-1.1 C
New York
Home Blog Page 1321

කළු කුහර ගැන සෙවූ තිදෙනෙකුට නොබෙල් ත්‍යාගය

0

කළු කුහර පිළිබඳ සොයාගැනීම් සඳහා විද්‍යාඥයින් තිදෙනකුට 2020 වසරේ භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය හිමිවී තිබේ. එය දිනාගැනීමට සමත් වී ඇත්තේ බ්‍රිතාන්‍යයේ රොජර් පෙන්රෝස්, ජර්මනියේ රයින්හාඩ් ජෙන්සෙල් සහ ඇමරිකාවේ ඇන්ඩ්‍රියා ගෙස් යන තිදෙනාය.කළු කුහර යනු ඇල්බට් අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපේක්ෂතාවාදයේ සෘජු ප්‍රතිපලයක් බව ගණිතය උපයෝගී කර ගනිමින් ඔප්පු කිරීම සඳහා  සිදුකළ සේවය වෙනුවෙන් ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රොජර් පෙන්රොස්ට ත්‍යාගයෙන් භාගයක් වන ස්වීඩ්න් ක්‍රවුන් මිලියන 10ක් හිමිවිය.ත්‍යාගයේ අනික් කොටස ලොස් ඇන්ජලීස්හි කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඇන්ඩ්‍රියා ගෙස්ට සහ බර්ක්ලිහි කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රයින්හාඩ් ජෙන්සෙල් යන විද්‍යාඥයින් දෙදෙනා අතර බෙදී ගියේය. අපගේ මන්දාකිණියේ මධ්‍යයේ ඇති තාරකාවන්හි කක්ෂ පාලනය කරන්නේ අදෘශ්‍යමාන හා අතිශය බර වස්තුවක් මගින් බව ඔවුහු පෙන්වා දුන්හ.ඇන්ඩ්‍රියා ගෙස්, භෞතික විද්‍යාව සම්බන්දව නොබෙල් ත්‍යාගය හිමිවුණු සිව්වන කාන්තාවයි.

-Advertisement-

නිරෝධායනයට ගෙනගිය කාන්තාව අතරමග දී මියගිහින්

0

කොරෝනා ආසාදිතයකුගේ ආශ්‍රිතයකු වීම හේතුවෙන් වැලිකන්ද නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන යමින් සිටි කාන්තාවක් අතරමග දී මියගොස් ඇතැයි වැලිකන්ද පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ගම්පහ, උඩුපිටිය, වරාලාන, අංක 81 ලිපිනයේ පදිංචිව සිටි 68 හැවිරිදි සිව්දරු මවකි.

කොරෝනා ආසාදිත බවට තහවුරුකරගත් ඇඟළුම් සේවිකාවන් ඇසුරුකළ ගම්පහ, මිනුවන්ගොඩ, මහර ඇතුළු ප්‍රදේශ කිහිපයක පුද්ගලයන් 80ට ආසන්න පිරිසක් හමුදාව විසින් බස් රථ දෙකකින් වැලිකන්ද වෙත රැගෙන ගොස් ඇත. මෙම කාන්තාව එම පිරිස අතර සිටි තැනැත්තියකි.

ඇගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය හෙට (08) දිනයේ සිදුකිරීමට නියමිත බව ද පොලිසිය කියයි.

-Advertisement-

ගාල්ලේ වටරැක සිටි කාන්තාවකට කොරෝනා

0

මිනුවන්ගොඩ ඇඟළුම්කහලේ සේවය කළ ගාල්ල වටරැක නිවසකට පැමිණි කාන්තාවකට කොරෝනා ආසාදනය වී ඇතැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ දී අද (07) කරන ලද පීසීආර් පරීක්ෂණයකින් තහවුරු වී ඇත.

මෙම කාන්තාවගේ ඥාතීන් හා ඇසුරු කළ පුද්ගලයන් සොයා පීසීආර් පරීක්ෂණ හා නිරෝධායන කටයුතු සඳහා යොමුකිරීමට මේ වනවිට කටයුතු කරමින් සිටින බව බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ලසන්ත උබේසේකර මහතා පවසයි. ඇය එම නිවසට පැමිණීම සඳහා භාවිතා කළ ත්‍රී රෝද රථයේ රියදුරා ද මේ වනවිට නිරෝධායනය සඳහා යොමුකර ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියති.

-Advertisement-

නැගෙනහිර පන්ති තාවකාලිකව නවතයි.

0

නැගෙනහිර පළාතේ පාසල් සිසු සිසුවියන් අතර කොරෝනා වයිරසය පැතිරයාම වැළැක්වීම සඳහා අමතර පන්ති සියල්ල තාවකාලිකව නතර කිරීමට නියෝග කළ බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පවසයි.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ආණ්ඩුකාරවරිය පවසන්නේ මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ සේවිකාවන් කන්තලේ මහඔය සහ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශවල පදිංචිව බවයි. මෙම සේවිකාවන්ගේ දරුවන් ඇතුළු පවුල්වල සාමාජික සාමාජිකාවන් මේ වනවිටත් නිරෝධායනයට යොමුකර ඇති බැවින් එලෙස නිරෝධායනයට යොමුවූ පිරිස් ඇසුරුකර තිබූ පුද්ගලයන් ද ළමුන් අතරට පැමිණීම වැළැක්වීම සඳා මෙවැනි පියවරක් ගත් බව ද එම නිවේදනයේ දැක්වේ.

-Advertisement-

ගම්පහ වෛද්‍යවරයකුටත් කොරෝනා

0

මිනුවන්ගොඩ ඇඟළුම් ‍කම්හලේ සේවක සේවිකාවන් කිහිප දෙනකු සිය පුද්ගලික බෙහෙත් ශාල‍ාවේ දී පරීක්ෂාවට ලක්කර ඖෂධ ලබාදුන් වෛද්‍යවරයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
මෙම වෛද්‍යවරයා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට අනුයුක්තව සේවය කරයි. ගම්පහ රෝහලේ නියෝජ්‍ය අධයක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම මහතා කියා සිටියේ ආසාදිත වෛද්‍යවරයා ප්‍රතිකාර සඳහා අයි‍ඩීඑච් රෝහලට යොමුකළ බවයි.

-Advertisement-

ගාල්ලෙන් කොරෝනා රෝගීන් – අහඹු ලෙස තැන තැන පීසීආර් පරීක්ෂණ

0

ගාල්ලේ බාහිරි සමාජයතුළ අහඹු ලෙස පීසීආර් පරීක්ෂණ පැවැත්වීමට තීරණය කළ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කංචිත සමරරත්න මහතා අද (07) පැවසීය. ගාල්ලේ පදිංචිව සිටි මිනුවන්ගොඩ කර්මාන්තශාලා සේවක සේවිකාවන් කිහිප දෙනකු කොවිඩ් – 19 ආසාදිතයන් බවට හඳුනාගැනීම හේතුවෙන් මෙවැනි තීරණයක් ගෙන ඇත.

මේ වනවිට ඇල්පිටිය, බටපොළ, නියාගම හා අහංගම ප්‍රදේශවල පදිංචි සිව් දෙනකු කොරෝනා ආසාදිත බවට හඳුනාගනෙ ඇත. ඒ අතරින් බටපොළ පදිංචිකරුවා පොදු ප්‍ර‍වාහන සේවා කිහිපයක්ම භාවිතා කර ඇති බැවින් ඔහු ගමන්ගත් ප්‍රදේශ ඉලක්ක කරගනිමින් පීසීආර් පරීක්ෂණ පැවැත්වීමට තීරණය කර ඇත.

හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ අහංගම පදිංචි කාන්තාවකට කොරෝනා ආසාදනය වී ඇති බව ඊයේ (06) කරන ලද පරීක්ෂණයකින් තහවුරු වී තිබේ.

වෛද්‍ය සමරරත්න මහතා කියා සිටියේ මෙම කාන්තාව නිවස ආසන්නයේ පැවැති දානමය පිංකමකට සහභාගී වී ඇති බවයි. එම දානමය පිංකමට කොග්ල නිදහස් වෙළෙඳ කලාපයේ ‍ඇඟළුම් කර්මාන්තශාලාවක සේවිකාවන් හය දෙනකු ද සහභාගී වී ඉන් පසු සේවයට වාර්තා කර ඇත. එම හයදෙනා පිළිබඳ තොරතුරු ලැබුණු වහාම ඔවුන් නිවෙස්වලට යැවීමට අදාල ඇඟළුම් ආයතනයේ පරිපාලනය කටයුතු කර තිබේ. එසේ වුව ද දානමය පිංකමට සහභාගී වූ පුද්ගලයන් මේ වනවිට සමාජය තුළ සැරිසරා ඇති බැවින් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයේ අහඹු ලෙස පීසීආර් පරීක්ෂණ සිදුකිරීම අද (07) ආරම්භ කරන බව ද වෛද්‍ය සමරරත්න මහතා පැවසීය.

ඇල්පිටියේ පදිංචි කොරෝනා ආසාදිත බව තහවුරුකර ගත් කාන්තාවගේ දරුවකු මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින බවත් එම දරුවා අම්බලන්ගොඩ ප්‍රදේශයේ උපකාරක පන්ති සඳහා සහභාගී වී ඇති බවත් අනාවරණය වී තිබේ. එම දරුවාගේ පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල අද (07) සවස ලැබීමට නියමිතව තිබිණි.

බටපොළ පදිංචි ආසාදිත තැනැත්තා අධීවේගී මාර්ග බස් රථය ඇතුළු තවත් බස් රථ කිහියක ගමන් කර ඇති බවත් එම බස් රථ හඳුනාගැනීමට බුද්ධි අංශ සමග කටයුතු කරන බව ද සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. නාගොඩ පදිංචි කාන්තාව පසුගිය මාසයක කාලයක් ඇතුළත නිවසට පැමිණ නොමැති බැවින් ඇයගේ ඥාතීන් පිළිබඳ ගැටලුවක් නොමැති වුව ද ඔවුන්ට නිවසේ ස්වයං නිරෝධායනය වීමට උපදෙස් දී ඇති බව ද සෞඛ්‍ය අංශ පවසයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ බාහිර සමාජයේ සිදුකරන පීසීආර් පරීක්ෂණ සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ සහය ලබාගන්නා බව ද ජනතාවගේ උපරිම සහයෝගය මේ සඳහා අවශ්‍ය බව ද වෛද්‍ය සමරරත්න මහතා වැඩිදුරටත් කීවේය.

-Advertisement-

විරෝධතා කරුවෝ පාර්ලිමේන්තුවට කඩාවදිති

0

කිර්ගිස්ථානයේ පැවැත්වුණු පාර්ලිමේන්තු මැතිවරණය අවලංගු කරන ලෙස ඉල්ලමින් විපක්ෂයේ විරෝධතාකරුවන් පිරිසක් ඒරට අගනුවර වන බිෂ්කෙක්හි පාර්ලිමේන්තුවට කඩා වැදී ඇත.

පාර්ලිමේන්තුව පිහිටි ගොඩනැගිල්ලෙන් දුමක් පිටවන බවද ඒහි කොටස් ගිනිගෙන ඇතැයි ද මාධ්‍ය වාර්තා කර තිබේ.

ධවල මන්දිරය ලෙස හැඳින්වෙන පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදීමට පෙර විරෝධතාකරුවෝ මධ්‍යම චතුරස්‍රයට රැස්විය.

විරෝධතාකරුවන් පෙර දිනයේ සිට පොලිසිය සමග ගැටුම් ඇතිකරගත් අතර ඔවුන් විසිරුවාහැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස්, ජල ප්‍රහාර සහ දුම් බෝම්බ ඒල්ල කර තිබිණි.

ඒහිදී ඇතිවූ කලබලකාරී තත්ත්වය හේතුවෙන් ඒක් අයෙකු මියගොස් 600කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.

පසුගිය ඉරිදා (04) පැවැත්වුණු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශකිරීමේදී ඇතිවූ අක්‍රමිකතා හේතුවෙන් මෙම විරෝධතා ආරම්භ විය.

සඳුදා(05) විරුදධ පක්ෂ 12ක් ඒ්කබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියේ ඡන්ද ප්‍රථිපල තමන් පිළිනොගන්නා බවයි.

-Advertisement-

සෑම 10 දෙනකුගෙන්ම එක් අයකුට කොරෝනා

0

මේ වනවිට දළ වශයෙන් ලොවපුරා පුද්ගලයන් 10 දෙනකුගෙන් ඒක් ‌අයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි උපකල්පනය කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.ඔවුන් පවසන්නේ ගෝලීය ජනගහනයෙන් 10%කට පමණ වයිරසය ආසාදනය වී ඇති බවයි.ලෝකයේ අතිමහත් බහුතරයක් අවදානමට ලක්වී ඇති බවත් ගිනිකොන දිග ආසියාවේ සමහර ප්‍රදේශ වල සහ නැගෙනහිර මධ්‍යධරණී කළාපයේ සමහර ප්‍රදේශවල රෝගීන් හා මරණ වැඩිවෙමින් පවතින බවද ඔවුහු පෙන්වා දෙති.ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහලම විශේෂඥයෙකු වන මයික් රයන් විධායක මණ්ඩලය අමතමින්, ඇමරිකාව සහ චීනය වසංගත ව්‍යාප්තියේ නිවැරදි තොරතුරු ලබා දීමට අසමත් වූ බව පැවසීය.”අපි දැන් දුෂ්කර කාලයකට ගමන් කරමින් සිටිමු. රෝගය දිගටම පැතිරෙමින් පවතී.” යනුවෙන් රයන් පැවසීය.

-Advertisement-

නිව් කැලිඩෝනියා ජනතාව නිදහස ප්‍රතික්ෂේප කරයි

0

ප්‍රංශයට අයත් විදේශීය භූමි ප්‍රදේශයක් වන නිව් කැලිඩෝනියාවේ පැවැත්වුණු ජනමත විචාරණයකින් ප්‍රංශයෙන් නිදහස ලබාගැනීම සුළු වශයෙන් ප්‍රතික්ෂේප කර තිබේ.දූපත් සමූහයකින් සමන්විත නිව් කැලිඩෝනියාව වසර 170ක පමණ සිට ප්‍රංශයට අයත් භූමියක්ව පැවතිණ.ජනමත විචාරණයේ අවසාන ප්‍රථිපලයට අනුව මෙම දූපත් සමූහය ප්‍රංශයේ රැඳී සිටීමට කැමැත්ත පලකරමින් 53.26%ක් ඡන්දය ප්‍රකාශ කර ඇත.ඡන්දය ප්‍රකාශ කිරීම 85.6%ක් වැනි ඉහල මට්ටමක පැවතිණි.වසර දෙකකට පෙර පැවති ජනමතවිචාරණයකදී මීට වඩා වැඩි ප්‍රමාණයක්, එනම් 56.7%ක් ප්‍රංශයේ රැඳී සිටීමට කැමැත්ත ප්‍රකාශ කළහ. 2022 වසරේ ද  නැවත ජනමතවිචාරනයක් පැවැත්වීම නියමිතව ඇත.ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් ප්‍රථිපලය සම්බන්දව අදහස් පලකරමින් පවසා ඇත්තේ එය ප්‍රංශ රජය කෙරෙහි තැබූ විශ්වාසයේ සළකුණක් ලෙස පිළිගන්නා බවයි.කැලිඩෝනියානු දූපත්වල ආදිවාසී කනක් ජනකාව සහ යුරෝපීය පදිංචිකරුවන්ගෙන් පැවත එන්නන් ජීවත් වෙති.ජනගහනයෙන් වැඩි පිරිස යුරෝපීයයන් වන අතර කනක් ජනතාව 40%ක් පමණ වේ.කැලිඩෝනියාවේ නිකල් ලෝහ තැන්පතු විශාල වශයෙන් ඇති බැවින් ප්‍රංශය එය ආර්ථික වත්කමක් ලෙස සලකයි.වර්ථමානයේ කැලිඩෝනියාව විශාල ස්වාධීනත්වයක් භුක්ති විඳින නමුත් ආරක්ෂක සහ අධ්‍යාපනය වැනි කාරනා සඳහා ප්‍රංශය මත දැඩිලෙස රඳා පවතින අතර තවමත් පැරිසියෙන් විශාල සහනාධාර ලබා ගනියි.

-Advertisement-

ට්‍රම්ප්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන විවිධ කතා

0

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට කොවිඩ් – 19 සඳහා ප්‍රතිකාර කරන වෛද්‍යවරු ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයේ බරපතලකම සම්බන්දව පරස්පර අදහස් දක්වන බව රොයිටර් පුවත් සේවය පවසයි.වෛද්‍යවරුන් පිරිසක් පවසා ඇත්තේ ජනාධිපතිවරයා සුවය ලබමින් සිටින බවයි. ඔක්සිජන් ලබාදීමෙන් පසු ඔහුගේ පෙනහළුවල තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින නමුත් සඳුදා වනවිට නැවත ධවල මන්දිරය වෙත යැවිය හැකිවනු ඇතැයි ද ඔවුහු පවසා ඇත.කෙසේවුවද වෛද්‍ය ෂෝන් පී කොන්ලි පවසා ඇත්තේ ජනාධිපතිවරයාගේ තත්ත්වය කළින් තිබුණාට වඩා නරක බවයි. ට්‍රම්ප්ගේ රුධිර ඔක්සිජන් මට්ටම පෙර දිනවලදී පහතවැටී තිබුණු බවත් සිකුරාදා(02) උදෑසන ඔහුගේ ශරීර උෂ්ණත්වය බෙහෙවින් ඉහලගොස් තිබුණු බවත් කොන්ලි පවසයි.ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ බෝවන රෝග විශේෂඥ වෛද්‍ය අමේෂ් අඩල්ජා පවසන්නේ කොන්ලිගේ ප්‍රතිචාර අනුව ඒක්ස් කිරණ පරීක්ෂණවල නිව්මෝනියාව ඇති බවට යම් සලකුණු පෙන්නුම් කරන බවයි. ඒය සාමාන්‍ය තත්ත්වයක් නම් ඒ් බව ඔවුන් සඳහන් කරනුු ඇති බවද අමේෂ් පවසයි.ට්‍රම්ප්ගේ ප්‍රතිකාර වලට සම්බන්ද නොවන අනෙක් වෛද්‍යවරුන් පවසා ඇත්තේ ද ඔහුගේ ත්ත්වය දරුණු බවට සාක්ෂි ඇති බවයි. කොවිඩ් රෝගය බරපතල අවස්ථා වලදී භාවිතා කරන ඩෙක්ස්මෙතසෝන් වැනි ස්ටෙරොයිඩ කාණ්ඩයේ ඖෂධ මෙන්ම අභ්‍යන්තර ප්‍රතිවයිරස හා ප්‍රතිදේහ ප්‍රතිකාරක ද ලබාදෙන බව ඔවුහු පවසති. ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ ජනාධිපතිවරයාට සුවය ලැබීමට දින 14ක පමණ කාලයක් ගතවනු ඇති බවයි.

-Advertisement-