රාජිත සේනාරත්න හිටපු අමාත්‍යාවරයා ඇතුළු තුන් දෙනකුට කොළඹ මහාධිකරණය අධි චෝදනාපත්‍ර භාර දී රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි අද (18) නියෝග කළේය.
මෙලෙස අධි චෝදනා පත්‍ර භාර දී ඇත්තේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න, ලංකා ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ සහ එම සංස්ථාවේ හිටපු කළමනාකරණ අධ්‍යක්ෂ නීල් රවීන්දු මුණ සිංහ යන තිදෙනාටය.
මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි ඉදිරියේ මෙම අධි චෝදනා පත්‍ර භාර දී ඇත්තේ අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව විසිනි. රාජිත සේනාරත්න 2014 වර්ෂයේ ධීවර අමාත්‍යවරයාව සිටිය දී මෝදර ධීවර වරාය Sea Gulf UK නමැති සමාගමකට අඩු මුදලකට බදු දෙමින් දූෂණය නමැති වරද කර ඇති බවට අල්ලස් කොමිසම චෝදනා කරයි.
චෝදනා පත්‍ර භාරදීමෙන් පසු මෙම විත්තිකරුවන් තිදෙනා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලදී.