spot_img
spot_imgspot_img

බ්‍රිතාන්‍යය කොවිඩ් මරණ ලක්ෂයේ සීමාව පසුකරයි

පුවත්

විදෙස්

බ්‍රිතාන්‍යය කොවිඩ් මරණ 100,000යේ සීමාව පසුකර ඇතැයි එරට සෞඛ්‍ය අංශ පවසයි.

ඇමරිකාව, බ්‍රසීලය, ඉන්දියාව සහ මෙක්සිකෝවෙන් පසු කොරෝනා මරණ ලක්ෂය පසුකළ පස්වන රට වන්නේ බ්‍රිතාන්‍යයයි.

වාර්තා වලට අනුව බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 100,162කි.

එසේම ලොවපුරා වැඩිම කොරෝනා වයිරස මරණ අනුපාතය වාර්තා වන්නේ ද බ්‍රිතාන්‍යයෙනි.

මෑත දිනවල බ්‍රිතාන්‍යයේ දෛනික රෝගීන් වාර්තා වීම අඩුවෙමින් පවතින නමුත් දෛනික මරණ සංඛ්‍යාව ද රෝහල්ගතව සිටින පුද්ගලයින්ගේ සංඛ්‍යාවද ඉහල මට්ටමක පවතී.

මේ සම්බන්දව අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා මෙසේ පැවසීය,

“අහිමිවූ සෑම ජීවිතයක් සම්බන්දවම මම කණගාටු වෙමි. අගමැති වශයෙන් මම රජය විසින් සිදුකරන ලද සෑම දෙයක් ගැනම සම්පූර්ණ වගකීම දරමි. අපට අහිමිවූ සියල්ලන් සිහි කිරීමටත් අන් අයව බේරා ගැනීම සඳහා සිය දිවිපිදූ සියලු දෙනාගේ වීරත්වයට ගරු කිරීමටත් අපි ජාතියක් ලෙස එකට එකතු වෙමු.”

බ්‍රිතාන්‍යයෙන් මේ වනවිට කොරෝනා රෝගීන් 3,689,746ක් හමුවී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!