මිහිතලය උණුසුම් වෙමින් පවතින්නේ යැයි ද මේ සඳහා හේතු වී ඇත්තේ දැවැන්ත වනාන්තර විනාශය යැයි ද පරිසරවේදීන් ඇතුළු ගහ කොළ සතා සීපාවාට ආදරණය කරන පුද්ගලයන් පැවසුව ද නාසා ආයතනයේ වාර්තාවකින් කියැවෙන්නේ අදින් වසර 20කට තිබූ මිහිතලයට වඩා වර්තමානයේ මිහිතලයේ තුරු වැස්ම වැඩිවී ඇති බවයි. කෙටියෙන් කියන්නේ නම් එදාට වඩා අද ලෝකය හරිත ලෝකයක් බවට පත්ව ඇත.
මේ වෙනසට හේතුව වී ඇත්තේ චීනයේ සහ ඉන්දියාවේ ගස් සිටුවීම වැඩිවීමයි.
ලෝකයේ ජනගහනය වැඩිම රටවල් දෙක වූ චීනයත් ඉන්දියාවත් පසුගිය දශක දෙකතුළ දී ගස් සිටුවීමේ වැඩසටහන් විශාල ප්‍රමාණක් ක්‍රියාත්මක කිරීම ඔවුන්ගේ ආර්ථික වාසි සඳහා ඉඩම්, ජලය ඇතුළු ස්වභාවික සම්පත් පරිහරණයට දැකවන කැමැත්තට පටහැනිව කටයුතු කිරීම බව නාසා ආයතනය පෙන්වවා දෙයි.
කෘෂිකර්මාන්තව මූලික කරගනිම්න් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇති අතර ඒ් සඳහා තාක්ෂණය යොදා ගැනීම ද පුළුල්ව සිදුකෙරේ. මෙහි දී වැඩිම වේගයකින් පැල සිටුවීම සිදුකරන්නේ ඉන්දියාවයි. ඔවුන් ලක්ෂ අටකට වැඩි පිරිසක් පැය 24ක් ඇතුළත ගස් මිලියන 50ක් සිටුවමින් ලෝක වාර්තා පවා තැබීමට පෙළැඹී ඇත.
1990 වර්ෂයේ සිට වර්තමානය දක්වා ලබාගත් චන්ද්‍රිකා ඡායාරූප නව තාක්ෂණය අනුව සංසන්දනය කිරීමෙන් සොයාගත් මෙම දත්ත නාසා ආයතනය විසින් නේචර් සස්ටර්නබිලිටි සඟරාවේ ප්‍රකාශයට පත්කර ඇත. පර්යේෂකයන් පවසන්නේ පෘථිවියේ හරිතකරණය සැලකිය යුතු ලෙස ඉහළයාමට හේතුව පැහැදිලි බවයි. නමුත් දිනෙන් දින උණුසුම් වෙමින් පවතනි ග්‍රහලෝකයක් වන පෘථිවියේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉහළ යාම හෝ තෙතමනය සහිත දේශගුණයක් හේතුවෙන් තවත් ශාක වැඩිවීමට ඉඩ තිබේ ද යන්න ඔවුන්ට පැහැදිලි නැතැයි ද මෙම පර්යේෂණ වාර්තාවේ දැක්වේ.
චන්ද්‍රිකා ඡායාරූපවලින් පෙනී යන්නේ චීනයේ හා ඉන්දියාවේ අසාමාන්‍ය ලෙස හරිතකරණය ඉහළගොස් ඇති ආකාරයයි. හරිතකරණය මූලික වශයේන දේශගුණික විපර්යාසයන් සහ උණුසුම්වන ග්‍රහලෝකයේ වෙනස්වන පරිසර පද්ධතියේ ප්‍රතිචාරයක් නම් මෙලෙස ශාක සිටුවීම දේශසීමාවලට පමණක් සීමා නොවිය යුතුය. එමෙන්ම පර්යේෂකයන් පවසන්නේ වඩා වේගයෙන් හරිත බවට පත්කළ යුත්තේ ග්ලැසියර දියවෙමින් පවතින උතුරු රුසියාව වැනි ප්‍රදේශ බවයි.
නාසා ආයතනය නිකුත්කළ සිතියම මගින් ලොව පුරා සාපේක්ෂ හරතකරණය සහ දුඹුරු පැහැය පෙන්වයි. කෙසේ වෙතත් වෘක්ෂලතාදිය අවම මට්ටමක තිබූ රටකට එම ප්‍රතිශතය වැඩි කර වනාන්තාර විනාශය අවම කර හරිත දේශයක් බවට පත්කරගැනීමේම අවස්ථාව වැඩිපුර තිබේ.
චීනය සහ ඉන්දියාව යන රටවල් 1970 සහ 80 දශකවල මහා පරිමාණ වනාන්තර විනාශය කරා ගමන් කරමින් නාගරික සංවර්ධනය, ගොවිතැන සහ කෘෂිකර්මාන්තය සඳහා වනාන්තර එළි පෙහෙළි කළේය. දැන් එම රටවල් දෙකම තමන් එදා කරන ලද වරද නිවැරදි කරගනිමින් සිටියි.
අධික වායු දූෂණයෙන් පීඩා විඳින ඉන්දියාව හා චීනය 90 දශකයේ දී වායු හා පාංශු දූෂණය අවම කිරීමටත් දේශගුණික විපර්යාසයන්ට ඒරෙහිව සටන් කිරීමත් කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන්නට විය. මෙහි ප්‍රතිඵලය අද නාසා ආයතනය ප්‍රකාශයට පත්කළ වාර්තාවෙන් පැහැදිලි වෙයි.