spot_img
spot_imgspot_img

ඇමෙරිකාවට එන සංක්‍රමණිකයන්ට පහර දෙයි

පුවත්

විදෙස්

ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළු වීමේ බලාපොරොත්තුවෙන් පැමිණි මධ්‍යම ඇමරිකානු සංක්‍රමණිකයින් පිරිසකට ආරක්ෂක හමුදා විසින්  ග්වාතමාලාවේදී බැටන් ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇතැයි වාර්තා වේ.

සංක්‍රමණිකයන් සහ පොලිසිය අතර ගැටුම් ඇතිවූ බවද පිරිසක් තුවාල ලබා ඇති බවද සඳහන් වේ.

මොවුන් බොහෝදෙනකු හොන්ඩ්‍යුරාස් ජාතිකයින් වේ. 

දරිද්‍රතාවය හා ප්‍රචණ්ඩත්වය හේතුවෙන් පසුගිය දින කිහිපයේදී සංක්‍රමණිකයන් 7,000කට වැඩි පිරිසක් හොන්ඩ්‍යුරාස් සිට පලා ගොස් ඇත.

ඔවුන් මෙක්සිකෝවට සහ පසුව ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළු වීමේ බලාපොරොත්තුවෙන් ගමන් කරන බව පැවසේ.

මෙලෙස ගමන්ගත් දහසක පමණ පිරිසක් හොන්ඩ්‍යුරාස් දේශ සීමාව අසලදී ඉරිදා(17) අත්අඩංගුවට ගෙන තිබේ.

සෑම වසරකම මධ්‍යම ඇමරිකානුවන් දස දහස් ගනනක් මෙවැනි අනතුරුදායක චාරිකා මගින් ඇමරිකාවට ලඟා වීමට උත්සාහ කරන අතර ඔවුහු බොහෝවිට තවලම් ආකාරයෙන් පයින් ගමන් කරති.

ඇමරිකානු ජනාධිපති ධූරයට තේරී ඇති ජෝ බයිඩන් මහතා ප්‍රජාතන්ත්‍රවාදී අදහස් දරන නමුත් සංක්‍රමණික ප්‍රතිපත්ති එක රැයකින් වෙනස් නොවන බැවින් නීති විරෝධී ඇතුල් වීම් සඳහා අවසර නොලැබෙන බවට සංක්‍රමණිකයන්ට අනතුරු අඟවා ඇත.

“මේ ආකාරයේ නීති විරෝධි මහජන ව්‍යාපාර පිළිගනු නොලැබේ. කළාපීය ප්‍රශ්නයක් ලෙස මෙය විසඳීම සඳහා අසල්වැසි ජාතීන් සමග එක්ව කටයුතු කරන්නෙමු.” යනුවෙන් ග්වාතමාලා ජනාධිපති කාර්යාලය නිවේදනය කර තිබේ.

https://www.bbc.com/news/world-latin-america-55699540

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!