-1 C
New York

ධර්මාශෝක සිසුවකු ආශ්‍රිත වුවත් පාසල සුරක්ෂිත බව විදුහල්පති කියයි

Published:

අම්බලන්ගොඩ පෞද්ගලික බැංකුවක සේවය කරමින් සිටිය දී ආසාදිත බව හඳුනාගත් පුද්ගලයකුගේ දරුවකු පසුගිය සතියේ සඳුදා (11) සහ බදාදා (13) විද්‍යාලයට පැමිණ ඇතැයි ධර්මාශෝක විදුහලේ විදුහල්පති හසිත කේසර වෙත්තමුණි පවසයි.

එම දරුවාගේ පීසීආර් පරික්ෂණ ප්‍රතිඵල අද (17) සවස ලැබීමට නියමිත බවත් එම දරුවා නිවස තුළම නිරෝධායනය කර තිබෙනබවත් විදුහල්පතිරයා වැඩිදුරටත් සඳහන් කර ඇත. ධර්මාශෝක සිසුවාගේ පියාගේ ආශ්‍රිතයන් කිහිප දෙනකුගේ ම පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල ලැබී තිබෙන අතර මෙතෙක් එම කිසිවෙකුත් ආසාදිතයන් වී නොමැතියැයි සෞඛ්‍ය අංශ පවසයි.

ධමර්ශෝක විද්‍යාලයේ විදුහල්පතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම සිසුවා ඉගෙනුම ලැබූ පන්තිකාමර ඇතුළු පාසල් පරිශ්‍රයේ විෂබීජහරණ කටයුතු සිදුකර ඇති බැවින් හෙට (18) සිට සිසුන් පාසල් පැමිණීමේ කිසිදු ගැටලුවක් නොමැති බවයි. මීට පෙර ද සිසුවකු ආශ්‍රිතයකු වූ අවස්ථාවේ දී මෙන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම සියල්ල අනුගමනය කර ඇති බැවින් සාමාන්‍ය පරිදි පාසල පැවැත්වෙන බවත් සිසුවාගේ  පීසීආර් පරීක්ෂණ ලැබුණු පසු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කර තීරණය කරන බවත් විදුහල්පතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Related articles

Recent articles

spot_img