-1.1 C
New York

පතලේ සිරවූ කම්කරුවන්ගෙන් සතියකට පසු පණිවිඩයක්

Published:

චීනයේ ෂැන්ඩොං පළාතේ රත්‍රන් පතලක මීට සතියකට පමණ පෙර සිදුවූ පිපිරීමකින් සිරවූ කම්කරුවන් 12දෙනකු තවමත් ජීවතුන් අතර සිටින බවට සංඥාවක් ලැබී ඇතැයි වාර්තා වේ.

ජනවාරි 10වන දින පතලේ සිදුවූ පිපිරීමක් හේතුවෙන් ඒ වනවිට එහි සේවය කරමින් සිටි කම්කරුවන් 22දෙනකු සම්බන්දව කිසිම තොරතුරක් සොයාගැනීට නොහැකි වූ බව චීන බලධාරීහු පවසති.

බේරාගැනීමේ මෙහෙයුමේ යෙදී සිටි පිරිසට දින හතකට පසුව කම්කරුවන්ගෙන් මෙම පණිවුඩය ලැබී ඇති බවත් “අප වෙත ලඟවීමට උත්සාහ කිරීම නවත්වන්න එපා” යනුවෙන් එහි සඳහන් වූ බවත් චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

පිපිරීමෙන් අතුරුදන්වූ අනෙක් කම්කරුවන් 10 දෙනාට සිදුවූයේ කුමක්ද යන්න පැහැදිලි නොමැති බවද ඔවුහු පවසති.

කණින ලද පටු අතුරු වලක් හරහා සිරවී සිටින අය සමග සම්බන්ධතා ඇතිකර ගැනීමට සමත් වූ බවත් ඒ මගින් ආහාර,ඖෂධ, කඩදාසි හා පැන්සල් වළ තුළට යවා තොරතුරු ලබාගත් බවත් මුදවාගැනීමේ කණ්ඩායම පවසයි.

ඔවුන්ගෙන් ලබාගත් තොරතුරු අනුව පතලේ මැද කොටසේ 12දෙනකු සිරවී සිටින බව තහවුරු කරගෙන තිබේ.

වේදනා නාශක, ඖෂධ සහ වෙළුම් පටි ඉල්ලා ඇති අතර භූගත ජලය ඉහල මට්ටමක පවතින බවද ඔවුහු පවසා තිබේ.

චීන රාජ්‍ය මාධ්‍ය පවසන්නේ සිරවී සිටින කම්කරුවන් බේරා ගැනීම සඳහා සියලු උත්සාහයන් දරන බවයි.

https://www.bbc.com/news/world-asia-china-55700021

Related articles

Recent articles

spot_img