුතෙන් ක්‍රීඩකයන් ආදේශ කරන්න බෑ.”

එම ලිඛිත එකඟතාව අපට ලබාදිය හැකිදැයි රිච්මන්ඩ් විද්‍යාලයීය ප්‍රකාශකයාගෙන් විමසූ විට එය ලබාදීමට ඔහු එකඟ වූයේ නැත. නමුත් රිච්මන්ඩ් පාර්ශවයේ ඇතැම් පුද්ගලයන් එම එකඟතා ලියවිල්ල සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාහැර තිබිණි.

එහි විදුහල්පතිවරු ආදි ශිෂ්‍ය සංගම් නි‍යෝජිතයන් අත්සන් කර ඇති ලේඛනයක් වෙයි. එම ලේඛනයේ කිසිම ස්ථානයක එවැනි කිසිදු කොනදේසියක් නැත. දින තුනක් තරඟය පැවැත්වීමට ඇති එකඟතාවක් දක්නට ඇත.

නමුත් රිච්මන්ඩ් පාර්ශවයෙන් ඉදිරිපත් කර ඇති අත්සන් නොකරන ලද ලේඛනයක 05 වැනි අංකයෙන් දෙවැනි කරුණේ දැක්වෙන්නේ මෙම තරඟය ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ නීති රීති අනුව පැවැත්විය යුතු බවයි.

මේ පිළිබඳ අප මහින්ද විද්‍යාලයෙන් කරන ලද විමසීමක දී ඔවුන් කියා සිටිියේ මෙවර “ආදරවන්තයන්ගේ සටන” මහා ක්‍රිකට් තරඟයේ සත්කාරකත්වය දරන්නේ මහින්ද විද්‍යාලය බැවින් මේ වනවිට තරඟය සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“අපි තරඟයේ සියලු ම සමගාමීව පැවැත්වෙන සුහද විවාදය, රථ සංචාර, ධජ දැමීම්, ආදි ශිෂ්‍ය තරඟය, මහා තරඟයෙන් පසු පැවැත්වෙන දෙවිදුහල් අතර සීමිත පන්දුවාර තරඟය ආදී සියලු ඉසව් සංවිධානය කර අවසන්. මෙයින් රිච්මන්ඩ් මහින්ද සුහඳ විවාදය 31 වැනි දා මහින්ද විද්‍යාලයීය ඔල්කොට් ශාලාවේ දී පැවැත්වුණා. නමුත් එහි ඉංග්‍රීසි විවාදයට රිච්මන්ඩ් කණ්ඩායමට එන්න බැරිවුණා උසාවියේ වාරණ නියෝගයක් නිසා. දැන් මේ වනවිට ආදි ශිෂ්‍ය තරඟයත් සූදානම්. රිච්මන්ඩ් රථ පෙළපාලියත් පැවැත්වුණා. මහා තරඟයේ විනිසුරුවරුන් තෝරාගත්තා එය පවා අනුමත කර රිච්මන්ඩ් විදුහල්පති අපට එවා තිබෙනවා. අපේ කණ්ඩායම තරඟයට යනවා. ඔය ප්‍රශ්නගත ළමයා ක්‍රීඩා කිරීම නීති විරෝධී නැහැ. ඒක එයාලගේ අදහස. අපේ පාසල වෙනුවෙන් සෙල්ලම් කරන කණ්ඩායම තීරණය කරන්නේ අපේ විද්‍යාලය මිසක් රිච්මන්ඩ් විද්‍යාලය නෙවෙයි. ගමේ වෙල් එළියේ අරයා සෙල්ලම් කරනවා නම් මම එන්නේ නෑ කියලා තරහවෙලා යන කට්ටිය ඉන්න පුළුවන්. හැබැයි අපි කරන්නේ ජාත්‍යන්තර පිළිගත් තරඟයක්. අපි තරඟයට යනවා. ප්‍රතිවාදීන් ආවේ නැත්නම් ඒක ඒ වෙලාවට බලමු.”

මේ පිළිබඳ අප ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ ලේකම් කමලශාන්ත ඉන්ද්‍රජිත් මහතාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ මහින්ද විද්‍යාලය වෙනුවෙන් මෙවර පාසල් ක්‍රිකට් තරඟාවලියේ එකම තරඟයක් හෝ ක්‍රීඩාකර නොමැති සිසුවකු මේ වනවිට මහින්දයේ සිසුවකු බවට පත්ව සිටීනම් මහා ක්‍රිකට් තරඟයට ඔහු ක්‍රීඩාකරවීම මහින්ද විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ තීරණයක් බවයි.

“අපිට පාසල් මහා ක්‍රිකට් තරඟ කිසිසේත්ම අදාළ නෑ. මෙවර මහින්ද රිච්මන්ඩ් මහා තරඟය දින තුනක් පැවැත්වෙන නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් එම තරඟය සඳහා මුදලක් ලබා දෙනවා. එච්චරයි. ඒ තරඟයට ක්‍රීඩාකරන්නේ කවුද  කවදා මොන පාසලකින් ආපු ළමයිද කියන එක අපිට අදාළ නෑ. ඔය ළමයා මෙච්චර දවසක් ඇලුවීෂියස් වෙනුවෙන් ක්‍රිකට් ගැහුවා. දැන් ඇලුවීෂියස් සහ මහින්ද විද්‍යාලය පිළිගන්නවානම් ඒ ළමයා මහින්දයේ සිසුවෙක් කියලා අපිට ඒ ළමයා සෙල්ලම් කළත් නැතත් ප්‍රශ්නයක් නෑ, අපේ තරඟවාලිවලට වෙන ම නීති පද්ධතියක් තියෙනවා. ඒක තරඟාවලියෙන් තරඟාවලියට වෙනස් වෙනවා. ඒ අනුව මහා ක්‍රිකට් තරඟ පවත්වන්නේ නෑ. මේවා පාසල් අතර තියෙන සුහද තරඟ අපිට අදාළ නෑ. මේවා විදුහල්පතිවරු බේරාගත යුතු ප්‍රශ්න.”

ඔහු වැඩිදුරටත් කියා සිිටියේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කිසිම පාසල් මහා ක්‍රිකට් තරඟයක් සඳහා පාසල් ක්‍රිකට් සංගමයෙන් නිර්ණායක කිසිවක් ඉදිරිපත් නොකරන බවයි.

-Advertisement-