-1.1 C
New York
Home Blog Page 13

නේපාලයේ රාජ්‍ය ගොඩනැගිලි රැසකට ගිනි

0

නේපාලයේ විරෝධතාකරුවන් විසින් එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ල, ශ්‍රේෂ්ඨාධිකරණය, අමාත්‍යවරුන්ගේ කාර්යාල පිහිටි සින්ග දර්බාර් ගොඩනැගිල්ල ද අගමැතිවරයාගේ නිවස, ජනාධිපති රාම් චන්ද්‍ර පෝදල්ගේ නිවස, නේපාලයේ පාලක කොංග්‍රස පක්ෂයේ කාර්යාලය ඇතුළු ගොඩනැගිලි රැසක් ගිනි තබා විනාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම විරෝධතා උත්සන්නවීමත් සමඟ එරට අගමැති කේ.පී.ෂර්මා ඔලි සිය ධූරයෙන් ඉල්ලා අස්වූයේ ය.

එරට සමාජ මාධ්‍ය ජාලා තහනම් කිරීමට එරෙහිව විරෝධතා ආරම්භ කරන ලද අතර විරෝධතාවයේ යෙදෙන පිරිස් තමන් හඳුන්වාගන්නා ලද්දේ Z Gen යනුවෙනි. රජය සමාජ මාධ්‍ය තහනම ඉවත්කළ ද විරෝධතාව දූෂණයට එරෙහි විරෝධයක් බවට පරිවර්තනය වී තිබිණි.

විරෝධතා අතරතුර දී ආරක්ෂක අංශවලින් එල්ලකරන ලද ප්‍රහාර හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව මේ වනවිට 21ක් දක්වා ඉහළ ගොස් ඇති අතර අමාත්‍යවරුන්ගේ නිවාස කිහිපයක් ද ගිනිතබා ඇතැයි ද ඔවුන්ට පහර දී ඇතැයි ද වාර්තා වේ.

ආරක්ෂක අංශ විසින් අමාත්‍යවරුන් ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

-Advertisement-

විදුලි ගාස්තු වැඩි කිරීමට, මහජන අදහස් විමසයි

0

විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිබඳ මහජන අදහස් විමසන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

විදුලිබල මණඩලය 2025 වර්ෂයේ අවසන් කාර්තුව සඳහා 6.8% විදුලි ගාස්තු වැඩි කිරීමක් යෝජනා කර ඇත.

ඒ අනුව වාචික අදහස් දැක්වීම සඳහා පළාත් සියල්ල ම ආවරණය වන පරිදි මහජන උපදේශන 09ක් පවත්වන බවත් වාචික අදහස් දැක්වීම සැප්තැම්බර් 18 ආරම්භ කරන බවත් එම කොමිෂන් සභාව දැනුම් දෙයි.

ඊට අමතරව ඕනෑම පුද්ගලයකුට සිය අදහස් හා යෝජනා ලිඛිතව කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී. ලිඛිත අදහස් හා යෝජනා 2025 ඔක්තෝබර් 07 වැනි දිනට පෙර පහත සඳහන් මාර්ග ඔස්සේ ඉදිරිපත් කළ හැකි බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

ඊමේල් – [email protected]
වස්ඇප් – 076 427 1030
ෆේස්බුක් – www.facebook.com/pucsl
තැපෑලෙන් –  තුන්වෙනි විදුලි ගාස්තු පිළිබඳ මහජන උපදේශනය 2025
                      ශ්‍රී ලංකා මහජන උපයෝගිතා
                      කොමිෂන් සභාව
                      6 වන මහල, ලංකා බැංකු වෙළද කුළුණ,
                      කොළඹ 3

උපදේශන පත්‍රිකාව සහ යෝජිත යෝජනාව පහත සබැඳියෙන් නැරඹිය හැකිය. https://www.pucsl.gov.lk/proposed-electricity-tariff-revision-2025-sept/

-Advertisement-

නේපාලයේ සමාජ මාධ්‍ය තහනම, රජය පෙරළීම දක්වා දුරදිග යයි

0

සමාජ මාධ්‍ය තහනමක් හේතුවෙන් ඇති වූ ප්‍රචණ්ඩකාරී විරෝධතාවලින් පුද්ගලයින් 19 දෙනෙකු මිය යාමෙන් දිනකට පසු, විරෝධතාකරුවන් ඇඳිරි නීතිය නොතකා පොලිසිය සමඟ ගැටීමත් සමඟ නේපාල අගමැති කේ.පී. ෂර්මා ඔලි අද (09) ඉල්ලා අස්වූයේ ය.

භක්තපූර්, බෝල්කොට් හි ඇති ඔහුගේ පෞද්ගලික නිවස විරෝධතාකරුවන් විසින් ගිනි තබා ඇති බව සඳහන් වේ.

ඊයේ (08) පාර්ලිමේන්තුවට කඩා වැදීමට උත්සාහ කළ විරෝධතාකරුවන්ට පොලිසිය කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ එල්ල කිරීමෙන් පසු විරෝධතා ප්‍රචණ්ඩකාරී වී 19 දෙනෙකු මිය ගොස් 100 කට වැඩි පිරිසක් තුවාල ලැබීමෙන් පසු ඔලිගේ රජය සමාජ මාධ්‍ය තහනම ඉවත් කළේය.

2008 දී රාජාණ්ඩුව අහෝසි කිරීමට හේතු වූ විරෝධතාවලින් පසු දිගින් දිගට ම දේශපාලන අස්ථාවරත්වය සහ ආර්ථික අවිනිශ්චිතතාවයෙන් පීඩා විඳින  නේපාලයේ ඉන් පසු ඇති වූ දරුණුම ප්‍රචණ්ඩකාරී තත්වය මෙයයි.

“අගමැතිවරයා ඉල්ලා අස්වී ඇත,” ඔලිගේ සහායක ප්‍රකාශ් සිල්වාල් රොයිටර් පුවත් සේවයට පැවසූ අතර, එය රට නව දේශපාලන අවිනිශ්චිතතාවයකට ඇද දමයි.

ඉල්ලා අස්වීමට පෙර අග්‍රාමාත්‍ය ඔලි සියලු දේශපාලන පක්ෂවල රැස්වීමක් කැඳවා තිබුණේ ප්‍රචණ්ඩත්වය ජාතියේ යහපතට හේතු නොවන බවත් “ඕනෑම ගැටලුවකට විසඳුම් සෙවීම සඳහා සාමකාමී සංවාදයකට යොමු විය යුතු” බවත් පවසමිනි.

නමුත් බලධාරීන් විසින් පනවා ඇත ඇඳිරිනීතිය නොතකා, පාර්ලිමේන්තුව සහ කත්මණ්ඩු අගනුවර අනෙකුත් ස්ථාන ඉදිරිපිට විරෝධතාකරුවන් රැස් වූ බැවින්, රජයට එරෙහි කෝපය අඩු වන බවක් පෙනෙන්නට තිබුණේ නැත.

විරෝධතාකරුවන් ඇතැම් මාර්ගවල ටයර් පුළුස්සා, කැරළි මර්ධන උපකරණවලින් සැරසුණු පොලිස් නිලධාරීන්ට ගල් ගසා, පටු වීදි හරහා ඔවුන් ලුහුබැඳ යන අයුරුද නිරීක්ෂණය වී තිබිණි.

ඉන්දීය-නේපාල දේශ සීමාව අසල පිහිටි ඇතැම් නගරවලින් සිය ගණනක් ජනයා විරෝධතාකරුවන්ට සහාය දැක්වීම සඳහා කත්මණ්ඩු දෙසට පෙළපාළි යාමට පටන් ගත් බව රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.

කත්මණ්ඩු නගරයේ ඇතැම් දේශපාලනඥයන්ගේ නිවෙස්වලට විරෝධතාකරුවන් ගිනි තබමින් සිටි බව වාර්තා වන අතර, සමහර අමාත්‍යවරුන් හමුදා හෙලිකොප්ටර් මගින් ආරක්ෂිත ස්ථානයකට රැගෙන ගිය බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර ඇත.

“අපි තවමත් අපේ අනාගතය වෙනුවෙන් මෙහි සිටගෙන සිටිනවා. අපට මේ රට දූෂණයෙන් තොර වීමට අවශ්‍යයි, එවිට සෑම කෙනෙකුටම අධ්‍යාපනය, රෝහල්, වෛද්‍ය පහසුකම් පහසුවෙන් ලබා ගත හැකි වනු ඇත.” යනුවෙන් දූෂණයට එරෙහිව විරෝධතාවයේ නිරත රොබින් ශ්‍රෙෂ්තා රොයිටර් රූපවාහිනියට පැවසීය.

කත්මණ්ඩු ගුවන් තොටුපළ ද මේම වනවිට වසා දමා තිබේ.

මෙම විරෝධතාව ආරම්භ කරන ලද තරුණ පිරිස් තමන් හඳුන්වා ඇත්තේ Z Gen යනුවෙනි. සමාජ මාධ්‍ය තහනමට විරෝධය පෑමක් ලෙස විරෝධය ආරම්භ කළ ද එය මේ වනවිට දූෂණය මැඩපැවැත්වීමට සහ ආර්ථික අවස්ථා ඉහළ නැංවීමට රජය ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳ විරෝධතාවක් දක්වා ද වර්ධනය වී තිබේ.

-Advertisement-

කෙහෙළියට එරෙහි, මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුව අවසන් කරයි

0

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩු කටයුතු අවසන් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්.බෝදරගම අද (09) තීරණය කළේය.

කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ කාලයේ දී රුපියල් ලක්ෂ 970කට අධික වටිනාකමකින් යුතු බැංකු ගිනුම්, ජීවිත රක්ෂණ ඔප්පු, වාහන හිමිකර ගැනීමෙන් මුදල් විශුද්ධිකරණය යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම ද කොළඹ මහාධිකරණයේ ඔහු සහ ඔහුගේ පවුලේ අයට එරෙහිව අධිචෝදනා ගොනුකර තිබිණි.

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඔහුගේ බිරිඳ දියණියන් තිදෙනා සහ බෑණා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදාහැර තිබිණි. මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේ දී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ එම වරදට අදාළව ම මහාධිකරණයේ අධිචෝදනා ගොනුකර ඇති බවයි. එබැවින් මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකර ඇති නඩු කටයුත්ත අවසන් කළ හැකි බව ද අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් දැනුම් දෙන ලදී.

ඒ අනුව විත්තිකරුවන්ට නියමිත දිනවල මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් රඹුක්වැල්ල ඇතුළු පවුලේ අයට දැනුම් දෙනු ලැබීය.

-Advertisement-

රාජිතට ඇප, විදෙස් ගමන් තහනම්

0

රිමාන්ඩ් භාරයේ පසු වූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්.බෝදරගම අද (09) නියෝග කළේය.

දූෂණ චෝදනාවක් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරනු ලැබූ රාජිත සේනාරත්න රුපියල් 50,000.00ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 02 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලදී. ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද මහේස්ත්‍රාත්වරයා කටයුතු කළේය.

-Advertisement-

“ජනාධිපති වරප්‍රසාද ඉවත්කිරීමට පාර්ලිමේන්තුවට හැකියි” – ශ්‍රේෂ්ඨාධිකරණය කියයි

0

ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත්කිරීමේ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුකූලවන බැවින් එය බහුතර ඡන්දයකින් සම්මත කළ හැකියැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (09) කතානායකවරයා වෙත දැනුම් දී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, මෙම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් ලක්කර තිබිණි. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගොනු කර ඇති අංක SC/SD/29/2025 දරන පෙත්සම ප්‍රතික්ෂේප කර ඇති බවත් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් වැඩිදුරටත් නිවේදනය කරන ලදී.

-Advertisement-

අයිස් සෑදීමට ගෙනා බව කියන රසායනික ද්‍රව්‍ය ගැන, වාර්තාව දින දෙකකින්

0

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට ගෙන්වන ලදැයි සැකකරන රසායනික ද්‍රව්‍ය සම්බන්ධයෙන් පරීක්ෂණ වාර්තාව ඉදිරි දින දෙකක කාලයේ දී ලබාදීමට හැකිවනු අතැයි අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි.

පසුගිය දා ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් බවට සැකකරන පුද්ගලයන්ගෙන් ලැබුණු තොරතුරු අනුව බව පවසමින් මිද්දෙණිය ප්‍රදේශයේ ඉඩමකින් රසායනික ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබිණි. ඉන්පසු තංගල්ලේ නොටොල්පිටියේ ඉඩමකින් ද කඳාන ප්‍රදේශයේ දී ද එවැනිම රසායනික ද්‍රව්‍ය තොගයක් සොයා ගැණිනි.

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති වෛද්‍ය ඉන්දික වන්නිනායක පවසන්නේ දැනටමත් එම රසායනික ද්‍රව්‍යවල සාම්පල පිළිබඳ පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවයි. ඒ අනුව එහි වාර්තාව තව දින දෙකකින් ලබාදිය හැකි බව ද හෙතෙම කීවේය.

-Advertisement-

දුම්රියක් පීලි පැන, කුඩා ලොරියක ද ගැටේ

0

කැලණිවැලි දුම්රිය මාර්ගයේ දී දුම්රියක් පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇත

කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක්, පුවක්පිටිය සහ අවිස්සාවේල්ල අතර දී පීලිපැන ඇතැයි දුම්රිය මෙහෙයුම් කාර්යාලය පවසයි. මේ හේතුවෙන් දුම්රිය ධාවනය කොස්ගම දක්වා සීමා වී ඇත.

දුම්රිය පීලි පැනීම සිදු වූ අවස්ථාවේ දී කුඩා ලොරියක් ද දුම්රියේ ගැටී අනතුරට ලක්ව ඇත.

-Advertisement-

“අපි දේශීය ක්‍රමයකට යන්නම්, බාහිර මැදිහත්වීම් එපා” ඇමති විජිත ජිනීවා සමුළුවේ දී කියයි

0

ස්විට්සර්ලන්තයේ, ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 60 වැනි සැසිවාරය අද (08) සවස ඇමතූ ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් යුද ගැටුම්වල දී සිදු වූ බව කියන මානව හිමිකම් උල්ලංගණය කිරීම් විමර්ශනය සඳහා බාහිර මැදිහත් වීමේ යාන්ත්‍රණයක් ශ්‍රී ලංකාව විසින් ප්‍රතික්ෂේප කරන බව කියා සිටියේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වොල්කර් ටර්ක් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද වාර්තාවට ප්‍රතිචාර දක්වමින්, ඔහු කියා සිටියේ  ශ්‍රී ලංකාව වගවීමේ ක්‍රියාවලියට කැපවී සිටින්නේ දේශීය යාන්ත්‍රණයක් හරහා පමණක් බවයි.

එම වාර්තාවෙන් මෙරට මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ විසදුම් ලබාදී නැතැයි සඳහන් කර තිබිණි. මියන්මාරය, ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය, සුඩානය‍, පලස්තීනය, සිරියාව ආදි රටවල මානව හිමිකම් තත්ත්වයන් පිළිබඳ වාර්තා සහ වාචික යාවත්කාලීන කිරීම් මෙම සමුළුවේ දී ඉදිරිපත් කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය වාර්තාව පසුගියදා ප්‍රකාශයට පත් කෙරුණි.

එම වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා රජය හමුදාවේ හා අනෙකුත් ආරක්ෂක අංශවල බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිගැනීමට වසර ගණනාවක් පුරා අසමත්ව ඇති බවයි. යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණයට කටයුතු කිරීමට බලය හිමි වන රෝම ප්‍රඥප්තියට අත්සන් තැබීමටද එම වාර්තාව මගින් ශ්‍රී ලංකාවට නිර්දේශ කර තිබේ.

මෙම වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පෙන්වා දී  ඇත්තේ අදාළ වාර්තාව ඉදිරිපත් කිරීමට පදනම් වූ මානව හිමිකම් මණ්ඩලය සම්මත කළ 57/1 දරන යෝජනාව ශ්‍රී ලංකාව පිළිගෙන නොමැති බවයි. ඒ යටතේ ක්‍රියාත්මක වන වගවීම් ව්‍යාපෘතියට ශ්‍රී ලංකාව අඛණ්ඩව විරුද්ධත්වය පළකරන බවත්, දේශීය සංහිඳියා ක්‍රියාවලියට එවැනි බාහිර ව්‍යාපෘතීන් අගතිදායක වන බවත් එමගින් පෙන්වා දී ඇත.

සැසිවාරය අතරතුර ඒ ඒ රටවල, තරුණයින්ගේ මානව හිමිකම් සුරක්ෂිත කිරීම, ප්‍රචණ්ඩත්වය පිටුදැකීම, ආදිවාසි ජනතාවගේ අයිතිවාසිකම් වැනි මාතෘකා යටතේ සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

-Advertisement-

සමාජ මාධ්‍ය යළි ඉල්ලා නේපාල උද්ඝෝෂණයේ දී 13 දෙනකු මරුට

0

නේපාල රජය විසින් පනවා ඇති සමාජ මාධ්‍ය තහනම ඉවත්කරන්න යැයි ඉල්ලා එරට දී සිදුකරන උද්ඝෝෂණවල දී විරෝධතාකරුවන් සහ හමුදා අතර ඇති වූ ගැටුම්වල දී 13 දෙනකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Facebook, X සහ YouTube ඇතුළු සමාජ මාධ්‍ය අවකාශ සහ සන්නිවේදන යෙදුම් 26ක් තහනම් කිරීමට එරට රජය ගත් තීරණයට එරෙහිව කත්මණ්ඩු හි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අසළ විශාල පිරිසක් විරෝධතාවල නිරතවූහ. ඔවුන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදීමට උත්සාහ කිරීමත් සමඟ නේපාල පොලිසිය එම විරෝධතාකරුවන් විසුරුවා හැරීමට කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාර එල්ල කර ඇත.

 විරෝධතාකරුවන් තමන් ‘Z’ පරපුර ලෙස හඳුන්වාගනිමින් මේ විරෝධතා ආරම්භ කර ඇත.

-Advertisement-