වරාය වෘත්තීය සමිති හෙට (28) සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ ශ්‍යාමල් සුමනරත්න පවසයි. නැගෙනහිර පර්යන්තයේ කොටසක් ඉන්දීය ආයෝජකයකුට ලබාදීමට රජය ගෙන ඇති බව කියන තීරණයට එරෙහිව මෙම ක්‍රියාමාර්ගය ගන්නා බව ඔහු පවසයි.
මේ සම්බන්ධව රජය ගන්නා තීන්දු තීරණ ගැන අපි වෘත්තීය සමිති නායකයන් සියලු දෙනා එකතු වෙලා සාකච්ඡා කළා. හෙට දිනයේ බරපතල වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙන්න තීරණය කළා. මේ සියල්ල කරන්නේ ආණ්ඩුවට විරුද්ධව නෙවෙයි. නැගෙනහිර පර්යන්තය බේරාගැනීම සඳහා මේ සඳහා රටේ වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන රැසක් අපට සහය දෙනවා. මෙය ඉතාමත් කණගාටුදායක තත්ත්තවයක්. කොරෝනා නිසා අපි දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටිය දී මේ වගේ තීරණයක් ගැනීමට සිදුවීම කණගාටුදායකයි. නමුත් මේ නැගෙනහිර පර්යන්තය රටට අනාගත දරු පරපුරට අහිමිවීමෙන් සිදුවන හානිය ඊට වඩා විශාල නිසා මේ අසීරු අවස්ථාවක් වුණත් අපි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට තීරණය කළා. “
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක පවසන්නේ වරාය වෘත්තීය සමිති හෙට සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බව ඔවුන් විසින් මෙතෙක් දැනුම්වත් කර නැති බවයි.
“ඒ කට්ටිය කරන්න යන දේ ගැන අපි දන්නේ නැහැ. අපි මේ ගැන සාකච්ඡා කරලා බලනවා. මෙය අත්‍යාවශ්‍ය සේවාවක්. සාකච්ඡා කරලා බැලිය යුතුයි. තවම නිල වශයෙන් දැනුම් දීලා නැති නිසා ඉදිරියේදී ඒ ගැන සොයා බැලිය යුතුයි.”