-2.1 C
New York

බ්‍රසීලයේ විශාල පිරිසක් මරුමුවට පත්වීමේ අමදානමක්

Published:

බ්‍රසීලයේ මධ්‍යම ඇමසනාස් ප්‍රාන්තයේ මනවුස් නගරයේ රෝහල් වල පවතින දැඩි ඔක්සිජන් හිඟයක් හේතුවෙන් කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම අසීරු වී ඇතැයි වාර්තා වේ.බ්‍රසීලයේ මධ්‍යම ඇමසනාස් ප්‍රාන්තයේ මනවුස් නගරයේ රෝහල් වල පවතින දැඩි ඔක්සිජන් හිඟයක් හේතුවෙන් කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම අසීරු වී ඇතැයි වාර්තා වේ.

ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ රෝහල් වලට අවශ්‍ය සැපයුම් නොමැති වීම හේතුවෙන් බොහෝ මිනිසුන් මිය යා හැකි බවයි.

මනවුස්හි රෝහලක වෛද්‍යවරියක් අන්තර්ජාලයෙන් උදව් ඉල්ලමින් පවසා ඇත්තේ, “අප සිටින්නේ භයානක තත්ත්වයක, අද ඒකකය පුරාම ඔක්සිජන් හිඟයක් තිබෙනවා. ඔක්සිජන් නොමැතිව බොහෝ දෙනෙක් මිය යනවා. යම් ස්ථානයක ඔක්සිජන් ඇත්නම් කරුණාකර රෝහලට රැගෙන එන්න” යනුවෙනි.

මනවුස් නගරයෙන් වාර්තා වන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහල යමින් පවතින අතර මරණ බොහෝ ප්‍රමාණයක් සිදුවී තිබේ.

ඇමසනාස් ආණ්ඩුකාර විල්සන් ලීමා කියා සිටියේ ප්‍රාන්තය, වසංගතයේ අතිශය තීරණාත්මක වකවානුවක සිටින බවයි. 

වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා ප්‍රාන්තයේ සිකුරාදා සිට ඇඳිරි නීතිය පනවා තිබේ.

මරණ සංඛ්‍යාව අතින් බ්‍රසීලය ලොව දෙවන ස්ථානයේ පසුවන අතර මෙතෙක් එරටින් මරණ 208,000කට වඩා වාර්තා වී ඇති බව සෞඛය අංශ පෙන්වා දෙයි.

බ්‍රසීලයෙන් මෙතෙක් කොරෝනා රෝගීන් 8,394,253ක් වාර්තා වී තිබේ.

කොරෝනා වයිරසයේ නව ප්‍රබේදයක් ද පසුගිය දිනවල බ්‍රසීලයෙන් වාර්තා විය.

https://www.bbc.com/news/world-latin-america-55670318

Related articles

Recent articles

spot_img