කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් බවට පත්වූ 10 හා 11 ශ්‍රේණිවල සිසුන් දෙදෙනා ආසාදිත නොවන බව පීසීආර් පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පතිවරයා පවසයි.
එ් සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයක් විද්‍යාලයීය ආදි සිසුන් විසින් සමාජ ජාලාවල පළකර ඇති අතර සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශ හා පිළිවෙත් යටතේ පාසල් පරිශ්‍රය සුරක්ෂිත බවත් සියලු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සුපුරුදු පරිදි පවත්වාගෙන යනු ලබන බවත් විදුහල්පතිවරයා සඳහන් කර ඇත.
එමෙන් ම සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කරමින් දරුවන් පාසල වෙත යොමු කිරීමට කටයුතු කරන ලෙස ද එමගින් ඉල්ලීමක් කර ඇත.
ආශ්‍රිතයන් වූ දරුවන් දෙදෙනා පිළිබඳ සෞඛ්‍ය අංශ වෙතින් විමසීමේ දී කියා සිටියේ ආසාදිතයන්ගේ පළමු ආශ්‍රිතයන් වූ දරුවන් දෙදෙනාගේ පීසීආර් පරීක්ෂණවලින් ඔවුන් ආසාදිතයන් නොවන බව තහවුරු වී ඇති අතර මේ වනවිට නිවසේ නිරෝධායනය සඳහා යොමුකර සිටින බවයි. ඉදිරි දිනක දී ඔවුන්ගේ දෙවැනි පීසීආර් පරීක්ෂණ පැවැත්වීමට නියමිත බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියති.
