-1 C
New York

ගාල්ලේ කොරෝනා මරණ 07ක් දක්වා ඉහළට

Published:

ගාල්ල දොඩන්දූවේ පටුවත පදිංචි කාන්තාවක් කොරෝනා ආසාදනය වීමෙන් මියගොස් ඇතැයි රත්ගම හදිසි මරණ පරීක්ෂක සාගරිකා නිල්මිණි පවසයි.

මියගොස් ඇත්තේ 78 හැවිරිදි වියේ පසුවන දෙදරු මවකි.

මෙම කාන්තාව ඊයේ (16) සවස වෛද්‍යවරයකු හමුවිම සඳහා කරාපිටියේ ‍පිහිටි රුහුණු රෝහලට පැමිණ ඇති අතර එහි ඇතුළුවීමට පෙර මියගොස් සිටියාය. ‍එම රෝහලෙන් උපදෙස් ලබා දී ඇත්තේ ඇය මියගොස් ඇති බැවින් කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙන යා යුතු බවයි.  

කරාපිටිය ශික්ෂණ රෝහලේ දී ඇයගේ ජෛව සාම්පල ඊයේ (16) ලබාගෙන ඇති අතර අද (17) උදෑසන ලැබුණු වාර්තාවෙන් තහවුරු වී ඇත්තේ ඇය කොරෝනා ආසාදිත බවයි.

ඇය පිළිකා රෝගයකින් පීඩා විදින බැවින් කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයෙන් නේවාසිකව ප්‍රතිකාර ලබා ජනවාරි මස 04 වැනි දින නිවසට ගොස් ඇතැයි ද අනාවරණය වී ඇත.

කරාපිටිය පිළිකා අංශයේ රෝගින් අතරින් කොරෝනා ආසාදිතයන් වාර්තා වූ බැවින් මියගිය මෙම කාන්තාවට කොරෝනා ආසාදනය වූ මූලාශ්‍රය කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකය දැයි දැනගැනීම සඳහා විමර්ශන සිදුකරන බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙම මරණයත් සමඟ ගාල්ල දිස්ත්‍රික්කයේ සිදුවූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 07ක් දක්වා ඉහළ ගොස් ඇත.

Related articles

Recent articles

spot_img