-2.1 C
New York
Home Blog Page 10

විදේශගත ලාංකිකයන්ට ඡන්ද අයිතිය ?

0

විදේශගත වී සිටින ශ්‍රී ලාංකිකයන්ට මෙරට මැතිවරණවල දී සිය ඡන්දය පාවිච්චිකිරීමට හැකියාව ලැබෙන පරිදි නීති සකස් කිරීම සඳහා විශේෂ කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

ඒ සඳහා අමාත්‍යාංශ කිහිපයක් නියෝජනය වන පරිදි කමිටුවක් පත්කෙරෙනු ඇත.

විදේශගත ශ්‍රී ලාංකිකයන්ට මෙරට මැතිවරණවල දී ඡන්දය ප්‍රකාශ කිරීමට මෙතෙක් ක්‍රමවේදයක් සකස්කර නැතත් ඉන්දියාව, බංග්ලාදේශය, පිලිපීනය වැනි රටවල් රැසක විදේශගත පුරවැසියන්ට ඡන්දය භාවිතා කිිරීමට හැකියාව ඇති ක්‍රම සකස් වී තිබීම ගැන ද අවධානය යොමුව තිබේ.

ඒ සඳහා අවශ්‍ය නව නීති සකස් කිරීමට අදාළ කරුණු අධ්‍යයනය කිරීම පිණිස මැතිවරණ කොමිෂන් සභාව, විදේශ කටයුතු අමාත්‍යාංශය, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ අනෙකුත් අදාළ අමාත්‍යාංවල සහ ආයතනවල නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල එකඟත්වය හිමිව තිබේ.

-Advertisement-

කාන්තාවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන දත්ත භයානකයි ?

0

2025 වර්ෂයෙ ගත වූ මාස 08ක කාලයේ දී නීති විරෝධී මත්ද්‍රව්‍ය ළඟ තබාගත් කාන්තාවන් 1406ක් අත්අඩංගුවට ගෙන ඇතැයි තොරතුරු පනත අනුව පොලිසියෙන් කරන ලද විමසීමක දී අනාවරණය වී ඇත.

ඒ අතරින් වැඩිම පිරිසක් අත්අඩංගුවට පත්ව ඇත්තේ අයිස් ළඟ තබාගැනීම හේතුවෙනි. එම සංඛ්‍යාව 524 දෙනෙකි. හෙරොයින් සම්බන්ධයේන කාන්තාවන් 434ක් සහ ගංජා සම්බන්ධයෙන් ද කාන්තාව්න 378ක් අත්අඩංගුවට පත්ව ඇතැයි පොලිසිය ලබාදුන් තොරතුරුවල දැක්වේ.

2025 ජනවාරි 01 වැනි දා සිට ගත වූ මාස 08ක කාලයේ දී මත්ද්‍රව්‍ය හේතුවෙන් අත්අඩංගුවට පත් වූ කාන්තාවන් සංඛ්‍යාව පිළිබඳ විස්තර පහත දැක්වේ

අයිස් මත්ද්‍රව්‍ය – 524

හෙරොයින් – 434

ගංජා සම්බන්ධ – 378

මත්පෙති – 23

හෑෂ් සම්බන්ධයෙන් – 06

කෙකේන් – 02

වෙනත් මත්ද්‍රව්‍ය 39

එකතුව 1406

මෙලෙස අත්අඩංගුවට ගත් කාන්තාවන්ගෙන් වැඩි පිරිසක් වයස අවුරුදු 22ත් 50ත් අතර පසුවන අතර ඔවුන් වැඩි දෙනකු විවාහක කාන්තාවෝ වෙති. ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් ද මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වූ අය වන අතර අවිවාහක කාන්තාවන්ගේ දෙමාපියන් මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවූ අය බව ද පොලිසිය පෙන්වා දෙයි.

-Advertisement-

දක්ෂිණ අධිවේගයේ අනතුරක්, කාන්තාවක් මරුට

0

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ කහතුඩුව අතර ප්‍රදේශයේ දී අද (16) අලුයම සිදු වූ අනතුරකින් කාන්තාවක මියගොස් ළමුන් තිදෙනකු ඇතුළු 06 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

ගාල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයක පිටුපසින් පැමිණි වෑන් රථයක් ගැටීමෙන් මේ අනතුර සිදුව ඇත.

තුවාල ලැබූ ළමුන් තිදෙනා කළුබෝවිල රෝහලට ඇතුළත් කර සිටින අතර වෑන් රථයේ රියදුරා තවත් පිරිමි පුද්ගලයකු සහ කාන්තාවන් දෙදෙනකු හෝමාගම රෝහලට ඇතුළත් කර ඇති අතර 35 හැවිරිදි  කාන්තාවක් එහි දී මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.  

-Advertisement-

මාගම්පුර වරාය සමාගම, බැංකුවට කෝටි ගාණක් පොලු තියලා

0

මාගම්පුර වරාය කළමනාකරණ සමාගම පුද්ගලික බැංකුවකින් ලබාගෙන ඇති ණය මුදලක් නොගෙවීම හේතුවෙන් එම සමාගම ඈවර කිරීමට තීරණය කර ඇතැයි කෝප් කමිටුවේ දී අනාවරණය වී තිබේ.

මෙම නොගෙවා පැහැර හැර ඇති මුදල රුපියල් කෝටි 683කි. එම මුදල අයකරගැනීම සඳහා අදාළ බැංකුව වරාය කළමනාකරණ සමාගමට එරෙහිව නඩු දෙකක් පවරා ඇත.

අල්ලස් හෝ දූෂෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ද එම කරුණු සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති අතර සමාගම සඳහා ඈවරකරුවකු පත්කර ඇත්තේ 2022 ජුනි මස දී ය.

වරාය අධිකාරිය පවසන්නේ අදාළ සමාගම ඈවර කිරීමේ කටයුතු සිදුවෙමින් පවතින බවයි.

වරාය කළමනාකරණ සමාගම ඈවර කිරීමෙන් පමණක් සෑහීමකට පත්විය නොහැකි යැයි කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර පෙන්වා දෙයි.

මෙම කරුණ සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් පවත්වා අදළ නිලධරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, අභ්‍යන්තර විගණන අංශය නිවැරදිව අධීක්ෂණයට ලක්කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙසත් කෝප් කමිටුව නිර්දේශ කර ඇත. මේ සම්බන්ධයේන ගන්නා තීරණ ඇතුළත් කර වාර්තාවක් කාරක සභාවට ලබාදෙන සෙට ද මෙහි දී නිර්දේශ කෙරිණි.

-Advertisement-

අල්ලස් ගත් තාක්ෂණික නිලධාරියාට වැඩ වරදී

0

රුපියල් 50,000 ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව මත නිවාස සංවර්ධන අධිකාරියේ (HDA) තාක්ෂණික නිලධාරියෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම (CIABOC) විසින් පිටිගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

රුපියල් මිලියනයක නිවාස ණයක් සඳහා ඉල්ලුම් කළ පදිංචිකරුවෙකුගේ පැමිණිල්ලකට අනුව ඔහු අත්අඩංගුවට ගන්නා ලදී.

සැකකරු අද(15) නියාගම කොට්ඨාශ කාර්යාලයේ සංවර්ධන අංශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම ණය මුදල ලබාදීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය සහ අනුමැතිය ලබා දීම සඳහා නිලධාරියා රුපියල් 50,000 ක මුදලක් ඉල්ලා ඇති බවට චෝදනා එල්ල වී තිබේ. 

අගෝස්තු 19 වන දින පැමිණිලිකරුට පළමු වාරිකය වූ රුපියල් 146,000 ලැබුණු විට, නිලධාරියා අල්ලසක් ලෙස රුපියල් 25,000 ක් ලබා ගත් බව කියනු ලැබේ.

-Advertisement-

ගින්නකින් නිවාස දහසක් විනාශයි

0

පිලිපීනයේ මැනිලා නගරයේ නිවාස 1000ක් පමණ ගිනිගෙන විනාශ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම පැල්පත් නිවාසවල හටගත් ගින්න නිවා දැමීමට පැය 10කට අධික කාලයක් ගත වූ බව ද වාර්තා වේ. ගින්න හේතුවෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නැතත් නිවාස 1100ක පමණ සිටි ජනතාව අවතැන්ව සිටිති. ඔවුහු මේ වනවිට රජයේ පාසල් සහ කාර්යාලවල පිහිටුවා ඇති තාවකාලික කඳවුරුවලට යොමුකර ඇත.

-Advertisement-

අශ්වයා පැනගිය පසු ඉස්ථාලය වැසීම, මාළුන්ට තහනමක්

0

පිරානා, නයිෆ් ෆිෂ්, ඇලිගේටර් ගාර්, රෙඩ් ලයින් ස්නේක් හෙඩ් යන ආක්‍රමණශීලි මත්ස්‍ය විශේෂ ශ්‍රී තහනම් කරමින් ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය ගැසට් නිවේදනයක් නිකුත්කර ඇත.

 ආක්‍රමණකාරී මත්ස්‍ය විශේෂ ලෙස නම්කර ඇති මොවුන් බෝ කිරීම, ජල පද්ධතිවලට මුදා හැරීම, ගොඩට ගෙන ඒම, ප්‍රවාහනය කිරීම, මිල දී ගැනීම, විකිණීම, විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම, භාරගැනීම, සන්තකයේ තබා ගැනීම, ආනයනය කිරීම සහ අපනයනය කිරීම නොකළ යුතුය.

ඉහත සඳහන් නියෝග සජීවි මසුන් සඳහා පමණක් අදාළ වේ.

එසේම ජල පද්ධතිවලින් ආහාරය සඳහා මෙම මසුන් ඇල්ලීම 1998 අංක 53 දරණ පනතින් සංස්ථාපනය කරන ලද ශ්‍රී ලංකා ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරියෙන් අවසර ලබාගෙන සිදුකළ හැකිය.

මෙම නියෝගයන් අනුව ‘ආණ්‍රමණශීලි මත්ස්‍ය විශේෂ’ යනුවෙන් හඳුන්වා ඇත්තේ අනෙකුත් මත්ස්‍ය විශේෂයන්ට හානිදායක ලෙස අධික ගහන ඝනත්වයකින් වේගවත්ව ව්‍යාප්තවන විලෝපික මත්ස්‍ය විශේෂ බැවිනි.

-Advertisement-

මිද්දෙණියෙන් හමු වූ රසායනික ද්‍රව්‍ය ගැන වාර්තාව මෙන්න

0

මිද්දෙණිය ප්‍රදේශයේ ඉඩමක තිබිය දී බාගත් රසායනික ද්‍රව්‍ය සාම්පල 20න් 17ක ම අයිස් මත්ද්‍රව්‍ය සෑදීමට යොදාගන්නා රසායනික ද්‍රව්‍ය අතැයි අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් පොලිසියට ලබා දී ඇති වාර්තාවෙන් අනාවරණය වෙයි.  

අත්අඩංගුවට ගෙන සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයන් කිහිප දෙනකුගෙන් ලැබුණු තොරතුරු අනුව මෙම රසායනික ද්‍රව්‍ය තොගය පසුගිය සැප්තැම්බර් 06 වැනි දා සොයා ගන්නා ලද්දේ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසිනි.

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සසහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගලගේ සහ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වාගේ මෙහෙයවීම යටතේ මෙම කරුණු අනාවරණය කරගෙන තිබුණි.

අනතුරුව අදාළ රසායනික ද්‍රව්‍ය සාම්පල පරීක්ෂණ කටයුතු සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයට සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට යොමුකර තිබුණි.

ඒ අනුව අදාළ සාම්පල සම්බන්ධයෙන් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ වාර්තාව පසුගිය සිකුරාදා පොලීසියට භාරදී ඇත.

-Advertisement-

ICC ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව පියවරක් ඉදිරියට

0

ආසියානු කුසලාන තරඟාවලියේ දී බංග්ලාදේශය කඩුලු 04කින් පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කළ නවතම විස්සයි 20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල පියවරක් ඉදිරියට පැමිණ තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාව මේ වනවිට එහි 07 වැනි ස්ථානයේ රැඳී සිටින අතර පකිස්තානය 08 වැනි ස්ථානයට පහත වැටී ඇත. එම ශ්‍රේණිගත කිරීම්වල තවමත් පළමු ස්ථානයේ පසුවන්නේ ඉන්දියාවයි. ඕස්ට්‍රේලියාව දෙවැනි ස්ථානයේ සිටින අතර එංගලන්තය තුන්වැනි ස්ථානයේ සිටියි.

-Advertisement-

මානව හිමිකම් කවුන්සිලයෙන්, ශ්‍රී ලංකාව ගැන යෝජනාවක් එයි ?

0

ශ්‍රී ලංකා රජයේ දූෂණ විරෝධී උත්සාහයන් මෙන්ම ජනවාර්ගික ගැටුම් සහ ජාතිවාදී නැඹුරුවක් සහිත දේශපාලනය හේතුවෙන් ඇති වූ හානි සහ දුක් වේදනා පිළිගන්නා බවටත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කර ඔන්ලයින් ආරක්ෂණ පනත සංශෝධනය කිරීමේ හදිසි අවශ්‍යතාව ඉස්මතු කරන යෝජනාවක් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය කිරීම් හෝ අන්තර්ජාතික මානුෂීය නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීම් සඳහා අනාගත වගවීමේ ක්‍රියාවලීන් සඳහා විය හැකි උපාය මාර්ග සංවර්ධනය කිරීමට සහ නිසි අධිකරණ බලයක් ඇති සාමාජික රටවල් ඇතුළුව අදාළ අධිකරණ සහ අනෙකුත් ක්‍රියාමාර්ග සඳහා සහාය වීමට සාක්ෂි රැස් කිරීමේ යාන්ත්‍රණයක් බිහිකිරීම සඳහා ඒ අනුව ශ්‍රී ලංකාවට වසර දෙකක කාලයක් හිමිවේ.  

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ඉදිරි දින කිහපය තුළ සම්මත කර ගැනීමට නියමිත කෙටුම්පත් යෝජනාවකින් මෙය සිදුවනු ඇත. ඒ අනුව ඉදිරි වසර දෙක සඳහා ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාාරිස් කාර්යාලයේ අධීක්ෂණය යටතේ පවතිනු ඇත.

සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් පිළිබඳ ප්‍රගතිය පිළිබඳ මීළඟ සවිස්තරාත්මක වාර්තාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත 2027 සැප්තැම්බර් දක්වා ශ්‍රී ලංකා රජයට කාලය ලැබේ.

මෙම යෝජනාවේ ප්‍රධාන අනුග්‍රාහකයන් වන්නේ එක්සත් රාජධානිය, කැනඩාව, මලාවි, මොන්ටිනිග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාවයි.

2022 දී ශ්‍රී ලංකා යෝජනාවට සම අනුග්‍රහය දැක්වූ අමෙරිකා එක්සත් ජනපදය පෙබරවාරි මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් විය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකා වගවීමේ ව්‍යාපෘතියේ කාලසීමාව ද මෙම යෝජනාව මගින් දීර්ඝ කෙරේ.

ශ්‍රී ලංකාවේ සමූහ මිනීවළවල් හඳුනා ගැනීම සඳහා යෝජනාව මගින් අවධානය යොමු කරන අතර ප්‍රමාණවත් සම්පත් සමඟ අඛණ්ඩ කටයුතු සැපයීමේ අවශ්‍යතාව සහ අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයේ ස්වාධීන හා ඵලදායී ක්‍රියාකාරිත්වයේ වැදගත්කම ද අවධාරණය කරයි.

අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව භූමදාන කටයුතු සිදු කිරීම සඳහා ප්‍රමාණවත් මූල්‍ය, මානව සහ තාක්ෂණික සම්පත් සහතික කිරීම සඳහා අන්තර්ජාතික සහාය කල්තියා ලබා ගැනීමට මෙන්ම මානව හිමිකම් උල්ලංඝනය කිරීම් මෙන්ම පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර පිළිබඳ සමහර සංකේතාත්මක සිද්ධීන් විමර්ශනය කර නඩු පවරන අතරතුර ධාරිතාව ශක්තිමත් කිරීම සඳහා අන්තර්ජාතික සහාය ලබා ගැනීමට ද යෝජනාව මගින් රජයෙන් ඉල්ලා සිටී.

ස්වාධීන මහජන නඩු පවරන ආයතනයක් පිහිටුවීම සඳහා රජය දක්වන කැපවීම අගය කරමින් එය සම්පූර්ණයෙන්ම ස්වාධීන, ඵලදායී සහ ශක්තිමත් විය යුතු බව ඉල්ලා සිටින අතර, පසුගිය දශකවල සිදු කරන ලද මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අන්තර්ජාතික මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ස්වාධීන විශේෂ උපදේශකයකු සහිත අධිකරණ යාන්ත්‍රණයක් නිර්මාණය කිරීම සළකා බැලීමට එම යෝජනාව රජය දිරිමත් කරයි.

-Advertisement-