spot_img
spot_imgspot_img

ගාල්ලෙන් තවත් කොරෝනා පොකුරක් ?

පුවත්

විදෙස්

ගාල්ල නගරයේ චීන කොරටුව ප්‍රදේශයෙන් අද (20) දිනයේ කොරෝනා ආසාදිතයන් 07 දෙනකු වාර්තා වූ බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි. මෙය නව පොකුරක් දක්වා වර්ධනය වීමේ අවදානමක් ඇති බැවින් සියලු දෙනාට දැඩි සෞඛ්‍ය ආරක්ෂිත උපක්‍රම භාවිතා කරන ලෙස ද සෞඛ්‍ය අංශ ඉල්ලා සිටියි.

මෙම ආසාදිතයන් අතර මීට ඉහත සැමියා හා බිරිඳ ආසාදිත බවට හඳුනාගත් පවුලේ දරුවකු ද සිටින බව සෞඛ්‍ය අංශ පවසයි. එම තරුණයා තමන්ගේ මිතුරන් පිරිසක් සමඟ පසුගිය දිනක විනෝද සංචාරයක නිරතව සිටි බැවින් මව හා පියා ආසාදනය වීම හේතුවෙන් එම තරුණයා නිරෝධායනය කරන අතරතුර ඔහු සමඟ විනෝද චාරිකාවට සහභාගී වූ ඔහුගේ මිතුරන් 06 දෙනකු ද මිනුවන්ගොඩ ගුණරතන මාවතේ නිවසක රඳවා සිටියහ.

චීන කො‍රටුවේ පදිංචි තරුණයා ආසාදනය වීම හේතුවෙන් එම මිතුරන් 06 දෙනා පළමු ආශ්‍රිතයන් වූ බැවින් ඒ අතරින් තිදෙනකු අද සවස කරාපිටිය ශික්ෂණ රෝහලට යවා ඇත. සෞඛ්‍ය අංශ පවසන්නේ ඔවුන් රෝග ලක්ෂණ ඇති බව පැවසීම හේතුවෙන් ගිලන් රථයකින් යැවූ බවයි. පසුව අකේ තිදෙනා ද තමන් ද රෝහලට රැගෙන ගොස් පීසීආර් පරීක්ෂණ කරන ලෙස ඉල්ලීම හේතුවෙන් ඔවුන්ද රෝහලට යැවීමට කටයුතු කර තිබේ.

මෙම පිරිස ගාල්ලේ පාසලක රගර් කණ්ඩායමක් නියෝජනය කළ අය බව ද දැනගන්නට ඇත. සෞඛ්‍ය අංශ පවසන්නේ චීන කොරටුව කේන්ද්‍ර කරගනිමින් කොරෝනා පොකුරක් මතුවීමේ අවදානමක් තිබෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!