-1.1 C
New York

යාත්‍රාවක් ගිලී යාමෙන් සංක්‍රමණිකයන් 49ක් මරුට

Published:

සංක්‍රමණිකයන් පිරිසක් රැගත් යාත්‍රාවක් ලිබියානු වෙරළ තීරයේදී ගිලීයෑම හේතුවෙන් 43දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.

මොවුන් බටහිර අප්‍රිකානු රටවල සිට පැමිණි අය බවට හඳුනාගෙන තිබේ.

යුරෝපයට ගමන් කිරීමේ අපේක්ෂාවෙන් මොවුන් පැමිණ ඇති බව වෙරළාරක්ෂක භටයෝ කියති.

එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතනය පවසන්නේ මෙය 2021වසරේ මධ්‍යධරණී මුහුදේ අනතුරට ලක්වූ පළමු යාත්‍රාව බවයි. 

වෙරළ ආරක්ෂක භටයන් විසින් 10 දෙනකුගේ දිවි බේරාගෙන ඇති බව එක්සත් ජනපද සරණාගත ඒජන්සිය පවසයි.

යුරෝපයට ලඟාවීමට අපේක්ෂා කරන සංක්‍රමණිකයන් සඳහා ලිබියාව ප්‍රධාන මධ්‍යස්ථානයකි.

මධ්‍යධරණී මුහුදේ සෝදිසි මෙහෙයුම් හා ගලවා ගැනීමේ මෙහෙයුම් නැවත සක්‍රීය කරන ලෙසත් සංක්‍රමණිකයන් අනාරක්ෂිත වරායන් වෙත පැමිණීම නතර කරන ලෙසත් එක්සත් ජනපද සරණාගත ඒජන්සිය රාජ්‍ය නායකයින්ගෙන් ඉල්ලා ඇත.

Related articles

Recent articles

spot_img