-2.1 C
New York

නේපාල කඳු නගින්නෝ ලෝක වාර්තාවක් තබති

Published:

නේපාල කඳු නගින්නන් 10දෙනකුගෙන් යුත් කණ්ඩායමක් විසින් ප්‍රථම වරට  ලොව දෙවන උසම කන්ද වන K2 හි මුදුනට ලඟා වී ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ.

පකිස්ථාන චීන දේශ සීමාව හරහා දිවෙන කරකෝරම් කඳු වැටියේ පිහිටි මීටර් 8,611ක් උස K2 කන්ද බොහෝ සංචාරක කඳු නගින්නන්ගේ ජනප්‍රිය ස්ථානයකි.

එවරස්ට් කන්දට වඩා K2 මීටර් 200ක් උසින් අඩුවේ.

K2 ලොව පුරා පිහිටි මීටර් 8,000ට වඩා උසින් වැඩි කඳු 14න් එකකි.

කෙසේවුවද බාධක සහිත වීම හේතුවෙන් නැඟීමට දුෂ්කර කන්දක් ලෙස ප්‍රචලිතව ඇත.

2008 වසරේදී K2 තරණය කිරීමේ දී හිමකුණාටුවකට හසුව කඳු නගින්නන් 11 දෙනකු මිය ගියහ.

ජයග්‍රහණය සම්බන්දව කණ්ඩායමේ සාමාජිකයෙකු වන නිම්ස්ඩායි පූර්ජා මෙසේ පැවසීය, 

“මානව වර්ගයාගේ ඉතිහාසයේ කොටසක් වීම ගැන අපි ආඩම්බර වෙමු. සහයෝගීතාවය, කණ්ඩායම් ක්‍රියාකාරීත්වය සහ ධනාත්මක මානසික ආකල්ප අප දිරිමත් කළේය.”

https://www.bbc.com/news/world-asia-55684149

Related articles

Recent articles

spot_img