කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභී පවුල්වල ජීවනෝපාය සංවර්ධනයට මහන මැෂින් බෙදා දීම නගරාධිපතිනි රෝසි සේනානායකගේ ප්‍රධානත්වයෙන් හෙන්රි පේදිරිස් ක්‍රීඩාංගණයේ දී සිදුකෙරිණි.
කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් කොළඹ නගරයේ අතිශයින් පීඩාවට පත් වී සිටින ජනතාවට සවියක් වීම අරමුණු කරගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබූ අතර නගරයේ පදිංචි ජනතාවට අවශ්‍යකරනු ලබන මුඛ ආවරණ මැසීමෙන් තම ජීවනෝපාය සංවර්ධනය කරගැනීම සඳහා මෙම ප්‍රතිලාභීන්ට අවස්ථාව ලබාදීමේ වැඩසටහනක් ද සකසා තිබීම විශේෂත්වයකි.
එහි දී නගරාධිපති රෝසි සේනානායකගේ ප්‍රධානත්වයෙන් මහන මෙෂින් 3980ක් බෙදා දීම සිදුකෙරිණි. නගරාධිපතිනිය කියා සිටියේ මුඛ ආවරණ ලක්ෂ 6.5ක් මැසීමට මාස් හෝල්ඩින් ආයතනය හරහා අවශ්‍ය රෙදි ඇතුළු අමුද්‍රව්‍ය තොග නගර සභාවට ලැබී තිබෙන බවයි. එබැවින් මේ සඳහා කැමැත්තක් හා හැකියාව ඇති අඩු ආදායම් ලාභී පවුල් සඳහා මහන මැෂින් ලබා දී මසා නිමකරන මුඛ ආවරණ නගර සභාවේ මහජනාධාර දෙපාර්තමේන්තුව විසින් රුපියල් 10.00නට හිප සී ලෙව ඒයා නාගරික සීමාවේ පදිංචිකරුවන්ට නොමිළයේ ලබාදෙන බව ද ඇය කියා සිටියාය.
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ නගරාධිපතිිනි රෝසි සේනානානයක මෙසේ ද කීවාය.
“අපි ජනතාවට මුඛ ආවරණ පළඳින්න කිව්වට මුඛ ආවරණයක් වත් මිලදී ගැනීමට වත්කමක් නොමැති පිරිස් ඕනෑ තරම් සිටිනවා. ඉතින් ඔවුන්ට මෙය කදිම විසඳුමක් වේවි කියලා මා විශ්වාස කරනවා කොළඹ නගරයේ කොරෝනා වසංගත තත්ත්වය පාලනය කර ජන ජීවිතය යම්තාක් දුරට සාමාන්‍ය තත්ත්වයකට පත් කරලීමට හැකි වුණේ කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ සහ සෙසු බලධාරීන්ගේ කැපවීම මතයි . කොරෝනා ව්‍යාප්තිය පාලනයට මේ වන විට කොළඹ මහ නගර සභාව දරන වෑයම පිළිබඳව මම සතුටු වෙනවා. හුදෙකලා කර ඇති ප්‍රදේශ වල සිටින ජනතාවට පමණක් නොවෙයි කොළඹ නාගරික බල ප්‍රදේශයේ අසරණ පවුල් එක්ලක්ෂ හැත් දහසක් ( 107,000 ) ජනතාව සඳහා වියළි ආහාර ලබාදීමට අප කටයුතු කළා. විශේෂයෙන්ම නිදන්ගත රෝගීන් ලක්ෂයකට පමණ ජංගම වෛද්‍ය සේවය හරහා නොමිලේ ඖෂධ ලබා දීමටත්, මහල් නිවාස වල සිටින ජනතාවට අවශ්‍ය ඖෂධ ලබා දීමටත් කොළඹ නගර සභාව කටයුතු කර තිබෙනවා.

