spot_img
spot_imgspot_img

ජපානයට බිලියන 05ක් වන්දි ගෙවන්න රජයට සිදුවෙයි

පුවත්

විදෙස්

මාලඹේ කොටුව සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අත්හිටුවීමට තීරණය කිරීම ‍ේතුවෙන් ජපානයේ ජයිකා ආයතනයට රුපිල් බිලියන 05 (කෝටි 5000ක්) ගෙවීමට රජයට සිදුවී ඇත.

ණය ආධාර පදනම යටතේ වසර 35කින් ගෙවා නිමකිරීම සඳහා මෙම ව්‍යාපෘතියට මුදල් ලැබීමට නියමිතව තිබූ අතර ව්‍යාපෘතිය නවත්වා දමන අවස්ථාව වනවිටත් රුපියල් බිලියන 3ක් පමණ මුදලක් වියදම් කර තිබූ බව නාගරික සංවර්ධන අමාතයාංශයේ නිලධාරියකු පැවසීය.

සක්‍යතා අධ්‍යයන වාර්තාව සඳහා රුපියල් මිලියන 600ක් වැය කර ඇති අතර ඊට අමතරව ඉඩම් අත්පත් කර ගනැනීමේ කටයුතු, උපදේශන කටයුතු, කාර්යාල පවත්වාගෙන යාම ආදිය සඳහා මුදල් වියදම්වී ඇතැයි පැවසේ.

මේ සම්බන්ධව නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරවීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු, රාජ්‍ය ඇමැති නාලක ගොඩහේවාගෙන් කළ විමසීමක දී ප්‍රකාශ කළේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නතර කිරීමට තීරණය කිරීම නිසා ජයිකා ආයතනයට වන්දියක් ගෙවීමට සිදුවන බවයි.

ඔහු පවසන්නේ එම මුදල මෙතෙක් ගණන් බලා නොමැති බවයි. කෙසේ වෙතත් මේ ව්‍යාපෘතිය සඳහා හම්බන්තොට වරායට වැය කළ මුදල මෙන් දෙගුණයක මුදලක් වැයකිරීමට නියමිතව තිබූ බව ද හෙතෙම සඳහන් කළේය. මෙවන් විශාල මුදලක් වැය කිරීමට සිදුවීම හේතුවෙන් මෙම ව්‍යාපෘතිය නතර කිරීමට රජය තීරණය කළ බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

1 COMMENT

  1. එතකොට ඒ ණය පියවන්න හම්බන්තොට වරාය,මත්තල ගුවන් තොටුපොළ ආයෝජනය (🤗) කරන්න වේවිද ? ගැනුම්කරු කව්ද ?

Leave a Reply to K Wimalasena Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!