තම නිවසට පැමිණි පේරාදෙණිය රෝහලේ දන්ත වෛද්‍යවරයාට පහර දුන් බව පැණි ධම්මික අද (23) කෑගල්ල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ දී පිළිගෙන තිබේ. ඔහු එහි දී පවසා ඇත්තේ පහර දුන්නේ තමා නොව කාලි ආරූඪවීමෙන් බවයි.
පැණි ධම්මික තමන්ට පහරදුන් බව පොලිසියට පැමිණිලි කර තිබුණේ පේරාදෙනිය රෝහලේ දන්ත වෛද්‍ය එස්.ඒ.ආර්.මද්දුමබණ්ඩාර විසිනි. මහනුවර රෝහලේ කාර්ය මණ්ඩලය සඳහා පැණි ලබා ගැනීමට ඔහු එහි ගිය බව ද දැනගන්නට ඇත. ඔහු පේරාදෙණිය පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව එය කෑගල්ල පොලිසියටත්, අනතුරුව වරකාපොළ පොලිසියටත් මාරුකර තිබිණි.
කෙසේ වෙතත් තමා විසින් වෛද්‍යවරයාට පහරදුන් බවත් බලහත්කාරයෙන් වෛද්‍යවරයා ස්වයං පාපොච්චාරණ සිදුකරන වීඩියෝවක් පටිගත කළ බවත් පැණි ධම්මික බණ්ඩාර පොලිසියේ දී පිළිගෙන තිබේ.
මෙහිදී සිදුකළ වරදවල්වලට ධම්මික බණ්ඩාර මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධියේ සමාව ගන්නා බවට ප්‍රකාශ කිරීම නිසා පැමිණිල්ල සමථයකට පත් කිරීමට එකඟ වූ බව පහරකෑමට ලක්වූ බව පවසන වෛද්‍යවරයා මාධ්‍ය හමුවේ කියා සිටියේය. එසේ වුව ද පැණි ධම්මික මාධ්‍යයට කිසිත් නොකියා තම රථයේ නැගී පොලිසියෙන් පිටත්ව ගොස් ඇත.
කොරෝනා වෛරසය මර්දනය වන බවට පවසමින් ධම්මික බණ්ඩාර විසින් පැණියක් නිපද වූ මේ වනවිට ඇතැම් වෛද්‍යවරු ද එය බෙදා හැරීමේ නියෝජිතයන් ලෙස කටයුතු කරති. එම පැණි බෝතලයක් රුපියල් 10,000.00 ක මුදලකට අළෙවි කරන අතර ජනමාධ්‍ය ඉදිරියේ ප්‍රසිද්ධියේ පැණිය පානය කළ සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු පිරිසකට කොරෝනා ආසාදනය වී තිබේ.
https://web.facebook.com/NewsfirstSL/videos/320300206010825/