spot_img
spot_imgspot_img

මානාල යුවළ දෙකකට කොරෝනා. උත්සවයට ගිය පිරිසකටත් ආසාදිතයි

පුවත්

විදෙස්

මනාල යුවළ දෙකකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

එක් මනාල යුවළක් පාදුක්ක වටරැක ප්‍රදේශයේ විවාහ උත්සවය පවත්වා ඇති අතර දින තුනක දී කඩුවෙළ රණාල ප්‍රදේශයේ නිවසක, පාදුක්ක මීපේ හෝටලයක හා වටරැක නිවසකත් උත්සව පවත්වා ඇති බව ද අනාවරණය වී තිබේ. ඉන් උත්සව දෙකකට අවසර ගෙන ඇතත් අනෙක් උත්සවයට අවසර ගෙන නැතැයි ද හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

උත්සව අවසන් කර මනාල යුවළ නුවරඑළියට ගෙස් සිටිය දී ඇති වූ රෝගි තත්ත්වයක් මත  සිදුකළ පීසීආර් පරීක්ෂණයකින් ඔවුන් ආසාදිත බව හඳුනා‍ගෙන ඇත. එම උත්සව තුනටම සහභාගී වී පවුල් 100කට වැඩි පිරිිසක් මේ වනවිට නිරෝධායනයට යොමුකිරීමට සිදුව ඇත.

අනෙක් මානල යුවළ හෝමාගම පිටිපන උත්සව ශාලාවක මංගල උත්සවය පවත්වා ඇති අතර ඔවුන්ට ද රෝග ලක්ෂණ මතුවීමෙන් පසු කරන ලද පීසීආර් පරීක්ෂණයකින් කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබේ. එම උත්සවයට සහභාගී වූ 25 දෙනකුට කරන ලද පීසීආර් පරීක්ෂණවලින් 12 දෙනකු ආසාදිතයන් බව තහවුරු වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!