3.8 C
New York
Home Blog Page 34

WhatsApp බිඳවැටීමක්

0

WhatsApp ජාලයේ හදිසි බිඳ වැටීමක් ඇතැයි වාර්තා වේ.

මෙටා සමාගම සතු සමාජ මාධ්‍ය ජාලයක් වන WhatsApp භාවිතා කරන්නන් අතරින් ලෝකය පුරා ම 88%ට ආසන්න පිරිසකට සිය පණිවිඩ යැවීමේ ගැටලු මතුව ඇතැයි වාර්තා වේ.  

එමෙන් ම 10%ක පමණ පරිශීලකයන් ප්‍රමාණයකට එම යෙදුමේ විවිධ ගැටලු මතුව ඇති අතර තවත් 02%කට පමණ වට්ස් ඇප් වෙත ප්‍රවේශවීමට පවා නොහැකි වී ඇතැයි වාර්තා වේ.

-Advertisement-

වාහන දඩ, Online ගෙවන්නේ මෙහෙමයි

0

GovPay භාවිතා කරමින් ඔන්ලයින් ක්‍රමයට රථවාහන දඩ මුදල් ගෙවීමට හැකි වන නියමු ව්‍යාපෘතිය පිළිබඳව මහජනතාව දැනුම්වත් කිරීම සඳහා විශේෂ වැඩසටහනක් අද (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්විණි.

මෙම නියමු ව්‍යාපෘතියට කුරුණෑගල සිට අනුරාධපුරය දක්වා පොලිස් ස්ථාන 11ක් සම්බන්ධ වන බව ICTA අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික හර්ෂ පුරසිංහ කීවේය. නුදුරු අනාගතයේ දී මෙම ව්‍යාපෘතිය රට පුරා ව්‍යාප්ත කිරීමට පියවර ගනිමින් සිටින බව ඔහු පෙන්වා දුන්නේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, “GovPay භාවිතයෙන් දඩ මුදල් ගෙවන ආකාරය පැහැදිළි කරන පහසුවෙන් අනුගමනය කළ හැකි පත්‍රිකාවක් අපි නිර්මාණය කර තිබෙනවා. රථවාහන දඩයක් නිකුත් කරන විට, දඩ දැන්වීම සමඟ මෙම පත්‍රිකාව භාර දෙනවා. අන්තර්ජාල බැංකු ද්වාරයක් හෝ ඔබගේ ජංගම බැංකු යෙදුම භාවිතා කරමින් අන්තර්ජාලය හරහා ගෙවීම සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳ පියවරෙන් පියවර අවශ්‍ය උපදෙස් එහි සඳහන් කර තිබෙනවා.”

ඔබ GovPay විකල්පය තෝරා ලැයිස්තුගත ආයතන යටතේ ‘ශ්‍රී ලංකා පොලිසිය’ තෝරාගෙන ‘රථවාහන දඩය’ තෝරාගත් විට, ඩිජිටල් පෝරමයක් පෙන්වනවා. ඔබේ වාහන අංකය, රියදුරු බලපත්‍ර අංකය, පත්‍රිකාවේ යොමු අංකය සහ නිශ්චිත වරද වැනි විස්තර ඇතුළත් කිරීමට තිබෙනවා. ක්‍රියාවලිය සරල කිරීම සඳහා මෙම ක්ෂේත්‍ර ලැයිස්තුවක් ලෙස ලබා ගත හැකිය.

පොලිසියෙන් කර ඇති ඉල්ලීමක් අනුව එකවර දඩ මුදල් කිහිපයක් ගෙවීමට ඉඩ ලැබෙන පරිදි මෙය වැඩිදියුණු කර ඇති බව ද‍ ඔහු කීවේය. යම් පුද්ගලයකුට දඩ දෙකක් හෝ වැඩි ගණනක් ලැබී ඇත්නම් ඒ සියල්ල‍ තෝරාගත හැකි අතර මුළු මුදලං ස්වයංක්‍රීයව ගණනය වෙයි.

මෙම පද්ධතිය සඳහා සම්බන්ධ වන සෑම පොලිස් ස්ථානයකටම ජංගම දුරකථනයක් සවි කර ඇත. ගෙවීම සිදු කළ වහාම විද්‍යුත් රිසිට්පතක් නිකුත් කරනු ලබන අතර, අදාළ පොලිස් නිලධාරියාට GovPay කෙටි කේතය හරහා කෙටි පණිවුඩ තහවුරු කිරීමක් ලැබේ. මෙම පණිවිඩයේ අවශ්‍ය සියලු විස්තර ඇතුළත් වේ. ඉන්පසු, රියදුරුට තවදුරටත් ප්‍රමාදයකින් තොරව තම බලපත්‍රය ලබා ගත හැකියි.

මෙම නියමු ව්‍යාපෘතියේ අරමුණ වන්නේ රථවාහන දඩ ගෙවීම්වල පහසුව වැඩි දියුණු කිරීම, ප්‍රමාදයන් අඩු කිරීම සහ විනිවිදභාවය වැඩි දියුණු කිරීමයි.

-Advertisement-

පාප්, සාමාන්‍ය ඇඳුමින් සැරසී පැමිණෙයි

0

නිව්මෝනියාවට ගොදුරු වී රෝගාතුරව සිටි ෆ්‍රැන්සිස් පාප්වහන්සේ, සිය සම්ප්‍රදායික ඇඳුමින් බැහැරව සාමාන්‍ය ඇඳුමකින් සැරසී ශාන්ත පීතර බැසිලිකාවට පැමිණ ඇත.

මෙම සිදුවීම විදෙස් මාධ්‍යවල දැඩි අවධානයට ලක් වූ පුවතක් බවට පත්ව තිබේ.

විවේකීව සිටින පාප් වහන්සේ මෙලෙස පැමිණීම බැතිමතුන්ගේ ද මවිතයට හේතු වී ඇත.

-Advertisement-

‘සහස්දනව්’ බලාගාරය සමඟ විදුලි ගිවිසුමක් අත්සන් කරයි

0

“සහස්දනව්” විදුලි බලාගාරය සඳහා විදුලිය මිල දී ගැනීමේ ගිවිසුමට (PPA) අත්සන් කළ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

මෙම බලාගාරය ඉදිකිරීම, මෙහෙයවීම සහ එහි අයිතිය සීමා සහිත සහස්දනව් සමාගම සතුය. එම ගිවිසුම අනුව වසර 25කට පසු එහි හිමිකාරීත්වය විදුලිබල මණ්ඩලයට පවරා දීමට නියමිත බව ද පැවසේ.

මහජන උපයෝගීතා කොමිසම අනුමතකළ මෙගාවොට් 350ක මෙම සහස්දනවි සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයේ ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කිරීමට නියමිත බව විදුලිබල මණ්ඩලය පවසයි. එම බලාගාරය පළමුව විවෘත චක්‍රීය ක්‍රියාකාරිත්වයෙන් මාස 30ක් ඇතුළත ජාතික විදුලි ජාලයට විදුලිය සපයනු ඇත.

තවත් මාස 12කින් එය සම්පූර්ණ සංයුක්ත චක්‍රීය මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතය.

මෙම බලාගාරය ප්‍රතිවායුකෘත – ද්‍රවීකෘත ස්වාභාවික වායුව (R-LNG) භාවිතයෙන් ක්‍රියාත්මක වන බැවින් ශ්‍රී ලංකාවේ පුළුල්වන පුනර්ජනනීය බලශක්ති අංශයට අත්‍යවශ්‍ය සහයක් සපයනු ඇති බව විදුලිබල මණ්ඩලය මේ සම්බන්ධයෙන් නිකුත්කළ නිවේදනයේ දක්වා ඇත.

විශේෂයෙන් රාත්‍රී කාලයේ සහ සුළං වේගය අඩුවන අවස්ථාවලදී එම බලාගාරයට ඉල්ලුම අනුව ක්‍රියාත්මක කළ හැකි නම්‍යශීලී බලශක්තියක් සැපයීමේ සුවිශේෂී හැකියාවක් මෙම බලාගාරයට ඇත.

එයට සූර්ය හා සුළං විදුලි උත්පාදනවල ඇතිවන වෙනස්කම් සමතුලිත කිරීමට හැකියාව තිබේ.

2028 වනවිට සහස්දනවි සහ අනෙකුත් එවැනි බලාගාර සියල්ල ඩීසල් ඉන්ධනයෙන් සම්පූර්ණයෙන්ම R-LNG වෙත පරිවර්තනය කෙරෙණු ඇත. 

ඒ අනුව විදුලිබල මණ්ඩලය පෙන්වා දෙන්නේ එම පරිවර්තනයෙන් පසු ඉන්ධන පිරිවැය ආසන්න වශයෙන් 50%කින් අඩුකර ගත හැකිවන බවයි. දූෂිත වායු විමෝචන ප්‍රමාණය ද සැලකිය යුතු ලෙස පහළ දැමිය හැකි බව පෙන්වා දී ඇත.

මෙම පරිවර්තනය මගින් ශ්‍රී ලංකාවට සූර්ය හා සුළං විදුලි ජනන ධාරිතාව පුළුල් කරගැනීමට හැකිවන අතර, ජාතික විදුලි ජාලයේ අත්‍යවශ්‍ය විශ්වසනීයත්වය රැකගැනීමට ද හැකිවනු ඇත.

R-LNG භාවිතා කර සංයුක්ත චක්‍රීය මෙහෙයුම්වලට මාරුවීමෙන් පසු, සහස්දනව් බලාගාරයේ ජනන පිරිවැය විදුලි ඒ්කකයක් සඳහා රුපියල් 37ක් පමණ වනුඇති බවද විදුලිබල මණ්ඩලය පවසයි.

එමගින් ගෘහස්ත, ව්‍යාපාර හා කාර්මික අංශ සඳහා විදුලි ගාස්තු අඩු කිරීමට අවස්ථාව උදාවන අතර, දේශීය ආර්ථිකයේ ස්ථාවරභාවය ශක්තිමත් වනු ඇති බවත් එහි දැක්වේ

-Advertisement-

කොළඹ ඇතුළු පළාත් පාලන ආයතන 18ක ඡන්ද තහනම ඉවතට

0

කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 18ක මැතිවරණය පැවැත්වීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය ඉවත්කිරීමට අභියාචනාධිකරණය අද (11) නියෝග කළේය.

අභියාචනාධිකරණය අද මෙම නියෝගය ලබා දුන්නේ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ මෝසමක් සළකා බැලීමෙන් අනතුරුවය.

එම පළාත් පාලන ආයතන සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර අතරින් ප්‍රතික්ෂේප කෙරුණු නාම යෝජනා පත්‍ර යළි භාරගන්නා ලෙස නියෝග නිකුත් කරමින් අභියාචනාධිකරණනය මෙම වාරණ නියෝගය ඉවත් කළේය.

අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

-Advertisement-

අස්වැසුම දීමනා අද සිට

0

අස්වැසුම ප්‍රතිලාභීන්ට ලබා දෙන අප්‍රේල් මාසය සඳහා වන දීමනාව අද (11) සිට ලබා ගැනීමට හැකි බව සුබ සාධන ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දෙයි.

මේ වනවිටත් එම දීමනා ප්‍රතිලාභීන්ගේ බැංකු ගිනුම් වෙත තැන්පත් කර ඇතැයි ද එම මණ්ඩලය වැඩිදුරටත් පවසයි.

2025 අයවැය මගින් වැඩිහිටි දීමනාව ඇතුළු වැඩිකළ දීමනා ද මෙම මාසයේ සිට ගෙවීම් ආරම්භ කර ඇති බව සඳහන් වේ. අස්වැසුම සුභසාධක ප්‍රතිලාභී වැඩසටහන යටතේ සුදුසුකම් ලැබු පවුල් දාහත් ලක්ෂ 37,141ක් සඳහා රුපියල් බිලියන 12.63ක් වෙන්කර ඇත.

එමෙන්ම එම පවුල් තුළ සිටින වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 580,944ක් සඳහා රුපියල් බිලියන 2. 9ක මුදලක් ද ගිණුම් ගතකර ඇති බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් පැවසීය.

-Advertisement-

ප්ලාස්ටික් තුරන් කිරීමේ තරඟාවලියකින්, ශ්‍රී ලංකා යෞවනයෝ ජය ගනිති

0

ගෝලීය වශයෙන් දැවැන්ත අර්බුදයක් බවට පත්ව ඇති ප්ලාස්ටික් ගැටලුවට මුහුණ දීම සඳහා නව්‍ය විසඳුම් ඉදිරිප්ත කිරීම සඳහා දකුණු ආසියානු කලාපයේ තරුණ Hackathon

 තරඟයේ සමස්ත ජයග්‍රහණය ලබාගැනීමට ශ්‍රී ලංකාවේ තරුණයෝ පිරිසක් සමත් වූහ.

ජයග්‍රාහකයෝ ධීවර කර්මාන්තයේ බහුලව භාවිතා වන ස්ටයිරෝෆෝම් පාදක පෙට්ටි සඳහා විකල්පයක් ලෙස ජෛව හායනයට ලක්වන මාළු ගබඩා පෙට්ටියක් නිර්මාණය කළහ.

‘මයිකෝ බොක්ස් බයි වයිට් රූට්’ ලෙස තමන්ව හඳුන්වා ගන්නා මෙම කණ්ඩායම, ඒ වෙනුවට දිලීර වල දක්නට ලැබෙන මුල් වැනි ව්‍යුහයක් වන මයිසිලියම් භාවිතා කිරීමට යෝජනා කරයි.

දෙවන ස්ථානය දිනා ගත්තේ එන්සයිම පාදක ප්ලාස්ටික් ජෛව හායනයට ලක්වීමේ නවෝත්පාදනයක් ඉදිරිපත් කළ ‘ග්‍රීන් ඇල්කෙමි’ නම් ඉන්දියානු තරුණ කණ්ඩායමක් විසිනි.

මෙම තරඟයේ තුන්වැනි ස්ථානය හිමිකරගෙන ඇත්තේ භූතානයේ ‘ඉකෝ පෙට්’ කණ්ඩායමට වන අතර ඔවුන් ගෘහස්ථ අපද්‍රව්‍ය අවම කිරීම සඳහා පාරිභෝගික අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සඳහා ස්මාර්ට්ෆෝන් යෙදුමකට සම්බන්ධ ක්‍රමවේදයක් යෝජනා කර තිබිණි.

මෙම ජයග්‍රාහකයින් තෝරා ගනු ලැබුවේ ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව යන රටවල වයස අවුරුදු 18 ත් 30 ත් අතර තරුණ තරුණියන් 67 දෙනෙකුගෙන් සමන්විත අවසන් කණ්ඩායම් 23ක් අතරිනි.

PLEASE Hack ලෙස හැඳින්වෙන මෙම තරඟය, දකුණු ආසියාව සඳහා ප්ලාස්ටික් රහිත ගංගා සහ මුහුද (PLEASE) ව්‍යාපෘතිය යටතේ ආරම්භ වූ අතර එය දකුණු ආසියානු සහයෝගිතා පරිසර වැඩසටහන (SACEP) විසින් ක්‍රියාත්මක කරන ලද පස් අවුරුදු කලාපීය මුලපිරීමක් වන අතර ඒ සඳහා ලෝක බැංකුව විසින් අරමුදල් සපයන ලද අතර UNOPS හි සහාය ඇත.

අවසන් කණ්ඩායම් ඔවුන්ගේ නවෝත්පාදන විසඳුම් කලාපය පුරා තෝරාගත් විශේෂඥ මණ්ඩලයක් වෙත ඉදිරිපත් කළහ. විනිසුරුවන් කණ්ඩායම් ශ්‍රේණිගත කළේ ඔවුන්ගේ විසඳුම්වල නවෝත්පාදන විභවය, ව්‍යාපාර ආකෘතිය, ක්‍රියාත්මක කිරීමේ සැලැස්ම, කලාපීය සහයෝගීතාවය සහ පරිමානය මෙන්ම සමස්ත පාරිසරික හා සමාජ තිරසාරභාවය මත ය.

මෙම ජයග්‍රාහකයන් තෝරාගෙන ඇත්තේ එය විනිශ්චය කළ කණ්ඩායමේ ඒකමතික තීරණය අනුවය.

සුදුසුකම් ලත් රටවල් අටකින් තරුණ තරුණියන් 250 කට වැඩි පිරිසක් PLEASE Hack වෙත යොමු වූ අතර, ඔවුහු කණ්ඩායම් 98ක් ලෙස ගෘහස්ථ හා ප්‍රජාවන්හි හෝ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්හි ප්ලාස්ටික් භාවිතය අඩු කිරීමට සහ අපද්‍රව්‍ය කළමනාකරණය වැඩිදියුණු කිරීමට නව්‍ය විසඳුම් ඉදිරිපත් කළහ.

කෙටි ලැයිස්තුගත කණ්ඩායම් මාර්තු මාසයේ දී සති දෙකක අතථ්‍ය හැකතන් තරඟයක නිරත වූ අතර, ඔවුන්ගේ නව්‍ය සංකල්ප වැඩිදියුණු කිරීමට සහ සංවර්ධනය කිරීමට එක් එක් කණ්ඩායම තුළ සහයෝගයෙන් කටයුතු කර තිබිණි.

ඔවුන්ට ජාතික විශේෂඥයින්ගෙන් උපදේශක සහාය සහ මග පෙන්වීම ලැබුණි. ඉන්පසු අප්‍රේල් 06 වන දින කොළඹ පැවති දකුණු ආසියානු කලාපීය අවසන් තරඟයට සහභාගී වීමට කණ්ඩායම් 23 ක් තෝරා ගන්නා ලදී.

කලාපීය ජයග්‍රාහකයින්ට ඔවුන්ගේ නවෝත්පාදනයන් වැඩිදියුණු කිරීමට සහ විභව ආයෝජකයින්ට ඉදිරිපත් කිරීමට හැකි වන පරිදි මූලික අරමුදල් ලැබෙනු ඇත. සෑම දකුණු ආසියානු රටකින්ම ජාතික මට්ටමේ ජයග්‍රාහකයින් හඳුනාගෙන ත්‍යාග පිරිනමන ලදී.

“අපේ මිහිතලය සමෘද්ධිමත් වන්නේ අපේ තරුණ තරුණියන්ට භාරකාරත්වය දැරීමට  බලය ලැබුණු විට පමණයි,” SACEP හි අධ්‍යක්ෂ ජනරාල් නොර්බු වැන්ග්චුක් මෙම ක්තව්‍යය සඳහා තම උද්යෝගය පළ කරමින් පැවසීය.

“මෙම හැකතන් තරගය දකුණු ආසියාවේ අපගේ තරුණ තරුණියන්ගේ කැපවීම පෙන්නුම් කරයි, ඔවුන් අප මුහුණ දෙන ප්ලාස්ටික් අර්බුදය ගැන කනස්සල්ලට පත්ව සිටිනවා පමණක් නොව, අර්බුදයෙන් පෘථිවිය බේරා ගැනීමට විසඳුම් ද ලබා දෙයි. මෙම හැකතන් තරගය තරුණයින්ට ඔවුන්ගේ අනාගතය භාර ගැනීමට බලය ලබා දෙයි.” 

“ඉදිරි වසර 10 තුළ දකුණු ආසියාවේ මිලියනයකට අධික තරුණ පිරිසක් මාසිකව ශ්‍රම බලකායට එක්වනු ඇතැයි පුරෝකථනය කර ඇත,” ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ (SAR) කලාපීය ඒකාබද්ධතා අධ්‍යක්ෂ සිසිලි ෆෲමන් පවසයි. “රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ විසඳුම් හරහා නවෝත්පාදන සහ රැකියා උත්පාදනය පෝෂණය කිරීම ප්‍රධාන ප්‍රමුඛතාවයක් විය යුතුය. හැකතන් වැනි මුලපිරීම් චක්‍රීය ආර්ථික නවෝත්පාදනය ප්‍රවර්ධනය කිරීමේ PLEASE ව්‍යාපෘතියේ ඉලක්කයට සහාය වීම සඳහා තරුණ නවෝත්පාදකයින් සඳහා තිරසාර රැකියා අවස්ථා නිර්මාණය කරයි.”

UNOPS හි දකුණු ආසියානු බහු-රට කාර්යාලයේ අධ්‍යක්ෂ චාල්ස් කැලනන් මහතා මෙම උත්සවයේ දිගුකාලීන ප්‍රතිලාභ අවධාරණය කරමින්, “PLEASE Hack Hackathon යනු නවෝත්පාදනයන් ප්‍රායෝගික විසඳුම් බවට පරිවර්තනය කිරීමයි. මෙම අදහස් ජීවයට පැමිණ පිරිසිදු, වඩාත් තිරසාර දකුණු ආසියාවකට දායක වන ආකාරය දැකීමට අපි සතුටු වෙමු,” යනුවෙන් පැවසීය.

දකුණු ආසියාව සඳහා ප්ලාස්ටික් රහිත ගංගා සහ මුහුද (PLEASE) යනු සමුද්‍ර ප්ලාස්ටික් දූෂණයට එරෙහිව සටන් කිරීම සහ තිරසාර ප්ලාස්ටික් භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා කලාපයේ විශාලතම මුලපිරීමයි. ලෝක බැංකුව විසින් අරමුදල් සපයනු ලබන අතර UNOPS හි ක්‍රියාත්මක කිරීමේ සහාය ඇතිව දකුණු ආසියානු සහයෝගිතා පරිසර වැඩසටහන (SACEP) විසින් ක්‍රියාත්මක කරනු ලබන අතර, PLEASE රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන්, තරඟකාරී ප්‍රදාන සහ චක්‍රීය ආර්ථික විසඳුම් හරහා නවෝත්පාදනයන් මෙහෙයවයි.

-Advertisement-

ඉන්දීය ජාතිකයන් පිරිසක් කොළඹ දී අත්අඩංගුවට

0

වීසා කල් ඉකුත්වී තිබිය දී අනවසරයෙන් මෙරට රැඳී සිටි ඉන්දීය ජාතිකයන් පිරිසක් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් පිරිසක් විසින් අද (10) සවස අත්අඩංගුවට ගෙන ඇත.

රාජගිරියේ කාර්යාල සංකීර්ණයකට වී සිටිය දී මෙලෙස ඉන්දීය ජාතිකයන් 22නකු අත්අඩංගුවට ගෙන ඇත.

ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසන්නේ ඔවුන් මීට මාස 03කට පමණ පෙර ශ්‍රී ලංකාවට පැමිණි අය බවයි. ඉන් 17 දෙනකු ම පැමිණ ඇත්තේ සංචාරක වීසා ලබාගනිමිනි. තවත් 04 දෙනෙකු නේවාසික වීසා බලපත්‍ර යටතේ ද, එක් අයෙකු ව්‍යාපාර වීසා බලපත්‍ර යටතේ ද මෙරටට පැමිණ ඇත.

සැකකටයුතු ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකුගෙන් ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් හදිසියේ සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය කර ගත් තොරතුරු මත මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.

මොවුන් වයස අවුරුදු 25ත් – 35ත් අතර පසුවන්නන්ය.

අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයන් පිරිස මේ වනවිට වැළිසර පිහිටි තාවකාලික රැදවුම් මධ්‍යස්ථානයේ රඳවා තබා සිටින අතර, ඔවුන් කඩිනමින් මෙරටින් පිටුවහල්කිරීමට නියමිතව ඇත.

-Advertisement-

රනිල්ට එරෙහි නීතිය ක්‍රියාත්මක කරන්න ආණ්ඩුවට ජාත්‍යන්තර සහය ඕනෑලු

0

බටලන්ද කොමිෂන් සභාවේ වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු වගකිව යුත්තන්ට එරෙහිව ජාත්‍යන්තර සහයෝගය හෝ රැගෙන නීත්‍යානුකූල පියවර ගන්නා බව අමාත්‍ය බිමල් රත්නායක අද (10) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් විවාදයට එක්වෙමින් ඔහු මේ බව කියා සිටිි අතර බටලන්ද කොමිෂන් වාර්තාව පිළිබඳ විවාදය ඉදිරි දිනයක දී දෙවැනි දිනයටත් පැවැත්වීමට පාර්ලිමේන්තුවේ එකඟතාව හිමිව තිබේ.

පාර්ලිමේන්තුව යළි රැස්වන්නේ මැයි මස 08 වැනි දා ය.

-Advertisement-

2028 ඔල්ම්පික් උළෙලට ක්‍රිකට් ක්‍රීඩාවත් එක්වෙයි

0

2028 වර්ෂයේ දී ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙලේ දී කාන්තා සහ පිරිමි ක්‍රිකට් කණ්ඩායම් 06 බැගින් තරඟයට එක්කර ගැනීමට තීරණය කර ඇතැයි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පවසයි.

ඒ සඳහා කණ්ඩායම් සුදුසුකම් ලබන නිර්ණායක මේ දක්වා ඔවුන් ප්‍රකාශයට පත්කර නොමැත.

කෙසේ නමුත් අමෙරිකාව සත්කාරක රට බැවින් ඔවුන්ට සෘජු ස්ථානයක් වෙන්වීමට ඉඩ ඇති අතර, සෙසු කණ්ඩායම් සුදුසුකම් ලැබීමේ තරඟාවලියකින් පසු තෝරාගනු ඇතැයි විශ්වාසය පළකරයි.

ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල 2028 වසරේ ජූලි 14 වැනි දා ආරම්භවන අතර, එය ජූලි 30වනදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

මෙහිදී ක්‍රිකට් තරඟ විස්සයි20 ආකෘතියෙන් පැවැත්වේ.

වසර 130කට ආසන්න අතීතයක් ඇති ගිම්හාන ඔලිම්පික් උළෙල ඉතිහාසය තුළ ක්‍රිකට් ක්‍රීඩාව පැවැත්වෙන දෙවන අවස්ථාව මෙයවනු ඇත.

අවසන් වරට ඔලිම්පික් උළෙලක දී ක්‍රිකට් ක්‍රීඩාව පවත්වා ඇත්තේ 1900 වසරේදීය.

එවර රන් පදක්කම මහා බ්‍රිතාන්‍ය විසින් දිනාගෙන ඇති අතර, රිදී පදක්කම හිමිව ඇත්තේ ප්‍රංශයටයි.

-Advertisement-