-4.3 C
New York
Home Blog Page 2

සතුන් වත්තට බරක් වූ, තල්මසුන් මරා දැමීමේ අවදානමක්

0

බෙලූගා තල්මසුන් 30 දෙනෙකු චීනයට යැවීමට කළ ඉල්ලීම රජය විසින් අවහිර කිරීමෙන් පසු, කැනේඩියානු විනෝද උද්‍යානයක් ඔවුන් මරා දමන බවට රජයට දැනුම් දී ඇත.

වසර ගණනාවක් තිස්සේ සත්ව සුබසාධන ගැටළු සහ මූල්‍ය දුෂ්කරතාවන්ට මුහුණ දීමෙන් පසු, ඔන්ටාරියෝ හි මැරීන්ලන්ඩ්, ෂුහායි හි තේමා උද්‍යානයකට මෙම තල්මසුන් යැවීමට බලාපොරොත්තු විය.

නමුත් “පොදු විනෝදාස්වාදය” හා සමාන ප්‍රමිතියෙන් තොර සැළකිලිවලට එම තල්මසුන්ට මුහුණ දීමට සිදුවනු ඇතැයි යන බිය නිසා, කැනේඩියානු රජය පසුගිය සතියේ ඔවුන් එලෙස යැවීම ප්‍රතික්ෂේප කළේය.

මේ හේතුවෙන් සත්වෝද්‍යාන බලධාරීන් එහි සතුන් රැකබලා ගැනීම දිගටම කරගෙන යාම සඳහා ෆෙඩරල් අරමුදල් ඉල්ලා සිටියේය. නමුත් එය ද ප්‍රතික්ෂේප කරන ලද අතර, ධීවර අමාත්‍ය ජොඈන් තොම්සන් විසින් එය “නුසුදුසු” ඉල්ලීමක් ලෙස හංවඩු ගසන ලදී.

නිව් යෝර්ක් ටයිම්ස් සහ සීබීසී ප්‍රවෘත්ති වලට අනුව, මෙහෙයුම් අවසන් කරන විට අරමුදල් නොමැතිකම නිසා, බෙලූගාස් මරා දැමීම සිදුවිය හැකි බව මැරීන්ලන්ඩ් දැන් පවසා තිබේ.

මෙය “ඇමතිවරියගේ තීරණයේ සෘජු ප්‍රතිඵලයක්” බව එහි සඳහන්ව ඇතැයි වාර්තා වේ.

උද්‍යානය “අර්බුදකාරී මූල්‍ය තත්ත්වයක” පවතින බවත්, තල්මසුන් සඳහා ප්‍රමාණවත් රැකවරණයක් ලබා දිය නොහැකි බවත්, ගිම්හානයේදී වසා දමා ඇති අතර එහි සිටින සතුන් ඉවත් කර ඇති බවත් උද්‍යානය අමාත්‍යවරුන්ට දැනුම් දී ඇති බව කියනු ලැබේ.

නමුත් බෙලූගාස් සඳහා මැරීන්ලන්තයේ ශක්‍ය විකල්ප වාසස්තානයක් නොමැතිකම නිසා කැනේඩියානු රජය ඔවුන්ගේ රැකවරණය සඳහා වියදම් ලබාදිය නැතිය තොම්සන් පැවසීය.

මැරීන්ලන්ඩ් බලාපොරොත්තු වූයේ බෙලූගා තල්මසුන් හොංකොං සහ චීනයේ මැකාවු අතර පිහිටි ෂුහායි හි චිමෙලොන්ග් සාගර රාජධානියට යැවීමටයි.

2019 දී තල්මසුන් සහ ඩොල්ෆින් මසුන් විනෝදාස්වාදය සඳහා භාවිතා කිරීම නීති විරෝධී බවට පත් කළ ධීවර නීති ශක්තිමත් කිරීම නිසා එම පියවර තහනම් බව පවසමින් තොම්සන් ඒ සඳහා අවශ්‍ය අපනයන බලපත්‍රය ලබාදීම ද ප්‍රතික්ෂේප කර තිබිණි.

මැරීන්ලන්ඩ් පිළිබඳ විවේචන ආරම්භ වූයේ 2020 දී සත්ව සුබ සාධන සේවා උද්‍යානය පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කළ විටය.

වසර දෙකක කාලයක් තුළ උද්‍යානයේ තල්මසුන් 12 දෙනෙකු මිය ගොස් ඇති බව අනාවරණය වූ අතර, උද්‍යානයේ සියලුම සාගර ජීවීන් අවදානමට ලක්ව ඇති බව ද වාර්තා වේ.

කැනේඩියානු ප්‍රෙස් ප්‍රවෘත්ති ඒජන්සියට අනුව, නොවැම්බර් මාසයේදී, වසරක් තුළ පස්වන බෙලූගා මත්ස්‍යයා ද මිය ගිය අතර, 2019 සිට මියගිය මුළු තල්මසුන් සංඛ්‍යාව 20 දක්වා ඉහළ ගොස් තිබේ.

උද්‍යානයට පැමිණෙන අමුත්තන්ගේ පැමිණීම පහත වැටීමට පටන් ගත් අතර මැරීන්ලන්තය මූල්‍ය අර්බුදයක ගිලී ගිය විට, නව ගැනුම්කරුවෙකු සොයන අතරතුර, තම සතුන් ප්‍රවාහනය කිරීමේ අරමුදල් සඳහා තමන්ගේම ඉඩම උකස් කිරීමට පෙබරවාරි මාසයේදී අභියාචනයක් ලබාගෙන තිබේ.

සත්ව සුභසාධන ක්‍රියාකාරීන් මැරීන්ලන්තයේ හැසිරීම සහ තල්මසුන් මරා දැමීමට ඇති හැකියාව පිළිබඳව කෝපය පළ කර තිබේ.

කැනේඩියානු සත්ව අයිතිවාසිකම් කණ්ඩායමක් වන Animal Justice හි විධායක අධ්‍යක්ෂ කැමිල් ලැබ්චුක් පැවසුවේ, “මෙම සතුන්ගේ අනාගත රැකවරණය සඳහා අරමුදල් සැපයීමට මැරීන්ලන්තයට සදාචාරාත්මක බැඳීමක් ඇති” බවත්, සතුන් අනායාසයෙන් මරා දැමීමට එල්ල වන තර්ජන “හෙළා දැකිය හැකි” බවත්ය.

“සතුන්ට ආරක්ෂාව ලැබෙන බව පෙන්විය යුතු අතර මෙම සතුන්ට හැකි උපරිම සත්කාර ලැබෙන බව සහතික කළ යුතු” බව පවසමින්, ලෝක සත්ව ආරක්ෂණය, බෙලූගා අත්පත් කර ගන්නා ලෙස පළාත් රජයෙන් ඉල්ලා සිටියි.

-Advertisement-

අගවිනිසුරුට සපත්තුවෙන් ගැසූ නීතීඥයා

0

හින්දු දෙවියෙකු පිළිබඳව විනිසුරුවරයා කළ ප්‍රකාශයකින් කෝපයට පත් ඉන්දීය නීතිඥයෙකු එරට අගවිනිසුරුට සපත්තුවකින් දමා ගැසීය.

සඳුදා දිල්ලියේ අධිකරණ කටයුතු අතරතුර නීතීඥ රාකේෂ් කිෂෝර් මෙලෙස සපත්තු ප්‍රහාරයක් එල්ල කළේ එරට අගවිනිසුරු බී.ආර්. ගවයි වෙතයි.

විනිසුරුවරයා වෙත සපත්තුවකින් ප්‍රහාරයක් එල්ල වූ බව අධිකරණ ශාලාවේ සිටි නීතිඥවරුන් තිදෙනෙකු තහවුරු කළේය.

ආරක්ෂක නිලධාරීන් විසින් උසාවියෙන් ඉවතට ගෙන යන අතරතුර, කිෂෝර් මහතා “ඉන්දියාව හින්දු ආගමට අපහාස කිරීම ඉවසන්නේ නැත” යනුවෙන් පවසනු ඇසුණි. පසුව ඔහුගේ වෘත්තීය කටයුතු අත්හිටුවන ලදී.

සිද්ධිය සිදුවන අවස්ථාවේ අධිකරණ ශාලාවේ සිටි නීතිඥ රවී ශංකර් ජා පැවසුවේ කිෂෝර් මහතා “තම සපත්තුව විසි කළ බවත්, සපත්තුව විසි කළ බව ඇඟවීමට අත එසවූ බවත්” ය.

“අධිකරණ කාමරයේ ආරක්ෂකයින් විසින් ඔහුව අත්අඩංගුවට ගත් පසු, අගවිනිසුරුවරයා නීතිඥයින්ට පැවසුවේ ඔවුන්ගේ තර්ක දිගටම කරගෙන යන ලෙසත් අවධානය වෙනතකට යොමු නොකරන ලෙසත්” යැයි ජා මහතා තවදුරටත් පැවසීය.

අගවිනිසුරු ගවයි සෑම විටම සන්සුන්ව සිටි බව අධිකරණ ශාලාවේ සිටි තවත් නීතිඥයෙකු වන අනාස් තන්වීර් පැවසීය.

මෙම කාරණය සම්බන්ධයෙන් අගවිනිසුරුවරයා ප්‍රසිද්ධියේ අදහස් දක්වා නොමැත. පසුව ඉන්දීය බලධාරීන් පැවසුවේ කිෂෝර් මහතාට එරෙහිව කිසිදු චෝදනාවක් ගොනු නොකරන බවයි.

ඉන්දීය ප්‍රවෘත්ති ආයතනයක් වන ‘ද ප්‍රින්ට්’ වෙත අදහස් දක්වමින් කිෂෝර් මහතා පැවසුවේ, මෙම සිදුවීම අගවිනිසුරුවරයා ප්‍රමුඛ විනිසුරු මඩුල්ලක් විසින් ප්‍රතික්ෂේප කරන ලද මෑත කාලීන අධිකරණ පෙත්සමක් හා සම්බන්ධ බවත්, එහිදී ඔහු හින්දු දෙවියෙකු වන විෂ්ණු පිළිබඳව ද ප්‍රකාශ කළ බවත්ය.

පසුගිය මාසයේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ කෝවිලක අඩි හතක විෂ්ණු දෙවියන්ගේ පිළිමයක් ප්‍රතිනිර්මාණය කිරීම සඳහා ඉදිරිපත් කරන ලද පෙත්සමක් ප්‍රතික්ෂේප කරමින් අගවිනිසුරුවරයා මෙසේ පැවසීය: “මෙය තනිකරම ප්‍රචාරක උනන්දුවක් දක්වන නඩුවක්… ගොස් දෙවියන්ගෙන්ම යමක් කරන්නැයි ඉල්ලා සිටින්න.”

මෙම අදහස් මතභේදයට තුඩු දුන් අතර සමහරු ඔහු හින්දු විශ්වාසයන්ට සමච්චල් කරන බවට චෝදනා කළහ. විනිසුරු ගවයි පසුව විවේචන සැලකිල්ලට ගනිමින් කියා සිටියේ තමා “සියලු ආගම්වලට” ගරු කරන බවයි.

“ඔහු යාඥාව පිළිගැනීම ප්‍රතික්ෂේප කළා පමණක් නොව, විෂ්ණු දෙවියන්ට විහිළු කළා,” කිෂෝර් මහතා ද ප්‍රින්ට් වෙත පැවසීය.

සපත්තුව විසි කිරීමෙන් පැය කිහිපයකට පසු කතා කරමින් කිෂෝර් මහතා පැවසුවේ විනිසුරු ගවයි එම ප්‍රකාශය කළ “සැප්තැම්බර් 16 වන දින සිට තමාට නිදා ගැනීමට නොහැකි වූ” බවයි.

දේශපාලන ක්ෂේත්‍රය පුරා විවේචන රැසකට එක්වෙමින් අගමැති නරේන්ද්‍ර මෝදි, සපත්තු ප්‍රහාරය “අතිශයින්ම හෙළා දැකිය යුතු” බව ප්‍රකාශ කළේය.

මෝදි විනිසුරු ගවයි සමඟ කතා කළ අතර ප්‍රහාරය සෑම ඉන්දියානුවෙකුම කෝපයට පත් කළ බව පීටීඅයි වාර්තා කරයි. “අපේ සමාජයේ එවැනි නින්දිත ක්‍රියාවන්ට තැනක් නැහැ,” අගමැති පැවසීය.

ප්‍රසිද්ධියේ කෙනෙකුට සපත්තුවක් විසි කිරීම ඉන්දියාව සහ තවත් බොහෝ රටවල අගෞරවයක් සහ නින්දාවක් ලෙස සැලකේ.

මේ වසර මුලදී,කෙන්යානු ජනපති විලියම් රූටෝට රැළියක් අතරතුර සපත්තු ප්‍රහාරයක් එල්ල විය. 

2008 දී, ඇමරිකාව ඉරාකය ආක්‍රමණය කිරීමට විරෝධය පළ කරමින් ඉරාක මාධ්‍යවේදියෙකු එවකට ඇමරිකානු ජනාධිපති ලෙස කටයුතු කළ ජෝර්ජ් බුෂ් වෙත සපත්තුවකින් දමා ගැසීය.

-Advertisement-

කොටස් මිල දර්ශකය 22,000 පසුකර තවත් ඉදිරියට

0

කොටස් වෙළෙඳ පොළ අඛණ්ඩව ඉහළට

කොටස් වෙළෙඳ පොළ අද (07) දිනයේ ගනුදෙනු 46,314ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 7,953ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 68කින් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 22,163ක්  ලෙසිනි. ඒ අනුව කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ වැඩිම සමස්ත කොටස් මිල දර්ශකය අද දිනයේ වාර්තා විය.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • කාර්ගීල්ස් බැංකුව රුපියල් මිලියන 574
  • කාර්ගීල්ස් ආයතනය රුපියල් මිලියන 468
  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 363

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • කාර්ගීල්ස් බැංකුව කොටස් මිලියන 56
  • එල්.සී.බී. ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 13
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 11

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ලයන්ස් බෲවරි සමාගම සමාගම 18 %
  • පීඑම් හෝල්ඩින් සමාගම 17%
  • සණස සංවර්ධන බැංකුව 15%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 383
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 318
  • සිලෝන් ටුබැකෝ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 316

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 383ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 606කකොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 223ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත්කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • කාර්ගීල්ස් සමාගම රුපියල් මිලියන 270
  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 27
  • කොමර්ෂල් බැංකුව (X) රුපියල් මිලියන 21

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • සීපී හෝල්ඩින් සමාගම රුපියල් මිලියන 274
  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 56
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 46

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

-Advertisement-

පාසල් සිසුන් අතරත් HIV, වැඩිම කොළඹ සහ ගම්පහ

0

පාසල් සිසුන් ඇතුළු වයස අවුරුදු 15-20ත් අතර තරුණ තරුණියන් අතර HIV ආසාදිතයන් වැඩිවීමේ ප්‍රවණතාවක් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙම වයස් කාණ්ඩයේ වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වන්නේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙනි.

මිනිස් ශරීරයේ ඇති ප්‍රතිශක්තීකරණ පද්ධතියට සෘජුවම හානිකර ශරීරය දුර්වල කිරීම HIV වයිරසය මගින් සිදුකරන අතර කැස්සක්, සෙම්ප්‍රතිශ්‍යාවක් වැනි කුඩා රෝගයක් වැළඳීමෙන් පවා මරණය සිදුවීමට හැකියාව ඇති බැවින් HIV යනු ලෝකයේ ලිංගාශ්‍රිත වයිරස අතරින් දරුණුතම වයිරසයක් ලෙස සැළකේ.

HIV ආසාදිතයින් නිර්මාණය විය හැකි ප්‍රධාන ආකාර තුනක් සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

1. HIV රෝගියෙක් සමඟ ලිංගික සබඳතා පැවැත්වීම

  • HIV රෝගියෙක් සිප වැළඳගැනීමෙන් මෙම රෝගය බෝවන්නේ නැත. රෝගය බෝවන්නේ ලිංගික ශ්‍රාවයන් හරහා පමණි. ගුද මාර්ගික සංසර්ගය HIV ඇතිවීමට ප්‍රධානම හේතුවකි. මෙවැනි අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා නිසා ශරීරගත විය හැකි HIV වයිරසය මුළු ශරීරය පුරා පැතිරීමට ගතවෙන්නේ පැය 72ක පමණ කෙටි කාලයක්.

2. අවිධිමත් ලෙස එන්නත් කටු භාවිතය 

  • විවිධ මත්ද්‍රව්‍ය එන්නත් කරගැනීමට විවිධ අය අතර එකම එන්නත් කටු භාවිත කිරීම මේ වයිරසය පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට ආසාදනය වීමට හේතුවක් වෙයි.

3. ආසාදිත ගර්භණී මවගෙන් දරුවාට HIV ආසාදනය වීමයි

  • HIV ආසාදිත සහ ඒ සඳහා ඖෂධ ලබානොගන්නා මවකගේ මව්කිරි හරහා දරුවාට රෝගය බෝවිය හැකි බවට සෞඛ්‍ය අංශ අනාවරණ කරගෙන තිබේ.

ඒ අනුව අනාවරණ වන්නේ රුධිරය සහ ලිංගික ශ්‍රාව හරහා පැහැදිලිවම HIV රෝගය සම්ප්‍රේෂණය විය හැකි බවය.

ආසාදිතයන්ගේ වාර්තාවීම සැලකිල්ලට ගැනීමේදී 2021 වර්ෂයේදී මෙරටින් ආසාදිතයන් 411ක්, 2022 දී 607ක්, 2023 දී 697ක්, 2024 දී 824ක් සොයාගෙන තිබේ.

ඒ අතුරින් වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වන්නේ පුරුෂයන්ගෙනි. එය අනුපාතයක් ලෙස ගතහොත් 7:1කි.

ඒ අනුව ගතවූ ජනවාරි සිට මාර්තු දක්වා හඳුනාගත් නව ආසාදිතයන් ද ඇතුළුව මේ වනවිට මෙරට තුළ HIV ආසාදිතයන් 6,740ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

2024 වසරේදී නව HIV ආසාදිතයන් 824ක් හඳුනාගත් අතර ඉන් වැඩිම පිරිස කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති බවට අනාවරණ වී තිබේ.

ඉන් 47 දෙනෙකුට දිවි අහිමි වී ඇත්තේ එය, AIDS තත්ත්වය දක්වා වර්ධනය වීමෙනි.

ශ්‍රී ලංකාව, HIV ව්‍යාප්තිය අඩු මට්ටමක පවතින රටක් ලෙස සැලකුණත්, පසුගිය වසරේදී නව ආසාදිතයන් වාර්තා වීමේ සැලකිය යුතු වැඩිවීමක් තිබීමම අනතුරුදායක බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

අවුරුදු 15-29 යන වයස්වල පසුවන තරුණ පිරිස අතර HIV ආසාදන වැඩිවීමේ ප්‍රවණතාවක් ඇතැයි හඳුනාගැනීමත් අවධානයට ලක් කළ යුතු කරුණකි.

එසේනම් ඔබ HIV ආසාදිතයෙක් ද යන්න නිවැරදිව හඳුනාගන්නේ කෙසේද?

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන මඟින් මේ සඳහා නොමිලේ සහ පෞද්ගලිකත්වය සුරැකෙන පරිදි පරීක්ෂණ සහ ප්‍රතිකාර සේවා සපයන අතර ශ්‍රී ලංකාව පුරා පිහිටි ලිංගාශ්‍රිත රෝග සායන 41 කදී HIV ආසාදිතයන්ට නොමිලේ ප්‍රතිවෛරස් ප්‍රතිකාර ලබාදෙයි.

ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ ක්ෂණික දුරකථන අංකයට (070 3733933) අමතා රහසිගත සේවාවක් ලබා ගැනීම ද තවත් ක්‍රමයකි.

සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක KNOW FOR SURE යෙදුම හරහා මේ පිළිබඳ සියලු තොරතුරු මනාව දැනගත හැකිය.

එසේම HIV TEST KIT භාවිතයෙන් ස්වයං මුඛ තරල පරික්ෂාවක් හරහා HIV ආසාදිතයෙක් ද නැද්ද යන්න හඳුනාගත හැකිය.

බොහෝ පාර්ශ්වයන්හි අදහස නම් පාසල් දරුවන් පවා මේ තත්ත්වයට ගොදුරුවෙමින් පවතින බැවින් පාසල් අධ්‍යාපනයේ සිට මේ පිළිබඳ දැනුම සමාජගත කළ යුතු බවයි.

-Advertisement-

හුංගම නිවසක දෙදෙනකු මරා දමලා

0

හුංගම, රන්න, වාඩිගල ප්‍රදේශයේ නිවසක තාවකාලිකව නවතැන්ගෙන සිටි යුවළක් කිසියම් අයකු විසින් තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 28 හැවිරිදි පුද්ගලයකු සහ ඔහුගේ අනියම් බිරිඳ බව ද පොලිසිය සඳහන් කළේය.

එම නිවසේ හිමිකරු දැනට බන්ධනාගාර ගත වී සිටින අතර ඝාතනයට ලක්වූ යුවළ නිවසේ තාවකාලිකව පදිංචිව සිටියි.

මෙම ඝාතනය කවුරුන් විසින් කුමන හේතුමක් මත සිදුකරන ලද්දක් ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.

මළසිරුරු සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද (07) සිදුකිරීමට නියමිතය.

-Advertisement-

දොළුවේ මාරක අනතුර

0

ගම්පොළ, දොළුව ප්‍රදේශයේ දී අද (06) සිදු වූ අනතුරකින් කාන්තාවන් තිදෙනකු මියගොස් එක් අයකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි.

දොළුව ශ්‍රී බිම්බාරාම විහාරස්ථානයේ සිල් සමාදන්ව සිටි කාන්තාවන් සිව්දෙනකු මෙලෙස අනතුරට ලක්ව ඇත. ඔවුන් දහවල් ආහාර ගෙන සනීපාරක්ෂක කටයුතු සඳහා විහාරස්ථානයෙන් පිටත ඇති වැසිකිළි වෙත යමින් සිටිය දී මෙම අනතුරට ලක්ව ඇත.

සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ ඔවුන් ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් සිටිය දී පිටුපසින් පැමිණි මෝටර් රථයක් ඔවුන් සිව්දෙනාගේ ගැටී අසළ තිබූ ලොරියක ද ගැටී තාප්පයක වැදී නතර වූ බවයි. එම කාරය පදවාගෙන පැමිණ ඇත්තේ පුහුණු රියදුරු බලපත්‍රයක් ඇති තැනැත්තියකි. ඇයගේ සැමියා සහ දරුවන් ද රථයේ සිට ඇත.

අනතුරට පත් වූ කාන්තාවන් සිව්දෙනා කාරයට සහ ලොරියට මැදි වී බරපතල තුවාල ලබා තිබිණි. පොලිසිය පවසන්නේ තිදෙනකු එම ස්ථානයේ ම මියගොස් සිටි බවයි. අනෙක් කාන්තාව මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ, දොළුව ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි රාමනායක මුදියන්සේලාගේ පොඩි මැණිකේ, 67 හැවිරිදි මාලිනි විජේසූරිය සහ ගම්පොළ ගුරුකැලේ පදිංචිව සිටි පල්ලේගෙදර අනුලාවතී යන කාන්තාවන් තිදෙනෙකි.   

රිය පදවාගෙන ආ කාන්තාව රෝහල්ගත කිරීමෙන් පසු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වෙයි.

-Advertisement-

ක්‍රිකට් ගැසූ පාසල් සිසුවා, තටාකයේ වැටී මියගිහින්

0

පිහිනුම් තටාකයට වැටුණු ක්‍රිකට් පන්දුව ගැනීමට ගිය පාසල් සිසුවකු එම පාසලේ ම පිහිනුම් තටාකයේ වැටී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ දික්වැල්ල විජිත මහා විද්‍යාලයේ 12 වැනි වසරේ ඉගෙනුම ලබන 17 හැවිරිදි සිසුවෙකි.

ඔහු තවත් සිසුන් පිරිසක් සමඟ පාසලේ ක්‍රීඩාංගණයේ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදී සිට ඇති අතර පන්දුව පිහිනුම් තටාකයට වැටී ඇත. එය ගැනීමට උත්සාහ කිරීමේ දී සිසුවා පිහිනුම් තටාකයට වැටී මියගොස් ඇති බව අනාවරණය වී තිබේ.

සිසුවාගේ දේහය බතීගම රෝහලේ තැන්පත් කර ඇති අතර හදිසි මරණ පරීක්ෂණයක් ද පැවැත්වීමට නියමිතය.

-Advertisement-

පස් කඳු කඩා වැටී පස්සර ලුණුගල මාර්ගයේ පැත්තක් වසා දමයි

0

බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර – ලුණුගල මාර්ගයේ 13 වැනි කිලෝ මීටර කණුව අසළ ඊයේ (05) සවස පස් කඳු කඩාවැටීම හේතුවෙන් මාර්ගයේ වාහන ධාවනයට බාධා එල්ල වී ඇත.

මාර්ගයට ගල් පෙරළීමෙන් කොටසක් අවහිර වී ඇති අතර අධික වර්ෂාවත් සමඟ පවතින අවදානම හේතුවෙන් එක් මංතීරුවක් පමණක් විවෘතව තැබීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබේ.

මේ අතර පවතින අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට පැනවූ නාය යාමේ අනතුරු ඇඟවීම් නිවේදනය අනුව එම ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වන ජනතාව අවධානයෙන් සිටිය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එම සංවිධානය පැවසුවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි දින කිහිපය තුළද වැසි අපේක්ෂා කළ හැකි බව මේ වන විට දැනුම්දී ඇති බවය.

තවද මාර්ග භාවිත කරන්නන් දෙපස ඇති අනතුරුදායක ප්‍රදේශ පසුකරන විට මේ සම්බන්ධව සැළකිලිමත්වන ලෙසත් එම සංවිධානය මාර්ග භාවිත කරන රියදුරන්ගෙන් ඉල්ලා තිබේ.

එමෙන්ම මාර්ග දෙපස වෙළෙඳාම් කටයුතු කරන ජනතාව අනතුරුදායක ප්‍රදේශ ආශ්‍රිතව වෙළෙඳාම් කටයුතු සිදුකරන්නේ නම් එම ස්ථානවලින් ඉවත්ව ආරක්ෂිත ස්ථානයක් වෙත ගමන් කරන ලෙසත් එම සංවිධානය ජනතාව වෙත දැනුම් දීමක්ද කර ඇත.

එමෙන්ම යම් ආකාරයක පෙර නායයාම් ලක්ෂණ නිරීක්ෂණය වුවහොත් ඒ සම්බන්ධව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා මෙන්ම ප්‍රාදේශීය ලේකම්වරයා දැනුවත් කරන ලෙසත් ඒ අනුව දිස්ත්‍රික්කයේ පවතින ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ දිස්ත්‍රික් කාර්යාලය දැනුවත් කර අවශ්‍ය උපදෙස් ලබා ගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

-Advertisement-

ඉන්දීය කණ්ඩායමේ නායකත්වයට ශුබ්මන් ගිල්

0

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක රෝහිත් ශර්මා වෙනුවට ඉදිරි ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා කණ්ඩායමේ නායකත්වයට ශුබ්මන් ගිල් නම්කර තිබේ.

ඒ අනුව ඔහු ඉන්දියාවේ එක්දින ක්‍රිකට් සඳහා පත්වන 28 වැනි නායකයා වෙයි. තවමත් 26 හැවිරිදි වියේ පසුවන ගිල් එක්දින ජාත්‍යන්තර තරඟ 55ක් ක්‍රීඩාකර සිටියි.

ඔක්තෝබර් මාසයේ දී ආරම්භවන ඉන්දීය කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු සංචාරයේ දී එක්දින තරග 03ක් හා විස්සයි20 තරග 05ක් පැවැත්වේ.

මෙම සංචාරය සඳහා ඉන්දීය එක්දින සංචිතය ඊයේ (04) නම්කළ අතර, එම සංචිතයේ මෙලෙස ශුබ්මන් ගිල් නායකයා ලෙසත් ශ්‍රෙයාස් අයියර් උපනායකයා ලෙසත් නම්කර තිබිණි.  රෝහිත් ශර්මා නායකත්වයෙන් ඉවත් කළ ද ඔහු සංචිතයට ඇතුළත්ව සිටීම විශේෂත්වයකි. සංචාරය සඳහා විරාත් කෝලි ද ඇතුළත් වෙයි.

මාර්තු මස පැවති ශූරයන්ගේ කුසලාන අවසන් මහා තරයෙන් පසු රෝහිත් මෙන්ම කෝලි ඉන්දියාව නියෝජනය කරමින් කිසිදු අන්තර්ජාතික තරගාවලියක් ක්‍රීඩාකර නැත.

2024 වසරේ විස්සයි20 ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසුව විස්සයි20 සහ ඉන් අනතුරුව ටෙස්ට් පිටියට සමුදීමට විරාත් කෝලි සහ රෝහිත් ෂර්මා කටයුතු කළහ.

-Advertisement-

එවරස්ට් ගිය 1,000ක් සිරවෙති

0

එවරස්ට් කන්දේ නැගෙනහිර බෑවුමේ කඳවුරු බිම් වෙත ගිය පුද්ගලයන් ගලවා ගැනීමේ කටයුතු මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පැවතිය ද සංචාරකයන්, සංචාරක මඟ පෙන්වන්නන් සහ භාණ්ඩ ප්‍රවාහනය කරන පිරිස් ඇතුළු 1,000කට ආසන්න පුද්ගලයන් සංඛ්‍යාවක් එම ප්‍රදේශයේ සිරවී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මීටර් 4,900 (අඩි 16,000) ට වඩා උසකින් පිහිටා ඇති ප්‍රදේශයට ප්‍රවේශය පිවිසීම දැඩි හිමපතනය නිසා අසීරු වී ඇති අතර ගම්වාසීන් සහ ගලවාගැනීමේ කණ්ඩායම් සිය ගණනක් මේ සඳහා වෙහෙස වෙමින් සිටියි.

එවරස්ට් කන්දේ සුන්දරත්වය නැරඹීම සඳහා එම ප්‍රදේශයට ඇතුළු වීම පසුගිය සෙනසුරාදා සවස සිට අත්හිටුවා ඇති බව ටින්ග්‍රි ප්‍රාන්ත සංචාරක සමාගම නිල වශයෙන් සඳහන් කර ඇත. කෙසේ වෙතත් මෙම දැඩි හිම පතනය ආරම්භ වී ඇත්තේ සිකුරාදා සවස් කාලයේ දී ය. එය සෙනසුරාදා දවස මුළුල්ලේ ම පැවතිණි.

නේපාලයේ දේශ සීමාව හරහා, අධික වර්ෂාව නිසා නායයෑම් සහ හදිසි ගංවතුර ඇති වූ අතර එමඟින් මාර්ග අවහිර වී, පාලම් කැඩී ගොස්, අවම වශයෙන් පුද්ගලයින් 47 දෙනෙකු මිය ගිය බව ආරක්ෂක අංශ පවසා ඇත.  ඉන්දියාවට මායිම්ව ඇති නැගෙනහිර ඉලාම් දිස්ත්‍රික්කයේ සිදු වූ නායයෑම්වලින් තවත් පුද්ගලයින් 35 දෙනෙකු මිය ගියහ. ගංවතුරට හසුවී පුද්ගලයින් 09 දෙනකු අතුරුදහන් වී ඇති අතර, රටේ වෙනත් ප්‍රදේශවල අකුණු සැර වැදීමෙන් තවත් 03 දෙනකු මිය ගොස් ඇති බව ද වාර්තා වේ.

-Advertisement-