ශිෂ්‍යත්වයෙන් සමත් දරුවන් ඇතුළත් කිරීමට පිහිටුවන ලද රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයට දේශපාලන අතපෙවීම් හේතුවෙන් දක්ෂ දරුවන්ට ඉගෙනීමේ අවස්ථාව අහිමිවී ඇතැයි ගුරුවරු, දෙමාපියෝ සහ ආදි ශිෂ්‍ය සංගම් සාමාජිකයෝ චෝදනා කරති.
මේ දේශපාලන අතපෙවීම් නවතන ලෙස ඉල්ලමින් ගුරුවරු අධ්‍යාපන කටයුතුවලින් බැහැරව අද (27) විරෝධතාවක නිරතවූහ.
මෙවර ශිෂ්‍යත්ව විභාගයේ පාසලේ 6 වසරට ඇතුළත් කරගැනීම සඳහා රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ කඩඉම් ලකුණ වන්නේ 169කි. එසේ තිබිය දී ඊට වඩා අඩු ලකුණු සහිත දරුවන් දේශපාලන බලපෑම් මත පාසලට බලෙන් ඇතුළත් කර ඇති බවට ඔවුහු චෝදනා කරති.
ඒ හේතුවෙන් පාසලේ විදුහල්පතිවරයා පාසලෙන් ඉවත්වීමට ද තීරණය කර ඇති බව ඔවුන් පවසයි.
මේ අතර ලංකා ගුරුසේවා සංගමයේ සභාපති ධම්මික අලහප්පෙරුම මෙසේ කීවේය. “මේ පළාතේ ඉන්න දේශපාලඥයින්ගේ හිතවතුන්ගේ දරුවන් මේ පාසලට ඇතුළත් කරගැනීමට පාසලේ විදුහල්පතිවරයාට තර්ජනය කරමින් ඉන්නවා. මේ රටේ විශාල ජනතා මුදලක් වැය කරලා පවත්වන ශිෂ්‍යත්ව විභාගය දක්ෂ දරුවන්ට පහසුකම් සහිත පාසලකට ඇතුළත්වෙන්න තියෙන අවස්ථාවක්. දැන් තියෙන තත්ත්වය තමයි 169ක් ගන්න දරුවටත් මේ පාසලට එන්න බැරිවෙලා තිබීම. මේ පාසලේ පන්ති කාමර 6ට සිසුන් 240ක් ඇතුළත් කරගැනීමට හැකියාව තියෙනවා. ඒ සිසුන් 240 මේ ප්‍රදේශයේ දේශපාලනඥයින්ගේ, ඔවුන්ගේ හිතවතුන්ගේ ළමයි ඇතුළත් කරන ඡාවාරමක් බවට පත්වෙලා තියෙනවා. ඒ නිසා විදුහල්පතිවරයාට තමන්ගේ සේවය කරන්න බැරි වෙලා පාසලෙන් බැහැර වෙලා තියෙනවා,”
ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ බලපෑම් මත හා අධ්‍යාපන අමාත්‍යාංශයේ බලධාරීන්ගේ ද සහය ඇතිව මෙම අකටයුතුකම් සිදුවන බවට විරෝධතාකරුවෝ චෝදනා කරති.
“මේ පාසලේ විදුහල්පතිවරයාට, ගුරුවරුන්ට සහ ආදි ශිෂ්‍යයින්ට කරන බලපෑම් නවත්වන්න. අදත් මැරයෝ වටේ ඉන්නවා. ඒවා නවත්වන තුරු අපි පාසලේ ඉගැන්වීම් නවත්වලා තියෙන්නේ. අපි ඕනම මොහොතක සාකච්ඡා කරන්න සූදානම්. අපිට උත්තර දෙන තුරු ලංකා ගුරු සේවා සංගමය මේ ගුරුවරු එක්ක මේ ප්‍රශ්නයට මුහුණ දෙනවා. නැතිවුණොත් අපි සඳුදා දෙහිඕවිට කලාපයේ සියලු පාසල් වහනවා. ඒකටත් උත්තර නැතිවුණොත් ලබන බදාදා මුළු දිස්ත්‍රික්කයේම පාසල් වහන්න කටයුතු කරනවා.”
කොන්ද පණ ඇති එක රාජ්‍ය සේවකයෙක් හෝ ඉන්න එක මතුටක්..මේ පිරිවර වැඩේවා..