-0.8 C
New York
Home Blog Page 15

නරක් වූ කොත්තමල්ලි සහ නීති විරෝධී කහ ගබඩාවකට මුද්‍රා තබයි

0

කල් ඉක්ත්වූ කොත්තමල්ලි සහ නීත්‍යානුකූළ නොවන ලෙස ගෙන්වා තිබූ කහ තොගයක් පිටකොටුවේ ගබඩාවක දී අත්අඩංගුවට ගත් බව පාරිභෝගික අධිකාරිය පවසයි.

විදේශ රටකින් ගෙන්වූ කහ තොගයක් අළෙවි කරන බවට පාරිභෝගික අධිකාරියේ 1977 හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.

ඒ අනුව කහ කිලෝ 475ක්‌ අත්අඩංගුවට ගෙන ඇත. පාරිභෝගික අධිකාරිය පවසන්නේ එම කහ තොගය නීත්‍යානුකූල ආනයන කරුවකු නොමැතිව ගෙන්වා ඇති බවයි. එමෙන්ම එහි කල් ඉකුත්වීමේ දින සටහන්ව නොමැති බව ද එම අධිකාරිය පවසයි.

එම ගබඩවේ ම තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්වයේ කොත්තමල්ලි කිලෝ ග්‍රෑම් 6,500ක් ද තිබූ බවත් එහි සාම්පල රස පරීක්ෂකවරයා වෙත යොමු කළ බවත් පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර පවසයි.

මේ අනුව අදාළ ව්‍යාපාරික ස්ථානයට මුද්‍රා තබා ඇති අතර මේ පිළිබඳ මාලිගාකන්ද අධිකරණයට ද වාර්තා කර ඇත.

-Advertisement-

මහජන ආරක්ෂක ලේකම්, රවී සෙනෙවිරත්නට එරෙහි නඩුවේ විභාගය අත්හිටුවයි

0

බීමත්ව රිය පදවා රිය අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුළු චෝදනා යටතේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වත්මන් ලේකම් හිටපු විශ්‍රාමික ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නට එරෙහිව විභාග වෙමින් ිබූ නඩුවක් තාවකාලිකව අත්හිටුවීමට අභියාචනාධිකරණය අද (04) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

මෙම නඩුව විභාග වෙමින් තිබුණේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ ය. රවී සෙනෙවිරත්න 2023 වර්ෂයේ දී බීමත්ව රිය පදවා අනතුරක් සිදුකළේ යැයි චෝදනා එල්ල වී තිබිණි.

තමන්ට එරෙහිව පවතින නඩුකරය වෙනත් අධිකරණයකට මාරු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රවි සෙනෙවිරත්න විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකාබැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත්කර ඇත.

මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාළ පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදෙනු ලැබීය.

-Advertisement-

මන්ත්‍රීවරුන්ට ලැබුණු නිවාස සහනයක් ඉවත් කරයි

0

නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඉදිකරන ලද ‘වියත් පුර’ නිවාස සංකීර්ණයෙන් නිවාස මිල දී ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දී තිබූ සහනය ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.

2022 මැයි මාසයේ දී රටේ ඇති වූ කලබලකාරී තත්වය හේතුවෙන් නිවාස අහිමි වූ මන්ත්‍රීවරුන්ට මෙම වියත්පුර නිවාස සංකීර්ණයෙන් නිවාස 101ක් කුලී පදනම මත වසරක කාලයක් සඳහා ලබාදීමට 2022 ජූලි මස 04 වැනි දා අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කර තිබිණි.

එම නිවාස තමන්ට සහනදායී ක්‍රමවේදයකට මිල දී ගැනීමට අවස්ථාව ලබාදෙන්න යැයි එම මන්ත්‍රීවරුන් විසින් ම රජයෙන් ඉල්ලීමක් කර තිබීම හේතුවෙන් රුපියල් ලක්ෂ 155-220ත් අතර පරාසයක සාමාන්‍ය ජනතාවටට විකිණීමට නියමිතව තිබූ එම නිවාස රුපියල් ලක්ෂ 133.4ත් 182.1ත් අතර ප්‍රමාණයක් දක්වා අඩුකර විකුණුම් මිලෙන් 25%ක් පළමුව ගෙවා ඉතිරිය 10%ක වාර්ෂික පොළියක් ද සහිතව වසර 15ක දී ගෙවා නිම කරමින් නිවාස මිල දී ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවස්ථාව ලබා දී තිබිණි. ඒ සඳහා 2024 ජූලි 15 වැනි දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.

එම යෝජනාවටට අනුව 2024 දෙසැම්බර් 31 වනවිට විකුණුම් මිලෙන් 25%ක මුදලක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 29 දෙනකු විසින් තැන්පත් කර ඇති බව රජය පවසයි.

මෙවැනි සහනයක් ලබාදීමෙන් නාගරික සංවර්ධන අධිකාරියට රුපියල් ලක්ෂ 921.6ක පමණ පාඩුවක් විඳීමට සිදුව ඇති අතර කර ඇති පිරිවැය ද ආවරණය කර ගැනීමට නොහැකි වී ඇතැයි ද දන්වා තිබේ.

මේ හේතුවෙන් අනුමත කර ඇති සහනදායී ක්‍රමවේදය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමටත්, අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 29 දෙනා එකඟ වන්නේ නම් සාමාන්‍ය ජනතාවට එම නිවාස ලබාගැනීම සඳහා වන ක්‍රමවේදය යටතේ ම ඔවුන්ට ද නිවාස මිලදී ගැනීමට අවස්ථාව ලබාදීමටත් නාගරික සංවර්ධන, ඉදිරිකිරීම් හා නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කර කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවට අනුමැතිය හිමිව ඇත.

-Advertisement-

රාජ්‍ය ආයතන 33ක් වසා දැමීමට රජය තීරණය කරයි

0

රාජ්‍ය ව්‍යවසායයන් 33ක් පියවර දෙකක් යටතේ වසා දැමිය යුතුයැයි ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල යෝජනාවට අනුමැතිය හිමිව ඇත.

මෙලෙස වසා දැමීමට තීරණය කර ඇත්තේ දැනට ක්‍රියාකාරී මට්ටමේ නොමැති රාජ්‍ය ව්‍යවසායයන් 33කි.

මහජන සේවා සැපයීම සහ උපායමාර්ගික ආර්ථික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම සඳහා කාලයකට පෙර පිහිටුවන ලද මෙම රාජ්‍ය ව්‍යවසායයන් ඒවා පිහිටුවීමේ දී අපේක්ෂිත ඉලක්කයන් සම්පූර්ණ කරගැනීමට නොහැකිවීම වෙළෙඳ පොළ අවශ්‍යතා සමඟ නොගැලපීම යන හේතූන් මත තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකිවී ඇති බව ජනාධිපතිවරයා කරන ලද යෝජනාවේ දක්වා ඇත.

එබැවින් මේවා තවදුරටත් පවත්වාගෙන යාම ප්‍රායෝගික නොවන බවත්, මූල්‍ය කාර්යසාධනයක් නොමැති වීමත් හේතුවෙන් අක්‍රිය තත්වයට පත්ව ඇත. එබැවින් එම ආයතන ජාතික ආර්ථිකයට හෝ රාජ්‍ය සේවා සැපයීමට නිසි දායකත්වයක් ලබා නොදෙන බැවින් රජයට වැය බරක් වන පරිදි තවදුරටත් පවත්වාගෙන යාමෙන් වැළකී එම ආයතන වසා දැමීමට යෝග්‍ය බව හඳුනාගෙන ඇත.

ඒ අනුව, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කරනු ලබන විශේෂ ඈවර කිරීමේ ඒකකයක අධීක්ෂණය යටතේ දැනට ක්‍රියාකාරී මට්ටමේ නොමැති රාජ්‍ය ව්‍යවසායයන් 33ක් අදියර 02ක් යටතේ විධිමත්ව වසා දැමීමට අනුමැතිය හිමිව තිබේ.

-Advertisement-

සමන් ඒකනායකට CID එන්න එපා කියයි

0

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට අද (01) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙනී සිටීමට අවශ්‍ය නැතැයි දැනුම් දී තිබේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එංගලන්තයේ කරන ලද සංචාරයට අදාළව විමර්ශන කටයුතු සඳහා තවදුරටත් ප්‍රකාශයක් ලබා ගැනීමට අද (01) උදෑසන 9.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන්න යැයි සමන් ඒකනායකට මීට පෙර දැනුම් දී තිබිණි.

මීට පෙර අවස්ථාවක දී ද ඔහුගෙන් ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයක් සටහන් කරගනු ලැබීය.

-Advertisement-

භූමිකම්පාවකින් ඇෆ්ගනිස්ථානයට බර හානි

0

ඇෆ්ගනිස්ථානයේ ඇති වූ ප්‍රබල භූ කම්පන තත්ත්වයකින් මේ වන විට පුද්ගලයින් රැසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

භූමිකම්පාවේ අපි කේන්ද්‍රය පිහිටා ඇත්තේ පොළොවේ කිලෝ මීටර 08ක් වැනි අඩු ගැඹුරකින් බව ද සඳහන් වේ.

මෙම භූමිකම්පාවෙන් පසු රිච්ටර් මාපක 4.5ක සහ 5.2ක පරාසයේ පසු කම්පන තුනක් ද සිදුව ඇති අතර කාබුල් සිට පකිස්තාන අගනුවර වන ඉස්ලාමාබාද් දක්වා ම ගොඩනැගිලි රැසක් සෙළවී ඇතැයිද වාර්තා වේ.

මෙම භූමිකම්පාව හේතුවෙන් වැඩිම හානියක් සිදුව ඇත්තේ පාකිස්තාන දේශසීමාව ආසන්නයේ ඇති කුනාර් පළාතේ නොර්ගල් දිස්ත්‍රික්කයට ය.

භූමිකම්පාවෙන් පසු ඇති වූ ගංවතුර සහ නාය යාම් හේතුවෙන් කඳුකර ප්‍රදේශවල විපතට පත්ව සිටින අය බේරාගැනීමට ගුවන් යානා පමණක් යෙදවිය හැකි බැවින් ඒ සඳහා අවශ්‍ය ගුවන් යානා පහසුකම් ලබාදෙන්න යැයි ද තලේබාන් රජය ජාත්‍යන්තර සංවිධානවලින් ඉල්ලීම් කර ඇත.

-Advertisement-

වෙන්නප්පුවේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

0

වෙන්නප්පුව පොලිසිය ආසන්නයේ වැව පාරේ දී අද (31) උදෑසන 10.30ට පමණ වෙඩි තැබීමකින් පුද්ගලයකු ඝාතනයට ලක්ව ඇත.

ඝාතනයට ලක් වූ පුද්ගලයා මහාධිකරණයේ විභාගවන නඩුවක් සම්බන්ධයෙන් පොලිසියේ අත්සන් කිරීමට පැමිණ ආපසු යමින් සිටිය දී මෙලෙස ඝාතනයට ලක්ව ඇති බව පොලිසිය පවසයි. ඔහු සහ තවත් අයකු යතුරුපැදියකින් යමින් සිටිය දී මෝටර් රථයයිකන් පැමිණි පිරිසක් එම යතුරුපැදිය අනතුරට ලක්කර එම දෙදෙනාට තියුණු ආයුධයකින් පහර දී වෙඩි තබා ඇත.

නඩුවට සම්බන්ධ පුද්ගලයා මියගොස් ඇති අතර අනෙක් තැනැත්තා තුවාල සහිතව පළා ගොස් ඇති.

පොලිසිය පවසන්නේ මියගිය පුද්ගලයාගේ නඩුව සම්බන්ධයෙන් තීන්දුව ලබන 09 වැනි දා ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබූ බවයි.

-Advertisement-

රනිල්ට ඇප ලැබෙයි

0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර නියෝග කළාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපතිවරයාට ඇප ලබා දීමට විරෝධතාවය ප්‍රකාශ කරමින් කරුණු දැක් වූ අතර, විත්තියේ නීතිඥවරු ඉදිරිපත් වෛද්‍ය වාර්තා ඇතුළු කරුණු සළකා බැැලීමෙන් පසු මෙම නියෝගය නිකුත් කෙරිණි.

-Advertisement-

රනිල්ට එරෙහි නඩුවේ අලුත්ම තත්වය මෙන්න

0

පොදු දේපළ පනත යටතේ රිමාන්ඩ් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අධිකරණයට නොකැඳවාම අද (26) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුව යළි විභාගයට ගැණිනි.

මෙම නඩුවට රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා Zoom යෙදුම හරහා සම්බන්ධ කරගැණිනි.

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර ඉදිරයේ මෙම නඩුව විභාගයට ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන්, අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් පෙනී සිටි අතර රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ජනාධිපති නීතිඥ තිලක් මාරපන, ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න ඇතුළු නීතිඥ මණ්ඩලයක් ම පෙනී සිටියි.

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පවසන්නේ, එංගලන්තයේ විශ්වවිද්‍යාලයකින් ලැබුණු බව පවසමින් රනිල් වික්‍රමසිංහ විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද ආරාධනා පත්‍රයේ සත්‍ය අසත්‍යතාව මෙතෙක් තහවරු කරගැනීමට නොහැකි වූ බැවින් ඇප ලබා දීමට තමන් විරුද්ධ වන බවයි.

ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ කියා කරුණු දක්වමින් කියා සිටියේ හිිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ හෘදයේ ප්‍රධාන ධමනි 04න් 03ක් ම අවහිර වී ඇති බවයි. එමෙන් ම මේ වනවිට හිටපු ජනාධිපතිවරයා පෙනහළු ආසාදනයකින් පෙළෙන බවත්, ඔහු කාලයක සිටි වකුගඩු රෝගී තත්වයකින් පෙළෙන බවත්, පවසමින් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර ඇත.

ජනාධිපති නීතිඥ තිලක් මාරපන පවසා සිටියේ මෙම සිදුවීම සම්බන්ධයේන ජනාධිපති ලෛ්කම් කාර්යාලයේ විගණන නිලධාරියාට විගණනය කිරීම සඳහා බලයක් නොමැති බවයි.  

හිටපු ජනාධිපතිවරයා එංගලන්තයේ සංචාරය කිරීම සම්බන්ධයෙන් කළ සියලු වියදම් ජනාධිපති වැය ශීර්ෂය යටතේ වන බැවින් ඒ සඳහා ජාතික විගණන කාර්යාලය සිදුකළ විගණනයේ දී කිසිදු අවභාවිතයක් සිදුව ඇති බවට තොරතුරු හෙළි වී නැති බවත් තිලක් මාරපන අධිකරණයේ දී කියා සිටියේය.

-Advertisement-

රනිල් නැතිව නඩු විභාගය ඇරඹෙයි

0

දැනට රිමාන්ඩ් බාරයේ පසුවන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩු විභාගය මේ වනවිට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවා ඇත.

රනිල් ජනාධිපතිවරයාව සිටි අවධියේ සිදුකළැයි පැවසෙන මුදල් අවභාවිතාවක් සම්බන්දව පසුගිය සිකුරාදා (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කටඋත්තරයක් ලබාදීම සඳහා ගිය රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

අත්අඩංගුවට පත් හිටපු ජනාධිපතිවරයා රෝගී තත්ත්වයක් හේතු‍වෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරුණු අතර පසුව සමීප නිරීක්ෂණ සඳහා යැයි පවසමින් එහි දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කෙරිණ.

රෝගී තත්ත්වය හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා අද උසාවියට ඉදිරිපත් නොකෙරෙනු ඇති.

-Advertisement-