ගංගොඩවිල වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන පුද්ගලකු සහ ඔහුගේ බිරිඳ තම නිවසේ පැවැත්වූ සාදයකින් අනතුරුව කොරෝනා ආසාදිත බව දැන දැනත් එම ආසාදිත පුද්ගලයන් නිවසේ ම තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවට පදිංචිකරුවන් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පැමිණිලි කර ඇත.
මෙම පුද්ගලයාගේ ව්‍යාපාරික ස්ථාන ඇති ගොඩනැගිල්ලේ ම පිටකෝට්ට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පිහිටා ඇති බැවින් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඔහුගේ ගජ මිතුරෝය. නිතර නිතර නිවසට එති යති. මේ ව්‍යාපාරිකයාගේ නිවසේ ජනවාරි 01 දා හිතවතුන්ගේ සහභාගීත්වයෙන් රාත්‍රී සාදයක් පවත්වා ඇති අතර ඉන් පසුව දා ම ව්‍යාපාරියකයාගේ පුතා කොරෝනා ආසාදිත බව හඳුනාගෙන තිබිණි. ඉන් පසු කරන ලද පීසීආර් පරීක්ෂණවලින් ව්‍යාපාරිකයාගේ සහෝදරියක් සහ ඇගේ දරුවකු ද ආසාදිත බව තහවුරු වීම හේතුවෙවන් ඔවුන් කොළඹ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළත් කර තිබේ.
ව්‍යාපාරිකයා සහ ඔහුගේ බිරිඳ කොරෝනා ආසාදිතයන් බව තහවුරු වී ඇත්තේ පසුගිය 13 වැනි දිනයේ දී ය. එසේ වුව ද ඔවුන් රෝහල් ගතකිරීම අද (15) රාත්‍රී දක්වාම මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් සිදු නොකරන බවත් ඔවුන් අතර ඇති පුද්ගලික හිතවත්කම් ඊට හේතුවී ඇති බවත් අවට පදිංචිකරුවෝ කියති.
මේ පිළිබඳ ඔවුන් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ද පැමිණිලි කර ඇත. පැමිණිල්ලෙන් පසු ආසාදිතයන් දෙදෙනා ඉක්මණින් එම ස්ථානයෙන් ඉවත්කිරීමට සාකච්ඡා කර ඇතැයි ද දැනගන්නට ඇත.