spot_img
spot_imgspot_img

මුස්ලිම් විවාහ ක්‍රමය සංශෝධනය කරනවා කිව්වත් කාතිවරු බඳවා ගනී

පුවත්

විදෙස්

කාති උසාවි අහෝසි කරමින් එක රටක් එක නීතියක් සංකල්පය ඉදිරියට පවත්වාගෙන යන බව රජය පැවසුව ද අධිකරණ සේවා කොමිෂන් සභාව මගින් දිවයින පුරා ප්‍රදේශ 25ක මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත යටතේ කාති තනතුරු බඳවා ගැනීම සඳහා අයඳුම් පත්‍ර කැඳවා තිබේ.

ඊට අදාල ගැසට් නිවේදනය ජනවාරි 01 දා නිකුත් කර පුවත් පත් මගින් ද ප්‍රසිද්ධියට පත්කර ඇත.

වයස අවුරුදු 40ට වැඩි මුස්ලිම් පුරවැසියකු, පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධිධාරියකු හෝ මුස්ලිම් ආගමික සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් පිළිගත් ආයතනයකින් ප්‍රදානය කරන උපාධියකට හෝ ඊට සමාන සුදුසකමක් ලබා තිබීම‍ මෙම තනතුරු සඳහා සුදුසුකම් ලෙස දක්වා ඇත.

කාතිවරයකුට මසකට රුපියල් 7,500.00ක දීමනාවක් ද අමතරව සහායක සේවාවක්, ලිපි ද්‍රව්‍ය හා තැපැල් වියදම් සඳහා මසකට උපරිම රුපියල් 6,250.00ක් අතුළුව රුපියල් 13,750.00ක මුදලක් හිමිවෙයි.

අයදුම්පත්‍ර භාරගන්නා අවසන් දිනය ලෙස දක්වා ඇත්තේ ජනවාරි මස 31 වැනි දිනයයි.

කාති උසාවි ක්‍රමය ‍අහෝසි කරන බවටත් සමාජයේ දැඩි මතවාදයක් ගොඩනැගුණු අතර පසුගිය දා අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි පාර්ලිමේන්ත්‍රවේ දී ප්‍රකාශ කළේ බාල වයස්කාර විවාහ පවතින මුස්ලිම් විවාහ පනත සංශෝධනය කිරීම සඳහා දැනටමත් කටයුතු කර ඇති බවයි.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!