රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත කොරෝනා ආසාදිතයකු බව අද (18) තහවුරු වී ඇති අතර කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවය කරන ගාල්ලේ බද්දේගම පදිංචි සහකාර අධ්‍යක්ෂවරයකුට ද කොරෝනා ආසාදිත බව අද දහවල් පුද්ගලික රෝහලකිදී කරන ලද පීසීආර් පරීක්ෂණයකින් තහවුරු වී ඇත.
සහකාර අධ්‍යක්ෂවරයා ආසාදිත බව තහවුරුවන විට රිච්මන්ඩ් විද්‍යාලයේ උගන්වමින් සිටි තම බිරිඳ හැකි ඉක්මණින් පුද්ගලික රෝහලට ගෙන්වාගත් ඔහු ඇය සඳහා ද ඇන්ටිජන් පරීක්ෂණයක් සිදුකර ඇත. ඇය ආසාදිත වී නොමැති බව තහවුරු වී තිබේ.
ඔහු ආසාදිත බව වාර්තාවිමත් සමඟ කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඔහු සේවය කළ අංශය තාවකාලිකව වසා එහිි නිලධාරී නිලධාරිනියන් 40ක් පමණ පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකර තිබේ.
පසුගිය 15 වෙනිදා විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කමිටු රැස්වීමක් පවත්වා ඇති අතර එයට රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ඇතුළු දේශපාලනඥයන් ගණනාවක් මෙන්ම රාජ්‍ය නිලධාරීන් රැසක් ද සහභාගි වී ඇත.
සෞඛ්‍ය අංශ පවසන්නේ එම සහකාර අධ්‍යක්ෂවරයා, බිරිිඳ හා ඔහුගේ දරුවා ද නැවත පීසීආර් පරීක්ෂණයකට යොමුකරන බවයි.