-4.3 C
New York
Home Blog

නීතීඥ වෙස්ගත් වෙඩික්කරු පාතාල නායකයා ඝාතනය කරයි

0

කොළඹ අලුත්කඩේ උසාවි සංකීර්ණයේ මීට ටික වේලාවකට පෙර සිදුවූ වෙඩි තැබීමකින් පසු සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව මියගොස් ඇතැයි වාර්තා වේ.  

මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ ගණේමුල්ල සංජීව නැමැත්තා නඩු කටයුත්තක් සඳහා බූස්ස බන්ධනාගාරයේ සිට අලුත්කඩේ අධිකරණය වෙත රැගෙන ආ අවස්ථාවේදීය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ නීතිඥවරයෙකු ලෙස වෙස්වලාගෙන පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයේදී රිමාන්ඩ් දීර්ඝ කිරීම සඳහා නඩුව කැඳවූ අවස්ථාවේ සංජීවට වෙඩි තබා ඇති අතර සංජීව විත්ති කූඩුවට ගොඩවූ අවස්ථාවේ නීතීඥ මේසයෙන් නැගී සිටි වෙඩික්කරු විත්තිකරු එල්ලකර වෙඩි තබා පළාගොස් තිබේ.

බරපතළ තුවාල ලැබූ සංජීව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියේය.

“ගනේමුල්ල සංජීව” 2023 සැප්තැම්බර් 13 වන දින නේපාලයේ සිට ආපසු පැමිණි පසු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී (BIA) අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් තිබූ අතර, එහි තිබුනේ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක යැයි විශ්වාස කෙරෙන කාන්තාවකගේ පෞද්ගලික තොරතුරු බව සඳහන් විය.

නීතිවිරෝධී ලෙස බෝට්ටුවකින් ඉන්දියාවට ඇතුළු වූ බවට සැලකෙන “ගනේමුල්ල සංජීව” පසුව නේපාලයට පලා ගොස් ඇති බවත්, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර ‘රතු වරෙන්තුවක්’ නිකුත් කිරීමෙන් පසු ව්‍යාජ ගමන් බලපත්‍රයක් සකස් කරගෙන ශ්‍රී ලංකාවට ආපසු පැමිණ ඇති බවත් වාර්තා වී තිබිණ.

එහිදී ඔහු සඳහන්කර තිබුණේ තමන් දේශපාලනඥයින්ගේ සහයෝගයෙන් රටින් පළාගිය බවයි.

-Advertisement-

කොළඹ නගර සභාවට බිලියන 04ක වරිපනම් පොල්ලක්

0

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය.

කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය.

“පසුගිය කෝපා කමිටුවේ දී අනාවරණය වුණා කොළඹ මහ නගර සභාවේ කොට්ඨාස 47න් රුපියල් මිලියන 4,000කට වැඩි හෙවත් බිලියන 04ක මුදලක් හිඟ වරිපනම් එකතු කිරීමට තිබෙන බව. මේවා විධිමත්ව එකතු කරන්න කියා අපි දැනුම් දුන්නා. ඒ විදියට පසුගිය පෙබරවාරි මාසයේ දී අපි ලබාදුන් නිර්දේශ තියෙනවා. කොටුව කොට්ඨාසයෙන් පමණක් මිලියන 610ක හිඟ වරිපනම් බදු එකතු කිරීමක් තිබුණා. ඒ වරිපනම් බදු එකතු කිරීමේ ප්‍රවණතාව වැඩි කරන්න මහ නගර සභාව එකඟ වුණා. නමුත් ජුනි මාසය වනවිට එකතු කර තිබෙන්නේ මිලියන 53ක් පමණයි. මේ වරිපනම් මුදල් කොපමණ පරණ ඒවා ද ? ළඟදී තියෙන ඒවා මොනවා ද එයින් ගන්න පුළුවන් ප්‍රමාණය කොපමණ ද ? ගන්න බැරි මුදලක් තිබෙනවානම් ඒ කොතරම් ද ? කියා තමයි අපි අහන්නේ”

කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නාගරික භාණ්ඩාගාරික නන්දන රාජපක්ෂ ඊට පිළිතුරු දෙමින් මෙසේ කීවේය.

“කොටුවේ හිඟ වරිපනම් අපිට මිලියන 610ක් තිබුණා. මේ හිඟය අය කරගන්න තිබෙන්නේ අපේ නගර සභා පනත යටතේ. බදු ගෙවන්නන්ගේ දේපොළ තහනම් කිරීමට තිබෙන ක්‍රමවේදය බලාත්මක කිරිමෙන් තමයි. කොටුවේ තිබුණ හිඟ දේපොළ 3747ක්. ඒ  3747න් ඩිමාන්ඩ් නොටිස් එක යවනකොට දේපොළ නැහැ කියලා හඳුනා ගත්තා දේපොළ 94ක් තිබුණා. ඊට පස්සේ දේපොළ 2914කට අපි සීස් නෝටිස් යැව්වා. ලක්ෂයට වැඩි දේපොළ 840 තිබුණා පිටිකොටුවේ. ඊළඟට ලක්ෂයට අඩු දේපොළ තියෙනවා 2907ක්. ඒකෙදි මිලියන 39ක් අයකරලා තියෙනවා. ඒකේ මුළු වටිනාකම කොටුවේ  මිලියන 148 එකතුකරලා තියෙනවා.”   

ඉන් අනතුරුව අදහස් දැක්වූ කොළඹ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර් පැවසුවේ කොළඹ නගර සභාවේ සිදුවන කටයුතු කඩිනමින් නිවැරදි කර ගැනීමට කටයුතු කරන බවයි.

-Advertisement-

ට්‍රම්ප්ට නොලැබුණු මචාඩෝට ලැබුණු නොබෙල් ත්‍යාගය

0

වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ.

58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් “මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්” ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මධුරෝ මොරොස්ට එරෙහිව උද්ඝෝෂනය කළේය, මධුරෝගේ වසර 12 ක පාලනය බොහෝ දෙනා විසින් නීති විරෝධී ලෙස සලකනු ලැබේ.

“සියලු වෙනිසියුලානු ජාතිකයන්ගේ අරගලයට ලැබුණු මෙම දැවැන්ත පිළිගැනීම, අපගේ කාර්යය අවසන් කිරීමට: නිදහස දිනා ගැනීමට පෙළඹවීමක්” යැයි මචාඩෝ නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

මෙම සම්මානය අහිමි වූ අය අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද විය. ඔහු මෙම ගෞරවනීය සම්මානය ලබා ගැනීමේ ආශාව රහසක් ලෙස තබා නොගත් අතර, ඔහු අවසන් කළ බව කියන යුද්ධ හත පිළිබඳව ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කළේය .

සම්මානය සඳහා නාමයෝජනා භාර ගැනීම ජනවාරි මාසයේදී අවසන් විය. ධවල මන්දිර නිලධාරියෙකු ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ “නොබෙල් කමිටුව සාමයට වඩා දේශපාලනයට බර තබන බව ඔප්පු කර ඇති” බවයි.

කෙසේවුවද මාධ්‍ය වාර්තා පවසන්නේ, ට්‍රම්ප් මචාඩෝට සුබ පැතීමට කතා කළ බවත්, ඇය සම්මානය ලැබීමට සුදුසු බව පැවසූ බවත්ය.

සිකුරාදා ඔස්ලෝහි නෝර්වීජියානු නොබෙල් ආයතනයේ දී ත්‍යාගය ලබන්නා නිවේදනය කරමින් කමිටුව අනතුරු ඇඟවූයේ ලොව පුරා “ප්‍රජාතන්ත්‍රවාදය පසුබෑමකට ලක්ව ඇති” බවයි.

පසුගිය වසරේ වැඩි කාලයක් සැඟවී ජීවත් වූ මැචාඩෝ, “ඒකාධිපතිත්වයේ සිට ප්‍රජාතන්ත්‍රවාදය දක්වා සාධාරණ හා සාමකාමී සංක්‍රාන්තියක් අත්කර ගැනීම සඳහා ඇයගේ අරගලය” වෙනුවෙන් ඇගයීමට ලක් වූ බව නොබෙල් සභාපති ජෝර්ගන් වොට්නේ ෆ්‍රයිඩ්නස් පැවසීය.

ඇය “වරක් ගැඹුරින් බෙදී තිබූ දේශපාලන විපක්ෂයක දැන් මානුෂීය හා ආර්ථික අර්බුදයකින් පෙළෙන කුරිරු ඒකාධිපති රාජ්‍යයක ප්‍රධාන, එක්සත් චරිතයක් වී ඇති බව ඔහු තවදුරටත් පැවසීය.

“ඇගේ ජීවිතයට එල්ල වූ බරපතල තර්ජන මධ්‍යයේ වුවද, ඇය රට තුළ රැඳී සිටියා, මිලියන ගණනකට ආස්වාදයක් ලබා දුන් තේරීමක්.”

නොබෙල් කමිටුවේ නිවේදනයට ප්‍රතිචාර දක්වමින් මචාඩෝ මෙසේ පැවසීය: “අපි ජයග්‍රහණයේ එළිපත්ත මත සිටින අතර අද අපි ජනාධිපති ට්‍රම්ප්, එක්සත් ජනපදයේ ජනතාව, ලතින් ඇමරිකාවේ ජනතාව සහ ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතීන් අපගේ ප්‍රධාන සගයන් ලෙස විශ්වාස කරමු, නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය සාක්ෂාත් කර ගැනීම සඳහා සෑම විටම කටයුතු කරමු. වෙනිසියුලාව නිදහස් වේවි”

සම්මානයට ප්‍රතිචාර වශයෙන් මැචාඩෝ මීට පෙර කම්පනය පළ කළ අතර, එය “සමස්ත සමාජයක ජයග්‍රහණයක්” බව වෙනම වීඩියෝ පණිවිඩයකින් පැවසීය.

“මම එක් පුද්ගලයෙක් පමණයි. මම නිසැකවම මෙයට සුදුසු නැහැ,” ඇය තවදුරටත් පැවසුවාය.

වෙනිසියුලාවේ විපක්ෂයේ වඩාත්ම ගෞරවනීය හඬක් ලෙස දිගු කලක් කටයුතු කළ මැචාඩෝට, පසුගිය වසරේ පැවති ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම තහනම් කරන ලද අතර, එහිදී මධුරෝ තෙවැනි වරටත් වසර හයක බලයක් දිනා ගත්තේය.

ජාත්‍යන්තර වේදිකාවේදී මැතිවරණ නිදහස් හෝ සාධාරණ නොවන බවට පුළුල් ලෙස ප්‍රතික්ෂේප කරන ලද අතර, රට පුරා විරෝධතා ඇති විය.

ඇයට ඡන්ද විමසීම්වලින් තහනම් කිරීමෙන් පසුව පවා, කුප්‍රකට ලෙස බෙදී ගිය විපක්ෂ කණ්ඩායම එක්සත් කිරීමට ඇය සමත් වූ අතර, ඇය වෙනුවට ඡන්ද පත්‍රිකාවේ ඉදිරිපත් වූ එතරම් ප්‍රසිද්ධ නැති අපේක්ෂකයා වූ එඩ්මන්ඩෝ ගොන්සාලෙස් පිටුපස මිලියන සංඛ්‍යාත වෙනිසියුලානු ජාතිකයන් පෙළඹවීමට සමත් වූවාය.

රජයේ පාලිත ජාතික මැතිවරණ කවුන්සිලය මදුරෝ ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත් කළ විට – ඡන්ද මධ්‍යස්ථානවලින් ලැබුණු දත්තවලින් ගොන්සාලෙස් අතිවිශාල බහුතරයකින් ජයග්‍රහණය කළ බව පෙන්නුම් කළද – මදුරෝ රජය ඇයව අත්අඩංගුවට ගන්නා බවට නැවත නැවතත් තර්ජනය කර තිබියදී මචාඩෝ සැඟවී සිට මැතිවරණ ප්‍රචාරක කටයුතු දිගටම කරගෙන ගියේය.

ගොන්සාලෙස් සමාජ මාධ්‍යවල ලියා ඇත්තේ මෙම ත්‍යාගය “අපගේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා කාන්තාවකගේ සහ සමස්ත ජනතාවකගේ දිගු අරගලයට ලැබිය යුතු පිළිගැනීමක්” බවයි.

ත්‍යාගය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ෆ්‍රයිඩ්නස් වෙනිසියුලාවේ නායකත්වය විවේචනය කරමින් කියා සිටියේ කමිටුව ලොව පුරා මතුවන එම ප්‍රවණතා දුටු බවයි.

“පාලනය කරන අය විසින් නීතියේ ආධිපත්‍යය අනිසි ලෙස භාවිතා කිරීම, නිදහස් මාධ්‍ය නිහඬ කිරීම, විවේචකයින් සිරගත කිරීම සහ සමාජ ඒකාධිපති පාලනය සහ හමුදාකරණය දෙසට තල්ලු කිරීම,” නිරතුරුවම සිදුකළ බව ඔහු පැවසීය.

දෙසැම්බර් මාසයේ ඔස්ලෝහි පැවැත්වෙන සම්මාන උළෙලට සහභාගී වීමට මැචාඩෝට හැකි වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන නමුත් බරපතල ආරක්ෂක තත්ත්වය සම්බන්ද කාරණා මතුවී ඇති බව ඔහු පැවසීය.

-Advertisement-

ඇමෙරිකාවේ යුධෝපකරණ කම්හලක පිපිරීමක්

0

ඇමෙරිකාවේ ටෙනසි ප්‍රදේශයේ ග්‍රාමීයව පිහිටා තිබූ යුධෝපකරණ කම්හළක ගොඩනැගිල්ලක් පිපිරීමෙන් පුද්ගලයන් 19 දෙනකු මියයන්නට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බලධාරීන් පවසන්නේ ඔවුන් සියලු දෙනා අතුරුදන් වී ඇති නමුත් මියගිය බව තහවරු වී නැති බවයි. කෙසේ වෙතත් ඔවුන් මියයන්නට ඇතිබවට විශ්වාස කෙරේ.

මෙම කිලෝමීටර ගණනක් දුරට ඇසී ඇතැයි ද වාර්තා වේ.

පිපිරීම හේතුවෙන් මෙම කර්මාන්තශාලාව මුළුමනින් ම විනාශ වී ඇත.  

-Advertisement-

මහින්ද සහ මෛත්‍රී, වෙඩි නොවදින රථ ඉල්ලති

0

තම ආරක්ෂාව සඳහා වෙඩි නොවදින රථ නැවත අවශ්‍ය බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන දෙදෙනා ඉල්ලීම් කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.

එම වාහන නැවත ඔවුන් දෙදෙනාට ලබාදීමට හැකියාවක් පවතින්නේ ද යන්න තීරණය ගැනීම සඳහා එම ඉල්ලීම මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති ආරක්ෂණ සමාලෝචන කමිටුව වෙත ඉදිරිපත් කර එම කමිටුවෙන් ලබාදෙන නිර්දේශය මත තීරණය කරන බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

ඔවුන්ට ලබා දී තිබූ වෙඩි නොවදින රථ ඉවත්කිරීමෙන් හිටපු ජනාධිපතිවරුන් දෙදෙනාගේ ජීවිත  ආරක්ෂාවට යම් බලපෑමක් සිදු වන්නේ නම් එම වාහන නැවත ලබා දීමේ හැකියාවක් පවතින බව ආනන්ද විජේපාල කීවේය.

ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.
”මේ වෙද්දී විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත යටතේ හිමිකම් අහෝසි වුණා. ඉන්පසුව ඔවුන් යම්කිසි වාහන කිහිපයක් භාර දී තියෙනවා. ඉන්පසුව හිමිකම් පනත යටතේ ගැනෙන්නේ ආරක්ෂාව සම්බන්ධ කාරණය මම පසුගිය දවසක පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් සඳහන් කළා ආරක්ෂාවට යම් බලපෑමක් සිදු වන්නේ නම් වාහන දීම හරහා එම වාහන නැවත ලබා දීමේ හැකියාවක් තියනවා කියලා”

-Advertisement-

පිටරටින් ලොකු ළූනු ගෙන්වා ගොවීන් අමාරුවේ

0

පිටරටින් ලොකු ළූනු ආනයනය කිරීම හේතුවෙන් වෙළෙඳ පොළේ ළූනු කිලෝවක් සඳහා පවතින ඉල්ලුම පහත වැටී ඇති බැවින් තම අස්වැන්න විකුණාගත නොහැකිව ළූනු අස්වැන්න විනාශ කිරීමට සිදුව ඇතැයි ගොවීහු මැසිවිලි නගති.

අනුරාධපුර ගලෙන්බිඳුණුවැව ගොවීන් යල කන්නයේ අක්කර දහස් ගණනක ලොකු ළූනු වගාකර තිබිණි. මෙම අස්වැන්න මේ වනවිට නෙලාගෙන ඇති නමුත් වෙළෙඳ පොළේ ලොකු ළූනු කිලෝග්‍රෑමයක මිල රුපියල් 80-100ත් අතර මුදලක් දක්වා පහත වැටී ඇති බැවින් ඔවුන් අපෙක්ෂා කළ ලාභය ලබාගැනීමට නොහැකි වී ඇත.

මේ හේතුවේන් නිවෙස්වල ගබඩාකර ඇති ලොකු ළූනු අස්වැන්න අතරින් නරක්වන ළූනු දිනපතා ඉවත්කිරීමට සිදුවන බව ගොවීහු පවසති.

ළූනු බීජ කිලෝග්‍රෑමයකින් ළූනු අස්වැන්න ආසන්න වශයෙන් කිලෝග්‍රෑම් 3000ක් පමණ ලබාගත හැකි බවත් ඔවුහු කීහ. කෙසේ වෙතත් මේ වනවිට එක් ගොවියකු ලොකු ළූනු කිලෝ 500ක් බැගින්වත් අවම වශයෙන් අවම වශයෙන් ඉවත දමා ඇති බව ඔවුහු කියති.

ගොවීන් පවසන්නේ සිය වතුපිටි සහ කණකර උගස් තබා කරන ලද වගාවන්ගේ අස්වැන්න විකුණාගත නොහැකිව අසරණ වී සිටින බවයි.

-Advertisement-

කොටස් වෙළෙඳ පොළ නව වාර්තාවක්

0

කොටස් වෙළෙඳ පොළ අද (10) දිනයේ ගනුදෙනු 45.399ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 8,458ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 143කින් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 22,318ක්  ලෙසිනි. ඒ අනුව කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ වැඩිම සමස්ත කොටස් මිල දර්ශකය අද දිනයේ වාර්තා විය.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 990
  • පික් මී සමාගම රුපියල් මිලියන 361
  • ෆස්ට් කැපිටල් සමාගම රුපියල් මිලියන 358

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 182
  • එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 87
  • යූබී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 33

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • මුලර්ස්  සමාගම 20 %
  • එස්එන්බී ලීසිං සමාගම 20%
  • ටෙස්ට් ඇග්‍රෝ සමාගම 13%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 385
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 332
  • සිලෝන් ටුබැකෝ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 316

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 150ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 248ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 98ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත්කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • පික් මී සමාගම රුපියල් මිලියන 56
  • සියෙරා කේබල් සමාගම රුපියල් මිලියන 37
  • අම්බන් හෝල්ඩින්ස් සමාගම  රුපියල් මිලියන 13

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ෆස්ට් කැපිටල් සමාගම රුපියල් මිලියන 85
  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 30
  • ලංකා මිල්ක් ෆුඩ් සමාගම රුපියල් මිලියන 26

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

-Advertisement-

ආසාත්මිකතාවක් නිසා පාසලක සිසුන් පිරිසක් රෝහල්ගත කරලා

0

පාදුක්ක, වටරැක කණිෂ්ට විද්‍යාලයේ සිසුන් 40ක් අද (10) උදෑසන ආහාර ගැනීමෙන් පසු ඇති වූ ආසාත්මිකතාව හේතුවෙන් පාදුක්ක මූලික රෝහලට ඇතුළත් කෙරිණි.

මෙලෙස රෝහල්ගත කළ සිසුන් අතරින් තිදෙනකු වැඩිදුරට ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට යවා ඇති අතර, සිසුන් 20ක පමණ පිරිසක් ප්‍රතිකාර ලබා නිවෙස්වලට ගොස් ඇති බව පාදුක්ක පොලිසිය පවසයි.

රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේ මේ දරුව්නට උදෑසන ආහාර නිසා ආසාත්මිකතාවක් ඇතිවන්නට ඇතැයි සැකකරන බවයි.

-Advertisement-

අමාත්‍ය මණ්ඩල සංශෝධනය

0

නව කැබිනට් අමාත්‍යවරු තිදෙනකු සහ නියෝජ්‍ය අමාත්‍යවරු 10 දෙනකු අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දුන්හ.

ඒ අනුව අමාත්‍යවරු දෙදෙනකුගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරු කිහිප දෙනකුගේ විෂයයන් වෙනස් වී අතැ.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ලෙස කටයුතු කළ බිමල් රත්නායකගෙන්  වරාය හා සිවිල් ගුවන්සේවා ඉවත් කර ඇති අතර, ඒ වෙනුවට නාගරික සංවර්ධන අමාත්‍යාංශය එක්කර ඇත.  ඒ අනුව බිමල් රත්නායක ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙස අද දිවුරුම් දුන්නේය.

බිමල් රත්නායකගෙන් ඉවත්කළ වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය අනුර කරුණාතිලකට ලබා දී ඇත. මීට පෙර නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ලෙස කටයුතු කළ ඒ අරුණ කරුණාතිලක නව සංශෝධනය අනුව වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය ලෙස කටයුතු කරයි.

අනුර කරුණාතිලකගෙන් ඉවත්කළ ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ධුරය, නියෝජ්‍ය අමාත්‍ය ලෙස කටයුතු කළ වෛද්‍ය එච්.එම්. සුසිල් රණසිංහට ලබා දී ඇත. මෙතෙක් ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයාව සිටි සුසිල් රණසිංහ අද සිදුකළ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ පටන් නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි.

මීට පෙර කිසිදු අමාත්‍ය ධුරයක් නොදැරූ ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, දිනිඳු සමන් කුමාර, නිශාන්ත ජයවීර සහ එම්. එම්. අයි. අර්කම් යන අය නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන්හ.

අද දිනයේ දිවුරුම් දුන් නව අමාත්‍යවරු පහතින් දැක්වේ.

01. බිමල් නිරෝෂන් රත්නායක – ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය 

02. අනුර කරුණාතිලක – වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය 

02. වෛද්‍ය එච්.එම්. සුසිල් රණසිංහ – නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය 


නියෝජ්‍ය අමාත්‍යවරු 


01. ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු – මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය 

02. ටී.බී. සරත් – නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය 

03. එම්.එම්. මොහොමඩ් මුනීර් – ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය 

04. එරංග ගුණසේකර – නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය 

05. වෛද්‍ය මුදිත හංසක විජයමුණි – සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය 

06. අරවින්ද සෙනරත් විතාරණ – ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය 

07. එච්.එම්. දිනිඳු සමන් කුමාර – තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

08. යු.ඩී. නිශාන්ත ජයවීර – ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

09. ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න – ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය

10. එම්. එම්. අයි. අර්කම් – බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය

-Advertisement-

කොටස් මිල දර්ශකය තවදුරටත් ඉහළට

0

කොටස් වෙළෙඳ පොළ අද (09) දිනයේ ගනුදෙනු 43,392ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 13,302ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 76කින් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 22,174ක්  ලෙසිනි. ඒ අනුව කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ වැඩිම සමස්ත කොටස් මිල දර්ශකය අද දිනයේ වාර්තා විය.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 5,682
  • ඩිමෝ සමාගම රුපියල් මිලියන 562
  • ජෝන් කීල්ස් රුපියල් මිලියන 442

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එච්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 430
  • එච්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 163
  • යූබී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 71

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • එච්එන්බී ලීසිං  සමාගම 42 %
  • ඩිමෝ සමාගම 27%
  • යූබී ෆිනෑන්ස් සමාගම 24%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 369
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 329
  • සිලෝන් ටුබැකෝ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 316

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 702ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 449ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 252ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙත ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 292
  • කාසන් කමබැක්ට් සමාගම රුපියල් මිලියන 154
  • හේමාස් හෝල්ඩින්ස් සමාගම  රුපියල් මිලියන 81

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • කාර්ගීල්ස් සමාගම රුපියල් මිලියන 183
  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 53
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 45

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

-Advertisement-

පාසල් සිසුන් දෙදෙනකු, මහවැලි ගඟේ සැඟවෙයි ?

0

විසිතුරු මසුන් මිල දී ගැනීමට යන බව පවසමින් මහවැලි ගඟට ගිය පාසල් සිසුන් දෙදෙනකු ඊයේ (08) සිට අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ තැන්නේකුඹුර ප්‍රදේශයේ පදිංචි 14 වියේ පසු වූ රරවිචන්ද්‍රන් ජෙගදිස් සහ එම්. මිලාන් නමැති පාසල් සිසුන් දෙදෙනෙකි.

ඔවුන් සුරතල් මසුන් මිල දී ගැනීමට දිගන ප්‍රදේශයට යන බව පවසා නිවෙස්වලින් පිටතට පැමිණ ඇත. පසුව මෙම සිසුන් දෙදෙනා නිවසට නොමැපිණි බැවින් සොයා බැලූ විට තැන්නේකුඹුුර පාලම අසළ සිටි පුද්ගලයකු පවසා ඇත්තේ ඔවුන් පාලම ආසන්නයෙන් මහවැලි ගඟට බැසීමට සැරසුණු බවයි. එම අවස්ථාවේ දී ඔවුන්ට ගඟට නොබසින්න යැයි කියූ බවත් නමුත් තමන්ට පිහිනීමට හැකි බව පවසමින් ඔවුන් ගඟෙහි ගල්තලාවක් මත සිටි බව ද ඔහු පවසා ඇත. නැවත බලද්දී එම සිසුන් දෙදෙනා ගල්තලාව මත නොසිටි බැවින් ඔවුන් ගඟෙන් ගොඩවී යන්නට ඇතැයි තමා සිතූ බව ද ඔහු පොලිසියට පවසා ඇත.

 ඒ වනවිට වර්ෂාව හේතුවෙන් ගඟෙහි ජල මට්ටම ඉහළ ගොස් තිබූ බවත් ඔහු කියා තිබේ. මේ අතර සිසුන් දෙදෙනා මහවැලි ගඟට බැස සිටිනු දුටු බව තවත් කිහිප දෙනකු පොලිසියට පවසා තිබේ.

අතුරුදන්ව ඇති ජෙගදිස් සිසුවාගේ මව පොලිසියට පවසා ඇත්තේ තම පුතුට පිහිනීමට නොහැකි බවයි. එමෙන් ම කිසිවිටක ඔහු මහවැලි ගඟේ දිය නෑමට නොයන බව ද මව පවසා තිබේ.

අතුරුදන් සිසුන් දෙදෙනාගේ මිතුරකුගේ පියකු පොලිසියට සාක්ෂියක් ලබාදෙමින ්පවසා ඇත්තේ මෙම සිසුන් දෙදෙනා තම පුතුට ද මහවැලි ගඟේ දිය නෑමට ආරාධනා කළ නමුත් තම පුතා ඔවුන් සමඟ නොගිය බවයි.

මහනුවර මූලස්ථාන පොලිසිය සහ බලගොල්ල පොලිසිය ඔවුන් දෙදෙනා සොයා මෙහෙයුම් දියත් කර ඇත. නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායමක් ද මහවැලි ගඟේ ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරයි.

-Advertisement-