-5.2 C
New York
Home Blog Page 1328

අබාන්ස් කොටස් අයිතිය ගැනීමට සොෆ්ලොජික් සැරසෙයි

0

මෙරට ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන අබාන්ස් ෆිනෑන්ස් පීඑල්සී හි බහුතර කොටස් හිමිකාරීත්වය මිල දී ගැනීමට තවත් ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන සොෆ්ට්ලොජික් කැපිටල් පීඑල්සී එකඟ වී තිබේ. මේ අනුව අබාන්ස් ෆිනෑන්ස් හි ප්‍රධාන කොටස්කරුවා වන අබාන්ස් පීඑල්සී සතු කොටස් 33,063,877 ක් හෙවත් 49.67% ක හිමිකාරීත්වය කොටසක් රු. 30.10 බැගින් මිල දී ගැනීමට සොෆ්ට්ලොජික් කැපිටල් පීඑල්සී පියවර ගනු ඇත.

මෙම කොටස් අත්පත් කර ගැනීමත් සමඟම අබාන්ස් ෆිනෑන්ස් පීඑල්සී හි ඉතිරි කොටස් අත්පත් කර ගැනීම සඳහා අනිවාර්ය අර්පණයක් ඉදිරිපත් කිරීමට සොෆ්ට්ලොජික් කැපිටල් පීඑල්සී විසින් කටයුතු කළ යුතුය. අනතුරුව සොෆ්ට්ලොජික් කැපිටල් පීඑල්සී විසින් අබාන්ස් ෆිනෑන්ස් පීඑල්සී හි හිමිකාරීත්වය 49.67% ක් ඉක්මවා යන අවස්ථාවේ දී සහ සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී හි 72.94% ක් ඉක්මවූ කොටස් අයිතියක් තිබෙන අවස්ථාවේ දී අදාළ සමාගම් දෙක ඒකාබද්ධ කිරීමට පියවර ගැනේ.

එම කටයුත්තේ දී අබාන්ස් ෆිනෑන්ස් පීඑල්සී හි සෙසු කොටස්කරුවන්හට ඔවුන් විසින් දරනු ලබන සෑම කොටස් 6කටම සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී හි කොටස් 11 ක් පිරිනැමීමට නියමිත වේ.

මේ සියලු කටයුතු අදාළ අධිකාරීන්ගේ අනුමැතියට යටත්වනු ඇත.

සොෆ්ට්ලොජික් කැපිටල් පීඑල්සී යනු සොෆ්ට්ලොජික් සමූහයේ මූල්‍ය හස්තය වන අතර එහි කොටස් හිමිකාරීත්වයෙන් 75% ක් සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සතුව පවතී.

මෙම ව්‍යාපාර අත්පත් කර ගැනීම අනාවරණය කිරීමත් සමඟම අබාන්ස් ෆිනෑන්ස් පීඑල්සී හි කොටසක මිල අද දිනයේ දී රු. 20.50 සිට රු. 29.00 දක්වා රු. 8.50 කින් හෙවත් 41.46% කින් ඉහළ යන ලදී.

-Advertisement-

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නවතා දැමීමට හේතු

0

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ (JICA) අරමුදල් යටතේ ශ්‍රී ලංකාවේ බස්නාහිර කලාපය තුළ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධති (LRT) ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. එහෙත් පහත සඳහන් හේතූන් මත එම ව්‍යාපෘතියෙන් අපේක්ෂිත ප්‍රතිඵල අත්කර ගැනීමට නොහැකි වන බව නිරීක්ෂණය වී තිබෙන බව රජය පවසයි.

* ව්‍යාපෘතියේ මූලික සැලසුම් අනුව පෞද්ගලික මෝටර් රථ භාවිත කර කොළඹ නගරයේ රැකියා සහ වෙනත් අවශ්‍යතා සඳහා පැමිණෙන්නන්ට විකල්ප ප්‍රවාහන මාධ්‍යයක් වශයෙන් භූමිය මතුපිට දුම්රිය මාර්ග ඔස්සේ ගමන් කරන පහසුකම් සහිත සැහැල්ලු දුම්රිය සේවයක් හඳුන්වා දීමට යෝජනා කර තිබිණි.

* එහෙත්, එම සැලසුම් වෙනස් කර විශාල පරිසර හානියක් සිදු විය හැකි කුළුණු මත ඉදි කෙරෙන දුම්රිය මාර්ගයක් ඔස්සේ යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මූලික පියවරයන් පසුගිය රජය විසින් ගනු ලැබ ඇත.

* එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබුවහොත් නිවාස හා ව්‍යාපාරික ස්ථාන ඇතුළු විශාල ගොඩනැගිලි සංඛ්‍යාවක් කඩා ඉවත් කිරීමටත්, කුළුණු මත දුම්රිය මාර්ගය ඉදිකිරීම සඳහා ඉතා ඉහළ පිරිවැයක් දැරීමටත් සිදු වන බව පෙනී ගොස් ඇත.

* සිය පෞද්ගලික මෝටර් රථ භාවිත කරමින් කොළඹ නගරයේ රැකියා සහ වෙනත් කාර්යයන් සඳහා පැමිණෙන පුද්ගලයින් ආකර්ශනය කරගත හැකි විකල්ප ප්‍රවාහන මාධ්‍යයක් ලෙස යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධතිය යටතේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත දුම්රිය මඟින් අවශ්‍ය පහසුකම් සලසා දීමට හැකියාවක් නොමැති බව නිරීක්ෂණය වී ඇත.

* එසේම, යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධතිය ක්‍රියාත්මක කරනු ලැබුවහොත් ඒ සඳහා විශාල මෙහෙයුම් පිරිවැයක් දැරීමට සිදු වන බව ද පෙනී ගොස් තිබේ.

ඒ අනුව, මේ වන විට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරී ඇති විෂය භාර අමාත්‍ය වශයෙන් ප්‍රවාහන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගෙන, බස්නාහිර කලාපය තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධති (LRT) ව්‍යාපෘතිය අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.

-Advertisement-

දුෂ්කර පාසල් සඳහා පුස්තකාල පහසුකම්

0

දිස්ත්‍රික්ක 05ක පාසල් සඳහා පුස්තකාල පරිත්‍යාග කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලෝක ළමා දිනය සැමරීමට එක්විය.

සෑම පාසලකටම පුස්තකාල සහ ක්‍රීඩා පහසුකම් දීමෙන් දරුවාගේ මානසික සහ ශාරිරික නිරෝගීකම රැකගත හැකි බව තමා පසුගිය දිනවල දිවයින පුරා කළ චාරිකාවලදී වඩාත් පැහැදිළි වූ බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඉතා දුෂ්කර ප්‍රදේශ රැසක දරුවන්ගේ ඉල්ලීම පරිදි ක්‍රීඩාපිටි රැසක් සංවර්ධනය කෙරෙමින් පවතින බව ජනාධිපති මාධ්‍ය අංශ සඳහන් කළේය.

දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කෙරෙන පරිදි තෝරාගත් පාසල් 25ක් සඳහා පුස්තකාල පහසුකම්දීම ආරම්භ කෙරිණ.

“ලෝක ළමා දිනය” සැමරෙන ඔක්තෝම්බර් 01 වනදායින් “කියවිමේ මාසය” ද ඇරඹේ. 

අනාගත පරපුර පොත පතට නැඹුරු කරවීම ලෝක ළමා දිනයට සමගාමීව අරඹමින් අද (01) පෙරවරුවේ පාසල් 05ක දරුවන් ජනාධිපති කාර්යාලයට කැඳවූ ජනාධිපතිවරයා  පුස්තකාල පරිත්‍යාග කළේය.

පුත්තලම, ලුණුවිල අනුරුද්ධ මධ්‍ය මහා විද්‍යාලය, ගම්පොළ, දොළොස්භාගේ කණිෂ්ඨ විද්‍යාලය, තර්මපුරම් රජයේ දෙමළ මිශ්‍ර පාසල,  කුරුවිට විජය කුමාරතුංග විද්‍යාලය සහ ගාල්ල, පිලාන විද්‍යාර්ථෝදය මහා විද්‍යාලය සඳහා සංකේතාත්මකව පුස්තකාල පරිත්‍යාග කෙරිණ.

ධාවනයෙන් ඉවත් කළ පැරණි බස් රථ අලුත්වැඩියා කර දරුවන්ගේ සිත් ගන්නා පරිදි පුස්තකාල සකස් කර තිබේ. 

අංගසම්පූර්ණ එක් පුස්තකාලයක් සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියනයකට ආසන්න වේ.

මොබිටෙල් ආයතනය ඊ-පුස්තකාල පහසුකම් සපයා තිබෙන අතර ඒ ඔස්සේ සිසුන්ට තොරතුරු අධ්‍යයනය කිරීමේ සහ ඊ-ග්‍රන්ථ පරිශීලනය කිරීමේ හැකියාව ලැබේ.

ලංකා ගමනා ගමන මණ්ඩලය, ශ්‍රී ලංකා ටෙලිකොම් හා මොබිටෙල්, “මනුසත් දෙරණ“ සහ ජාතික පුස්තකාල ප්‍රලේඛන මණ්ඩලය පුස්තකාල ව්‍යාපෘතියට අනුග්‍රහකත්වය සපයයි.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දී ප්‍රකාශකයන් විසින් පරිත්‍යාග කරන ලද ග්‍රන්ථ ද පුස්තකාල වෙත භාර දෙනු ලැබිණ.

දරුවන් සමග පොත පත පිළිබඳ තොරතුරු සාකච්ඡා කරමින් කථා බහක නිරත වූ ජනාධිපතිවරයා ජනාධිපති කාර්යාලය නැරඹීමට ද ඔවුන්ට ආරාධනා කළේය.

-Advertisement-

වැලිකඩ රැඳවියකු සතුව සිම් කාඩ්පත්

0

වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ආ රැඳවියෙකු සතුව තිබී සිම් කාඩ්පත් 04ක් පොලිස් විශේෂ කාර්යය බළකාය විසින් සොයාගෙන තිබේ.

මාලිගාකන්ද අධිකරණයේ සිට වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ආ රැඳවියෙකු පරික්ෂා කිරිමේදී ඒවා සොයා ගත් බව විශේෂ කාර්ය බළකාය සඳහන් කළේය.

සිම් කාඩ්පත් ඉදිරි විමර්ශන කටයුතු සඳහා විශේෂ කාර්ය බළකා නිලධාරින් විසින් බන්ධනාගාර නිලධාරින් වෙත බාරදී ඇත.

-Advertisement-

ශිෂ්‍යත්වයට විභාග ප්‍රවේශපත්‍රයක් හඳුන්වාදෙයි

0

මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම් කළ සියලු විභාග අපේක්ෂකයින් සඳහා ප්‍රථමවරට විභාග ප්‍රවේශ පත්‍රයක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන ඇත.

මේ වනවිටත් එම විභාග ප්‍රවේශ පත්‍ර අදාළ විදුහල්පතිවරුන් වෙත යවා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම විභාග ප්‍රවේශ පත්‍රයෙහි විභාග අංකය සහ අයදුම්කරු විභාගයට පෙනී සිටිය යුතු විභාග මධ්‍යස්ථානය ද සඳහන් කර ඇත. 

එමෙන් ම මෙවර ශිෂ්‍යත්ව විභාගයේ සිට සියලු ම විභාග අපේක්ෂකයින් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අනුමත කරන ලද ජාතික ශිෂ්‍ය අනන්‍යතාව ද දක්වා තිබේ.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 11 වැනි ඉරිදා පැවැත්වීමට නියමිතය.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2936ක දී එදින ශිෂ්‍යත්ව  විභාගය පැවැත්වීමට නියමිත ව ඇති අතර, සිසුන් 331,694 දෙනෙක් විභාගයට පෙනී සිටීමට අපේක්ෂිත ය. 

මේ අතර සිංහල මාධ්‍ය අයදුම්කරුවන් 248,072ක් ද දෙමළ මාධ්‍ය අයදුම්කරුවන් 83,622ක් ද සිටිති.

-Advertisement-

භූ වැලිකඩ කඩා වැටුණු නිවස ප්‍රමිතියක් නෑ

0

මහනුවර බූවැලිකඩ පස් මහල් ගොඩනැගිල්ල කඩා වැටීමට හේතුව ප්‍රමිතියෙන් තොරව කරන ලද ඉදිකරීම බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි. ඔවුන් මෙම ගොඩනැගිල්ල පිළිබඳ කරන ලද පරීක්ෂණවල දී ඒ බව තහවුරු කරගෙන ඇත.

සිද්ධිය පිළිබඳව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සිදුකළ විමර්ශනයේ වාර්තාව ඊයේ
(30) මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතාට සහ මහනුවර දිස්ත්‍රික්
ලේකම්වරයාට භාර දී තිබේ.

පස්මහල් ගොඩනැගිල්ල කඩාවැටුණු ස්ථානයේ සුන්බුන් ඉවත්කිරීමේ කටයුතු තවදුරටත් සිදු
කෙරෙමින් පවතී.

එම ස්ථානය අවට නිවාස පහක නිවැසියන්ට ඉන් ඉවත්වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ
ආයතනය මීටපෙර දැනුම් දී තිබුණි.

කෙසේවෙතත් සිදුකළ පර්යේෂණවලදී අනාවරණය වී ඇත්තේ එම ස්ථානයේ නායයාමේ කිසිදු
අවදානම් තත්ත්වයක් නොමැති බවය.

මේ අතර මහනුවර දිස්ත්‍රික්කයේ ඇති මෙවැනි අවදානම් තත්ත්වයේ ගොඩනැගිලි
සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා මධ්‍යම පළාත් ආණඩුකාරවරයාගේ උපදෙස් පරිදි වි‍ශේෂ වැඩපිළිවළක් ආරම්භකර තිබේ.

-Advertisement-

සූදුවට ගිය මන්ත්‍රී අත්අඩංගුවට

0

සූදු ක්‍රීඩාවේ නිරත වූ නවගත්තේගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ඔහු ශ්‍රී පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයෙකි. ඔහු මීට පෙර අවස්ථා කිහිපයකදීම සූදු ක්‍රීඩාවේ නිරතවෙමින් සිටියදී අත්අඩංගුවට පත්වී ඇති බව පොලීසිය සඳහන් කළේය.

මේ අතර, ගතවූ පැය 24 ක කාලය තුළ ‍ක්‍රියාත්මක කළ විශේෂ වැටලීම්වලින් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් රැසක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. 

මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණය අසළ සැකකටයුතු ලෙස හැසිරුනු පුද්ගලයින් දෙදෙනෙකු  දෙමටගොඩ පොලීසිය මගින් පරීක්ෂාකර ඇති අතර ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 90යි මිලිග්‍රෑම් 360ක් සොයාගෙන තිබේ.

මොවුන් මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවන් සමග සම්බන්ධතා පවත්වන බවට පොලීසිය සැක පළ කරන අතර දෙමටගොඩ පොලීසිය මගින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

එමෙන්ම රුපියල් ලක්ෂ 3 කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් දසදහසක් සහ හෙරොයින් මිලිග්‍රෑම් 2100ක් සමග පුද්ගලයින් දෙදෙනෙක් ගල්කිස්ස පොලිස් අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ පස්වරුවේ දෙහිවල දී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් දෙහිවල ඕබන් සහ කවුඩාන ප්‍රදේශවල පදිංචි 25 සහ 35 යන වයස්වල පසුවන අය බව වාර්තා වේ.

-Advertisement-

A Rose by Thomas Anschutz, late nineteenth century American painting

0

The main thing that you have to remember on this journey is just be nice to everyone and always smile. Refreshingly, what was expected of her was the same thing that was expected of Lara Stone: to take a beautiful picture.

We woke reasonably late following the feast and free flowing wine the night before. After gathering ourselves and our packs, we headed down to our homestay family’s small dining room for breakfast, where we enjoyed scrambled eggs, toast, mekitsi (fried dough), local jam and peppermint tea.

 We were making our way to the Rila Mountains, where we were visiting the Rila Monastery.

We wandered the site with busloads of other tourists, yet strangely the place did not seem crowded. I’m not sure if it was the sheer size of the place, or whether the masses congregated in one area and didn’t venture far from the main church, but I didn’t feel overwhelmed by tourists in the monastery.

Headed over Lions Bridge and made our way to the Sofia Synagogue, then sheltered in the Central Market Hall until the recurrent (but short-lived) mid-afternoon rain passed.

Feeling refreshed after an espresso, we walked a short distance to the small but welcoming Banya Bashi Mosque, then descended into the ancient Serdica complex.

We were exhausted after a long day of travel, so we headed back to the hotel and crashed. I had low expectations about Sofia as a city, but after the walking tour I absolutely loved the place. This was an easy city to navigate, and it was a beautiful city despite its ugly, staunch and stolid communist-built surrounds. Sofia has a very average facade as you enter the city, but once you lose yourself in the old town area, everything changes.

If You Have It, You Can Make Anything Look Good

Clothes can transform your mood and confidence. Fashion moves so quickly that, unless you have a strong point of view, you can lose integrity. I like to be real. I don’t like things to be staged or fussy. I think I’d go mad if I didn’t have a place to escape to. You have to stay true to your heritage, that’s what your brand is about.

-Advertisement-

All You Need to Know About the Galaxy Note Launching this Fall

Burberry is the First Brand to get an Apple Music Channel Outfit Lines