5.4 C
New York
Home Blog Page 32

වන අලි ප්‍රහාරයකින්, කුඩා දරුවකු මරුට

0

වන අලි ප්‍රහාරයකින් ගෝමරන්කඩවල, ඉඳිකටුවැව ප්‍රදේශයේ 07 හැවිරිදි දරුවකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

සිය පියා අලුයම රැකියාවට පටත්ව යද්දී එම දරුවා පියා සමඟ පාපැතියකින් ප්‍රධාන මාර්ගයට පැමිණෙමින් සිටිය දී මෙලෙස අලි ප්‍රහාරයට ගොදුරු වී ඇත.

වන අලියා පාපැදියට පහර දුන් අවස්ථාවේ දී පියා පැත්තකට විසි වී ඇති අතර ඉන් පසු අලියා දරුවාට පහර දී ඇතැයි පොලිසිය සඳහන් කළේය.

-Advertisement-

ප්‍රදේශ කිහිපයකට වැස අවදානමක්

0

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක ම ඉදිරි පැය 24 තුළ වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් සිදුකර ඇත.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙනේනේ ඇතැම් ස්ථානවල මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බවයි.

එමෙන් ම වැසි සමඟ සුළං වේගයේ ද වර්ධනයක් ඇතිවන බව දක්වා ඇති අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරුමැද, දකුණු සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් පැයට කිලෝ මීටර 40-50 අතර තද සුළං ඇතිවන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

-Advertisement-

ව්‍යාජ ගිණුම් හදාගෙන, ඇමෙරිකා තානාපති කමත් කරලා

0

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චනග් ඇතුළු තානාපති කාර්යාල සේවකයන්ගේ සමාජ මාධ්‍ය ගිනුම් ලෙස පෙනී සිටින ව්‍යාජ ගිණුම් රැසක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද කාර්යාලය පවසයි.

එම තානාපති කාර්යාලය, තානාපතිනිය ඇතුළු තානාපති කාර්යාලයීය නිලධාරීන් ලෙස පෙනී සිටිමින් පවත්වාගෙන යන ගිනුම් සම්බන්ධයෙන් සත්‍යතාව තහවරු කරගන්නා ලෙසත් එම ගිනුම් තවදුරටත් පරිශීලනය කිරීමෙන් වැළකී සිටින ලෙසත් තානාපති කාර්යාලය ජනතාව දැනුම්වත් කරයි.

එවැනි ගිණුම් සමග සමඟ සම්බන්ධ වීම හෝ ඒවා මත රඳා පැවතීමෙන් වළකින ලෙසද තානාපති කාර්යාලය ඉල්ලා සිටී.

තානාපති කාර්යාලයේ නිල වෙබ් අඩවිය වන https://lk.usembassy.gov/ වෙත පිවිස එහි නිවැරදි තානාපති කාර්යාල සමාජ මාධ්‍ය ගිණුම් පමණක් අනුගමනය කරන ලෙසද ඇමරිකානු තානාපති කාර්යාලය ඉල්ලයි.

X හි තානාපති චුන්ග්: @USAmbSL

X හි එක්සත් ජනපද තානාපති කාර්යාලය: @USEmbSL

Instagram හි එක්සත් ජනපද තානාපති කාර්යාලය: @USEmbSL

Facebook හි එක්සත් ජනපද තානාපති කාර්යාලය: http://facebook.com/Colombo.USEmbassy

‘ශ්‍රී ලංකාවේ එක්සත් ජනපදය පිළිබඳ නිවැරදි යාවත්කාලීන කිරීම් සඳහා තානාපතිනී ජූලි චුන්ග්ගේ X (@USAmbSL) හි නිල ගිණුම් අනුගමනය කරන ලෙස අපි මහජනතාව දිරිමත් කරමු. ඇයට Facebook, Instagram හෝ Telegram හි ගිණුම් නොමැති බව කරුණාවෙන් සලකන්න – එබැවින් ඔබ ඇයව එහි දුටුවහොත් එය සැබෑ ගනුදෙනුව නොවේ. යනුවෙන් ඇමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ පණිවිඩයක දැක්වේ.

එක්සත් ජනපද තානාපති කාර්යාල කොන්සියුලර් නිලධාරීන් සමාජ මාධ්‍ය වේදිකා හරහා හෝ එක්සත් ජනපද වීසා සේවා සම්බන්ධයෙන් සෘජු පණිවිඩ යැවීමෙන් පුද්ගලයන් සම්බන්ධ කර නොගන්නා බව ද එම තානාපති කාර්යාලය තහවරු කර ඇත.

-Advertisement-

ඖෂධ හිඟයක් ? රජය පැහැදිළි කරයි

0

රජයේ රෝහල්වල ඖෂධ කිහිපයක හිඟයක් පවතින නමුත් විරුද්ධවාදීන් පවසන තරම් ඖෂධ හිඟයක් නැතැයි සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පවසයි.

ඔහු මේ බව පැහැදිළි කරමින් කියා සිටියේ ඖෂධ වර්ග 180ක හිඟයක් පවතින බවට තොරතුරු ප්‍රචාරය කර ඇතත් සත්‍ය වශයෙන් ම හිඟ වී ඇත්තේ ඖෂධ වර්ග හතලිස් ගණනක් බවයි.

“අපි පිළිගන්නවා ඖෂධ වර්ග කිහිපයක හිඟයක් තියෙනවා. එය අවුරුදු ගණනාවක් තිස්සේ තිබෙන ප්‍රශ්නයක්. ආර්ථික අර්බුදය නිසා ඖෂධ හිඟය තවත් වැඩි වුණා. ඒ ගැටලුව තවමත් තියෙනවා. ඒ නිසා අපේ සැපයුම් ජාලයේ වරින් වර ගැටලු ඇති වී තිබෙනවා. ඇතැම් අවස්ථාවල දී ඖෂධ වර්ග 150-180ක පමණ හිඟතාවක් ඇති වෙන බවත් පිළිගන්නවා. එය මුළු ශ්‍රී ලංකාවේ ම ඇතිවන හිඟයක් නෙවෙයි. ඖෂධ හිඟ වෙන්නේ ප්‍රධාන ගබඩාවේ. යම් ඖෂධයක් ලැබුණු හැටියේ එය ශ්‍රී ලංකාව පුරාම බෙදාහරින නිසා ප්‍රධාන ගබඩාවේ ඒ ඖෂධය නැතිවුණත් රෝහල්වල ඖෂධය තැබෙනවා. ඇතැම් ඖෂධ පළාත් ඖෂධ ගබඩාවල තිබෙනවා. ඒ තොග අවසන්වීමට පෙර අපි ඖෂධ ලංකාවට ගෙන්වනවා. නමුත් මේ ගෙන්වන කාලය තුළ රෝහල් සහ ප්‍රාදේශීය ගබඩාවල ඖෂධ තිබුණත් ඇතැම් කණ්ඩායම් ප්‍රචාරය කරනවා ඒ ඒ ඖෂධ නැහැ කියලා. මේ වනවිට රෝහල් මට්ටමින් ගත්තාම හිඟවී තියෙන්න ඖෂධ හතලිස් ගාණක් විතර. අපි කිසිම දෙයක් වහලා නෑ. ඔය 180 කියන්නේ අපේ දත්ත පද්ධතියේ පෙන්නවන දේ ඒ් ඖෂධ හතලිස් ගණනම මිලදී ගන්න ඉතාමත්ම ලොකු මුදල් ප්‍රමාණයක් වෙන්කර තිබෙනවා. පසුගි වසරේ සියලුම ඖෂධ මිලදී ගැනීමට අපි යොමුකළ මුදලටත් වඩා වැඩි මුදලක් අපි යොමු කරලා තියෙනවා ප්‍රාදේශීය මිලදී ගැනීම් සඳහා. අපේ ප්‍රධාන ඖෂධ ගබඩාවේ තියෙන ඖෂධයක් වුණත් අනාගතයේදී හිඟ වෙන්න පුළුවන්නම් රෝහල් බලධාරීන්ට පුළුවන් ඒ් මිලදී ගැනීම කරන්න. එහෙම ක්‍රියාත්මක වුණොත් ඖෂධ හිඟ කියන කතා එන්නේ නැහැ.”

“සැපයුම් අඩාලවීම, ටෙන්ඩර් කැඳවීමේ ක්‍රියාවලිය අඩාලවීම වගේ කරුණු නිසා ඖෂධ හිඟයක් ඇතිවීම වැළැක්වීමට නම් අපි මධ්‍යම බෙහෙත් ගබඩාව තුළ ආරක්ෂිත තොගයක් පවත්වාගෙන යායුතුයි. අපි ඒ සඳහා රජයට යෝජනා කරලා තියෙනවා මාස 3-6ක් අතර කාලයක් ආරක්ෂිත තොගයක් ලබාදෙන්න කියලා ඉක්මන් මිලදී ගැනීමයක් හැටියට. ඒ්ක ඉතාමත්ම නීත්‍යානූකූල විදිහට කරන්න. මේ ආරක්ෂිත තොගයක් ගේන්න සූදානම් වනවිට පිරිසක් චෝදනා කරනවා අපි බාල බෙහෙත් ගේන්න යනවා කියලා.”

නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකාවට ඖෂධ ගෙන්වීමේ දී ඒවායේ ගුණාත්මක බව ගැන දැඩි අවධානයක් යොමු කිරීමට රජය කටයුතු කරන බවයි. ඒ නිසා කිසිසේත් ම බාල බෙහෙත් නොගෙන්වන බව ද හෙතෙම කීවේය.

-Advertisement-

කතිරයේ බලය නොහඳුනන, පහතරට වතු ජනතාව

0

සිරංගිකා ලොකුකරවිට විසිනි

වතුකරයේ ජනතාව යැයි කී සැණින් බොහෝ දෙනකුගේ සිහියට නැගෙන්නේ උඩරට කඳුකර ප්‍රදේශවල සිටින ඉන්දීය සම්භවයක් සහිත දෙමළ භාෂාව කතාකරන වතු ආශ්‍රිතව ජීවත්වන ජනතාවයි. නමුත් ඔවුන් හැරුණු විට පහතරට ද දෙමළ ජාතිකයයෝ බොහෝ පිරිසක් ජීවත් වෙති. ඔවුන් වැඩි වශයෙන් ජීවත් වනනේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක දෙකෙහිය.

ගාල්ල මාතර දිස්ත්‍රික්කවල වතු ආශ්‍රිතව ජීවත්වන දෙමළ භාෂාව කතාකරන මේ ජනතාවට උඩරට වතුකරයේ ජනතාවට තරම් ශක්තිමත් වෘත්තීය සමිති නැත. ඔවුන්ට සංවිධානාත්මක දේශපාලන පක්ෂ හෝ දේශපාලන බලයක් ද නැත. මේ නිසාම ඔවුහු උඩරට වතුකර ජනතාවට වඩා අසරණව, පීඩිතව සිය අයිතිවාසිකම් පවා දිනාගත නොහැකිව සිටිති.

ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, තවලම, නියාගම, උඩුගම, නාගොඩ, බද්දේගම සහ ඇල්පිටිය යන ප්‍රදේශ සහ මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය, කොටපොල, මොරවක, පිටබැද්දර සහ අකුරැස්ස යන ප්‍රදේශවල මෙම ජනතාව විසිරී ජීවත්වන අතර එම ප්‍රදේශ තේ කර්මාන්තයේ දී හඳුන්වන්නේ පහතරට වතුකරය යනුවෙනි.

පහතරට වතුකරයේ දෙමළ ජනතාව ජීවත්වන ප්‍රදේශ

ලේඛනගත සාක්ෂි අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ වතු කම්කරු වෘත්තියේ නිරත සංඛ්‍යාව 50,000ක් පමණ වන අතර ඔවුන් රජයේ වැවිලි සමාගම් හතරක් යටතේ පාලනය කරන වතු සමාගම් 16ක, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව යටතේ පාලන කෙරෙන එක් වත්තක, පෞද්ගලික හිමිකාරීත්වය යටතේ පවතින ප්‍රධාන වතු දෙකක, පුද්ගලික තේ කර්මාන්ත ශාලා කිහිපයක සහ කුඩා ප්‍රමාණයේ වතු තිහකට අධික සංඛ්‍යාවක සේවය කරති.

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කර්යාය විසින් 2023 වර්ෂයේ කරන ලද සංගණනයකට අනුව රාජ්‍ය වැවිළි සංස්ථාව යටතේ පාලනය වන වතුවල පදිංචි දෙමළ භාෂාව කතාකරන ජන සංඛ්‍යාව 14,969කි. 2022 වර්ෂයේ ජන ලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත මත සකස් කරන ලද ගාල්ල දිස්ත්‍රික් සංඛ්‍යා අත්පොතෙහි ගාල්ලේ වතු ජනගහනය සඳහන් කර ඇත්තේ 20,240ක් ලෙසිනි.

එසේ වුව ද ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි මහා පරිමාන පෞද්ගලික තේ කර්මාන්තශාලාවල සහ කුඩා පරිමාන පෞද්ගලික තේ වතුවල සේවය කරන දෙමළ භාෂාව කතා කරන ජනතාව පිළිබඳ තොරතුරු මෙම සංඛ්‍යාලේඛන දත්තවලට ඇතුළත්ව නැති බව අප කළ නිරීක්ෂණ අනුව තහවරු විය. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ජීවත්වන දෙමළ භාෂාව කතාකරන ජනතාවගේ සංඛ්‍යාව රජයේ දත්තවල සඳහන් ප්‍රමාණයට වඩා අධික බව පැහැදිළිය.

මාතර දිස්ත්‍රික්කයේ දත්ත අනුව 60,000කට වැඩි කම්කරුවන් පිරිසක් වතු ආශ්‍රිත රැකියාවල නිරත වෙති. රජයට අයත් ප්‍රාදේශීය වැවිලි සමාගම්  තුනක් යටතේ පාලන කරන වතු 14ක, අක්කර දහස ඉක්මවූ මහා පරිමාන පුද්ගලික වතු සමාගම් කිහිපයක, අක්කර 400 ඉක්ම වූ පෞද්ගලික වතු සමාගමකත්, පුද්ගලික තේ වතු කර්මාන්තශාලා කිහිපයක සහ කුඩා ප්‍රමාණයේ වතු විස්සකට අධික සංඛ්‍යාවකත් ඔවුහු සේවයේ නිරතව සිටිති.

Community Development service for Plantations Peoples නැමති රාජ්‍ය නොවන සංවිධානය විසින් 2017 වසරේ සිදුකරන ලද සංගනනයක තොරතුරු අනුව මාතර දිස්ත්‍රික්කයේ දෙමළ කතාකරන ඡන්ද හිමියන් ලෙස ලියාපදිංචිව සිටි පුද්ගලයන් සංඛ්‍යාව 26,000කි. කොටපොළ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පමණක් ඉන්දීය සම්භවයක් සහිත දෙමළ කතාකරන 10,000කට අධික පිරිසක් ඡන්ද හිමියන් ලෙස ලියාපදිංචිව සිටින බව ද එම සංගණනයේ තොරතුරු අනුව අනාවරණය වෙයි. කෙසේවුවද මාතර දිස්ත්‍රික්කයේ ද දෙමළ ජනතාව පිළිබඳ නිවැරදි දත්ත නොමැති බව පෙනීයන කරුණකි.

දළ විශ්ලේෂණයට අනුව පෙනී යන්නේ වතු ආශ්‍රිත ඉන්දීය සම්භවයක් සහිත දෙමළ ජනතාව ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක ‍දෙකෙහි 100,000කට වැඩි පිරිසක් ජීවත්වන බවයි.

කෙසේ වෙතත් මෙම ජනතාවට බොහෝ ගැටලුවලට මුහුණ දීමට සිදුව ඇත. ඔවුහු දීර්ඝ කාලයක් ජීවත් වන්නේ ජීවත්වීමට කිසිසේත්ම නුසුදුසු අබලන් වූ පේළි වතු නිවාසවලය. ඔවුන්ට ඔවුන්ගේ භාෂා අයිතිය පවා අහිමිවී ඇත. දරුවන්ගේ මෙන් ම විශේෂයෙන් ම ස්ත්‍රීන්ගේ සෞඛ්‍ය සහ පෝෂණය පිළිබඳ බරපතල ගැටලු ඇති අතර දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලැබීමේ වරම් ද අහිමි වී තිබේ. ඔවුන්ට වතු කම්කරු රැකියාවට ම යොමුවීමට සිදුව ඇත්තේ ආර්ථික දුෂ්කරතා රැසක් ද උරුම කර දෙමිනි. අවම වශයෙන් මේ වතු කම්කරුවන්ට තමන්ගේ නමට ලිපියක් හෝ ලැබෙන්නේ නැත. ඔවුන්ට ආගමික සහ සංස්කෘතික ප්‍රශ්න ගණනාවක් ද තිබේ.

මේ ජනතාවගෙන් නැගෙන ප්‍රධාන චෝදනාවක් වන්නේ වතු සමාගම්වල පරිපාලනය හෝ රට පාලනය කරන ආණ්ඩු හෝ තමන් මුහුණ දෙන ගැටලු කෙරෙහි අවධානය යොමු නොකරන බවයි.

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සිටින පහතරට වතු ප්‍රජාවටට උඩරට වතු කම්කරුවන්ට මෙන් ශක්තිමත් වෘත්තීය සමිති හෝ දේශපාලන නියේජිතයන් හෝ නැත. මේ නිසාම වතු පාලකයන් සමඟ හෝ දේශපාලන බල අධිකාරිය සමඟ කේවල් කිරීමට හැකි නියෝජිතයන් ද ඔවුන්ට නැත.

ඔවුන් අතර, ප්‍රජා නායකයන් ද නැත. පහතරට වතු ප්‍රජාව තුළින් ම එවැනි නායකයන් බිහිවන්නේ නම් පාලකයන් කරන්නේ ඔවුන් ආරම්භයේ දී ම තලා පෙලා විනාශ කර දැමීමයි. පදිංචි නිවසින් එළියට ඇද දැමීම හෝ රැකියාව අහිමිකර වත්තෙන්ම එළවා දැමීම හෝ සිදුකරයි.

පහතරට වතුකර ජනතාගේ දහසකුත් එකක් ප්‍රශ්න වලට දේශපාලන නායකත්වයේ මැදිහත් වීමකින් තොරව විසඳුම් සෙවීමට හැකි ද යන ගැටලුවකි. මේ සඳහා හොඳම විසඳුම ඇත්තේ ප්‍රාදේශීය දේශපාලනයේ ය. ඒ නිසා ම පළාත් පාලන ආයතනවලට, පළාත් සභාවට සහ පාර්ලිමේන්තුවට ද පහතරට වතුකරයේ දෙමළ ජනතාවගේ නියෝජිතයකු තෝරා පත්කර යැවීමට හැකිනම් ඔවුන්ට දේශපාලන නියෝජනයක් ලැබෙනු ඇත.

වතු ආශ්‍රිත දෙමළ ජනතාවට පහසුකම් සැපයීමේ වගකීම පළාත් පාලන ආයතන විෂය පථයට ද ඇතුළත්ව ඇත. නමුත් එය නිසි පරිදි ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නැත.

2024 පැවැත් වූ මහ මැතිවරණයේ සහ පසුගිය මැයි 06 වැනි දා පැවැත් වූ පළාත් පාලන මැතිවරණයේ ඡන්ද හැසිරීම අනුව පෙනීයන්නේ තමන්ගේම නියෝජිතයන් ප්‍රාදේශීය සභා කිහිපයකට ම පත්කර ගැනීමට පමණක් නොව පහතරට වතු කම්කරු ජනතාව නියෝජනය කරමින් පාර්ලිමේන්තු අසුනක් සඳහා නියෝජිතයකු පත්කර ගැනීම වුවද මේ ජනතාවට අසීරු කරුණක් නොවන බවයි. නමුත් ඔවුන් එය මෙතෙක් නිසි පරිදි තේරුම් ගෙන නැත. ඔවුන් ඒ ඒ දේශපාලන පක්ෂවලට බෙදී සිටින නිසාම බලය කේන්ද්‍ර කරගැනීමට නොහැකිව සිටිති.

2002 වර්ෂයේ පළාත් පාලන මැතිවරණයෙන් කොටපොළ ප්‍රාදේශීය සභාවට ජනතා විමුක්ති පෙරමුණෙන් කුවෙනිස් කුමාර් යන දෙමළ ජාතිකයකු පත්කළ ද ඔහු සභික ධූරයේ දිවුරුම් දී දින කිහිපයකට පසු ඉල්ලා අස්වූයේ ය. මෙරට ඉතිහාසයේ පහතරට වතු දෙමළ ජනතාව වෙනුවෙන් පළාත් පාලන ආයතනයක් නියෝජනය කළ පළමු පුද්ගලයා වන්නේ ඔහුය.

කොට්ඨාස සහ සමානුපාතික යන මිශ්‍ර මැතිවරණ ක්‍රමය යටතේ 2018 වසරේ පැවැති පළමු පළාත් පාලන මැතිවරණයෙන් මාතර දිස්ත්‍රික්කයේ කොටපොළ ප්‍රාදේශීය සභාවට පහතරට වතු දෙමළ ජනතාවගේ නියෝජිතයන් තිදෙනකු පත්ව සිටියහ.

එවර මැතිවරණයෙන් කොටපො‍ළ ප්‍රාදේශීය සභාවේ කන්දිලිපාන කොට්ඨාසය එක්සත් ජාතික පක්ෂයේ ටී.රාජ්කුමාර් විසින් ද තැනිපිට කොට්ඨාසය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇලෙක්සැන්ඩර් සීමන් විසින් ද ජයග්‍රහණය කරන ලදී. ජනතා විමුක්ති පෙරමුණ කොටපොළ ප්‍රාදේශීය සභාවේ අනෙකුත් කොට්ඨාසවලට සාපේක්ෂව තැනිපිට කොට්ඨටාසයේ වැඩි ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කර තිබූ බැවින් එම පක්ෂයෙ නියෝජනය කරමින් තැනිපිට කොට්ඨාසයට ඉදිරිපත් වූ කදිරේෂන් කන්නන් ද නියෝජිතයකු ලෙස සභාවට පත්කර තිබිණි.

ඊට පෙර පැවැති සමානුපාතික ක්‍රමය යටතේ ද දෙමළ ජාතිකයන් මැතිවරණවලට තරඟ කර ඇති නමුත් ඔවුන්ට ප්‍රාදේශීය සභාව නියෝජනය කිරීමේ අවස්ථාව අහිමි වී තිබිණි. නමුත් ජනවර්ගයක් ඒකරාශී ව සිටින ප්‍රදේශයක දී කොට්ඨාස ක්‍රමයෙන් මහජන නියෝජිතත්වය ලබාගත හැකි බවට පළාත් පාලන මැතිවරණය හොඳම උදාහරණයකි.

මෙවර මැතිවරණයේ දී තැනිපිට කොට්ඨාසයෙන් තරඟ කළ ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය සභා හිටපු නියෝජිත කදිරේෂන් කන්නන් එම කොට්ඨාසය ජයග්‍රහණය කරමින් ප්‍රාදේශීය සභාවට තේරී පත්ව සිටියි. බහුමන්ත්‍රී ආසනයක් වූ තැනිපිට කොට්ඨාසයේ අනෙක් මන්ත්‍රීවරයා වන්නේ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරියකු වන ප්‍රේමරත්න රන්කඩුව මහතාය.

එමෙන් ම කොටපොළ ප්‍රාදේශීය සභාවට කන්දිල්පාන කොට්ඨාසයෙන් ද ආර්.පුණියමූර්ති තරඟ කළ අතර ඔහු ද ජයග්‍රහණය කිරීම නිසා කොටපොළ ප්‍රාදේශීය සභාවට පහතරට වතුකර දෙමළ ජනතාවගේ නියෝජිතයෝ දෙදෙනෙක් පත්ව සිටිති.

2018 මැතිවරණයේ දී පත්වූ එම ජනතාවගේ නියෝජිතයන් ගණන 03ක් වුව ද මෙවර එම සංඛ්‍යාව දෙදෙනකු දක්වා අඩු වී තිබෙනු දක්නට ලැබෙයි.  

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සතුව ඇති සංඛ්‍යාලේඛන අනුව බද්දේගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පිහිටි වතු 05ක පදිංචි පවුල් සංඛ්‍යාව 620ක් වන අතර ජන සංඛ්‍යාව 2,295කි. නමුත් එම සංඛ්‍යාවට ඇතුළත්ව ඇත්තේ වතු පහක පදිංචි ජනතාව සම්බන්ධ විස්තර පමණි. අප දන්නා තරමින් බද්දේගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කුඩා තේ වතු ආශ්‍රිතව වතු කම්කරු ජනතාව විශාල පිරිිසක් ජීවත්ව සිටිති.

අපි එම පිරිස සංගණනයට ලක්ව ඇති පිරිසෙන් අඩක් යැයි උපකල්පනය කළහොත් එම සංඛ්‍යාව 1,150ක් වෙති. එවිට බද්දේගම ප්‍රාදේශීය සභාවේ පමණක් වතු ආශ්‍රිත කම්කරු ජනතාව 3,445කි. ඉන් අවම වශයෙන් 75%ක් වත්, ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජනතාවය. ඒ අනුව බද්දේගම ප්‍රාදේශීය සභාවේ පමණක් එම ජන කොට්ඨාසයට අයත් ජනතාව අවම වශයෙන් 2,500කට අධිකය. ඒ අතරින් 1,500ක් පමණ ඡන්දය හිමි පිරිස වෙති. බද්දේගම ප්‍රාදේශීය සභාවට දෙමළ ජාතික නියෝජිතයකු පත්කර ගැනීමට මේ ඡන්ද ප්‍රමාණය හොඳටම ප්‍රමාණවත් ය.

එසේ වුව ද පසුගිය 2018 පළාත් පාලන මැතිවරණයෙන් හෝ 2025 පළාත් පාලන මැතිවරණයෙන් හෝ බද්දේගම ප්‍රාදේශීය සභාවට දෙමළ ජාතිකයකු පත්කර ගැනීමට එම ජන කොට්ඨාසය සමත් වී නැත.

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංඛ්‍යාලේඛන අනුව නාගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ වතු හයක් ආශ්‍රිතව  පවුල් 1,622ක පුද්ගලයන් 6,832ක් ජීවත් වෙති. සංගණනයට ලක් නොවූ කුඩා තේවතු ආශ්‍රිත ජනතාව ඉන් අඩක් ලෙස සැළකුවහොත් එම සංඛ්‍යාව 10,200ට අධිකය. ඉන් 75%ක් දෙමළ ජාතිකයන් යැයි උපකල්පනය කරන්නේ නම් නාගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පමණක් දෙමළ වතු කම්කරුවන් සංඛ්‍යාව 7,600 ඉක්මවයි. එ අතර ඡන්ද දායකයන් 5,000ක් පමණ සිටිතැයි උපකල්පනය කළහොත් නාගොඩ ප්‍රාදේශීය සභාවට සභිකයන් දෙදෙනකු හෝ තිදෙනකු පත්කරගැනීම අසීරු කරුණක් නොවේ.

අපගේ නිරීක්ෂණ අනුව පෙනී යන්නේ ඇල්පිටිය, වැලිවිටිය දිවිතුර, නියාගම, නෙළුව සහ තවලම වැනි ප්‍රාදේශීය සභාවලට ද නියෝජිතයන් පත්කර යැවීමට ප්‍රමාණවත් තරම් පහතරට වතුකර දෙමළ ජනතාවක් ඒ ඒ ප්‍රදේශවල ජීවත්ව සිටිය ද ඔවුන් ඊට අසමත්ව ඇති බවයි.

වී.රාජේන්ද්‍රන් 2009 සහ 2014 වර්ෂවල දී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් දකුණු පළාත් සභාවට තරඟ කළ අයෙකි. ලංකා ජාතික වතු කම්කරු සංගමයේ දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරයා ලෙස කටයුතු කරන ඔහු පවසන්නේ මෙවැනි කතාවකි.

වී.රාජේන්ද්‍රන්

“ඡන්ද හාරදහසක් වගේ ප්‍රමාණයක  තමයි මට ලැබුණෙ. නමුත් දිස්ත්‍රික්කයේ විසුරුණු  දෙමළ ඡන්ද විසිදහසකට වැඩි ප්‍රමාණයක් තියෙනවා. වතු කම්කරු ඡන්දත් ඉතා විශාල ප්‍රමාණයක් තියෙනවා. පළාත් සභාවට විතරක් නොවෙයි පහතරට වතුකරයෙන් පාර්ලිමේන්තුවට නියෝජිතයෙක් යවන්න පුළුවන් ලේසියෙන්ම. ඒත් එහෙම හිතන්නෙ නැහැ. ඔවුන්ට එහෙම දේශපාලන අවබෝධයක් නැහැ. මිනිස්සු ප්‍රශ්න එක්ක පොරබදමින් ජීවත් වෙනවා. මම තමයි දකුණු පළාත් සභාවට ප්‍රධාන පක්ෂයකින් තරග කරපු පළමුවැනි දෙමළ අපේක්ෂකයා. එදා මම තරඟ කරලා ජයග්‍රහණය න‍ොකළත් අපේ ජනතාවගේ ඡන්දවලට යම් වටිනාකමක් දෙන්න මට පුළුවන් වුණා.”

ලංකා සමසමාජ පක්ෂය නියෝජනය කරමින් 2013 වර්ෂයේ බද්දේගම ප්‍රාදේශීය සභාවට තරඟ කළ එම්. සෙල්වරාජ් ලංකා වතු කම්කරු සමිතියේ දිස්ත්‍රික් නියෝජිතයෙකි. ඔහු මෙසේ කියයි.

එම්.සෙල්වරාජ්

“හැම පැත්තෙන්ම වතුවල මිනිස්සු දුක් විඳිනවා. ඒ ගොල්ලන්ට තවම දැනෙන්නෙ නැහැ, මේ තත්වයට දේශපාලනය නැත්නම් දේශපාලකයො වගකියන්න ඕන කියල. ජන්ද කාලෙට බොහෝ තැන්වල අපේ අය පොඩි දේවල්වලට රැවටෙනවා.තමන් එක්ක වත්තෙ එකට ජීවත්වෙන කෙනෙක්, තමන් මුහුණදෙන ප්‍රශ්නවලට මුහුණ දෙන තමන්ගෙ කෙනෙක් මේ තැන්වලට යැව්වම, ප්‍රශ්න විසඳගන්න පහසුවක් කියන එක ඒ ගොල්ලන්ට තේරෙන්නෙ නැහැ.”

පළමුවරට කොට්ඨාස ක්‍රමය යටතේ පැවැති 2018 පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් යක්කලමුල්ල ප්‍රාදේශීය සභාවට සමගාමී ලැයිස්තුවෙන් ඉදිරිපත් වූ දොරේසාමී ජෙයරාම් මෙසේ පවසයි.

දොරේසාමී ජෙයරාම්

“අපි හැමදාම රැවටීමට ලක්වෙනවා. මම සමගාමී ලැයිස්තුවෙන් ඉදිරිපත් වුණා. අපේ තලංගහ කොට්ඨාසය දිනවන්න මම සෑම දෙමළ පවුලකටම කිව්වා පක්ෂයේ නායකයන් මාව සභාවට ගන්නවා කිව්වා ඒ නිසා ඡන්දයක් දෙන්න, දෙමළ ජනතා ප්‍රශ්නවලට මම සභිකයෙක් හැටියට මැදිහත් වෙනවා කියලා. නමුත් ඒක සිදුවුණේ නෑ. මම විතරක් නෙවෙයි ඡන්දය දීපු අපේ මිනිස්සුන්වත් රැවට්ටුවා.”

සමානුපාතික ක්‍රමය පැවතියේ නම් මැතිවරණයට ඉදිරිපත් වන ඕනෑම අපේක්ෂකයකුට ඡන්දය දීමට අදාළ පළාත් පාලන ආයතන බල ප්‍රදේශයේ පදිංචි ඕනෑම අයකුට අවස්ථාව තිබේ. නමුත් කොට්ඨාස ක්‍රමය අනුව එසේ කළ නොහැකි වීම පළාත් පාලන ආයතනවලට තම නියෝජිතයකු පත්කරගැනීමට දෙමළ ජනතාවට තිබූ අවස්ථාව තවදුරටත් අහිමි කරන්නකි. කොටපොළ ප්‍රාදේශීය සභාවේ දෙමළ ජනතාව ඒකරාශී වී සිටින ආකාරයෙන් ගාල්ලේ ඒකරාශී නොවීම සහ ඔවුන් විවිධ ප්‍රදේශවල විසිරී සිටීමත් මේ ගැටලුවට හේතුවකි.

කෙසේ වෙතත් 2018 දී යක්කලමුල්ල ප්‍රාදේශීය සභාවේ සමගාමී ලැයිස්තු අපේක්ෂක දොරේසාමී ජෙයරාම්ට මැතිිවරණයෙන් පසු අපේක්ෂකත්වය නොදී අතහැර දැමීම සිදු නොකර දෙමළ ජනතාව සිටින ප්‍රදේශවලට සමගාමී ලැයිස්තුවේ හෝ දෙමළ නියෝජනයක් ලබාදීම කෙරෙහි දේශපාලන පක්ෂ සහ වගකිව යුතු අයගේ අවධානය යොමුවිය යුතු කරුණකි.

කොටපොළ ප්‍රාදේශීය සභාවට නැවත තේරීපත් වූ කදිරේෂන් කන්නන් මෙසේ කීවේය.

කදිරේෂන් කන්නන්

 “ අපේ ජනතාව විවිධ පක්ෂවලට ඡන්දය දෙනවා. මෙවර මම කොට්ඨාසය ජයග්‍රහණය කරලා සභාවට පත්වුණා. අපි පසුගිය සභාවේ දී වතු ජනතාවගේ ප්‍රශ්න හැකිතාක් කතා කළා. යෝජනා ඉදිරිපත් කළා. සභාවේ දෙමළ මන්ත්‍රීවරුර තුන්දෙනෙක් හිටියා.  නමුත් අපි අපේක්ෂා කළ විදියට ඒ ප්‍රශ්නවලට විසඳුම් ලබාගන්න බැරිවුණා. අඩුම ගණනේ දෙමළ මන්ත්‍රීවරු තිදෙනාගේ භාෂා අයිතියවත් ආරක්ෂා වුණේ නෑ. සභාවේ සියලු කටයුතු, ලිපි ගනුදෙනු, වාර්තා සැකසීම්, අයවැය වාර්තාව සැකසීම පවා සිදුවන්නේ සිංහල භාෂාවෙන්. අපිට දෙමළ පරිවර්ථනයක්වත් ලැබෙන්නේ නෑ. මේ වතුවල අපේක්ෂකයන් මැතිවරණයට ඉදිරිපත් වුණත් සමගාමී ලැයිස්තුවල හිටියත් ඇතැම් දේශපාලන පක්ෂ ඒ ජනතාව‍ගේ අයිතිවාසිකම්වලට ගරු නොකිරීමේ ගැටලුව සහ විවිධ බලපෑම් නිසා ඔවුන්ට සභාව නියේාජනය කිරීමේ අවස්ථාව මඟහැරෙනවා.”

ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ හිටපු නියෝජිත ඇලෙක්සැන්ඩර් සීමන් මහතා මෙසේ කීවේය.

ඇලෙක්සැන්ඩර් සීමන්

“වතු ජනතාවගේ ප්‍රශ්න අපි සභාවේ කතා කරපු නිසා ඇතැම් අවස්ථාවල දී නිලධාරීන්ගේ අවධානයට එ් කෙරෙහි යොමුවෙලා මාර්ග සංවර්ධන වගේ වැඩ අපිට කරන්න පුළුවන් වුණා. නමුත් එය ප්‍රමාණවත් නැහැ. වතුකර දෙමළ ජනතාවගේ නියෝජනය, කොටපොළ ප්‍රාදේශීය සභාවේත්, අනිකුත් දෙමළ ජනතාව ජීවත්වන ප්‍රාදේශීය සභාවලත් වැඩි විය යුතුයි කියා මා විශ්වාස කරනවා. වතු ජනතාවගේ ඇතැම් ගැටලු සභාව භාරගන්නේ ඉතා සැහැල්ලුවෙන්.”

විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක වන යත්‍රී පුවනේන්ද්‍රම් මහත්මිය පහතරට වතුකර දෙමළ ජනතාගේ දේශපාලන නියෝජනය සම්බන්ධයෙන් මෙසේ කීවාය.

“මේ ප්‍රදේශවල ජීවත්වන දෙමළ ජනතාවට තමන් වෙනුවෙන් දේශපාලන නායකත්වයක් ගොඩනගා ගැනීමට අවශ්‍ය ජනතාවක් ඉන්නවා. නමුත් ඔවුන් සංවිධානාත්මක නැහැ. විශේෂයෙන් ම පහතරට වතුකර දෙමළ ජනතාව අතරින් කාන්තාවක් ප්‍රාදේශීය සභාවට පත්කරන්න පුළුවන්නම් මේ ජනතාවගේ තිබෙන සෞඛ්‍ය, අධ්‍යාපන සහ නිවාස ඇතුළු අනිකුත් යටිතල පහසුකම් සම්බන්ධයෙන්, අර්ථික දුෂ්කරතා සම්බන්ධයෙන් හොඳ හඬක් නගන්න පුළුවන්. අවම වශයෙන් ප්‍රධාන දේශපාලන පක්ෂවලින් සමගාමී ලැයිස්තුවෙන් ඉදිරිපත් කරන කාන්තා නි‍යෝජනය සඳහා මේ ජන කොට්ඨාසයේ අයකුට හෝ අවස්ථාවක් ලබාගත හැකිනම් වඩාත් සුදුසුයි.”

ඇය පෙන්වා දෙන්නේ වතුකරයේ සිටින දෙමාපියන්ට තම දරුවන් සඳහා හොඳ අධ්‍යාපනයක් ලබාදීමට ශක්තියක් නැති බැවින් දරුවන්ගේ අධ්‍යාපනය ද කඩාකප්පල් වන බවයි. රජය ඒ ගැන කිසිම උනන්දුවක් නොමැති බවත් තීන්දු තීරණ ගන්නා ආයතන වෙත ප්‍රවේශවීමට මේ ජනතාවට නොහැකි වීම බරපතල ගැටලුවක් බවත් ඇය වැඩිදුරටත් කියා සිටියාය.

සමාජ ක්‍රියාකාරිණියක් වන දෙණියායේ කේ.මධූෂා, පහතරට වතුකරයේ තරුණ පරපුරේ ගැටලු මෙන්ම කාන්තාවන් විශේෂයෙන් මුහුණපාන ගැටලු පිළිබඳ මෙසේ කීවාය.

කේ මධූෂා

“වතු ප්‍රදේශවල කාන්තාවන්ගේ මූලික ප්‍රශ්න කතා කරන්න කවුරුත් නෑ. ඔවුන් අනිත් ප්‍රදේශවල ජනතාවට වඩා විවිධ ප්‍රශ්නවලින් පීඩා විඳිනවා. අධ්‍යාපනය අවසන් කරපු අයට රැකියා අවස්ථා නැහැ. වයස ගෙවිල යනවා. සෞඛ්‍ය ප්‍රශ්න වගේම සමාජ ප්‍රශ්න රැසකට මුහුණ දෙනවා. ක්ෂුද්‍ර මූල්‍ය ණය ආශ්‍රිතවත් බරපතළ ප්‍රශ්න තියෙනවා. පේළි නිවාසවල ජීවත්වෙන තරුණ වයසේ අයට මුහුණ දෙන්න වෙන පීඩාවන් මෙහෙම කතා කරන්න බෑ. වතුවල දුක්විඳින අපේ අම්මලාගේ අත්තම සූරාකනවා. මේව සම්බන්ධයෙන් යම් හඬක් නගන්න වතුකරයේ කාන්තාවන්ට ඉඩක් නෑ. ඡන්දය ඉල්ලන්න ලැයිස්තුවට නම දැම්මත් පත්කරනකොට මේ අයට අවස්ථාව  දෙන්නෙ නෑ.”

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික පාඨ වලින් කියවෙන්නේ ලංකාව මූලික අයිතිවාසිකම් හා ඡන්ද බලය සුරකින ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවයි. නමුත් වැස්සට තෙමෙමින් අව්වට වේලෙමින් රටට ඩොලර් ගෙන ඒමට තේ ගස් යට ජීවිත දියකරන මේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් දිගින් දිගටම අමු අමුවේ උල්ලංඝනය වන බව නොරහසකි. අතීතයේ සිටම මහ ජාතියේ කෙනෙහිලිකම් වලට ගොදුරු වූ රැවටිල්ලට ලක්වූ මේ සුළුතර ජනතාවට යුක්තිය තව බොහෝ දුරදැයි රට කරවන ඇත්තන්ගෙන් විමසිය යුතුව ඇත.

-Advertisement-

“ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් බදු ගන්න එපා” – පෙත්සම විභාගයට ගනී

0

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ගිවිසුම්ගත  වූ ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් රඳවා ගැනීමේ බදු අයකිරීමට එරෙහිව ගොනුකර ඇති පෙත්සම ලබන 28 වැනි දා වැඩිදුර විභාග කිරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

හෙහ බෙක්මහ අස (22) අභියාචනාධිකරණයේ වැඩබබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර්, ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී මේ බව දැනුම් දී තිබේ.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි, නීතිඥ නිශාන් ප්‍රේමතිරත්න කියා සිටියේ 2022 අංක 45 දරණ දේශීය ආදායම් සංශෝධිත පනත යටතේ ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයන්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයන් ලෙස වැරදි සහගත ලෙස අර්ථකථනය කර තිබෙන බවයි. එසේ වුව ද ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයන් ලෙස සළකමින් වුව ද ඔවුන් එම ආයතනයේ සේවකයන් නොවන බවයි.

ක්‍රිකට් ක්‍රීඩකයන් සේවක අර්ථ සාධඛ අරමුදල් සහ වෙනත් දීමනාවලට හිමිකම් නොකියන බවත් හේතු නොවිමසා ඔවුන් ක්‍රිකට් ආයතනයේ සේවකයන් ලෙස සැළකීම නීතියට පටහැනි බවත් ඔහු වැඩිදුරටත් අධිකරණය හමුවේ කියා සිටියේ ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවේන පෙනී සිටි ජනාධිපති නීතිඥ කුවේර ද සිල්වා අදහස් දක්වමින් කියා සිටියේ ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයන් නොවන ස්වාධීන සේවා සපයන්නන් බවයි.

එසේ වුව ද ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් හි සේවකයන් ලෙස සළකමින් 2023 ජනවාරි 01 වැනි දා සිට රඳවා ගැනීමේ බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය. එමෙන් ම මේ ගැටලුව හේතුවෙන් 2024 නොවැම්බර් මාසයේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රිකට් ක්‍රීඩකයන්ට ගෙවීම් කිරීමට නොහැකි තත්වයක් උදාවී ඇතැයි ද කුවේර ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දැක්වූයේ ය.

වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මනෝහර ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් දේශීය ආදායම් සංශෝධන පනත යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම් ගත වූ ක්‍රීඩකයින් එහි සේවකයින් වශයෙන් අර්ථකථනය කෙරෙන බව සඳහන් කළේය.

ඒ අනුව ඔවුන් බදු ගෙවීමට යටත් වන බවත් හෙතෙම කියා සිටියේ ය.

-Advertisement-

අල්ලසක් ගත්තා යැයි OIC රිමාන්ඩ්

0

රුපියල් ලක්ෂ 05ක අල්ලසක් ලබාගත්තා යැයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිිපත් කළ පුවරසම්කුලම් පොලිසියේ ස්ථානාධිපතිවරයා ලබන 27 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය අද (22) නියෝග කර තිබේ.

රිමාන්ඩ් කළ පොලිස් ස්ථානාධිපතිවරයා ආරක්ෂක හේතූන් මත යාපනය බන්ධනාගාරයට මාරුකර ඇත.

-Advertisement-

ආණ්ඩුව කියූ විදියට ලුණු එන්නේ නෑ. ලුණු හිගය දිගටම

0

ආනයනය කරන ලද ලුණු තොග ශ්‍රී ලංකාවට පැමිණීම තවත් දින කිහිපයකින් ප්‍රමාදවිය හැකි බව ජාතික ලුණු සමාගම පවසයි.

රජයේ අමාත්‍යවරුන් කියා සිටියේ 21 වැනි දා ආනයනික ලුණු තොග ශ්‍රී ලංකාවට පැමිණෙන බැවින් ලුණු හිගය නිමාවට පත්වන බවයි.

පෞද්ගලික අංශයෙන් ආනයනය කළ ලුණු මෙට්‍රික්ටොන් 250ක් සහ ජාතික ලුණු සමාගම විසින් ආනයකය කරන ලද ලුණු මෙට්‍රික්ටොන් 2,800ක් ලෙස ලුණු මෙට්‍රික්ටොන් 3,050ක තොගයක් ශ්‍රී ලංකාවට ගෙනඒමට නියමිතව තිබිණි.

ලුණු තොග ආනයනය කිරීම ප්‍රමාද වන්නේ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් බවත්, ඉන්පසු අඛණ්ඩව ලුණු තොග මෙරටට ලැබෙනු ඇති බවත් ජාතික ලුණු සමාගම පවසයි.

.

-Advertisement-

ගාල්ල ජාතික රෝහලේ, ලේ උරාබොන සත්තු හැමතැනම. සුනඛයන්ගේ රජ දහනක් වෙලා

0

ගාල්ල ජාතික රෝහල අයාලේ යන සුනඛයන්ගේ රජ දහනක් බවට පත්ව ඇති අතර එහි වාට්ටුවල පවා ලේ උරාබොන කිනිතුල්ලන් දක්නට ලැබෙයි.
මෙම සුනඛයන් රෝහලට දැඩි ප්‍රශ්නයක් වී ඇති බවත්, රෝහලට පැමිණෙන රෝගීන් පවා සපාකන මෙම සුනඛයන් ඉවත්කිරීම ගැටලුවක් වී ඇති බවත් ගාල්ල ජාතික රෝහලේ අධයක්ෂ වෛද්‍ය රංග දිසාපතිගේ මහතා අප කළ විමසීමක දී කියා සිටියේය.
අප කළ සොයා බැලීමේ දී අනාවරණය වූයේ ගාල්ල ජාතික රෝහල් පරිශ්‍රයේ සුනඛයන් 50-60ක් පමණ නිදැල්ලේ හැසිරෙන බවයි. එම සුනඛයන් රෝහලේ වාට්ටුවල, බාහිර රෝගී අංශයේ වෛද්‍ය ප්‍රතිකාර කාමරවල, වෛද්‍ය රසායනාගාරයේ, එන්නත් කාමරය සහ ඒ ඉදිරිපිට, ලේ බැංකුව අසළ, වකුගඩු ඒකකය ඉදිරිපිට, හෘද රෝග ඒකකයේ, දන්ත ශල්‍යාගාරය, අධ්‍යක්ෂවරයාගේ කාර්යාලයේ, ඖෂධ නිකුත්කරන ඔසු සැල්වල පමණක් නොව ප්‍රධාන හෙද නිලධාරී කාර්යාලයේ පවා සිටිති. මෙම සුනඛයන් රෝහලේ ඇතුළත බිම් මහළේ මෙන් ම උඩු මහළේ දී රෝගීන්ගේ සාමාන්‍ය දින චර්යාවට බාධා කරමින් සිටින අතර උඩුමහල්වල සිටින සුනඛයන් සිය බහිශ්‍රාවීය ද්‍රව්‍ය බැහැර කරන්නේ ද රෝහලේ කොරිඩෝවලට වීම විශේෂත්වයකි. රෝගීන්ට වාඩිවීමට ඇති පුටුවලට අරක්ගත් සුනඛයන් ද මේ රෝහල තුළ දක්නට ඇත.
එමෙන් ම අධ්‍යක්ෂවරයාගේ කාර්යාලයේ දොරට මුත්‍රා කරන සුනඛයන් ද සිටින බව රෝහල් සේවකයෝ ම කියති. රෝහලේ වාට්ටු කිහිපයක සුනඛයන් සහ බළලුන් නිසා බෝවන ලේ උරාබොන මැක්කන් සහ කිනිතුල්ලන් ද අපට නිරීක්ෂණය කළ හැකිවිය.
පසුගියා දා රෝහලට පැමිණ ප්‍රතිකාර ලබාගත් විදේශිකයකු රජයට ගෙවිය යුතු මුදල් ගෙවීමට අධ්‍යක්ෂවරයාගේ කාර්යාලයට ගිය අවස්ථාවක දී රෝහලේ සිටින සුනඛයකුගේ සපාකෑමට ලක්ව තිබිණි.
මේ සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය රංග දිසාපතිගේ මහතාගෙන් විමසූ විට හෙතෙම මෙසේ කීවේය.
“මේ සුනඛයන් අපිට හරිම වදයක් වෙලා තියෙන්නේ. හැමතැනම විෂබීජ. රෝහලේ ම සේවක සේවිකාවන් මේ සතුන්ට කෑම දෙනවා. ඔවුන් හුරතල් කරනවා. මේ රෝහලට එන රෝගීන් සපා කන අවස්ථා නිතර නිතර වාර්තා වෙනවා. සුනකයන් ඉවත්කිරීමේ වගකීම කවුරුවත් ගන්නේ නෑ. අපිට මේ සත්තු මරන්න බෑ. වෙන තැනකට ගෙනිහින් දාන්නත් අපිට හැකියාවක් නෑ. ඒකට වෙන පාර්ශව ඉන්නවා. ඒක ගැන රජය තීරණයක් ගන්න ඕනේ. නගර සභාවට මේ ගැන දැනුම් දුන්නා. කිසිම තීරණයක් නෑ. දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට කිව්වා. ඔවුන් කියන්නේ සුනඛයන් ගෙනිහින් දාන්න තැනක් නෑ කියලා. හබරාදුවේ පිහිටි රාජ්‍ය නොවන සංවිධානයකට කතා කළා. ඒ අය සුනඛයන් සම්බන්ධයෙන් වැඩ කරනවා. එයාලත් මේකට විසඳුමක් දෙන්න බෑ කිව්වා. සුනඛයන් ඉවත්කරන කොට සත්ව ප්‍රේමීන් ඇවිත් ඒකට විරුද්ධ වෙනවා. ‍අපිට ජලභීතිකා එන්නත් සඳහාම විශාල මුදලක් වැයකරන්න වෙලා. මේකට වහාම විසඳුමක් හොයන්න ඕනේ. මේ සුනඛයන් නිසා රෝගීන් දැඩි අපහසුතාවකට ලක්වෙනවා කියා අපි පිළිග්නවා. නමුත් විසඳුමක් නෑ. මේ සුනඛයන් වන්ධ්‍යාකරන සැත්කම්වලට භාජනය කරන්න ඇතැම් අය කටයුතු කළා. වන්ධ්‍යාකරණය කළත් රෝහල් පරිශ්‍රයකට සුනඛයන් අදාළ නෑ කියලා අපි පිළිගන්නවා. මොවුන් රෝහල ඇතුළේ මළ පහ පවා කරනවා. මේ සඳහා ඇත්තටම විසඳුමක් අවශ්‍යයි.”
රෝහලේ වාට්ටුවල කිනිතුල්ලන් සහ මැක්කන් සිටින බව සනාථ කළ හැකි ඡායාරූප පවා අප සතුව ඇති බව රෝහල් අධ්‍යක්ෂවරයාට කී විට ඔහු කීවේ මේ තත්වය ඉතාමත් අවාසනාවන්ත දෙයක් බවයි. රොහලේ කාර්ය මණ්ඩලය ද මෙයට වගකිව යුතු යැයි ද ඔහු පිළිගත්තේය.
සුනඛයන් සම්බන්ධයෙන් කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් සමඟ සම්බන්ධ වෙමින් ගාල්ල ජාතික රෝහලේ සුනඛයන්ට මෙන් ම කරාපිටිය නගරය අවට සුනඛයන්ටත් ආහාර පාන ලබාදෙන එක්තරා වෛද්‍යවරියක් මේ සුනඛයන් පිළිබඳ අප වාර්තාවක් සකස්කරන බව දැන අපට ඇමතුමක් ගත්තාය. ඇය කීවේ මෙවන් කතාවකි.
“ඔයාලා ඒ සත්තුන් මරවන්නද හදන්නේ. දන්නවා ද සතුන්ටත් අයිතිවාසිකම් තියෙනවා. මම ඔය බල්ලන් සියලු දෙනා එන්නත් කරලා තියෙන්නේ. සත්ව හිංසන පනත යටතේ මේ සතුන්ට කිසිම හිරිහැරයක් කරන්න ඔයාලට අයිතියක් නෑ. ඒ බල්ලෝ නිසා විෂබීජ පැතිරෙනවා කියලා ප්‍රචාරය කරන්න එපා. ඒක වැරදියි.”
අපි මාධ්‍යවේදීන් ලෙස ඇයගෙන් ප්‍රශ්න කෙළමු. එම සුනඛයන් එන්නත් කළා යැයි ඇය කීව ද ඒ බව සනාථ කිරීඹට ඇයට කිසිදු සාක්ෂියක් තිබුණේ නැත. එමෙන් ම එම සුනඛයන් සෝදා පිරිසිදු කරන්නේ නැතැයි ද ඇය පිළිගත්තාය. සුනඛයන්ට වඳ සැත්කම් කළ පමණින් විෂබීජ බෝ නොවනවායැයි සහතිකයක් දිය හැකිදැයි ඇගෙන් විමසූ විට ඇය කියා සිටියේ තවදුරටත් ඔවුන්ගෙන් පැටවුන් බෝ නොවන බවයි. රෝහලේ සිටින සුනඛයන් නිසා විෂබීජ බෝ වනවායැයි ප්‍රචාරය කරන්නට එපා යැයි ඇය කීව ද එසේ විෂබීජ පැතිරෙන්නේ නැතැයි සහතිකයක් දීමට ද ඇය අපොසත්වූවාය. අපි ඇයගේ සත්ව කරුණාව අගය කරන්නෙමු. නමුත් රෝගීන් බිල්ලට දී සුනඛයන් වෙනුවෙන් පෙනී සිටින ඇය පවසන සත්ව හිංසාව පිළිබඳ පනත තවමත් සම්මත වී නැත. සම්මත වීමට නියමිත පනතේ ද සත්ව අවිහිංසාව සම්බන්ධයෙන් නීති රෙගුලාසි ඇත්තේ ගෘහස්ථ සුනඛයන් සම්බන්ධයෙන් මිස රෝහල්වල අයාලේ යන සුනඛයන් සම්බන්ධයෙන් නොවන බව ඇය දැන සිටියේ ද නැත.
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගෙන් මේ පිළිබඳ අපි විමසූ විට ඔහු මෙසේ කීවේය.
“මේක ඉතාමත් භයානක තත්වයක්. ජලභීතිකා මර්ධනය කරන මානව එන්නතටත්, සතුන්ට ලබාදෙන ජලභීතිකා එන්නතටත් සතුන් වන්ධ්‍යාකරණ කටයුතුවලටත් අවුරුද්දකට කෝටි ගණනක් වෙන්කරන්න වෙලා තියෙනවා. රෝහල්වල සුනඛයන් නොසිටිය යුතුයි. මේ ගැන අපි වහාම සොයා බලා විසඳුමක් ලබාදෙන්න කටයුතු කරනවා. ගාල්ල ජාතික රෝහලේ විතරක් නෙවෙයි, කිසිම රෝහලක, වෛධ්‍ය මධ්‍යස්ථානයක සුනඛයන්ට සහ පූසන්ට ඉඩක් නැහැ. සත්ව රෝහලක ඒ අය හිටියාට ගැටලුවක් නෑ. අධ්‍යක්ෂවරයාට මේ ගැන දැනුම් දී වහාම පියවර ගැනීමට කටයුතු කරනවා.”
ශ්‍රී ලංකාවේ පවතින නීතිමය රෙගුලාසි අනුව සියලු සුනඛයන් පළාත් පාලන ආයතනයේ ලියාපදිංචි කළ යුතුය. යම් සුනඛයකු ලියාපදිංචි කර නැතිනම් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ අයිතිය ඇත්තේ පළාත් පාලන ආයතනවලටය. හිමිකරුවකු නැති සුනඛයකු අයාලේ යන සුනඛයෙකි. තවමත් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නීතිය අනුව මෙවැනි පරිශ්‍රයක සිටින සුනඛයන් ඉවත් කිරීම රජයේ වගකීමයි. එය පළාත් පාලන ආයතන විෂය පථයට ඇතුළත්ය.

-Advertisement-

රනිල්ගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාට මාරුවීමක්

0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වහාම ක්‍රියාත්මක වන පරිදි කන්කසන්තුරේ පොලිස් ස්ථානයට මාරුකර යැවීමට පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ වසර 23ක් රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක ඒකකයේ කටයුතු කර ඇති අතර වසර 15කට වැඩි කාලයක් හිටපු ජනාධිපතිවරයාගේ පුද්ගලික ආරක්ෂකයා ලෙස කටයුතු කර ඇත්තේ ඔහු ය.

අද (01) සිට බලපැවැත්වෙන පරිදි මෙම ස්ථානමාරුවීම සිදුකර ඇත්තේ පොලිස් කොමිෂන් සභාවේ ද අනුමැතිය යටතේ බව ද සඳහන් වේ.  

-Advertisement-