spot_img
spot_imgspot_img

වැඩිහිටි නිවාසයකින් කොරෝනා මරණයක්. මරණ ගණන 270යි.

පුවත්

විදෙස්

කොරෝනා ආසාදනය වී මියගිය තවත් පුද්ගලයන් 06 දෙනකුගේ මරණ පිළිබඳ විස්තර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මාධ්‍යයට නිකුත් කර ඇත. ඒ අනුව මෙරට සිදුවූ කෙරෝනා මරණ සංඛ්‍යාව 270ක් දක්වා ඉහළ ගොස් තිබේ

එම මරණ පිළිබඳ විස්තර පහත දැක්වෙයි.

  • කොළඹ 03 පදිංචි 63 හැවිරිදි කාන්තාවක් ඊයේ කොළඹ ජාතික රෝහලට ගෙන යන විට මියගොස් සිටියාය. ඇයගේ මරණයට හේතුව උග්‍ර දියවැඩියාව සමඟ ඇති වූ කොරෝනා නිව්මෝනියාවයි.
  • කොළඹ 15 පදිංචි 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්  ජනවාරි 15 කො‍ළඹ ජාතික රෝහලට ඇතුළත් කරනවිටත් මියගොස් සිටි අතර මරණයට හේතුව කොරෝනා නිව්මෝනියාවයි.
  • මෝදර පදිංචි 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් ජනවාරි 15 වැඩිහිටි නිවාසයක දී මියගොස් ඇත. මරණයට හේතුව කොරෝනා නිව්මෝනියාවයි
  • දකුණු කළුතර පදිංචි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් කළුතර මහ රෝහලට ඇතුළත් කරන විට ජනවාරි 14 වැනි දින මියගොස් ඇති අතර මරණයට හේතුව උග්‍ර කොරෝනා නිව්මෝනියාව සහ හෘද රෝගී තත්ත්වයත් දියවැඩියාවයි.
  • දෙහිවල පදිංචි 63 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඉරණවිල ප්‍රතිකාර මධයස්ථානයට යවා ඇත. එහි දී අද මියගියේය. මරණයට හේතුව නිව්මෝනියාවයි.
  • රත්නපුර පදිංචි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් හෝමාගම රෝහලේ දී අද මියගොස් ඇති අතර මරණයට හේතුව කොරෝනා නිව්මෝනියාවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!