දකුණු පළාතෙන් ඊයේ (14) ආසාදිතයන් 92ක් සහ එක් මරණයක් වාර්තා වී තිබේ. මියගොස් ඇත්තේ ගාල්ලේ ගිංතොට පදිංචි කාන්තාවකි. ඇය හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ මියගියාය.
ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයන් ප්‍රමාණය දකුණු පළාතෙන් එක් දිනක දී වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව ද වෙයි. ඒ අතරින් වැඩිම ආසාදිතයන් වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 53කි. ගාල්ලෙන් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වූ දිනය ද ඊයේ දිනයයි.
එම ආසාදිතන් වාර්තා වී ඇතතේ තවලම 17ක්, ගාල්ල නාගරික 11ක්, බෝපේ පෝද්දල 07ක්, ඉමදුව 05ක්, බලපිටිය 04ක්, නෙළුව 04ක්, රත්ගම 02ක්, හබරාදුව 02ක් හා බද්දේගම 01 ලෙසිනි. දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 864ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සුවය ලැබූ සංඛ්‍යාව 519කි.
මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 32කි. ඔවුන් වාර්තා වී ඇත්තේ අකුරැස්ස 10ක්, දික්වැල්ල08ක්, අතුරලිය 03ක්, මාතර නගරය 02ක්, හක්මන, කඹුරුපිටිය, කිරින්ද පුහුල්වැල්ල, කොටපොළ, කැකණදුර, මුලටියන, තිහගොඩ, වැලිගම හා මොරවක එක් ආසාදිතයකු බැගිනි. ඒ අනුව මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 535 දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් 311 දෙනෙක් සුවය ලබා තම නිවෙස්වලට පැමිණ සිටිති.
හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 07 දෙනකු ඊයේ වාර්තා වූ අතර ඔවුන් වලස්මුල්ලෙන් 03 දෙනෙක්, බෙලිඅත්තෙන් 02 දෙනෙක් හා හම්බන්තොටින් 02ක් වශයෙන් වාර්තා වෙයි. හම්බන්තොට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 155ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සුවය ලැබූ සංඛ්‍යාව 76කි.
මේ අනුව කොරෝනා දෙවැනි රැල්ලේ ආරම්භයෙන් පසු දකුණු පළාතෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1554ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් 906 දෙනෙක් මේ වනවිට සුවය ලබා නිවෙස්වලට පැමිණ සිටිති.