කොරෝනා වයිරසය ආසාදනය වී ඇත්දැයි දැනගැනීම සඳහා අවශ්‍ය පීසීආර් පරීක්ෂණවලට යොමුවන ලෙස කතානයක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගෙන් ආයාචනා කළ ද මේ දක්වාම පීසීආර් පරීක්ෂණ සඳහා පෙනී සිට ඇත්තේ මන්ත්‍රීවරු 225 දෙනා අතරින් 90 දෙනකු පමණි.
මේ වනවිට පාර්ලිමේන්තුවේ ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු ඇතුළු 06 දෙනකුට කොරෝනා ආසාදනය වී තිබේ. ඔවුන් හා ආශ්රිත වූ අනෙකුත් මන්ත්‍රීවරු ද වයිරසය ආසාදනය වී ඇතැයි බියෙන් පසුවෙති.
මේ වන විට පාර්ලිමේන්තුව තුළ කොරෝනා පැතිරීම වැළැක්වීමේ නීතිරිතී වලට ප්‍රමුඛතාවය ලබාදී කටයුතු කරමින් අත්‍යවශ්‍ය කැබිනට් පත්‍රිකා පමණක් ඉදිරිපත් කිරීමට
කතානායකවරයා තීරණය කර ඇති බවද දැනගන්නට තිබේ. වයිරසයේ පැතිරීම පාලනය කරගන්නා තුරු අනෙකුත් අත්‍යවශ්‍ය නොවන කටයුතු සියල්ලම සීමා කර ඇත.
කතානායකවරයාද මහජනයා වැඩිපුර ගැවසෙන ස්ථානවලට යාම සීමා කර ඇති අතර පොදු කටයුතුවලට සහභාගී නොවන මෙන් අනෙකුත් මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා ඇත. කොරෝන වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පාර්ලිමේන්තුව රැස්වන්නේ සතියට දින දෙකක් පමණි.
ඊයේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දෙනකුට කොරෝනා වයිරසය අසාදනය වී තිබිණ. එහෙත් දයාසිරි ජයසේකර සහ වාසුදේව නානායක්කාර යන මන්ත්‍රීවරු මේ වන විට පූර්ණ සුවය ලබා ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් පිටත්ව ගොස් සිටිති.
කොරෝනා වයිරසය අසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු
දයාසිරි ජයසේකර
වාසුදේව නානායක්කාර
පවිත්‍රා වන්නිආරච්චි
පියල් නිශාන්ත
රවුෆ් හකීම්
වසන්ත යාපා බණ්ඩාර