-1.1 C
New York

රන් පතලේ හිරවූ කම්කරුවන්ගෙන් පිරිසක් බේරාගනී

Published:

චීනයේ ෂැන්ඩොං පළාතේ රත්‍රන් පතලක සති දෙකක් තිස්සේ සිරවී සිටි කම්කරුවන්ගෙන් 11දෙනකු බේරාගෙන ඇති බව එරට රාජ්‍ය මාධය වාර්තා කරයි.

බේරාගත් කම්කරුවන් දුර්වල සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බැවින් ඔවුන් වහාම රෝහල් ගතකිරීමට කටයුතු කළ බව බලධාරීහු පවසති.

පසුගිය 10 වනදා හුෂාන් රන් පතලේ උමගක් පිපිරී යෑම හේතුවෙන් මෙම කම්කරුවෝ මීටර් 600ක් පමණ ගැඹුරේ සිරවී සිටියහ.

පිපිරීමෙන් පසු කම්කරුවන් 22දෙනකුට සිදුවූ දේ සම්බන්දව කිසිදු තොරතුරක් සොයාගැනීමට නොහැකි වූ නමුත් සතියකට පමණ  පසු කම්කරුවන් 12දෙනකු ජීවත්ව සිටින බවට තොරතුරු ලැබී තිබිණ. පසුව සන්නිවේදන මාර්ගයක් ස්ථාපිත කරන ලද අතර පටු අතුරු වලක් හරහා ආහාර හා ඖෂධ ඔවුන් වෙත යවන ලදී.

කෙසේවුවද දින කිහිපයකට පසු දැනගැනීමට ලැබී ඇත්තේ දුර්වල තත්ත්වයේ සිටි එක් කම්කරුවෙකු මියගිය බවයි.

අද(24) උදෑසන පළමු කම්කරුවා පිටතට ගත් බවත් ඉන් පැයකට පමණ පසු ඉතිරි කම්කරුවන් 10දෙනා බේරාගත් බවත් චීන බලධාරීහු පවසති. ඉන් එක් අයෙකු තුවාල වී සිටි බව චීන මාධ්‍ය වාර්තා කර තිබේ.

පිපිරීමෙන් පසු පතලේ අතුරුදන්වූ තවත් 10 දෙනකු සොයා අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතී.

https://www.bbc.com/news/world-asia-china-55784231

Related articles

Recent articles

spot_img