spot_img
spot_imgspot_img

ජෝ බයිඩන් ඇමෙරිකාවේ 46 වැනි ජනාධිපති

පුවත්

විදෙස්

ඇමරිකා එක්සත් ජනපදයේ 46 වන ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන් මහතා වොෂින්ටන් හි දී අද (20) දිවුරුම් දීමට නියමිතව ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු ජෝන් රොබට්ස් මහතා ඉදිරියේ දිව්රුම් දීම සිදුවන බව ඇමරිකානු මාධ්‍ය වාර්තා කර තිබේ. ජනාධිපතිවරයාගේ බිරිඳ ජිල් බයිඩන් මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී වනු ඇතැයි සඳහන් වේ.

උප ජනාධිපති ධූරයට පත්වී ඇති කමලා හැරිස් මහත්මිය ද ඔහු සමග දිවුරුම් දෙනු ඇත.

උදෑසන නගරයේ ආසන දෙව්මැදුරේ පැවැත්වෙන දේවමෙහෙයට සහභාගී වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා දිව්රුම් දීමේ අවස්ථාවට එක්වන බව සඳහන් වේ. 

මෙම මස මුලදී වොෂින්ටන් හි කැපිටල් ගොඩනැග්ල්ලේ සිදුවූ මරාන්තික කෝලාහලය හේතුවෙන් සමාරම්භක උත්සවයේ ආරක්ෂාව තරකර ඇති අතර ආරක්ෂක භටයන් 25,000ක් පමණ යොදවා ඇතැයි වාර්තා වේ.

උත්සවය සඳහා ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරුන් වන බැරක් ඔබාමා, බිල් ක්ලින්ටන් සහ ජෝර්ජ් බුෂ් යන මහත්වරුන් සහභාගී වන බව දැනුම් දී ඇත.

ජනාධිපති ධූරයෙන් ඉවත්ව යන ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා උත්සවයට සහභාගී නොවූවද ඔහුගේ උප ජනාධිපති මයික් පෙන්ස් මහතා දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වනු ඇතැයි සඳහන් වේ.

ඩිමොක්‍රටික් පාක්ෂිකයෙක් වන බයිඩන් මහතා ජාතික සමගිය ඇති කිරීමට සුභවාදී ප්‍රවේශයක් ලබාදෙනු ඇතැයි වාචාරකයෝ පවසති. 

https://www.bbc.com/news/world-us-canada-55728852

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!