spot_img
spot_imgspot_img

අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 14ක 23,000ක් පීඩාවට

පුවත්

විදෙස්

අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ ආපදාතත්ත්වයෙන් දිස්ත්‍රික්ක 14ක පුද්ගලයන් 382ක් අවතැන් වී පවුල් 7,091 ක පුද්ගලයන් 23,030ක්  පීඩාවට පත්ව ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

නිවාස 223කට හානි සිදුව ඇති බවත් එම මධ්‍යස්ථානය සඳහන් කරයි. දිගින් දිගටම පවතින තද වැසි, ජල ගැලීම් හා සුළං හේතුවෙන් ගස් කඩා වැටීමෙන් මෙම ආපදා තත්ත්වය ඇතිවී තිබේ.

මඩකලපුව දිස්ත්‍රික්කයේ පවුල් 3,750කට අයත් පුද්ගලයන් 11,289ක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පවුල් 1,387කට අයත් පුද්ගලයන් 5,184ක් කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 27කට අයත පුද්ගලයන් 108ක්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවුල් 03කට අයත් පුද්ගලයන් 14ක් කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 50කට අයත් පුද්ගලයන් 220ක්, බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 16කට අයත් පුද්ගලයන් 58ක්, පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 203කට අයත් පුද්ගලයන් 914ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවුල් 10කට අයත් පුද්ගලයන් 33ක්, මහනුවර දස්ත්‍රික්කයේ පවුල් 35කට අයත් පුද්ගලයන් 140ක් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පවුල් 745කට අයත් පුද්ගලන් 2,426ක්, මන්නාරම දිස්ත්‍රික්කයේ පවුල් 233කට අයත් පුද්ගලයන් 839ක් හා යාපනය දිස්ත්‍රිික්කයේ පවුල් 558කට අයත් පුද්ගලයන් 1,745ක් වශයෙන් මෙලෙස පීටාවට පත්ව ඇත.

යම් අයකු පීඩාවට පත්ව සිටීනම් ඒ පිළිබඳ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වරයා මගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැනුම්වත් කරන ලෙස ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!