spot_img
spot_imgspot_img

ක්‍රිකට් උන්නතියට විශේෂ තීරණ 05ක්

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව යළි නගාසිටුවීම සඳහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, ජාතික ක්‍රීඩා සභාවේ සභාපති මහේල ජයවර්ධන සහ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් අතර පැවැති විශේෂ සාකච්ඡාවකින් පසු වැදගත් තීරණ 05කට එළැඹ ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව නව ක්‍රිකට් තේරීම් කමිටුවක් ද පත්කිරීමට නියමිතය. මෙතෙක් ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස සිටි අසන්ත ද මැල් පුද්ගලික හේතුවක් බව පවසමින් එම තනතුරෙන් ඉල්ලා අස්වූයේය.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසන්නේ ඉදිරියේ දී ක්‍රීඩකයන්ගේ දක්ෂතා අනුව කොන්ත්‍රාත් අත්සන් කිරීම හා  ගෙවීම් සිදුකිරීමේ ක්‍රමවේදයක් සැකසීම, තරඟකාරී පළාත් තරඟාවලි වැඩිපුර සංවිධානය කිරීම, විනය සහ ශාරීරික යෝග්‍යතාවට ප්‍රමුඛතාවක් ලබාදීම වැනි කරුණු පිළිබඳ තීරණ ගත් බවයි.

එමෙන් ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුට සහායවීම සඳහා අධ්‍යක්ෂවරයකු සහ උපදේශකවරයකු පත්කිරීමට ද මෙම සාකච්ඡාවේ දී තීරණය කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!