අඩු වයස් ගැබ් ගැනීම් ශ්‍රී ලංකාව බරපතල සමාජ ප්‍රශ්නයක් බවට පත්ව තිබේ. සමාජ දැනුම්වත් කිරීම් සහ උපදේශන සේවාවන් හේතුවෙන් ක්‍රමයෙන් එවැනි ගැබ් ගැනීම්වල අඩුවීමක් දක්නට ලැබුණ ද තවමත් එය මෙරට සමාජ ප්‍රශ්නයක් බව පෙනෙන්නට තිබේ.
ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ FactSeeker 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කරන ලද විමසුමකට අනුව පවුල් සෞඛ්‍ය කාර්යාංශයෙන් ප්‍රජනක සෞඛ්‍ය කළමනාකරණ තොරතුරු පද්ධතිය මගින් ලබාගත් තොරතුරු අනුසාරයෙන් ලැබී ඇති තොරතුරු විශ්ලේෂණයේ දී අනාවරණය වන්නේ තවමත් අඩු වයස් ගැබ් ගැනීම් සඳහා ශ්‍රී ලංකාවේ නව යොවුන් වියේ තරුණියන් ගොදුරුවන බවයි.
අඩු වයස් ගැබ් ගැනීමක් ලෙස සලකනු ලබන්නේ වයස අවුරුදු 18ට අු ගැහැනු ළමයකු ගැබ් ගැනීමයි. මෙය ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල් මුහුණ දෙන සෞඛ්‍ය හා සමාජ-ආර්ථික ගැටලුවකි.
මේ හා සම්බන්ධව වර්තමානයේ ප්‍රවණතා සහ ව්‍යාප්තිය (Trends and Prevalence) පිළිබදව සලකා බැලීමේදී ශ්‍රී ලංකාවේ නව යොවුන් වියේ ගැබ්ගැනීම්වල අනුපාතය පසුගිය වසර 05 තුළ ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව පෙනී යයි.
2020 දී ශ්‍රී ලංකාවෙන් අඩු වයස් ගැබ් ගැනීම් 2657ක් වාර්තා වූ අතර, 2021 වර්ෂයේ දී අඩු වයස් ගැබ් ගැනීම් 2,349ක් වාර්තා විය. 2022 වර්ෂයේ දී අඩු වයස් ගැබ් ගැනීම් සංඛ්‍යාව 2,287ක් වාර්තා වී ඇතිඅ තර 2023 වර්ෂයේ දී එය 1,941ක් දක්වා පහත වැටී තිබිණි. 2024 වර්ෂයේ දී අඩු වයස් ගැබ් ගැනීම් වාර්තා වී ඇත්තේ 1872ක් පමණි. ඒ අනුව 2020 වර්ෂයට සාපේක්ෂව 2024 වර්ෂය වන විට වාර්ෂික අඩු වයස් ගැබ් ගැනීම් සංඛ්‍යාව 800කින් පමණ අඩු වී තිබීම හොඳ ප්‍රවාණතාවකි. එහෙත් එය සෑහීමකට පත්විය හැකි තත්වයක් නොවේ යැයි සෞඛ්‍ය අංශ පවසයි.
2024 වර්ෂයේ දී අඩු වයස් ගැබ් ගැනීම් වැඩිපුරම වාර්තා වී ඇත්තේ මඩකලපුව දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 158ක් වන අතර පුත්තලම දිස්ත්‍රික්කයෙන් ද 2024 වර්ෂයේ දී අඩු වයස් ගැබ් ගැනීම් 153ක් වාර්තා වී ඇත. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් 146ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 140ක් සහ කල්මුණේ දිස්ත්‍රික්කයෙන් 95ක් වශයෙන් අඩු වයස් ගැබ් ගැනීම් වාර්තා වී තිබේ.
වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ නව යොවුන් වියේ ගැබ්ගැනීම් මවට සහ දරුවාට යන දෙදෙනාටම බරපතල සෞඛ්‍ය හා සමාජ-ආර්ථික අවදානම් ගෙන එන බවයි.
එමෙන්ම නව යොවුන් වියේ මව්වරුන්ට පාසල් අධ්‍යාපනය අතරමග නැවැත්වීම, සීමිත රැකියා අවස්ථා සහ ආර්ථික දුෂ්කරතා වලට මුහුණ දීමට සිදුවීම බහුලව දක්නට ලැබෙන අතර, එමඟින් දරිද්‍රතාවයේ චක්‍රයක් ඇතිවිය හැකිය.
නව යොවුන් වියේ ගැබ්ගැනීම් සඳහා විවිධ සාධක බලපායි.අඩු අධ්‍යාපන මට්ටම, දිළිඳු පවුල් පසුබිම, සමහර ප්‍රජාවන් තුළ අඩු වයසින් විවාහ වීම හෝ විවාහයෙන් පසු ඉක්මනින් දරුවන් ලැබීම අපේක්ෂා කිරීම , ලිංගික හිංසනය, පවුල් ගැටුම් සහ නව යොවුන් වියේ යුවළ එකට ජීවත් වීමේ ප්‍රවණතාවයේ වැඩිවීමක් ද ඒ අතර ප්‍රධාන වේ.
නව යොවුන් වියේ ගැබ් ගැනීම් වැළැක්වීම මාතෘ මරණ අඩු කිරීමට, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීමට සහ යෞවනයන්ගේ යහපැවැත්ම ඉහළ නැංවීමට ශ්‍රී ලංකාවේ ඉතා වැදගත් වන අතර ඒ සඳහා සෞඛ්‍ය, අධ්‍යාපන සහ සමාජ අංශයන්ගෙන් ඉලක්කගත මැදිහත්වීම් අවශ්‍ය වේ.