-2.1 C
New York
Home Blog Page 11

2026 පාසල් පැවැත්වෙන හැටි මෙන්න

0

2026 වර්ෂයේ දී ද පාසල් වාර පැවැත්වෙන්නේ අදියරවලට වෙන්කරමිනි. මෙලෙස අදියර වශයෙන් පැවැත්වීමට සිදුව ඇත්තේ කොරෝනා වසංගතය කාලයේ සිට උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග නිශ්චිත කාලයේ දී පැවැත්වීමට නොහැකි වීම හේතුවෙන් බව අධ්‍යාපන අමාත්‍යාංශ පවසයි.

ඒ අනුව ලබන වසර සඳහා වන පළමු පාසල් වාරයේ පළමු අදියර ජනවාරි 01 වැනි දා ආරම්භ වුව ද පෙබරවාරි 13 වැනි දා එම අදියර අවසන් කර මාර්තු 02 වැනි දා දක්වා නිවාඩු ලබා දීමට තීරණය කර ඇත.

පළමු පාසල් වාරයේ දෙවන අදියර මාර්තු 03 වැනිදා ආරම්භ වන අතර එය අප්‍රේල් 10 දක්වා ක්‍රියාත්මක කර සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අප්‍රේල් මස 11 වැනි දා සිට 19 වැනි දා දක්වා පාසල්වලට නිවාඩු ලබාදීමට තීරණය කර ඇත.  

දෙවැනි පාසල් වාරයේ පළමු අදියර අප්‍රේල් මස 20 වැනි දින ආරම්භ වී එය ජූලි 24 වැනි දා අවසන් වීමට නියමිතය.

ඉන්පසු තෙවැනි පාසල් වාරයේ පළමු අදියර ජුලි 27 වැනිදා සිට අගෝස්තු 07 වැනිදා දක්වා පැවැත්වෙයි.

අගෝස්තු 08 වැනිදා සිට සැප්තැම්බර් 06 වැනිදා දක්වා පාසල් වලට නිවාඩු ලබා දීමට නියමිත ය. තුන්වැනි පාසල් වාරයේ දෙවන අදියර සැප්තැම්බර් 07 සිට දෙසැම්බර් 04 වැනිදා තෙක් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

-Advertisement-

නන්පෙරියල් රක්ෂිතයේ ගින්නක්

0

බලංගොඩ, නන්පෙරියල් රක්ෂිතයේ අද (13) සවස හටගත් ගින්නක් රක්ෂිතය පුරා පැතිරයමින් පවතී. දැඩි වියළි කාලගුණික තත්වය සහ තද සුළං හේතුවෙන් රක්ෂිතය පුරා ගින්න පැතිරයමින් පවතී.

-Advertisement-

ඇල්ල අනතුරේ මියගිය ගණන තවත් ඉහළට

0

ඇල්ල වැල්ලවාය මාර්ගයේ දී පසුගිය 04 වැනි දා රාත්‍රියේ සිදු වූ අනතුරින් තුවාල ලබා සිටි තත් කාන්තාවක් මියගිය බව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ශ්‍යාමලී ගමගේ නමැති 43 හැවිරිදි කාන්තාවකි. ඒ අනුව අනතුරින් මියගිය සංඛ්‍යාව 16ක් දක්වා ඉහළ ගොස් ඇත.

18 දෙනකු තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි අතර තවදුරටත් එක් අයකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද බදුල්ල රෝහලේ ප්‍රකාශකයකු කීවේය.

-Advertisement-

නේපාලයේ පාලනය භාරගත් පළමු කාන්තාව

0

නේපාල ඉතිහාසයේ එරටට නායකත්වය දෙන පළමු කාන්තාව බවට පත්වෙමින් හිටපු අගවිනිසුරු සුෂිලා කාර්කී, විරෝධතාකරුවන් සමඟ එකඟතාවයෙන් එරට අග්‍රාමාත්‍යධූරයට පත්වූවාය.

සමාජ මාධ්‍ය තහනම් කිරීමට නේපාල රජය ගත් තීරණයත් සමඟ කුපිත වූ Z-Genaration නමින් හඳුන්වාගත් තරුණ තරුණියෝ ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණ ආරම්භ කළ අතර මාරාන්තික උද්ඝෝෂණ බවට පත්වූ එය පසුව දූෂණ විරෝධී මුහුණුවරක් ගෙන ආණ්ඩුව බලයෙන් පහකරන තත්වයට පත්විය.

සමාජ මාධ්‍ය සහ සන්නිවේදන යෙදුම් 26ක් නේපාල රජය විසින් තහනම් කිරීමට පෙර සති කිහිපය තුළ, දේශපාලනඥයන්ගේ දරුවන්ගේ සුඛෝපභෝගී ජීවන රටාවන් සහ දූෂණ චෝදනා ඉස්මතු කරමින් “නෙපෝ කිඩ්” ව්‍යාපාරයක් සමාජ මාධ්‍ය තුළ ප්‍රචලිත විය.

මෙම විරෝධතා කරුවන් පාර්ලිමේන්තුව, ශ්‍රේෂ්ඨාධිකරණය, නිල නිවාස, හෝටල් ඇතුළු ගොඩනැගිලි සහ රාජ්‍ය දේපළ ගිනිබත් කරද්දී එරට අගමැතිවරයාත්, රජයත් තම බලය අතහැර දැමීමට කටයුතු කරන ලදී.

නේපාලයේ ඇති වූ මේ ගැටුම්වලින් 50කට වැඩි පිරිසක් මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දින ගණනාවක් පුරා පැවති සාකච්ඡාවලින් පසුව, ජනාධිපතිවරයා සහ විරෝධතා නායකයින් අතර එකඟතාවයක් ඇතිවිය. එම සාකච්ඡාව සඳහා නීති විශේෂඥයෝ ද සහභාගී වූහ.

ඒ අනුව ඊයේ (12) සවස ජනාධිපතිවරයා විසින් නිල වශයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද අතර, ලබන වසරේ මාර්තු 05 වන දින මහ මැතිවරණය පැවැත්වෙන බව නිවේදනය කරන ලදී. කෙටි උත්සවයකින් භාරකාර රජයේ අග්‍රාමාත්‍යධූරයට පත්වූ 73 හැවිරිදි වියේ පසුවන සුෂිලා කාර්කි ඉදිරි දින කිහිපයේ දී භාරකාර රජයේ අමාත්‍ය මණ්ඩලය පත්කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඇය පිරිසිදු ප්‍රතිරූපයක් ඇති තැනැත්තියක් ලෙස පුළුල් ලෙස සලකනු ලබන අතර, අන්තර්කාලීන රජයට නායකත්වය දීම සඳහා Z-Genaration හි ශිෂ්‍ය නායකයින්ගේ සහාය ඇයට ලැබේ.

නීතිය හා සාමය යථා තත්ත්වයට පත් කිරීම, පාර්ලිමේන්තුව සහ ප්‍රහාරයට ලක් වූ අනෙකුත් ප්‍රධාන ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීම මෙන්ම වෙනසක් අවශ්‍ය විරෝධතාකරුවන්ට සහ නේපාලයේ තරුණ ප්‍රජාතන්ත්‍රවාදය සහ ව්‍යවස්ථාමය පිළිවෙල අහෝසි වේයැයි බියෙන් සිටින අනෙකුත් අයට එහිි සුරක්ෂිත බව සහතික කිරීම වැනි අභියෝග රැසකට ඇගේ කැබිනට් මණ්ඩලය මුහුණ දෙනු ඇත.

තවත් ප්‍රධාන කාර්යයක් වනුයේ ප්‍රචණ්ඩත්වයට වගකිව යුතු අය නීතිය හමුවට පමුණුවා ගැනීමයි.

නේපාල හමුදා ප්‍රධානියාගේ මැදිහත් වීමෙන් මේ සතියේ පැවති සාකච්ඡාවල සම්මුතියක ප්‍රතිඵලයක් ලෙස කාර්කිගේ පත්වීම සිදු විය. ප්‍රීතියෙන් පිනා ගිය Z ආධාරකරුවන් සමාජ මාධ්‍ය ඔස්සේ තම සතුට ප්‍රකාශ කරමින් සිටින අතර බොහෝ දෙනකු මෙය දකින්නේ රට වෙනුවෙන් ගත යුතු නව දේශපාලන මාවතේ ඊළඟ පියවර ලෙසයි.

පසුගිය අඟහරුවාදා, කාර්කි කත්මණ්ඩු හි විරෝධතා ස්ථානයට ගිය අතර, එම ස්ථානයේ දී ඊට පෙර දින (සඳුදා) පොලිසිය සමඟ ඇති වූ ගැටුම්වලින් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තිබිණි. ඒ වනවිට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තුවාල ලැබූවන් කිහිප දෙනෙකු ද ඇය හමුවූවාය.

රටේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය වන නේපාල කොංග්‍රසයේ කොයිරාල දේශපාලන රාජවංශය සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ පවුලක උපත ලැබූ කාර්කි, පසුව එවකට පක්ෂයේ නායිකාව වූ දුර්ගා සුබේඩි සමඟ විවාහ වූවා ය.

2016 දී නීතිඥවරියක සිට නේපාලයේ අගවිනිසුරුවරිය දක්වා වූ ඇගේ ගමනේදී ඇගේ සැමියාගේ සහයෝගය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ බව ඇය පවසා තිබේ.

ඇය අගවිනිසුරුවරිය ලෙස මාස 11 කට ආසන්න කාලයක් ගත වූ කාලය තුළ දෝෂාභියෝග සිද්ධියකට පවා මුහුණ දී තිබේ.

දශක ගණනාවකට පසු රට එහි දරුණුතම නොසන්සුන්තාවයෙන් පීඩා විඳිමින් සිටියදී, නේපාල හමුදාව තවමත් කත්මණ්ඩු නගරයේ වීදිවල මුර සංචාරයේ යෙදී සිටී. පදිංචිකරුවන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ඉඩ සැලසීම සඳහා සීමාවන් කෙටියෙන් ඉවත් කර ඇත.

-Advertisement-

දැඩි රක්ෂිතයට, සත්ව අවශේෂ දැමූ පිරිසක් අත්අඩංගුවට

0

රිටිගල දැඩි ස්වභාව රක්ෂිතයට, ඝාතනය කරන ලද ගවයින්ගේ ශරීර කොටස් ගෙනවිත් දැමූ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව රිටිගල වනජීවී අභයභූමියේ නිලධාරීන් පවසයි.

රිටිගල වනජීවී අභයභූමි භාරකරු ඩී. රාමසිංහගේ උපදෙස් පරිදි රිටිගල සහ අලගොල්ලෑව වනජීවී කාර්යාල නිලධාරීන් ඒකාබද්ධව කරනු ලැබූ මෙහෙයුමක දී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

කැකිරාව, ගනේවල්පොල ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් විසින් ගවයන්ගේ අස්ථි කොටස් ප්‍රවාහනය කර රක්ෂිතයට බැහැර කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. ඔවුන් මෙම සිරුරු කොටස් ගෙන ගිය ලොරි රථයක් ද වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.  

රිටිගල රක්ෂිතයට මෙලෙස සතුන්ගේ අවශේෂ ගෙනවිත් දැමීම එහි පරිසර පද්ධතියටත්, සතුන්ටත් අහිතකර ලෙස බලපාන බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.

අනුරාධපුර වනජීවී සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.එම්.කේ.එස්. චන්ද්‍රරත්නගේ මෙහෙයවීමෙන් මෙම වැටලීම සිදු කර ඇති අතර, රිටිගල වනජීවී සංරක්ෂණ කාර්යාලය මගින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලැබේ.

-Advertisement-

මාස 18ට කෝටි 27ක් උපයාගත් ඇමති පුතා

0

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කර ඇති ඔහුගේ පුත්‍රයා විසසින් මාස 18ක කාලයක දී රුපියල් කෝටි 27කට වැඩි වත්කම් උපයාගෙන ඇතැයි අල්ලස් හෝ දූෂණ පිළිබඳ කොමිෂන් සභාව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

රමිත් රඹුක්වැල්ල නමැති ඔහු මෙම මුදල් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකි වී ඇතැයි ද එම කාලයේ දී රුපියල් කෝටි 27කට අධික වියදමක් දරමින් කොළඹ නගරයේ මහල් නිවාස සංකීර්ණවලින් නිවාස මිල දී ගැනීම, සුඛෝපභෝගී නවීන පන්නියේ මෝටර් රථ මිල දී ගැනීම, තම නමින් සහ බිරිඳගේ නමින් බැංකුවල ස්ථාවර තැන්පත් ගිනුම් ආරම්භ කිරීම කර ඇතැයි අධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවේ සටහන් කර ඇත.

-Advertisement-

අභිරහසක් ඉතිරි කළ මරණයක් (වීඩියෝ සහිතයි)

0
The ambulance circulating the streets at night, close-up, long exposure

කකුලේ තුවාලයක් නිසා බද්දේගම රෝහලට ඇතුළත් කර සිටිය දී ගාල්ල ජාතික රෝහලට ගිලන්රථයකින් රැගෙන ආ රෝගියකු අනතුරකින් සිදු වූ බරපතල තුවාල සහිතව මියගොස් ඇතැයි පශ්චාත් මරණ පරීක්ෂණයකින් හෙළිදරව් වීම හේතුවෙන් එම මරණය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පැවැත්වෙන බව ගාල්ල ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ බද්දේගම, මීමැඩම ප්‍රදේශයේ පදිංචි උපුල් තුෂාර ත්‍රිකාවල නමැති 54 හැවිරිදි පුද්ගලයෙකි. වාහන පින්තාරු කාර්මිකයකු ලෙස නිවෙස්වලට සහ ගරාජ්වලට ගොස් වැඩ කරන ඔහු දෙදරු පියෙකි.

මාස කිහිපයකට පෙර මෙම පුද්ගලයාගේ කකුල්වල දණහිසෙන් පහළ කොටසේ තුවාල කිහිපයක් හටගෙන තිබූ අතර ප්‍රතිකාර ගත්විට එය සුව වී තිබිණි. පසුගිය දා නැවත එම රෝගී තත්වය උත්සන්න වූයෙන් පසුගිය අගෝස්තු 26 වැනි දා 1990 සුවසැරිය ගිලන්රථයකට ඔහු ම ඇමතුමක් දී බද්දේගම රෝහලට එම ගිලන්රථයෙන් ගොස් තිබිණි.

බද්දේගම රෝහලේ ප්‍රකාශකයකු කීවේ මෙම මෙම පුද්ගලයා පසුගිය 29 වැනි දා රාත්‍රී 11.30ට පමණල් බද්දේගම රෝහලේ ගිලන් රථයකින් ගාල්ල ජාතික රෝහලට මාරුකර යැවූ බවයි. එම අවස්ථාවේ දී ඔහු සිහිකල්පනාව ඇතිව සිටි බව ද රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

බද්දේගම රෝහලෙන් ඔහු ගාල්ල ජාතික රෝහලට රැගෙන යාමට පැය කිහිපයකට පෙර මියගිය පුද්ගලයාගේ දියණිය රෝහලට ගොස් පියාට රාත්‍රී ආහාරය ලබා දී ඇති අතර දියණිය පවසන්නේ තම පියා ඒ මොහොතේ ඉතාමත් හොඳ සිහිකල්පනාවෙන් ඇවදීමට පවා හැකියාව ඇති ව සිටි බවයි. නමුත් රෝගියා ජාතික රෝහලට මාරුකර යවන බව බද්දේගම රෝහලෙන් ඥාතීන්ට කිසිම අවස්ථාවක දැනුම් දී නැත.

බද්දේගම රෝහලේ සිට ගාල්ල ජාතික රෝහලට ඇති දුර ප්‍රමාණය කිලෝ මීටර 10ක් පමණ වේ. මැදියම් රාත්‍රියේ මේ දුර ගමන් කිරීමට ගිලන් රථයකට විනාඩි 15ක් ගත වන්නේ නැත. නමුත් 29 වැනි දා රාත්‍රී 11.30ට බද්දේගම රෝහලෙන් පිටත් වූ ගිලන් රථය ගාල්ල ජාතික රෝහලට පැමිණ ඇත්තේ පසු දින අලුයම 1.25ට බව රෝහලේ වාර්තාවල දැක්වේ. ගිලන් රථයට කිලෝ මීටර 10ක් ගෙවා යාමට ගත වූ කාලය පැය දෙකකට ආසන්නය. මෙය පුදුම සහගත සිදුවීමකි.

කෙසේ වෙතත් එම රෝගියා රෝහලට ඇතුළත් කළ වහාම ඔහු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත. පසුගිය 01 වැනි දා මේ රෝගියා ගාල්ල ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දී මියගියේය. ඔහුගේ සිරුර හදිසි මරණ පරීක්ෂණයක් සඳහා ඉන් අනතුරුව යොමු කෙරිණි.

එම හදිසි මරණ පරීක්ෂණය ගාල්ල ජාතික රෝහලේ හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා විසින් සිදුකරන ලදී. මියගිය තැනැත්තාගේ බිරිඳ කඹුරුගමුව ලොකුආචාරිගේ නිලූෂිකා දර්ශනී (46) සහ දියණිය  ත්‍රිකාවල බඩල්ගේ හර්ෂනී සුලෝචනා (29) කියා සිටියේ මරණය ගැන කිසිදු සැකයක් නැති බවයි.

ඔවුන් එසේ ප්‍රකාශ කළ ද පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමේ දී  ලියාපදිංචි අධිකරණ වෛද්‍ය නිලධාරී එච්.මධුවන්ති ජයසිංහ මහත්මිය නිරීක්ෂණය කර තිබුණේ මියගිය තැනැත්තාගේ හිසෙහි සහ ශරීරයේ ස්ථාන කිහිපයක ම බරපතල තුවාල සහ තැලුම් සළකුණු ඇති බවයි. හිසේ සිදුකරන ලද සැත්කම හේතුවෙන් හිස් කබලේ කොටසක් ද ඉවත් කර තිබිණි. කකුලේ තුවාලයක් නිසා රෝහල්ගත කළ පුද්ගලයකුට මෙවැනි තුවාල සිදුවීම ගැටලුවකි.

ඒ අනුව ඇය හදිසි මරණ පරීක්ෂකවරයා ද කැඳවා මියගිය තැනැත්තාගේ සිරුර පරීක්ෂා කර තිබිණි. මරණ පරීක්ෂණයේ දී සාක්ෂි විභාගයේ දී මරණය සම්බන්ධ සැකයක් නැතැයි මියගිය තැනැත්තාගේ ඥාතීන් පැවසුව ද මියගිය තැනැත්තා රිය අනතුරකට ලක්වීමේ සැකයක් මතුව තිබූ බැවින් ඒ පිළිබඳ පරීක්ෂාකරන ලෙස බද්දේගම පොලිසියට මරණ පරීක්ෂකවරයා විසින් දැනුම් දී තිබිණි. ඒ අනුව මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදුන් හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසිරි ලොකුගේ මහතා සිරුර භූමදාන කිරීමට අවසර දුන්නේය.

මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පැවැත්වූ බද්දේගම පොලිසිය හදිසි මරණ පරීක්ෂකවරයාට දැනුම් දී ඇත්තේ බද්දෙගම රෝහලේ සිට පසුගිය 29 වැනි දා රෝගියා ගාල්ල ජාතික රෝහලට රැගෙන එන අතරතුර දී එම රෝගියා ගිලන් රථයේ පිටුපස දොර හැර පාරට පැන ඇතැයි ගිලන් රථයේ සේවකයන් පවසා ඇති බවයි. ගිලන්රථයෙන් පැන තුවාල ලැබූ එම පුද්ගලයා ගාල්ල ජාතික රෝහලට රැගෙන ඒමට පැය දෙකක කාලයක් දක්වා ප්‍රමාද කළේ කවර හේතුවක් නිසා ද යන්න අදටත් ගැටලුවකි.

බද්දේගම රෝහලේ සිට සිහිය ඇතිව ගාල්ල ජාතික රෝහලට රැගෙන ආ රෝගියා සිහි නැතිව රෝහල්ගත කළ ද එවැනි සිදුවීමක් පිළිබඳ ඔවුන් රෝහල් දෙකටම දැනුම් දී තිබුණේ නැත. ගිලන්රථ සේවකයන් පොලිසියට පවසා ඇත්තේ මෙය සිදුවූයේ මීපාවල ප්‍රදේශයේ දී බවයි.

ඒ අනුව, ගිලන් රථයේ සේවකයන් සියලු දෙනා අද (13) ගාල්ල ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයට කැඳවා ඔවුන්ගෙන් සාක්ෂි සටහන් කරගැනීමට නියමිතව තිබේ.

දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ මෙහෙයවීමෙන් මේ පිළිබඳ විශේෂ පරීක්ෂණයක් ද පැවැත්වීමට නියමිතව ඇත.

-Advertisement-

සුවසැරියෙන් දරුවා ගෙනියන්න බෑ කියයි. දරුවා මරු වැළඳ ගනී

2

“සුවසැරිය ගිලන් රථය ආවත් ඒ අය කිව්වා දරුවා කරාපිටිය රෝහලට ගෙනියන්න බෑ වෙනත් වාහනයකින් ගෙනියන්න කියලා. අන්තිමේ දී දරුවා ගෙනියන්න පරක්කු වුණා. කරාපිටියෙන් කිව්වා ඉක්මණට රෝහලට ගෙනාවනම් දරුවා බේරාගන්න තිබුණා කියලා.” යැයි බෝතල් මූඩියක් උගුරේ සිර වීමෙන් පසු මියගිය මාස 09ක් වයසැති පිරිමි දරුවකුගේ මරණයේ දී සාක්ෂි දුන් ඔහුගේ මව කීවාය.

මෙලෙස මියගොස් ඇත්තේ හික්කඩුව, ගොඩවත්ත, මිල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි උඩුගම ලියන කංකානම්ගේ ලුෂේන් ආදිව් නමැති දරුවෙකි.

මෙම දරුවාගේ මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය ගාල්ල ජාතික රෝහලේ දී පසුගිය 06 වැනි දා හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා විසින් පවත්වන ලදී.

මියගිය දරුවාගේ මව මෝදර ආචාරිගේ දිල්කි යසාරා හංසිනී (22) මහත්මිය සාක්ෂි දෙමින් මෙසේ ද කීවාය.

“පසුගිය 05 වැනි දා සවස 2.30ට පමණ මමත් දරුවාත් ගෙදර හිටියේ මහත්තයා රෙස්ටුරන්ට් එකේ වැඩට ගිහින් තිබුණා. මහත්තයාගේ තාත්තා ගෙදර එහා පැත්තේ ගඩොල් කපමින් හිටියා. මමත් පුතාත් ඇඳ උඩ හිටියේ. ළමයා ඇඳෙන් බැස්සා. වටේ තියන බඩු අල්ලමින් එයා කණ්ණාඩි මේසේ ළඟට ගියා. මම බෙහෙත් ටික ගන්න සාලයට ගන්න ගියා. යන අතරේ පස්ස හැරිලා බැලුවා. බලන විට මොනවා හරි කටට මොනවාදෝ දාගෙන කියලා දැක්කා. මම ළඟට ඇවිත් බැලුවාම දැක්කා කණ්ණාඩි මේසේ උඩ තිබුණු සෙන්ට් කුප්පියේ මූඩිය කට ඇතුළේ තියෙනවා. මම අත දාලා ගන්න හැදුවා. පිටටත් තට්ටු කළා. ළමයාට කැස්සකුත් ආවා. එහෙම ම මූඩිය ඇතුලට ගියා වගේ මට දැණුනා. මම තාත්තාට කෑ ගහලා කතා කළා. එයත් දුවගෙන ආවා. පස්සේ උඩ ගෙදර අයියා මාවත් ළමයත් බයිසිකලේ තියාගෙන නාරිගම පුද්ගලික ඩිස්පෙන්සරියකට එක්කරගෙන ගියා. එතනින් මූඩිය ඉවත් කළා. ඒ අය කිව්වා ඉක්මනට රෝහලකට අරගෙන යන්න කියලා අපි ඒ වෙලාවේ 1990 ගිලන්රථයකට කතා කළා. පැය භාගයකින් විතර එයාලා ඇවිත් කිව්වා ඩිස්පෙන්සරියක ඉදලා රෝගීන් අරගෙන යන්න එයාලට බෑ කියලා. ඒකට වෙනම අවසර ගන්න ඕන කියලා. ඒ නිසා වෙනත් වාහනයක් කතා කරගෙන එතැන හිටපු වෛද්‍යවරයෙක් සහ හෙදියක් සමඟ පුතාට ඔක්සිජන් දෙමින් ගාල්ල ජාතික රෝහලට රැගෙන ආවා.  කරාපිටියට රැගෙන එන කොට දරුවාට සිහිය තිබුණේ නෑ. ඒ වෙලාවෙම දැඩි සත්කාර ඒකකයට ඇතුළු කළා. රෝහලෙන් ඉක්මනට ප්‍රතිකාර කළා. ඒත් පසුව දා (06) උදේ 8.15ට විතර ළමයා නැති වුණා. ඉක්මණට ගෙනාවනම් දරුවාගේ ජීවිතය බේරගන්න තිබුණා කියලා වෛද්‍යවරු කිව්වා.” 

මෙම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ ලියාපදිංචි අධිකරණ වෛද්‍ය නිලධාරිනී එම්.මධුවන්ති ජයසිංහ මහත්මියගේ වාර්තාව සහ ඉදිරිපත් වූ සාක්ෂි සළකා බැලූ හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා මරණය සිදුව ඇත්තේ සෙන්ට් කුප්පියේ පියන හේතුවෙන් හුස්ම හිරවීමෙන් බව නිගමනය කළේය.

-Advertisement-

වයිරස් සහ හෘදයාබාධ අතර සම්බන්ධයක්. ඔබ සැම අවදානමක

0

වයිරස ආසාදන හේතුවෙන් ද හෘදයාබාධ ඇතිවිය හැකි බව පර්යේෂණයකින් හෙළි වී තිබේ. මෙතෙක් විද්‍යාඥයන් සිතා සිටියේ හෘදයාබාධවලට හේතුව අධික කොලෙස්ටරෝල්, දුර්වල ආහාර රටාටව සහ ආතතිය බවයි.

හෘදයාබාධයක් යනු රුධිර කැටි ගැසීමක් හෝ රුධිර නාල අවහිරවීම හේතුවෙන් හදිසියේ ම හෘදයට රුධිර සැපයුම සීමා වන බරපතල හදිසි වෛද්‍ය තත්වයකි.

සෑම වර්ෂයක ම පුද්ගලයන් ලක්ෂ 179ක් පමණ හෘදයාබාධවලට ගොදුරු වී මියයන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තුගත කර තිබේ. කිරීටක හෘද රෝග, නොගැලපෙන ආහාර රටාව මෙන් ම දුම්පානය වැනි වෙනස් කළ හැකි ජීවන රටා සාධක ගණනාවක් හෘදයාබාධ අවදානම වැඩිකරන බව බොහෝ කළක සිට තිබූ විශ්වාසයයි.

නමුත් දැන් පර්යේෂකයන් පවසන්නේ හෘදයාබාධ වෛරස් ආසාදන හේතුවෙන් ද ඕනෑම අයකුට ඇතිවිය හැකි බවයි. එය උණ ගැනීම හෝ මුත්‍රා ආසාදන තරමට ම පොදු කරුණක් බව ද පර්යේෂකයෝ පෙන්වා දෙති.

එක්සත් රාජධානියේ ලක්ෂ 17 දක්වා ජනතාවක් මුත්‍රා ආසාදනවලින් පීඩා විඳිති, ඔවුන්ගෙන් බහුතරය කාන්තාවන් ය. රෝග ලක්ෂණ අතර වැසිකිළියට යන විට දැවෙන මුත්‍රා දැවිල්ල, වෙනදාට වඩා නිතර නිතර මුත්‍රා කිරීමේ අවශ්‍යතාව, මුත්‍රාශය හිස් වුව ද තවදුරටත් මුත්‍රා කිරීමට අවශ්‍යයැයි දැනීම එම රෝගවලට ඇතුළත් වේ.

එය බාහිර රෝගී ආසාදනවල වඩාත් සුලබ ආකාරයක් ලෙස සැලකේ, එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය වසරේ එක්සත් රාජධානියේ නේවාසිකව ප්‍රතිකාර ලබා ඇති මුත්‍රා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 12ක් පමණ විය. 

හෘදයාබාධ පිළිබඳ කර ඇති මෙම නවතම අධ්‍යයනයේ දී , විද්‍යාඥයින් සොයා ගත්තේ, ධමනි තුළ මේද ද්‍රව්‍ය ගොඩගැසීම නිසා හදවතට රුධිර සැපයුම අවහිර වීම නිසා ඇතිවන කිරීටක හෘද රෝග වලදී, කොලෙස්ටරෝල් මගින් වසර ගණනාවක් ශරීරයේ නිද්‍රාශීලීව පැවතිය හැකි බැක්ටීරියා රඳවා තබා ආරක්ෂා කළ හැකි බවයි. 

ෆින්ලන්තයේ සහ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන්ට අනුව , බැක්ටීරියාව රෝගියාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් සහ ප්‍රතිජීවක වලින් ආරක්ෂා වීමට ආරක්ෂිත ජෛව පටලයක් සාදයි. 

නමුත් යමකු රෝගාතුර වූ විට, වයිරස් ආසාදනයකට ගොදුරු වූ විට, වයිරසයට ජෛව පටලය සක්‍රීය කළ හැකි අතර, බැක්ටීරියා ප්‍රගුණනය කර හානිකර ප්‍රතිචාරයක් ඇති කළ හැකිය. 

අධික දැවිල්ල නිසා හදවතේ ඇති ඵටකවලට හානි සිදුවිය හැකි අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මාරාන්තික රුධිර කැටියක් ඇති වී අවසානයේ හෘදයාබාධයක් ඇති විය හැක. 

ආසාදනය වැළැක්වීම සඳහා සුදු රුධිරාණු නිෂ්පාදනය වැඩි කරන මෙම හානිකර ප්‍රතිචාරය, පට්ටිකා ලෙස හඳුන්වන රුධිරයේ සෛලවල ඇලෙන සුළු බව වැඩි කරන අතර රුධිර කැටි ගැසීම් ඇති කරයි. 

ෆින්ලන්තයේ ටැම්පෙරේ විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යාව පිළිබඳ විශේෂඥයෙකු සහ අධ්‍යයන ප්‍රධානියෙකු වන මහාචාර්ය පෙක්කා කර්හුනන් මෙසේ පවසා තිබේ.

“කිරීටක ධමනියේ ඇතිවන රෝග සඳහා බැක්ටීරියා සම්බන්ධ වීම බොහෝ කලක සිට සැක කර ඇත, නමුත් සෘජු සහ ඒත්තු ගැන්විය හැකි සාක්ෂි තිබුණේ නැහැ. අපගේ අධ්‍යයනයෙන් පෙන්නුම් කළේ ඇතර්ස්ක්ලෙරෝටික් ඵලක තුළ මුඛ බැක්ටීරියා කිහිපයකින් ලබාගත් ජානමය ද්‍රව්‍ය – DNA – පවතින බවයි.”

හදිසි හෘදයාබාධයකින් මියගිය රෝගීන් මෙන්ම, හෘද නාල නැවත ගොඩනැගීම සඳහා ප්‍රතිකාර ලබන රෝගීන් පරීක්ෂා කිරීමෙන්, ධමනි පටකවල ජෛව පටල ව්‍යුහයන් හඳුනා ගැනීම සඳහා පර්යේෂණ කණ්ඩායම ප්‍රතිදේහයක් ද වර්ධනය කරන ලදී.

හෘදයාබාධ සඳහා හේතුවක් වනු ඇතැයි මෙතෙක් හඳුනාගෙන සිටි කොලෙස්ටරෝල්, වැරදි ආහාර පුරුදු, ආතතිය, දුම්පානය වැනි හේතු මේ සොයාගැනීමෙන් පසෙකට කිරීමට හෝ නොසළකා හැරීම නොකළ යුතු වුණත් නව උපායමාර්ග සකසා හෘද රෝග අවම කරගැනීම සඳහා නව සොයා ගැනීම ද ඉවහල් වනු ඇති බව පර්යේෂකයෝ කියති.

ඔවුන්ගේ සොයාගැනීම් මගින් පොදු වයිරස් ආසාදනවලට එරෙහිව එන්නත් කිරීමෙන් කිරීටක හෘද රෝග සහ හෘදයාබාධ පවා වළක්වා ගැනීමේ හැකියාව දියුණු කළ හැකි බව පෙනී ගොස් ඇත.  

ඇමරිකානු හෘද සංගමයේ ජර්නලයේ ප්‍රකාශයට පත් කරන ලද 2018 අධ්‍යයනයක දී , පර්යේෂකයන් නියුමෝනියාව සහ UTI වැනි වයිරස් ආසාදන සහ හෘද රෝග අතර ශක්තිමත් සම්බන්ධයක් සොයා ගත්හ. 

හෘදයාබාධයකින් හෝ වෙනත් ආකාරයක කිරීටක රෝගයකින් පෙළෙන රෝගීන් 1,300 කට අධික සංඛ්‍යාවක් යොදාගෙන පර්යේෂන කළ විද්‍යාඥයන්, පසුගිය මාස තුන තුළ හෘද රෝගීන්ගෙන් 37% කට පමණ යම් ආකාරයක ආසාදනයක් ඇති බව සොයා ගත්හ. 

අධ්‍යයනයේ වාර්තා වූ වඩාත් සුලබ ආසාදන වර්ගය UTI වේ.  

ස්නායු විශේෂඥවරියක සහ අධ්‍යයනයේ ප්‍රධාන පර්යේෂකයකු වන වෛද්‍ය කමක්ෂි ලක්ෂ්මිනාරායන් මෙසේ පැවසුවාය.

“ආසාදනය රුධිරයේ සියුම් ලෙස සකස් කරන ලද සමතුලිතතාවය වෙනස් කිරීමට සහ රුධිර කැටි ගැසීම් ඇතිවීමට වැඩි ප්‍රවණතාවක් ඇති කිරීමට හේතු වන බව පෙනෙනවා. එය රුධිර වාහිනී අවහිර වීමට හේතු වන අතර හෘදයාබාධ හා ආඝාතය වැනි බරපතල සිදුවීම් සඳහා වැඩි අවදානමක් ඇති කරනවා.” 

පසුගිය වසරේ දත්ත මගින් හෙළි වූයේ හෘද වාහිනී ගැටළු හේතුවෙන් සිදුවන අකල් මරණ දශකයකට වැඩි කාලයක් තුළ ඉහළම මට්ටමට පැමිණ ඇති බවයි.

ඒ සමඟම, බැක්ටීරියා ප්‍රතිකාර වලට වඩාත් ප්‍රතිරෝධී වන බැවින්, UTI වැනි වයිරස් ආසාදනවලට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන ප්‍රතිජීවක අඩු ඵලදායී වෙමින් පවතින බවට මතය ද වර්ධනය වී ඇත.

එංගලන්තයේ වයස අවුරුදු 40 ට අඩු තරුණ තරුණියන් හෘදයාබාධ සඳහා රෝහල් වෙතින් මගින් ප්‍රතිකාර ලබන ආකාරය ඉහළ යමින් තිබෙන අයුරු ද මීට පෙර අවධාරණය කර තිබුණි.

1960 ගණන්වල සිට වයස අවුරුදු 75 ට අඩු පුද්ගලයින් අතර හෘදයාබාධ, හෘදයාබාධ හා ආඝාත ඇතිවීමේ අවස්ථා අඩු වී ඇත්තේ දුම්පානය කිරීමේ අනුපාතය පහත වැටීම, දියුණු ශල්‍යකර්ම ශිල්පීය ක්‍රම සහ ස්ටෙන්ට් සහ ස්ටැටින් වැනි දියුණු තාක්ෂණික ප්‍රතිකාර ක්‍රම හේතුවෙනි.

-Advertisement-

අඟහරු මත ජීවය පැවති බව විද්‍යාඥයෝ තහවරු කරති

0

අඟහරු ග්‍රහයා මත ජීවය තිබූ බවට පැහැදිළි සාක්ෂි ඇතැයි නාසා ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

පසුගිය වසරේ, නාසා හි Perseverance රෝවරය අඟහරුගේ සමකයට උතුරින් වියළි ගංගා පතුළක ‘දිවියාගේ ලප’ ලෙස හඳුන්වන මලකඩ සහිත රවුම් සලකුණු ඇති බව සොයා ගන්නා ලදී. නාසා පරිපාලක ෂෝන් ඩෆි දැනට විශ්වාස කරන්නේ මෙම සලකුණු වසර බිලියන ගණනකට පෙර පැරණි ජීවීන් විසින් ඉතිරිකර ගොස් ඇති බවයි.

අඟහරුමත එකළ ජීවීන් සිටියා නම් ඒ කවර ආකාරයේ ජීවී විශේෂ වන්නට ඇත්ද යන්න උපකල්පනය කිරීමට විද්‍යාඥයෝ උත්සාහ ගනිමින් සිටිති. ඒ අනුව අඟහරුමත සිටි ඕනෑම ජීවියකුට දැඩි විකරණවලට මුහුණ දීමේ හැකියාව තිබිය යුතු අතර, දුර්වල ගුරුත්වාකර්ශනයකට ඔරොත්තු දීමට ද හැකිවිය යුතුය. එමෙන් ම දිවා කාලයේ දී සෙල්සියස් අංශක 20ක් සහ රාත්‍රී කාලයේ දී සෙල්සියස් අංශක – 153ත් අතර උෂ්ණත්ව පරාසයක ජීවත්වීමට ද හැකිවිය යුතුය.

විද්‍යාඥයන් පවසන්නේ මෙවැනි පාරිසරික තත්වයන් මත තවමත් ඇතැම් ජීවී විශේෂ පරිනාමය වීමේ හැකියාවක් පවතින බවයි. කෙසේ වෙතත් මේ කටුක පරිසරයට ඔරොත්තු දීම සඳහා එවැනි ජීවියකුට විශේෂ අනුවර්තනයන් අවශ්‍ය වනු ඇත. එවැනි ජීවයක් අඟහරු ග්‍රහයා මත තිබුණේ නම් එය වඩාත් සංකීර්ණ ජීවී විශේෂ නොව බැක්ටීරියා වැනි ඉතා සරල ක්ෂුද්‍රජීවී විශේෂ විය හැකි බව ද ඔවුහු පෙන්වා දෙති. විද්‍යාඥයින්ගේ මතය වන්නේ අඟහරු ග්‍රහයාගේ ජෙසෙරෝ ආවාටය කාලයක් ජලයෙන් පිරී තිබූ බවයි. එය ක්ෂුද්‍රජීවී ජීවය වර්ධනය වීමට ‘අවශ්‍ය’ බවත් ඔවුන් පවසයි.

‘දීප්තිමත් දේවදූතයා’ ලෙස හැඳින්වෙන කලාපයක් ගවේෂණය කරන අතරතුර, නාසා හි නොපසුබට උත්සාහය රෝවරය දිවියන්ගේ ලප වලට සමාන අසාමාන්‍ය සලකුණු සමූහයක් වෙතයි. ඒවා අතීතයේ රසායනික සහ භෞතික ප්‍රතික්‍රියා වල ලක්ෂණ බවට විශ්වාසයක් පවතී.

දිරාපත් වන කාබනික ද්‍රව්‍යවල දක්නට ලැබෙන විවියනයිට් සහ පෘථිවියේ ක්ෂුද්‍ර ජීවීන් විසින් නිපදවන ග්‍රෙගයිට් මේවායේ ඇති බව තහවරු කරගෙන තිබේ.

ලන්ඩන් විශ්ව විද්‍යාලයේ බර්ක්බෙක්හි පෘථිවි විද්‍යාඥයෙකු සහ නාසා වාර්තාවේ සම-කර්තෘ ආචාර්ය කීරොන් හික්මන්-ලුවිස් මෙසේ පවසයි.

“මෙම පත්‍රිකාවේ වාර්තා කර ඇති බ්‍රයිට් ඒන්ජල් හි නිරීක්ෂණය කරන ලද කාබනික-ඛනිජ වර්ග පෘථිවියේ ක්ෂුද්‍රජීවී ජීවීන් විසින් ජනනය කරන බව දන්නා අතර, එබැවින් අඟහරු ග්‍රහයා මත මෙතරම් සමාන දෙයක් දැකීම ඉතා වැදගත් නිරීක්ෂණයකි. නිසැකවම, මම හිතන්නේ මෙය අඟහරු ග්‍රහයා මත ජීවය පිළිබඳ මෙතෙක් සොයාගෙන ඇති වඩාත්ම බලගතු සාක්ෂියයි.”

මෙම ලප ජීව විද්‍යාත්මක නොවන ක්‍රියාවලීන් නිසා ඇති විය හැකි බව ද විද්‍යාඥයින්ට තවමත් බැහැර කළ නොහැකි ය. මෙය ‘දුම් දමන තුවක්කුවක්’ නොවන බව ආචාර්ය හික්මන්-ලුවිස් පවසයි.

කෙසේ වෙතත්, සාක්ෂි සමාලෝචනය කර විකල්ප පැහැදිලි කිරීම් සොයමින් වසරක් ගත කිරීමෙන් පසු, පර්යේෂකයෝ දැන් මෙය ‘ජෛව අත්සනක්’ විය හැකි බවත්, ජීවයේ පැවැත්ම සනාථ කරන අපැහැදිලි ලකුණක් බවත් පැවසීමට තරම් විශ්වාසයෙන් සිටිති.

ජීවයේ විභව සලකුණු හමු වූයේ සමකයට උතුරින් පිහිටි ද්‍රෝණියක් වන ජෙසෙරෝ ආවාටය නම් ප්‍රදේශයෙනි. දැන් එය නිසරු මුඩු බිමක් වුවද, වසර බිලියන ගණනකට පෙර, ජෙසෙරෝ ආවාටය ජීවයට නිවහනක් විය හැකි ජලයෙන් පිරී තිබුණි.

මෙම ජලයේ ජීවය පැවතුනේ නම්, වඩාත්ම පිළිගත හැකි පැහැදිලි කිරීම නම් එය යම් ආකාරයක සරල ක්ෂුද්‍ර ජීවියෙකු බවයි.

ආචාර්ය හික්මන්-ලුවිස් මෙසේ පවසයි: ‘මෙම විභව ජෛව අත්සන සොයාගත් පරිසරය අඩු උෂ්ණත්ව ජලයෙන් පොහොසත් පරිසරයක් ලෙස පෙනේ, එබැවින් ක්ෂුද්‍රජීවී ජීවිතයට ඉතා යෝග්‍ය වේ.’

නේචර් සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද ඔවුන්ගේ පත්‍රිකාවේ පර්යේෂකයන් යෝජනා කරන්නේ ක්ෂුද්‍ර ජීවීන් පාෂාණවල ස්වභාවිකව ඇති කාබන්, සල්ෆර් සහ පොස්පරස් ආහාරයට ගන්නට ඇති බවයි.

මෙම ක්ෂුද්‍ර ජීවීන් එවිට අපට දැන් දිවියන්ගේ ලප ලෙස පෙනෙන ඛනිජ ලප ‘බැහැර’ කරන්නට ඇත.

ලන්ඩනයේ ඉම්පීරියල් විද්‍යාලයේ විද්‍යාඥයෙකු සහ පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකයෙකු වන ආචාර්ය සංජීව් ගුප්තා මෙසේ පවසයි.

“වසර බිලියන ගණනකට පෙර ඒ කාලයේ මතුපිට ද්‍රව ජලය තිබූ බැවින් එය වාසයට සුදුසු පරිසරයක් විය. මේක සරල ක්ෂුද්‍රජීවී ජීවිතයක් වෙන්න තිබුණා. අපිට ඊට වඩා ගොඩක් දේවල් කියන්න පුළුවන්. මෙම ක්ෂුද්‍ර ජීවීන් විසින් ඉතිරි කර ඇති විය හැකි අංශු මාත්‍ර පමණක් අපට දැකිය හැකි බැවින්, ඒවා කෙබඳු වන්නට ඇත්ද යන්න හෝ ඒවා හැසිරුණේ කෙසේද යන්න දැන ගැනීම දුෂ්කරයි.”

මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යාඥයෙකු සහ මෙම අධ්‍යයනයට සම්බන්ධ නොවූ ජොඩ්‍රෙල් තාරකා භෞතික විද්‍යා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය මයිකල් ගැරට් මෙසේ පවසා ඇත.

“පෘථිවියේ ඉතා ලුණු සහිත, සීතල හෝ අඩු ඔක්සිජන් තත්වයන් යටතේ වර්ධනය වන භූමිෂ්ඨ බැක්ටීරියා ගැන සිතන්න. හොඳ ප්‍රතිසමයන් වන්නේ පෘථිවි පෘෂ්ඨයේ කිලෝමීටර් ගණනක් භූගතව හෝ චිලියේ උස් කාන්තාරයේ ජීවත් වන ඉතා ලුණු සහිත විල්වල හෝ ක්ෂුද්‍ර ජීවීන් ගැනයි. මෙම උදාහරණ අපට පෙන්වා දෙන්නේ මතුපිට තත්ත්වයන් කුරිරු ස්ථානවල පවා ජීවිතය දුෂ්කර, අවම සහ නොනැසී පැවතිය හැකි බවයි.”

පළමු ක්ෂුද්‍ර ජීවීන් දර්ශනය වී වසර බිලියනයකට පමණ පසු අඟහරු ග්‍රහයාගේ දේශගුණය වේගයෙන් වෙනස් වූ බැවින්, වඩාත් සංකීර්ණ ජීවය පරිණාමය වීමට ඉඩක් තිබෙන්නට නැත. මෙයින් අදහස් කරන්නේ සතුන් වැනි සංකීර්ණ ජීවීන්ට වර්ධනය වීමට කාලය නොතිබූ බවයි.

මෙම දිවියන්ගේ ලප සැබවින්ම ජෛව අත්සනක් නම්, පර්යේෂකයන් පවසන්නේ ඒවා එක් ස්ථානයක පමණක් පැවතීම අපහසු බවයි.

වඩාත් පුළුල් ජීවයේ සලකුණු සෙවීම සඳහා, ඉතා පැරණි පාෂාණ අධ්‍යයනය කරමින් සිටී.

කෙසේ වෙතත්, රතු ග්‍රහලෝකයේ කොතැනක හෝ වඩාත් සංකීර්ණ ජීවයක් පරිණාමය වීම අතිශයින්ම අසම්භාව්‍යයි.

පර්යේෂකයන් සිතන්නේ පෘතිවියේ ජීවය ආරම්භ වූ කාලයේ දී ම අඟහරු ග්‍රහයා මත ද ක්ෂුද්‍ර ජීවීන් බිහිවන්නට ඇති බවයි. කෙසේ වෙතත්, වසර බිලියනයකට පමණ පසු, සූර්ය සුළං මගින් අඟහරු ග්‍රහයාගේ වායුගෝලය ඉවත් කිරීමත් සමඟ එහි දේශගුණය වේගයෙන් වෙනස් වීමට පටන් ගන්නට ඇත.  ග්‍රහලෝකය ඉතා සීතල හා වියලි විය.

මහාචාර්ය ගැරට් මෙසේ පවසයි:

‘වසර බිලියනයකට පසු අඟහරු ග්‍රහයා මත ඇති එම කටුක තත්වයන් ඕනෑම ජීවියෙකුගේ ශරීර ප්‍රමාණය හා සංකීර්ණතාවයට දැඩි සීමාවන් පනවනු ඇති. නමුත් පෘතුවිය මත එසේ නොවේ. සැබැවින් ම සංකීර්ණ ජීවීන් පහළ වීමට තවත් වසර බිලියන තුනක් පමණ ගතවිය. එහි දී ශක්තියට කෑදර සංකීර්ණ ජීවී ස්වරූපයන්ට පරිනාමය වීමට අවශ්‍ය වඩා හොඳ තත්වයක් ද තිබිණි. නමුත් අඟහරුමත පරිසරය එන්න එන්න ම අසීරු විය.”

පෘථිවියේ, පරිණාමය වූ මුල්ම සරල ජීවී විශේෂ පෝෂක ජල තාප වාතාශ්‍ර වැනි ආන්තික පරිසරවල ද නොනැසී පවතී, එබැවින් සංකීර්ණ අඟහරු ජීවය සමාන පරිණාමීය ගමන් පථයක් අනුගමනය කරන්නට ඇත.

වඩාත් සංකීර්ණ ජීවය පරිණාමය වූවා යැයි සිතිය නොහැකි අවස්ථාවක, අඟහරු ග්‍රහයාගේ කටුක තත්වයන් එය කෙබඳු විය හැකිද යන්නට දැඩි සීමාවන් පනවනු ඇත.

“සූර්යයාගේ දැඩි පාරජම්බුල කිරණ, අධික සීතල සහ සීමිත ද්‍රව ජලයට ඔරොත්තු දීම සඳහා එය අනුවර්තනය වීමට අවශ්‍ය වනු ඇත – එවැනි පරිසරවල සංකීර්ණ සත්ව ජීවිතයක් අපට සැබවින්ම නොපෙනේ,” මහාචාර්ය ගැරට් පවසයි.

ඔහු තවදුරටත් මෙසේ පවසයි: ‘ඔවුන් සිටියා නම්, ඔවුන්ට සූර්යයාගේ UV විකිරණවලින් ආරක්ෂාව අවශ්‍ය වනු ඇත – සමහරවිට ඝන සමක්, උදාහරණයක් ලෙස, හෝ බොහෝ දුරට අඟහරු පස යට ජීවත් විය හැකිය.’

ඒ කියන්නේ සංකීර්ණ ජීවීන් කාන්තාරවල ජීවත් වන කටුස්සන් හෝ ජල තාප වාතාශ්‍ර අසල ජීවත් වන සරල පෙරහන් පෝෂක වැනි අසාමාන්‍ය ලෙස කටුක පරිසරවල ජීවත් වන පෘථිවියේ ජීවීන්ට සමාන විය හැකියි.  

-Advertisement-